සඳ_ගමනේ_සැඟවූ_රහස්‌

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    නොබෙල්, ත්‍යාගලාභි විද්‍යාඥයකු වූ ආචාර්ය ග්ලෙන් සීබොර්ග් (Nobel Prise Scientist Dr. Glenn Seaborg) විසින් ප්‍රසිද්ධ කරන ලද චන්ද්‍රයා පිළිබඳ නොදන්නා රහස්‌ නම් පර්යේෂණාත්මක ලිපියක ඇපලෝ 11 හා ඇපලෝ 12 යානාවන්හි ගගන ගාමින් චන්ද්‍රයා මතුපිට පෘථිවි මානුෂ වාර්ගික නොවන කිසියම් උත්තරීතර සථිරි සභ්‍යත්ව වාර්ගිකයන්ගේ යානාවන් ගොඩ බට බවද සඳහන්ය.

    මෙම සභ්‍යත්ව වාර්ගිකයන් චන්ද්‍රයා පිළියවනයක්‌ නොහොත් "රිලේ" ((Relay) මධ්‍යස්‌ථානයක්‌ ලෙස උපයෝගි කරගෙන ඇතැයි සඳහනක්‌ ඇත.

    ඇපලෝ 14 ගගන ගාමින් වූ Mission Commander Alan B.
    Sheperd jr. Stuart A. Roosa, Command Module Pilot, Edgard
    Mitchell, Lunan ගෙන් ඇලන් ෂෙපර්ඩ් හා එඩ්ගාර්ඩ් මිෂෙල් විසින් 1971 පෙබරවාරි 08 දින ගනු ලැබූ චන්ද්‍රයාගේ මතුපිට ඡායාරූප අතර එක්‌වර විදුලි ආලෝක ගෝලයන 07 ක්‌ සටහන් වී තිබීම දක්‌නට ලැබී ඇත. ඇපලෝ 16 ගගන ගාමින් වූ Charles Duke, Jhon W. Young, Thomes (Ken) Mattingly 1972 අප්‍රියෙල් 23 වැනි දින ඔවුන්ගේ චන්ද්‍ර මොඩුලය මගින් චන්ද්‍රයා මතුපිටට ගොඩබසිමින් සිටියදී විද්Hqත් ආලෝකයන් දක්‌නට ලැබුණු බවද ඒවා කෘත්‍රිම විය හැකි බවද ප්‍රකාශ කළ අතර ඔවුන් 1972 අප්‍රියෙල් 22 වැනි දින ටෙක්‌සාස්‌ හි හියුස්‌ටන් පෘථිවි මධ්‍යස්‌ථානයට දන්වා ඇත්තේ ශිලා පර්වතයක්‌ මුදුනෙහි ගෝලාර්ධයන්ගෙන් ඔබ්බෙහි කිසියම් ආකෘතියක්‌ පර්වත හා කඳු අතරින් පහතට විහිදී තිබෙන බව ද Charles Duke ගගනගාමියා වාර්තා කර ඇත.

    #08;සුගිය දශකයන්හි දී මෙවැනි ගෝලාර්ධයන් 200 කට අධික ප්‍රමාණයක්‌ චන්ද්‍රයා මත විවිධ ස්‌ථානයන්හි නිර්මාණය වී තිබෙන බවද වාර්තා වී ඇත.

    ඇපලෝ 15 යානය 1971 ජූලි 26 වැනිදා සිට අගෝස්‌තු 07 වැනිදා දක්‌වා චන්ද්‍රතරණයේ නිරත වූයේ David R. Scott, Alfred
    M. Worden, James B, Irwin ගගන ගාමින්ගේ මූලිකත්වයෙනි. ස්‌කොට්‌ සහ ඉර්වින් ගගන ගාමින්ගේ සුවිශේෂී කටයුත්තක්‌ වූයේ මීටර් 140 උස පැතිලි ආකාර පිරමීඩයක්‌ වැනි ආකෘතියක්‌ පිරික්‌සීමය. එම චන්ද්‍රයාගේ මතුපිට අවට ඇති වර්ණයන්ට වඩා වෙනස්‌ බව ජෙම්ස්‌ බී. ඉර්වින් ප්‍රකාශ කර ඇත

    නමුත් ඇපලෝ 15 චන්ද්‍රගාමින් තම චන්ද්‍ර මොඩලය එම ආකෘතිය අසලට ගොඩ බැස්‌ස වීමට උත්සාහ කර ඇති මුත් නියමිත ස්‌ථානයට වඩා කිලෝමීටර් කිහිපයක්‌ ගිය බව විස්‌තරකර ඇත. මොඩුලය තුළ රැගෙන ගිය චන්ද්‍ර වාහනය ටද එම පිරිමීඩ වෙත ළගා වීමට නොහැකි වූයේ එය හැඩ්ලි නම් කන්දකින් ඔබ්බෙහි පිහිටා තිබීම නිසා බව තවදුරටත් විස්‌තර කර ඇත. ඇපලෝ 15 ගගනගාමින් ධවල වර්ණ කන්දක මුදුනෙහි කිසියම් පංචකෝණාකාර වූ තරුවක ආකාරයක ආකෘතියක්‌ දක්‌නා ලද බව හියුස්‌ටන් පෘථිවි මධ්‍යස්‌ථානයට දැනුම් දී ඇත. එසේම හැඩ්ලි කන්ද අසල කුඩා කඳුගැට පෙළෙහි තට්‌ටු ගොඩනැඟිලි පිහිටා ඇති බව දක්‌නට ලැබෙන බවද තම චන්ද්‍ර මොඩුලය චන්ද්‍රයා මතට ගොඩ බැස්‌සවූ පසුව ධවල වර්ණ වස්‌තුවක්‌ එහා මෙහා පියාසර කරන බවද එය තමන් වෙතට එන බවද වාර්තාකර ඇත.

    ඇපලෝ 17 හී ගගනගාමින් වූ Eugene A. Cernan, Ronald
    E. Evans, Harrison H. Schmitt 1972 07 වැනි දින කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයෙන් ^05(33(00 UT 12.33 A.M. Est.
    Kennedy Space Center Launch Complex 39 A) චන්ද්‍රdවතරණය සඳහා පිටත් වූයේ දෙසැම්බර් 19 වැනි දින දක්‌වා තරණයේ යෙදෙමින් ප්‍රසිද්ධියේ සිදුකරන ලද චන්ද්‍රdවතරණ ක්‍රියාවලිය අවසන් කරලමිනි.

    චන්ද්‍රයා මතට ගොඩබසින ලද සෙර්නන් හා ෂර්මීට්‌ කිසියම් අපූර්ව දේ දුටු බව වාර්තා කර ඇත. චන්ද්‍ර මොඩුලයේ ප්‍රධාන නියමු හැරිසන් එම්. ෂර්මිට්‌ ශ්‍රීමල්ඩී ආවාටයෙහි උතුරින් විද්Hqත් අලෝකයන් දුටුබව පෘථිවි මධ්‍යස්‌ථානයට වාර්තා කර ඇත. ඇපලෝ 17 මහ යානයෙහි ප්‍රධාන නියමු රොන්ලන්ඩ්ර්, ඊවන්ස්‌, මරේ ඔරියන්ටල් ආවාටයේ නැගෙනහිර විද්යුත් ආලෝක ධාරා දුටු බවද එම ආවාටයෙහි උතුරෙහි පිරිමීඩයක ආකාර ගොඩනැඟිල්ලක්‌ දැකීමට තිබෙන බව චන්ද්‍රයා වටා භ්‍රමණය වෙමින්ම ප්‍රකාශ කළේය.
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    ප්‍රවෘත්ති වාර්තාකරුවකු වන ජොන් ගුඩ් ඇබේඡ් නිව්යොර්ක්‌ හී "සාගා නිව්යොර්ක්‌" සඟරාවට ප්‍රකාශයක්‌ කරමින් ප්‍රකාශ කර ඇත්තේ නාසාහි (NASA) ඇපලෝ ව්‍යාපෘතිය පිළිබඳ සුවිශාල රහසිගත සටහන් විමර්ශනය කළ බවද ඒවායේ ස්‌ථීර වශයෙන්ම සියලුම ඇපලෝ ගගනගාමින් සුපිරි සභ්‍යත්ව වාර්ගික අභ්‍යවකාශ යානා (පිටසක්‌වල ජීවින්ගේ අභ්‍යවකාශ යානා) දකින ලද බව සඳහන් වී ඇතැයි යන්නය. නාසාහි ඇපලෝ ගමන් පිළිබඳ විශේෂඥයකු වන බොබී ඔක්‌ස්‌ලර් විද්‍යාඥයාගේ ප්‍රකාශ අනුව තමා පෘථිවි ගගන ගාමින් විසින් ගනු ලැබූ උත්තරිතර සභ්‍යත්ව වාර්ගිකයන්ගේ අජටාකාශ යානාවන්ගේ ඡායාරූප දක්‌නා ලද බවත් ඒවා පිළිබඳ ඇපලෝ ගගන ගාමින්ගෙන් විමසන ලද මුත් ඊට පිළිතුරක්‌ නොදිමෙන් තේරුම් ගත යුත්තේ එය ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නයක්‌ බවත් මෙම ක්‍රියාවලිය රාජ්‍යමය විශාල අභිරහසක්‌ බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.

    නාසා (NASA) ආයතනයේ එවකට ප්‍රධාන භූ විද්‍යාඥයා වූ ආචාර්ය ෆාරුක්‌ එල්. බේස්‌ 1974 අප්‍රියෙල් මස නිව්යෝර්ක්‌ හී සාගා සඟරාව මගින් පවත්වනු ලැබූ සාකච්ඡාවකදී සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන්ගේ යානාවන් හෝ එම වාර්ගිකයන් චන්ද්‍රයා මතුපිට හෝ අභ්‍යන්තරයෙහි ක්‍රියාත්මක වන බව ස්‌ථිර වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවද එහෙත් ඇපලෝ ගගනගාමීන් මීටර් 25 සිට මීටර් 2000 දක්‌වා (25 - 2000) උස්‌ වූ සියුම් කෝණ සහිත අළු පාට හෝ දුඹුරු වර්ණ චන්ද්‍ර පසට වඩා ඉතා පැහැදිලිව වෙනස්‌ වන චන්ද්‍ර කාලයේ සිට ඉහළට අවකාශයට යොමු වූ විවිධාකාර ද්‍රව්‍යයන්ගෙන් නිර්මාණය කරන ලදැයි අනුමාන කරන කිලෝමීටර් කිහිපයක්‌ දුර සෙවණැලි ඇති කරන කිසියම් ආකාර ස්‌ථම්භ චන්ද්‍රයා මතුපිට සෑම ස්‌ථානයකම පිහිටා ඇති බව දර්ශනය කරන ලද බව සඳහන්ය.

    bmoon3.jpg

    මේ ස්‌ථම්භ පිළිබඳ ප්‍රථම වරට හෙළිවී ඇත්තේ "ලූනර් ඕබීටර් II" නම් චන්ද්‍ර පර්යේෂණ යානය මඟින් 1966 නොවැම්බර් මස ගනු ලැබූ ඡායාරූපයන්ට අනුව බව ආචාර්ය ෆාරුක්‌ මල් බේස්‌ වැඩිදුරටත් සඳහන් කර ඇත. 1967 අගෝස්‌තු මස ලූනර් ඕ බීටර් V නම් පර්යේෂණ යානය මඟින් විකෙල්ලෝ ආවාටයේ ගනු ලැබූ ඡායාරූප අතර කිසියම් කැටපිලර් වැනි යන්ත්‍රයන්ගේ ස්‌වරූප ආකාර යන්ත්‍ර ද්වයක්‌ ගමන් කිරීමෙන් පස මතුපිට පිහිටන සටහන් හා සමාන සටහන් මීටර් තුන් සියයක්‌ (300) හා හාරසියයක්‌ (400) දුරට විහිදී ගමන් කර ඇති බවට සාක්‍ෂි එම අවාටයේ උතුරු ප්‍රදේශයේ ඉවුරු දක්‌නට ලැබී ඇත. මෙම යන්ත්‍ර නාසා ආයතනය විසින් හඳුන්වනු ලැබූයේ "රෝලින් ස්‌ටෝන්ස්‌" හෙවත් පෙරළෙන ශිලා යන අනර්ථ නාමයෙනි. චන්ද්‍රයා පිළිබඳ පර්යේෂණයන්හි ජෝර්ඡ් එච්. ලියොනාඩ් විසින් රචිත SOME BODY ELSE IS ON THE MOON කෘතියෙහි චන්ද්‍රයාගේ පතල් කැණීම් සිදුවන බව නාසා මඟින් ලබාගත් ඡායාරූපවලින් හෙළිවන බව අනාවරණය කර ඇත.

    බොහෝ ඡායාරූපයන්හි ඉංග්‍රීසි ඞ අක්‍ෂරයේ ආකාර නළ මාර්ග දක්‌නට ලැබෙන බවද ඒවා බොහෝ විට කිසියම් එක සමාන වූ ස්‌වරූපයන්ගෙන් යුක්‌ත යන්ත්‍ර හා සම්බන්ධ වී තිබෙන බවද ජෝර්ඡ් එච්. ලියොනාඩ් (GEORGE H. LEONARD) විසින් විස්‌තර කර ඇත. මේ නළ අග පස්‌ ගොඩවල් දක්‌නට ලැබෙන අතර කලින් ගනු ලැබූ ඡායාරූපයන්හි ආවාට ඉවුරුවල වෙනස්‌කම් ඇති වී තිබිණි. ඇපලෝ 8 ගගනගාමීන් වන FRANK BORMAN, JAMES A LOVELL, WILLIAM A.
    LANERS චනAද්‍රයා වටා භ්‍රමණය වෙමින් යන්ත්‍ර ගමන් කිරීමේදී පස්‌ පෙරළීමෙන් ඇති වන සටහන් හා සමාන සටහන්ද එම සටහන් අතර (ඞ) එක්‌ස්‌ ආකාර නළ මාර්ගයන්ද එම නළ අග අවාටයන්හි උතුරු භාගයේ පාලම් වැනි ආකෘතීන්ද ඡායාරූපගත කර ඇත. ජෝර්ඡ් ලියොනාඩ්ගේ අද;හස අනුව ලෝපස්‌ නිෂ්පාදන පරිවර්තනයේදී ටොන් දෙකහමාරකින් ඔක්‌සිජන්a ටොන් එකක්‌ ලබාගත හැකි බවද එම ප්‍රමාණය එක්‌ පුද්ගලයකුට වර්ෂ 3 ක්‌ ජීවත්වීමට ප්‍රමාණවත්a බවද මේ අනුව චන්ද්‍රයා මතුපිට ලෝහ නිෂ්පාදනය පමණක්‌ නොව සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන්ට ජීවත්වීමට අවශ්‍ය වාතයද මේ ලෝහ පතල් කැණීමෙන් ලබාගත හැකි යෑයි අවධාරණයෙන් සඳහන් කරනුයේ අප සෞරග්‍රහ මණ්‌ඩලයෙන් පරිභාහිරවූ උත්තරීතර සභ්‍යත්වයන් චන්ද්‍රයා මත පදිංචි වී සිටින බව ප්‍රත්‍යක්‍ෂ කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් සාධක හා සාක්‍ෂි සොයාගෙන තිබෙන බවය.
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    නාසා ආයතනයේ විශේෂඥයකු වන මාටින් රෙබන්ස්‌බර්ග් චJද්‍රයා සුපිරි සභ්‍යත්ව ජීවීන්ගේ මධ්‍යස්‌ථානයක්‌ විය හැකි බවද චන්ද්‍රයා මතුපිට දක්‌නට ලැබෙනුයේ චන්ද්‍ර පෘෂ්ටයෙහි බොහෝ ප්‍රදේශයන් හරහා විසිරි තිබෙන ජලාකාර උමගයන් මගින් සම්බන්ධ කෙරෙන මධ්‍යස්‌ථානයන්හි බාහිර ප්‍රදේශයන් සම්බන්ධතාවයන් ආකෘතීන් බවද තවදුරටත් විස්‌තර කර ඇත. අතිශයින්ම කුතුහලයට පත්වන සොයා ගැනීමක්‌ වූයේ සමහර පරිවර්තයන්හි එකට සම්බන්ධ වී ඇති ගෝලයන් 03 ක සර්පයන්ගේ රූ සටහන් නිර්මාණය කර ඇති බවය.

    නාසා (NASA) ආයතනයද එක්‌සත් ජනපද ජනාධිපති ඇතුළු ඒ හා සම්බන්ධ සියලු රාජ්‍ය නිලධාරීන්ද මේ කර්තව්‍යයන්හි නිරත සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් පිළිබඳ තොරතුරු අතිශය රහසිගතව තබා ගනු ලබන අතර "ඇපලෝ ව්‍යාපෘතිය" ඉතා හදිස්‌සියේ නවතා දමනු ලැබූයේ එම ව්‍යාපෘතිය මගින් චන්ද්‍රයා පිළිබඳව තොරතුරු සුළු වශයෙන් සොයාගැනීම නිසා නොව අති විශාල ප්‍රමාණයක්‌ සොයා ගැනීමට හැකි වූ නිසා බව මේ ව්‍යාපෘතියෙහි නිරතව සිටින විද්‍යාඥයන්ගේ අදහසයි.

    උක්‌ත විශ්ලේෂණ පිළිබඳ උනන්දුවක්‌ දැක්‌වූ පර්යේෂකයන් වන බටහිර හාට්‌ෆොaරඩ් හා නිව්යෝර්ක්‌හි හෙයිඩන් ග්‍රහලෝකාගාරයන්හි (HAYDEN PLANETRARIUM)) අධ්‍යක්‍ෂකවරයා වූ ස්‌ටාර් ඇන්ඩ් ස්‌කයි සඟරාවේ සංස්‌කාරක මෙන්ම නාසා ආයතනයේ (NASA
    NATONAL AERONAUTICS AND SPACE ADMINISTERATION) ගොඩාර්ඩ් අභ්‍යවකාශ ගමන් මධ්‍යස්‌ථානයේ (G.C.F.C, GODDARD SPACE FLIGHT
    CENTER) උපදේශක වූ රිචඩ්හොග්ලන්ඩ් (RICHARD
    CHARLES HOGLAND)) අභ්‍යාවකාශ කටයුතු පිළිබඳ විද්‍යාඥයෙක්‌ වූ එරික්‌ බර්ගෙසA ප්‍රථම වරට අපගේ සෞරග්‍රහ මණ්‌ඩලයෙන් එහා යවන ලද පයනියර් 10 (PIONEER 10 - 1972 - 03 - 03) නම් අභ්‍යාවකාශ යානයේ තැන්පත් කිරීම සඳහා පෘථිවි මානුෂ වාර්ගිකයන් පිළිබඳ අන්තර් චක්‍රාවාට පණිවුඩය (VOYAGER'S GREETINGS TO THE
    UNIVERSE) නිර්මාණය කරන ලද පුද්ගලයාද විය. අඟහරු ග්‍රහයා මත නිර්මාණය කර ඇති පිරිමිඩ ආකාර ආකෘතීන් විශාල නගරයක එක්‌ කොටසක්‌ බවද එය වර්ෂ පනස්‌ ලක්‍ෂයකට පෙර නිර්මාණය කරන ලද #10;වද හොග්ලන්ඩ් අවධාරණය කරන අතර උක්‌ත නගරය ජ්‍යාමිතිකානුකූලව පිහිටුවා ඇති බවත් ස්‌වරූපයෙන් ඒවා පෘථිවියේ ආගමික මධ්‍යස්‌ථානවල හැඩය ගන්නා බවත් සඳහන් කර ඇත.

    ක්‍රිස්‌ටෝපර් කොලොම්බස්‌ ඇමරිකාව සොයා ගැනීමේ 500 වැනි සංවත්සරය නිමිත්තෙන් නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යැමට ඉතා සූක්‍ෂම උපකරණ සහිත, පයනියර් යානයේ මෙන් 50 වරක්‌ පැහැදිලි ඡායාරූප ගැනීමට නිෂ්පාදනය කරන ලද මාස්‌ ඔබ්ස්‌වර් ((THE MARS OBSERVER) නම් යානය අඟහරු වෙත ළඟාවෙමින් සිටියදී 1993 අගෝස්‌තු 21 වැනි දින හදිසියේම අතුරු දහන් විය. සමහර නාසා විද්‍යාඥයෝ උක්‌ත යානය අඟහරු ග්‍රහයා මත කඳවුරු බැඳ සිටින සුපිරි වාර්ගිකයන් පුපුරුවා හරින්නට ඇතැයි අනුමාන පළ කළහ.

    1984 පෙබරවාරි 16 වැනි දින චන්ද්‍රයාගේ ආකිමිඩ්ස්‌ ආවාටයෙහි බටහිර ඉවුරෙහි ඉදිරියට ගමන් කරන ශ්වේත වර්ණ අන්ධාකාර අභ්‍යාවකාශ යානා ද්වයක්‌ හා ආවාටයෙහි බටහිර ඉවුරෙහි ඉතා කාල වර්ණ අන්ධකාර යානයක්‌ නිශ්චිතව අහසෙහි නවතා තිබෙන බව දර්ශනය වී ඇත. එසේම කැලිවුස්‌ ආවාටයෙහි කිලෝ මීටර් 10 පමණ දිග අඳුරු පැහැති ආකෘතියක්‌ බඳු සුවිශාල අභ්‍යාවකාශ යානයක්‌ දක්‌නට ලැබී ඇති අතර පල්ලාස්‌ සහ මුර්ෂියොන් අතර කිලෝ මීටර් 48 දිග යෝධ සිලින්aඩරාකාර හා සමාන ඇත විශාල ආකෘතියක්‌ද ඇමරිකානු රේන්ජර් 09 නම් චන්ද්‍ර පර්යේෂණ යානයට පතිත වූ ස්‌ථානයට කිලෝ මීටර් 16 බටහිරින් සුවිශාල වූ අන්තර් චක්‍රාවාට භ්‍රමණයෙහි නිරත වන කිලෝ මීටර් එක හමාරක්‌ දිග යානා ද්වයක්‌ම රඳවා තැබිය හැකි කිලෝ මීටර් 03 ක්‌ දිග ගොඩනැඟිල්ලක්‌ අල් ෆොන්සස්‌ අවාටයෙන් සොයා ගනු ලැබීය.

    ඇපලෝ ව්‍යාපෘතිය මඟින් චන්ද්‍රතරණයට අවශ්‍යය කටයුතු සූදානම් කරලමින් ගොඩබැසීමට සුදුසු ප්‍රදේශ විමර්ශනය කිරීම සඳහා චන්ද්‍රයා වෙත යවනු ලැබූ ඔබ්ටර් III (ORBITER) නම් පර්යේෂණ යානය මගින් චන්ද්‍රයාගේ සිට පෘථිවියට ඉතාමත් ආසන්න ස්‌ථානයේ පිහිටි යුක්‌රෙට්‌ නම් ප්‍රදේශයේ ගනු ලැබූ ඡායාරූපයක චන්ද්‍ර තලයේ සිට කිලෝ මීටර් 2.4 ක්‌ උස්‌වූ ස්‌ථම්භයක්‌ නාසාහි භූවිද්‍යාඥ ආචාර්ය බෲස්‌ කොර්නෙට්‌ විසින් සොයාගනු ලැබූ අතර එයටත් වඩා විශ්මය ජනක සොයාගැනීමක්‌ වූයේ සයිනස්‌ මීඩ් නම් ප්‍රදේශයේ ස්‌මාරකය යන නමින් හඳුන්වනු ලැබූ කිලෝ මීටර් 12 ක්‌ අහසට විහිදි ගිය මෙකෙ සොයාගත් ආකෘතින් අතර ඉතාමත් ගුප්ත ස්‌වරූපයකින් යුත් උඩ යට හරවන ලද ආකාරයේ වේදිකා කුළුණකි. සාමාන්‍යයෙන් අප දන්නා ස්‌ථම්භයන්හි පහත අඩිතාලම පෘථුල වන අතර ස්‌ථම්භයෙහි ඉහළ කෙළවර සිහින් වන නමුත් චන්ද්‍රයා මත සොයා ගනු ලැබූ ස්‌ථම්භයෙහි කිලෝ මීටර් 12 ක්‌ ඉහළ අග පැතලි විශාල වේදිකාවක්‌ දක්‌නට ලැබී ඇත. එය ඔබ්ටර් යානය ORBITER III යානය මගින් කෝණයක 05 කින් හා උස මට්‌ටම් දෙකකින් ඡායා රූපගත කර තිබේ.

    මේ යෝධ කුළුනෙහි උස්‌ මුදුන චතුරශ්‍රාකාර ජ්‍යාමිතික ස්‌වරූපයකින් සමන්විත අතර එය නිර්මාණය කර තිබෙන අතර එහි එක්‌ පාර්ශවයක පළල කිලෝ මීටර් 1.6 වඩා අධිකය.
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    චන්ද්‍රයා පිළිබඳ පරීක්‍ෂකයකු වන ආචාර්ය ජෝර්ඡ් ලියොනාඩ් අදහස්‌ කරන පරිදි චන්ද්‍රයා ස්‌ථිර වශයෙන්ම උත්තරීතර සභ්‍යකවයන් විසින් වාසස්‌ථානයක්‌ බවට පත් කර එය අත්පත් කරගෙන සිටින අතර ඔවුන් චන්ද්‍රයා මත සෑම ස්‌ථානයකම ක්‍රියාත්මකවීම දර්ශනය කළ හැකි බවට සාක්‍ෂි හා සාධක සොයා ගෙන තිබෙන අතර පෘථිවියට මුහුණලා ඇති ස්‌ථානයන්හි පමණක්‌ නොව පශ්චාද් භාගයෙහිද ආවාටයන්හිද කඳුවැටිවලද "මරේ" හෙවත් මුහුද නමින් හඳුන්වන ප්‍රදේශයන්හීද මේ උත්තරීතර සුපිරි සභ්‍යව වාර්ගිකයන් විවිධාකාරයෙන් විද්‍යාමන වන බවය.

    ජෝර්ඡ් ලියොනාඩ්ගේ නිගමනය වී ඇත්තේ උත්තරීතර වාර්ගිකයන් ව්‍යාපෘති ද්වයක ක්‍රියාපටිපාටියන්හි නිරත වන බවය. තවදුරටත් ලියොනාඩ්ගේ නිගමනය වී ඇත්තේ උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් චන්ද්‍රයාගේ ස්‌වරූපය වෙනස්‌ කරන අතර මෙයට හේතුව පෘථිවි මානුෂ වාර්ගිකයන් නුදුරු අනාගතයේහි දිනෙක චන්ද්‍ර තලයෙහි මධ්‍යස්‌ථාන පිහිටුවීම පිළිගැනීම විය හැකි අතර නමුත් පෘථිවිය හා සම්බන්ධ වී ක්‍රියාත්මක කරන ව්‍යාපෘතින්හි නිරත වීමට ඇකැමැති බවය.NASA:- NATIONAL AERONAUTICS AND
    SPACE ADMINIS TRATION ආයතනයේ විද්‍යාඥයන් චන්ද්‍රයා මත පවතින මේ සොයා ගැනීම් සත්‍ය බව අනුමත කරන බවද රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමට නීතියෙන් බැඳී සිටින හෙයින් ලෝකයාට ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන බවද ජොර්ඡ් ලියොනාර්ඩ් ප්‍රකාශ කර ඇති අතර SOME BODY ELSE IS ON
    MOON යන තම කෘතියේදී වඩාත් ගැඹුරින් මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.

    ලූනර් ඔර්බීටර් ෂෂ යානය මගින් ගන්නා ලද ඡායාරූපයෙන් පරීක්‍ෂා කිරීමෙන් නාසා ආයතනයේ විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබූ විනිවිද පෙනෙන යෝධ ගෝලාකාර ආකෘතින් ජ්‍යාමිතිකානුරූපව පිහිටුවා තිබෙන බවද විස්‌තර කර ඇත. රුසියානු අභ්‍යාවකාශ ඉංජිනේරු ඇලෙක්‌සැන්ඩර් අබ්‍රවෝච් මේ පිළිබඳ අදහස්‌ දක්‌වමින් එම ආකෘතියේ හැඩයෙන් මිසරයේ හා සමානතාවක්‌ තිබෙන බව සඳහන් කර ඇත.

    සුප්‍රකට ඇමරිකානු පරික්‍ෂණ ආයතනයක්‌ වන 1916 ආරම්භ කර ඇති වොෂින්ටන් ඩී. සී. හි පිහිටුවා ඇති (BROOKING
    INSTITUTION) බෘකින්ග්ස්‌ ආයතනය 1960 නාසා වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මානුෂ කටයුතු සම්බන්ධව බළපානු ලබන සාමකාමී අජටාකාශ ව්‍යාපෘතකින් පිළිබඳව යෝජනා නම් පරීක්‍ෂණ වාර්තාවක සඳහන් වනුයේ ඉදිරි අනාගතයෙහි උත්තරීතර සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් හා පෘථිවි මානුෂ වාර්ගිකයන් අතර සෘජු සම්බන්ධතාවක්‌ ඇති නොවන බවය.

    එහෙත් පෘථිවි චන්ද්‍රයා වාර්ගිකයන් අඟහරු සිකුරු ග්‍රහ ලෝකයන්හි මෙන්ම චන්ද්‍රයා මත උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් පිහිටවූ ආකෘතියේ සොයා ගනු ලබන බවද නිරීක්‍ෂණයන්ගේ නිගමනයයි. උක්‌ත උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් පිළිබඳ පෘථිවියේ බලවත් රාජ්‍ය අසත්‍ය තොරතුරු සත්‍ය හා සමාන අසත්‍ය බව තොරතුරුද සත්‍යය හා මිශ්‍ර තොරතුරුද සංකලනය කර ලෝකයා වෙත නිරන්තරයෙන් බහුලව ප්‍රචාරය කිරීමෙන් අනාගතයෙහිදී කටයුතු කරනු ලබන බව නිරීක්‍ෂණයන්ගේ මතය වී ඇත. මේ ක්‍රියාවලියෙන් පෘථිවි මානුෂ වාර්ගිකයන් අති විශාල ප්‍රමාණයක්‌ මුලාකර අන්ධකාර මඩගොහොරුවෙ කාලාන්තරයක්‌ රඳවා තබනු ඇති අතර මේ සඳහා ලොව සිසාරා සිටින සුප්‍රසිද්ධ විද්‍යාඥයන් හා ලේඛකයන් බොහෝ ප්‍රමාණයක්‌ද යොදා තිබෙන බව හෙළිවී ඇත. දැනට සොයාගනු ලැබූ තොරතුරු හා පර්යේෂණයන්ගෙන් හෙළිවී ඇති සාධක අනුව සමහර රාජ්‍යයන් කිසියම් උත්තරීතර සභ්‍යතාවන්ට තම රාජ්‍ය සීමාවන්හි කිසියම් ආකාරයක නිරතවීමට අවශ්‍යය අවකාශ ලබාදී හෝ එසේ අවසර ලබාගෙන ගිවිසුම්වලට එළැඹී සිටින අතර ඒ වෙනුවෙන් තාක්‍ෂණයේ හුවමාරුවක්‌ සිදුවී තිබෙන බවද අත්‍යයන්තයෙන්ද පැහැදිලි බව මේ ක්‍ෂේත්‍රයේ කටයුතු කරන විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. මේ පිළිබඳ ඉතා ක්‍රමානුකූලව පියවරින් පියවර තේරුම් ගැනීමට අවශ්‍ය විද්‍යාත්මක හා පරීක්‍ෂණ වාර්තා පිළිබඳ තොරතුරු හා පොත් පත් රාශියක්‌ අන්තර් ජාලය ඇසුරේ නොයෙකුත් වෙබ් අඩවි රාශියක ඇතුළු වී ඇත.


    දේශප්‍රිය නානායක්‌කාර@divaina
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    මේක ඊයෙ දිවයින පත්තරේ තිබ්බ එකක්.හැමෝටම කියවන්න දකින්න බැරි වෙන නිසා මම ඒක එලකිරි එකට දැම්ම...ඊයෙ ඔක්කොම දාන්න බැරි උනා CONNECTION එකේ අවුලක් තිබ්බ නිසා :( ඔන්න අද ඉතුරු ටික දැම්ම.....කමන්ට්ස් සහ රෙප්ස් වලට ස්තූතියි.. :)
     
    • Like
    Reactions: sanddun

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    maxxa post eka machan
    kohen hari pics tikakuth damma nam sira
    mata mathakai mama eka parak you tube eke oya sambanda videos wagayak dekka
    :)
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Addo umba mulu Diwaina paper akama type kalada ban.kamka nehe kamak nehe.god post machan.oya link aken wediya mokut gann behe ban.mama Yesterday endan balanawa.Thanx 4 second time:D



    Apo echchara amaru na machan...mama meka divaina site eken gaththe....:rofl: he he
     
    • Like
    Reactions: Hitler Z Back