සපත්තු පොලිෂ් කරන්නේ කොහොමද?
අද කාලයෙනම් ජීවන තත්වය තරමක් උසස්වී ඇති නිසාත්, අධ්‍යාපන මට්ටමද ඉහල ගොස් ඇති නිසාත්, පාවහන් පැළඳීම 99% ක් දෙනා විසින් නොවරදවාම කරනවා. එය ඇත්තෙන්ම සතුටට කරුණක්. පාවහන් නැතිව ගමන් කිරීම දැන් ඉස්සරට වඩා අනතුරුදායකයි. විවිධ හානිකර රසායනික ද්‍රව්‍ය පවා නාගරික පරිසරයේ බිම මතුපිට දැකිය හැකියි. එමෙන්ම කාර්මික අපද්‍රව්‍යද දෙපයට හානිකරයි. මේ නිසා යටත්පිරිසෙයින් සෙරෙප්පු දෙකක්වත් පැළඳිමයි නුවණට හුරු.
මෙහිදී කලින් අසා නැති, නම් වන්නේ, Welt, Vamp, Quarter, Throat, Eyelets, Hollow, Top Line, වැනි වචන පමණයි කියා මා සිතනවා. ඒවා අමුතුවෙන් විස්තර නොකලත්, මෙවැනි සපත්තුවක් අතටගෙන බැලුවොත් පැහැදිලිව හඳුනාගත හැකිවනු ඇති. ඒත් ඉතින් ටිකක් විස්තර කලොත් හොඳයි නේද? එහෙනම් ඉතා කෙටියෙන් කියන්නම්.
Top Line - සපත්තුවට කකුල දාපුවාම, වටේට තියන කට වගේ කොටස.
Toung – කකුල දැමීමට ලේස් බුරුල් කරලා, කට පළල කලාම තියන, සපත්තුවේ දිව.
Shoe Lace – සපත්තු පටිය හෙවත් ලේස් එක. (මේ රූපයේ තියන විදිහට ගැටයක් නැතුව ලේස් එක දාන්න පුළුවන්. පසුව කියන්නම්)
Eyelets – සපත්තු පටිය රිංගවීමට සපත්තුවේ සාදා තිබෙන හිල්. ඒවාට ලෝහ වළලු සවිකර තිබෙනවා සමහර සපත්තුවල.
Quarter – සපත්තු කටේ වම් පැත්තේ පළුව සහ දකුණු පැත්තේ පළුව.
Throat – සපත්තුවේ දිවේ ඇතුළු කෙලවර.
Toe cap – සපත්තුව දැමුවිට කකුලේ ඇඟිලි ආවරණය කරන කොටස.
Vamp – සපත්තුව පැළඳ ඇවිදින විට නැවෙන දිගහැරෙන ප්‍රදේශය (ඊතලයෙන් පෙන්වන තැන සිට ඊට විරුද්ධ පැත්තේ කෙලවර දක්වා)
Welt – සම්පූර්ණ සපත්තු පතුල
Hollow – සපත්තු පතුලේ ඉහලට බොකු ගැසුණු කොටස
Heel cap – සපත්තුව පැළඳි විට, විලුඹ ප්‍රදේශය ආවරණය කරන කොටස.
Heel – සපත්තු අඩිය
දැන් ඉතින් පොලිෂ් කිරීම කොතනින්ද පටන්ගන්නේ? පොලිෂ් කරන්න ඉස්සර වෙලාම සපත්තු දෙකක් තියෙන්න එපාය. හරි ඊළඟට ඊළඟට ඕනේ රෙදි කෑලි, පුළුන්, සපත්තු මැදීමේ බුරුසු, සහ සපත්තු පොලිෂ්. ඔන්න පටන් ගන්නකොටම බුදු අම්මෝ කියන්න එපා ලැයිස්තුව දැකලා. සමහරු දාගෙන යන සපත්තු දැක්කම දුක හිතෙනවා. දුප්පත්කමට වඩා කම්මැලිකම නිසයි බොහෝ දෙනෙක් සපත්තු පොලිෂ් නොකරන්නේ. අපිනම් පුංචිකාලේ දුප්පත්කම නිසා සපත්තු පොලිෂ් කලේ රතුලූනු ගෙඩියක් දෙකට කපලා සපත්තුවේ ඇතිල්ලීමෙන් හෝ වදමල් පොඩිකරලා ඇතිල්ලීමෙන්.
මම දන්නවා ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය ක්‍රමයට සපත්තු පොලිෂ් කරන ආකාරය නෙවෙයි. යුද හමුදාවේ අය පොලිෂ් කරන අර මූණ බලන්න පුළුවන් (සපත්තුවේ ටෝ එක කන්නාඩියක් ලෙස පාවිච්චි කරලා රැවුල කපන්නත් පුළුවන්) ක්‍රමයට පොලිෂ් කිරීම පිළිබඳවයි ඔබට දැනගන්න ඕනේ. හැබැයි සාමාන්‍ය ක්‍රමය ගැන නොකියා විශේෂ ක්‍රමය ගැන කියන්න බැහැ. විශේෂ ක්‍රමයට කියන්නේ වෝටර් පොලිෂ් Water Polish කරනවා කියලයි. එයට හේතුව එසේ පොලිෂ් කිරීමේදී වතුරත් යොදාගන්න නිසයි.
දැන් සමහර අය කියයි අයියෝ ඕක මොකක්ද දැන් තියනවානේ සපත්තුව කන්නාඩිය වගේ දිලිසෙන්න ගාන්න පුළුවන් පොලිෂ්. ඒක අතේ ගෑවෙන්නෙත් නැහැ, හරිම ඉක්මන් කියලා. දැන් අපේ ජීවිත හරිම ඉක්මන් නිසා ඒ ක්‍රමය හොඳයි. හැබැයි ඒවා පොලිෂ් නෙවෙයි ආලේපන. එයින් ලැබෙන දීප්තිය වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. එය වෝටර් පොලිෂ් එකේ අහලකින්වත් තියන්න බැහැ.
ඊළඟට අවශ්‍ය වන්නේ ටිකක් ඝන එහෙත් ඉතා රළු මතුපිටක් නැති වර්ග අඩි එකහමාරක පමත් රෙදි කෑල්ලක්. ඝන ප්ලැනල්, තරමක් සිනිඳු මතුපිටක් ඇති ඩෙනිම් රෙදි හෝ අමු රෙදි මේ සඳහා සුදුසුයි. මමනම් කැමති පරණ, ඝන තුවා කෑල්ලකටයි. ඒ වගේම පුළුන් ටිකක් සහ උඩට ඉලිප්පී ඇති කොටු හෝ ඉරි නැති, ඉතා සිනිඳු මේස් බැනියම් කෑල්ලක්ද අවශ්‍යයි. එහි දිග පළල අඟල් 10 බැගින් තිබුනාම ඇති.
මේ රෙදි කෑලි පරණ කඩමාලු වුනාට කමක් නැහැ. හැබැයි ඒවා සෝදා වියලා තිබිය යුතුයි. කුණු දූවිලි, මඩ, වැලිකැට, මේ රෙදිවල තිබුනොත් සපත්තුවේ මතුපිට සීරෙනවා.
වෝටර් පොලිෂ් කලහැක්කේ නියම හම් වලින් සෑදූ සපත්තු පමණක් බව අවධාරණය කරන්නට කැමතියි. සමහරවිට කඩෙන් ගත් අලුත්ම සපත්තු වුවත් වෝටර් පොලිෂ් කල නොහැකි වෙනවා. එයට හේතුව සපත්තුවේ මතුපිට අවශ්‍යතරම් පදම්වී නොතිබීමයි. එමෙන්ම ටික කලක් පාවිච්චි කල සපත්තුත් වෝටර් පොලිෂ් කිරීමට පෙර, එහි මතුපිට කඩතොලුවී ඇත්නම් පළමුව ඊට පිළියම් යෙදිය යුතු වෙනවා.
දැනට ඔබ ළඟ නියම සමින් සෑදූ පාවහන් යුවලක් තිබේනම් සූදානම්වන්න එය වෝටර් පොලිෂ් කිරීමට. ඔබ පළමුවරට මෙය කරනනිසා අලුත් සපත්තුවක් නම් මෙහෙම කරන්න.
1. සපත්තුවක් පොලිෂ් කිරීමට පෙර එය කුණු දූවිලි වලින් තොරව තිබියයුතු අතර, විශේෂයෙන් හොඳ වියලි තත්වයේ තිබිය යුතුයි. තෙමී පෙඟී ඇති සපත්තු, වෝටර් පොලිෂ් තියා සාමාන්‍ය ක්‍රමයටවත් පොලිෂ් කල නොහැකියි. කිසිම අවස්ථාවක සපත්තු, දර ලිප් ළඟ, ගිනි ගොඩක් ළඟ, ගිනි අව්වේ, තබා වේලන්න එපා. එවිට සපත්තුවේ හැඩය වෙනස් වෙනවා. හම් සපත්තු කර වෙනවා. ඔබට අද අපේ රටේ තිබෙන විදුලි බිල ප්‍රශ්නයක් නොවෙයිනම් කොණ්ඩය වේලන උපකරණයකින් එන උණුසුම් වායු ධාරාවෙන් වේලන්න. එසේ කල නොහැකිනම් සැරට අව්ව නොවැටෙන ලෙස එළිමහනේ තබන්න.
3. බුරුසුවෙන් පිසදැමූ සපත්තුව, තවදුරටත් දූවිලි ඉවත් කිරීම සඳහා රෙදි කැබැල්ලකින් තදින් පිසදමන්න.
4. ඔබ ළඟ තිබෙන්නේ අලුත් සපත්තුවක් නම් එය වෝටර් පොලිෂ් කිරීම සඳහා පදම් කරන්නේ මෙහෙමයි. කුඩා රෙදි කැබැල්ලකින් සපත්තුවේ වෙල්ට් කොටස හැර අනෙක් සෑම කොටසකම පොලිෂ් තට්ටුවක් ආලේප කරන්න. සිහින් බුරුසුවකින් වෙල්ට් කොටසේ පොලිෂ් ආලේප කරන්න. විනාඩි 10 ක් පමණ සුළඟින් වේලෙන්නට තියන්න. (ෆෑන් අවශ්‍ය නැත) ඉටිපන්දමක් පත්තුකර එහි දැල්ලට සපත්තුව පරෙස්සමෙන් අල්ලන්න. (උවමනාවට වඩා සපත්තුව ගිනිදැල්ලට ලං කලොත් පිච්චෙන බව කියන්නත් ඕනෙද? එක තැන ගොඩක් වෙලා අල්ලාගෙන ඉන්න එපා කියලා කියන්නම ඕනෙද) පොලිෂ් උනුවනවිට සපත්තුවේ වෙනත් තැනක් අල්ලන්න. ටිකක් නිවෙන්න හැර, ලොකු බුරුසුවකින් හොඳින් පොලිෂ් කරන්න.
5. ඔබ ළඟ තිබෙන්නේ පාවිච්චි කිරීම නිසා මතුපිට කඩතොලුවූ සපත්තු දෙකක් නම් මුලින්ම ඒ කඩතොළු ඉවත් කල යුතුයි. එය පරෙස්සමෙන් කලයුතු දෙයක්. එය කරන්නේ මෙහෙමයි. කලින් සපත්තුව ගාන ලද විදිහටම කඩතොලුවූ තැන්වල ටිකක් ඝන පොලිෂ් තට්ටුවක් රෙදි කෑල්ලකින් ගාන්න. කෑම කන යකඩ හැන්දක් ගෙන එහි පිට පැත්ත ඉටිපන්දමට අල්ලා හොඳින් රත් කරන්න. (රත් කරනවා කියන්නේ ගිනියම් = රක්ත තප්ත = red hot කරනවාට නෙවෙයි. ) දැන් ඒ රත්වූ පිටපැත්ත අර කඩතොලුවූ තැනට තබා එක පැත්තකට පිරිමදින්න. (මේ වැඩේ දැන් කරන්නේ විදුලි පරිපථ පෑස්සීමට ගන්න ඉලෙක්ට්‍රික් බවුත් එකකින්. නමුත් මම ඔබට එසේ කරන්නට නොකියන්නේ, එය පෙර පුහුණුවකින් පසුව පමණක් කලයුතු අනතුරුදායක ක්‍රියාවක් නිසයි) කඩතොළු මැකෙන තුරු (කඩතොලුවූ සෑම තැනක්ම සම්පූර්ණයෙන් මැකිය නොහැකිය) මෙය නැවත නැවත කිරීමට සිදුවෙනවා. (වැඩේ කරලා ඉවර වුන වහාම පිරිසිදු කිරීමේ ද්‍රව්‍යයක් යොදා හැන්ද හොඳින් මදින්න. නැත්නම් පොලිෂ් හැන්දට තදින් අල්ලනවා.)
6. හොඳයි, දැන් අපි වෝටර් පොලිෂ් කිරීම ආරම්භ කරන්නටයි යන්නේ. (4 වැනි පියවර සහ 5 වැනි පියවර කරන්න වෙන්නේ එක වරක් පමණයි. සපත්තුව පදම් වූවාට පසු ඒ කරදරය විඳින්නට වෙන්නේ නැහැ) වෝටර් පොලිෂ් කිරීමේදී උසස් තත්වයේ පොලිෂ් පාවිච්චි කලයුතු බව මම අවධාරණය කරනවා. බාල පොලිෂ් වලින් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එමෙන්ම අපේ බොහෝදෙනෙක් පොලිෂ් ටින් එක විවෘත කලාට පසු නිවැරදිව වසන්නේ නැහැ. එවිට පොලිෂ් ගල් වෙනවා. එවැනි පොලිෂ් කිසිසේත්ම වෝටර් පොලිෂ් කිරීමට සුදුසු නැහැ. සපත්තු පොලිෂ් කිරීමට ගන්න සියලුම දේවල් (පොලිෂ්, බුරුසු, රෙදි කැබලි,) වෙනමම කුඩා පෙට්ටියක් වැනි දෙයක තබන්න. එවිට අවශ්‍යවිට පහසුවෙන් සපත්තු පොලිෂ් කලහැකියි.වෝටර් පොලිෂ් කරන්නට පෙර සපත්තුවේ පතුලේ වටේ දාරය, (වෙල්ට් එක) වගේම සපත්තුවේ අඩියේ ඉහලට එබී ඇති කොටසත් (හලෝ) පොලිෂ් කල යුතුයි. මොනවා සපත්තුවේ අඩිය පොලිෂ් කරනවා? ඔවු ආයේ කිසිම සැකයක් නැහැ. ඒ කොටසේ තමයි බොහෝවිට මඩ තට්ටු රැඳෙන්නේ. ඒවා හොඳින් පිරිසිදු කර කුඩා බුරුසුවෙන් පොලිෂ් ගා ලොකු බුරුසුවෙන් පොලිෂ් කරන්න.
(සමහරු සපත්තු දාගෙන ගිහින් මහා සභා වල ලොක්කා වගේ කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නවා. සපත්තුවේ අඩිය බල්ලෝ වමනේ කලාවගේ. රූපවාහිනී නාලිකා වල සාකච්ඡා වලට එන සමහර මහා විද්වතුන්ගේ සපත්තුත් එහෙමයි)
සමහරවිට පළමු දවසේ ඔබට අවසන් කරගන්නට ලැබෙන්නේ ටෝ කැප් එක හෝ එයින් කොටසක් විය හැකියි. එහෙත් එයින් පසුබට වෙන්න එපා. ඒ තමයි ආරම්භය. අනික් කරුණ ඔබ මෙය කරන්නේ ළඟ සිට කියාදීමෙන් නොවේ. මේ ලිපිය බැලීමෙන්. ඒ නිසා උත්සාහය අත්හරින්න එපා. වැරදීමට ඇති එකමදේ පොලිෂ් සහ වතුර අනුපාතය හරියටම ගලපා ගැනීමයි. වැරදීම් කීපයකට පසු එය හරියයි. වතුර දැමීමට ගොස් සපත්තුව පෙඟී ගියොත්, පොලිෂ් කිරීම නවත්වා, සපත්තුව වේලාගෙන නැවත පටන්ගන්න.
අද කාලයෙනම් ජීවන තත්වය තරමක් උසස්වී ඇති නිසාත්, අධ්‍යාපන මට්ටමද ඉහල ගොස් ඇති නිසාත්, පාවහන් පැළඳීම 99% ක් දෙනා විසින් නොවරදවාම කරනවා. එය ඇත්තෙන්ම සතුටට කරුණක්. පාවහන් නැතිව ගමන් කිරීම දැන් ඉස්සරට වඩා අනතුරුදායකයි. විවිධ හානිකර රසායනික ද්‍රව්‍ය පවා නාගරික පරිසරයේ බිම මතුපිට දැකිය හැකියි. එමෙන්ම කාර්මික අපද්‍රව්‍යද දෙපයට හානිකරයි. මේ නිසා යටත්පිරිසෙයින් සෙරෙප්පු දෙකක්වත් පැළඳිමයි නුවණට හුරු.
අනෙකුත් සෑම ඇඳුම් පැළඳුම් මෙන් සපත්තුද අද විලාසිතාවක් වී හමාරයි. තමන්ට ගැලපෙන නොගැලපෙන බව හෝ අවස්ථාවට සුදුසු නුසුදුසු බව ගැන නොසලකා සපත්තු පළඳින අය අද සෑහෙන්න තරම් ඉන්නවා. මා දැක තිබෙනවා ක්‍රීඩා සපත්තු පැළඳ විවාහ මංගල්‍ය උත්සව වලට එන අයත්.
මේ නිසා අවස්ථාවට සුදුසු ඇඳුම් පැළඳුම් මෙන්ම සපත්තුද ඇතිබව මතක තබාගන්න. අප බොහෝදෙනෙකුට සපත්තු කුට්ටම් කීපයක් ගැනීමට වත්කමක් නැහැ. අද සපත්තු මිල ඉතා ඉහලයි. මා වරක් පුවත්පතක කියවූ ලිපියක තිබුනා සපත්තු කර්මාන්තයෙන් 300% ක පමණ ලාභයක් ගන්නා අයත් සිටිනබව. ඉතින් අමාරුවෙන් මිලදීගන්න සපත්තුදෙක පොදුවේ කොතනටත් ගැලපෙන විදිහට ගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි විලාසිතා පස්සෙම යනවානම් ඔබ හොඳ සල්ලි කාරයෙක් වියයුතුයි, සපත්තු කුට්ටම් කීපයක් මිලදී ගන්න. එසේ නැතිව තැනට නුසුදුසු සපත්තු දාගෙන සෑම අවස්ථාවකටම සහභාගී වෙනවානම් ඔබ ප්‍රදර්ශනය කරන්නේ ඔබේ අමනොඥ බව පමණයි.
අනෙකුත් ඇඳුම් පැළඳුම් මෙන් නොව බොහෝදෙනා බාල බඩු වලට රැවටෙන්නේ සපත්තු මිලදී ගැනීමේදීයි. මා කියන්නේ මිල අධිකම වර්ගය හොඳම වර්ගය කියා නොවෙයි. හොඳ සපත්තුවක් මිලදී ගැනීමත් ඉගෙනගෙන කලයුතු දෙයක්. කාන්තාවන්ගේ සපත්තු සෙරෙප්පු ගැන මා කතා කරන්නට යන්නේ නැහැ. නමුත් එකක් කියන්නම්, කාන්තාවන් තරම් බාල සෙරෙප්පු වලට අහුවෙන පිරිසක් තවත් නැහැ. එහෙම වෙන්නේ සල්ලි නැතිකම නිසාම නොවෙයි. හොඳ දේට වඩා ලස්සනදෙට පමණක් අවධානය යොමු කිරීම නිසයි.
මේ සපත්තුව දුටු ගමන් ඔබෙන් සමහර අය කියන දේ මා හොඳින් දන්නවා. ‘මේ මොකක්ද? ගොන් ඔලු පෙයාර් එකක්නේ, කවුද මේවා දාන්නේ, ඔයා වගේ නාකි පප්පලාට තමයි මෙව්වා හරියන්නේ. ඊයා,. . . ඈක්,. . . හෆ්ෆා. . . ‘ ඔබ එසේ සිතන කෙනෙක්නම්, ඔබ සිටින්නේ බරපතල මුලාවක හෙවත් විලාසිතා මිත්‍යාවක බව මම නොබියව කියනවා. මා කියන්නේ ඔබ අනිවාර්යයෙන් මේ මෝස්තරයේ සපත්තුම දැමිය යුතුයි කියා නොවේ. මේ මෝස්තරයට ආසන්න වෙනත් හැඩයේ සපත්තු තිබෙනවා. එවැනි සපත්තු තෝරාගැනීමෙන් පොදුවේ කොතනටත් ගැලපෙනසේ යාමට හැකි වෙනවා. මෙය විශේෂයෙන් කියන්නේ එක සපත්තු කුට්ටමක් පමණක් ගතහැකි අය වෙනුවෙන් බව නැවතත් අවධාරණය කරනවා.
ආරම්භක චූර්ණිකාව ඊට වඩා දික් කිරීම අනවශ්‍ය බව හැඟෙන නිසා, ඊළඟ කොටසට යන්නයි මේ සූදානම් වෙන්නේ.සපත්තුවක කොටස් නම් කල හැකියි. මේ බලන්නකෝ සපත්තුවක කොටස්.
බලනකොට සපත්තුවකත් සෑහෙන්න කොටස් ගණනක් තියනවනේ? මම මේ කොටස්වල නම් සිංහලෙන් නොයෙදුවේ, ඒවාට සිංහල නම් නැති නිසාම නෙවෙයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී සපත්තු සම්බන්ධයෙන් කතාකරන වචන, බොහෝවිට මේ ඉංග්‍රීසි වචන වලට සම්බන්ධ නිසයි.
සමහරවිට ඔබ සපත්තුවක යම් යම් කොටස් හඳුන්වන්නේ මීට වඩා ස්වල්පයක් වෙනස් නම් වලින් වෙන්න ඇති. මමත් එහෙම කරනවා. මේ පින්තූරයේ වෙල්ට් welt යනුවෙන් ඇති කොටසට, මා දන්නා කාලයේ පටන් මට කියාදී තිබෙන්නේත්, මම අදටත් කියන්නෙත්, ‘සීම්’ එක seam කියායි. කොහොම වුනත් අපි දිනපතාම අලුත් යමක් ඉගෙන ගන්නවානේ. නමුත් welt කියන්නේ, සපත්තුවේ සම්පූර්ණ පතුලටයි.මෙහිදී කලින් අසා නැති, නම් වන්නේ, Welt, Vamp, Quarter, Throat, Eyelets, Hollow, Top Line, වැනි වචන පමණයි කියා මා සිතනවා. ඒවා අමුතුවෙන් විස්තර නොකලත්, මෙවැනි සපත්තුවක් අතටගෙන බැලුවොත් පැහැදිලිව හඳුනාගත හැකිවනු ඇති. ඒත් ඉතින් ටිකක් විස්තර කලොත් හොඳයි නේද? එහෙනම් ඉතා කෙටියෙන් කියන්නම්.
Top Line - සපත්තුවට කකුල දාපුවාම, වටේට තියන කට වගේ කොටස.
Toung – කකුල දැමීමට ලේස් බුරුල් කරලා, කට පළල කලාම තියන, සපත්තුවේ දිව.
Shoe Lace – සපත්තු පටිය හෙවත් ලේස් එක. (මේ රූපයේ තියන විදිහට ගැටයක් නැතුව ලේස් එක දාන්න පුළුවන්. පසුව කියන්නම්)
Eyelets – සපත්තු පටිය රිංගවීමට සපත්තුවේ සාදා තිබෙන හිල්. ඒවාට ලෝහ වළලු සවිකර තිබෙනවා සමහර සපත්තුවල.
Quarter – සපත්තු කටේ වම් පැත්තේ පළුව සහ දකුණු පැත්තේ පළුව.
Throat – සපත්තුවේ දිවේ ඇතුළු කෙලවර.
Toe cap – සපත්තුව දැමුවිට කකුලේ ඇඟිලි ආවරණය කරන කොටස.
Vamp – සපත්තුව පැළඳ ඇවිදින විට නැවෙන දිගහැරෙන ප්‍රදේශය (ඊතලයෙන් පෙන්වන තැන සිට ඊට විරුද්ධ පැත්තේ කෙලවර දක්වා)
Welt – සම්පූර්ණ සපත්තු පතුල
Hollow – සපත්තු පතුලේ ඉහලට බොකු ගැසුණු කොටස
Heel cap – සපත්තුව පැළඳි විට, විලුඹ ප්‍රදේශය ආවරණය කරන කොටස.
Heel – සපත්තු අඩිය
දැන් ඉතින් පොලිෂ් කිරීම කොතනින්ද පටන්ගන්නේ? පොලිෂ් කරන්න ඉස්සර වෙලාම සපත්තු දෙකක් තියෙන්න එපාය. හරි ඊළඟට ඊළඟට ඕනේ රෙදි කෑලි, පුළුන්, සපත්තු මැදීමේ බුරුසු, සහ සපත්තු පොලිෂ්. ඔන්න පටන් ගන්නකොටම බුදු අම්මෝ කියන්න එපා ලැයිස්තුව දැකලා. සමහරු දාගෙන යන සපත්තු දැක්කම දුක හිතෙනවා. දුප්පත්කමට වඩා කම්මැලිකම නිසයි බොහෝ දෙනෙක් සපත්තු පොලිෂ් නොකරන්නේ. අපිනම් පුංචිකාලේ දුප්පත්කම නිසා සපත්තු පොලිෂ් කලේ රතුලූනු ගෙඩියක් දෙකට කපලා සපත්තුවේ ඇතිල්ලීමෙන් හෝ වදමල් පොඩිකරලා ඇතිල්ලීමෙන්.
මම දන්නවා ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය ක්‍රමයට සපත්තු පොලිෂ් කරන ආකාරය නෙවෙයි. යුද හමුදාවේ අය පොලිෂ් කරන අර මූණ බලන්න පුළුවන් (සපත්තුවේ ටෝ එක කන්නාඩියක් ලෙස පාවිච්චි කරලා රැවුල කපන්නත් පුළුවන්) ක්‍රමයට පොලිෂ් කිරීම පිළිබඳවයි ඔබට දැනගන්න ඕනේ. හැබැයි සාමාන්‍ය ක්‍රමය ගැන නොකියා විශේෂ ක්‍රමය ගැන කියන්න බැහැ. විශේෂ ක්‍රමයට කියන්නේ වෝටර් පොලිෂ් Water Polish කරනවා කියලයි. එයට හේතුව එසේ පොලිෂ් කිරීමේදී වතුරත් යොදාගන්න නිසයි.
දැන් සමහර අය කියයි අයියෝ ඕක මොකක්ද දැන් තියනවානේ සපත්තුව කන්නාඩිය වගේ දිලිසෙන්න ගාන්න පුළුවන් පොලිෂ්. ඒක අතේ ගෑවෙන්නෙත් නැහැ, හරිම ඉක්මන් කියලා. දැන් අපේ ජීවිත හරිම ඉක්මන් නිසා ඒ ක්‍රමය හොඳයි. හැබැයි ඒවා පොලිෂ් නෙවෙයි ආලේපන. එයින් ලැබෙන දීප්තිය වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. එය වෝටර් පොලිෂ් එකේ අහලකින්වත් තියන්න බැහැ.
ඉතින් ඇත්ත තත්වය ඔන්න ඔහොම නිසා, මම බොහොම කාරුණිකව ඉල්ලනවා, මෙතනින් එහාට මේ ලිපිය කියවිය යුත්තේ, කාලය වැය කර සපත්තු පොලිෂ් කිරීමට කැමති අය පමණයි කියා.
මුලින්ම අපි බලමු සපත්තු පොලිෂ් කිරීමට අවශ්‍ය උපකරණ දෙස නැවතත්. මම කිව්වා හොඳ බුරුසු අවශ්‍යයි කියා මෙන්න මේ වගේ බුරුසු තමයි වඩාත් හොඳ. ඉක්මනින් කෙඳි ගෙවීයන හෝ නැවීයන බාල බුරුසු ගන්න එපා. ඒ සඳහා වැය කරන මුදල් අපතේ යාම පමණයි සිදුවෙන්නේ. හොඳ බුරුසුවක කෙඳි අතින් තද කර බැලුවාම, තරමක් තද සහ එකවරම නොනැමෙන තත්වයේ තිබෙන බව පෙනෙනවා. තීන්ත ගාන බුරුසුනම් අපේ රටේ හොඳ තත්වයේ ඒවා තිබුනත් සපත්තු පොලිෂ් කරන බුරුසුනම් හොඳ දේශීය නිෂ්පාදන නැහැ. මේ රූපයේ මැද තිබෙන, කෙඳි අඩු, දිග මිටකින් යුත් බුරුසුව, ඔබේ විශේෂ අවධානයට ලක්වෙනවා ඇති. ඒ බුරුසුවෙන් කරන්නේ, සපත්තුවේ සියුම් දාරවල පොලිෂ් ගෑමයි. එවැනි බුරුසුවක් නැත්නම්, ඉවත දැමු, එහෙත් කෙඳි සම්පූර්ණයෙන් නැවී නැති දත් බුරුසුවක් වුවත් සුදුසුයි. එක් බුරුසුවක් පාවිච්චි කලයුත්තේ එක් වර්ණයක සපත්තු වලට පමණයි කියා ඔබට අමුතුවෙන් කිවයුතු නැති සිතනවා. දුඹුරුපාට සපත්තු පොලිෂ් කල බුරුසුවකින් කලුපාට සපත්තු පොලිෂ් කලාට එතරම් විශාල හානියක් නැතත්, කලුපාට සපත්තු පොලිෂ් කල බුරුසුවකින් දුඹුරුපාට සපත්තු පොලිෂ් කලොත්, දුඹුරුපාට සපත්තුව දම්පාට වෙනවා.
ඊළඟට අවශ්‍ය වන්නේ ටිකක් ඝන එහෙත් ඉතා රළු මතුපිටක් නැති වර්ග අඩි එකහමාරක පමත් රෙදි කෑල්ලක්. ඝන ප්ලැනල්, තරමක් සිනිඳු මතුපිටක් ඇති ඩෙනිම් රෙදි හෝ අමු රෙදි මේ සඳහා සුදුසුයි. මමනම් කැමති පරණ, ඝන තුවා කෑල්ලකටයි. ඒ වගේම පුළුන් ටිකක් සහ උඩට ඉලිප්පී ඇති කොටු හෝ ඉරි නැති, ඉතා සිනිඳු මේස් බැනියම් කෑල්ලක්ද අවශ්‍යයි. එහි දිග පළල අඟල් 10 බැගින් තිබුනාම ඇති.
මේ රෙදි කෑලි පරණ කඩමාලු වුනාට කමක් නැහැ. හැබැයි ඒවා සෝදා වියලා තිබිය යුතුයි. කුණු දූවිලි, මඩ, වැලිකැට, මේ රෙදිවල තිබුනොත් සපත්තුවේ මතුපිට සීරෙනවා.
වෝටර් පොලිෂ් කලහැක්කේ නියම හම් වලින් සෑදූ සපත්තු පමණක් බව අවධාරණය කරන්නට කැමතියි. සමහරවිට කඩෙන් ගත් අලුත්ම සපත්තු වුවත් වෝටර් පොලිෂ් කල නොහැකි වෙනවා. එයට හේතුව සපත්තුවේ මතුපිට අවශ්‍යතරම් පදම්වී නොතිබීමයි. එමෙන්ම ටික කලක් පාවිච්චි කල සපත්තුත් වෝටර් පොලිෂ් කිරීමට පෙර, එහි මතුපිට කඩතොලුවී ඇත්නම් පළමුව ඊට පිළියම් යෙදිය යුතු වෙනවා.
දැනට ඔබ ළඟ නියම සමින් සෑදූ පාවහන් යුවලක් තිබේනම් සූදානම්වන්න එය වෝටර් පොලිෂ් කිරීමට. ඔබ පළමුවරට මෙය කරනනිසා අලුත් සපත්තුවක් නම් මෙහෙම කරන්න.
1. සපත්තුවක් පොලිෂ් කිරීමට පෙර එය කුණු දූවිලි වලින් තොරව තිබියයුතු අතර, විශේෂයෙන් හොඳ වියලි තත්වයේ තිබිය යුතුයි. තෙමී පෙඟී ඇති සපත්තු, වෝටර් පොලිෂ් තියා සාමාන්‍ය ක්‍රමයටවත් පොලිෂ් කල නොහැකියි. කිසිම අවස්ථාවක සපත්තු, දර ලිප් ළඟ, ගිනි ගොඩක් ළඟ, ගිනි අව්වේ, තබා වේලන්න එපා. එවිට සපත්තුවේ හැඩය වෙනස් වෙනවා. හම් සපත්තු කර වෙනවා. ඔබට අද අපේ රටේ තිබෙන විදුලි බිල ප්‍රශ්නයක් නොවෙයිනම් කොණ්ඩය වේලන උපකරණයකින් එන උණුසුම් වායු ධාරාවෙන් වේලන්න. එසේ කල නොහැකිනම් සැරට අව්ව නොවැටෙන ලෙස එළිමහනේ තබන්න.
2. මුලින්ම බුරුසුවෙන් සපත්තුවේ ඇති දූවිලි පිසදමන්න. අදනම් විදුලියෙන් ක්‍රියාකරන සපත්තු බුරුසු තිබෙනවා. ලයිට් බිල ගෙවන්නේ කවුද?
මේ රූපයේ පෙනෙන ආකාරයට බුරුසුව ඇල්ලීමට ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ තමයි නිවැරදි ක්‍රමය. බුරුසුවෙන් සපත්තුව පිස දැමීමට පෙර ලේස් සම්පූර්ණයෙන් ගලවා ඉවත් කරන්න. මොකද ලේස් වෙනම පොලිෂ් කලයුතුයි. ලේස් පොලිෂ් කරනවා? . . . . .ඔවු ලේස් පොලිෂ් කරනවා තමයි. ඔහොම ඉන්න, මෙතනදීම ඒක කියා දෙන්නම්. ගැලවූ ලේස් එකේ එක කොනකින් අල්ලා ඔසවාගන්න. දැන් කුඩා රෙදි කැබැල්ලකට පොලිෂ් ටිකක් ගන්න. රෙදි කැබැල්ලේ පොලිෂ් තියන තැනට මැදිවනසේ ලේස් එකට රෙදි කැබැල්ල තබා තදකරගන්න (මහපට ඇඟිල්ල එක පැත්තක දබරැඟිල්ල සහ මැද ඇඟිල්ල ඊට විරුද්ධ පැත්තේ) දැන් ලේස් එකේ පොලිෂ් ගෑවෙනසේ රෙදි කෑල්ල ලේස් එක දිගේ පහලට ඇදගෙන යන්න. ලේස් එකේ අනිත් කොනෙන් අල්ලාගෙන නැවතත් කරන්න. බලන්න ලේස් එකේ පෙනුම වෙනස්වෙන හැටි. ඒ වගේමයි කල් පැවැත්මත් වැඩි වෙනවා.
පොලිෂ් කිරීම සඳහා සපත්තුවක් අල්ලගතයුතු ක්‍රමයක් තිබෙනවා. ඒ මෙන්න මෙහෙමයි.
3. බුරුසුවෙන් පිසදැමූ සපත්තුව, තවදුරටත් දූවිලි ඉවත් කිරීම සඳහා රෙදි කැබැල්ලකින් තදින් පිසදමන්න.
4. ඔබ ළඟ තිබෙන්නේ අලුත් සපත්තුවක් නම් එය වෝටර් පොලිෂ් කිරීම සඳහා පදම් කරන්නේ මෙහෙමයි. කුඩා රෙදි කැබැල්ලකින් සපත්තුවේ වෙල්ට් කොටස හැර අනෙක් සෑම කොටසකම පොලිෂ් තට්ටුවක් ආලේප කරන්න. සිහින් බුරුසුවකින් වෙල්ට් කොටසේ පොලිෂ් ආලේප කරන්න. විනාඩි 10 ක් පමණ සුළඟින් වේලෙන්නට තියන්න. (ෆෑන් අවශ්‍ය නැත) ඉටිපන්දමක් පත්තුකර එහි දැල්ලට සපත්තුව පරෙස්සමෙන් අල්ලන්න. (උවමනාවට වඩා සපත්තුව ගිනිදැල්ලට ලං කලොත් පිච්චෙන බව කියන්නත් ඕනෙද? එක තැන ගොඩක් වෙලා අල්ලාගෙන ඉන්න එපා කියලා කියන්නම ඕනෙද) පොලිෂ් උනුවනවිට සපත්තුවේ වෙනත් තැනක් අල්ලන්න. ටිකක් නිවෙන්න හැර, ලොකු බුරුසුවකින් හොඳින් පොලිෂ් කරන්න.
5. ඔබ ළඟ තිබෙන්නේ පාවිච්චි කිරීම නිසා මතුපිට කඩතොලුවූ සපත්තු දෙකක් නම් මුලින්ම ඒ කඩතොළු ඉවත් කල යුතුයි. එය පරෙස්සමෙන් කලයුතු දෙයක්. එය කරන්නේ මෙහෙමයි. කලින් සපත්තුව ගාන ලද විදිහටම කඩතොලුවූ තැන්වල ටිකක් ඝන පොලිෂ් තට්ටුවක් රෙදි කෑල්ලකින් ගාන්න. කෑම කන යකඩ හැන්දක් ගෙන එහි පිට පැත්ත ඉටිපන්දමට අල්ලා හොඳින් රත් කරන්න. (රත් කරනවා කියන්නේ ගිනියම් = රක්ත තප්ත = red hot කරනවාට නෙවෙයි. ) දැන් ඒ රත්වූ පිටපැත්ත අර කඩතොලුවූ තැනට තබා එක පැත්තකට පිරිමදින්න. (මේ වැඩේ දැන් කරන්නේ විදුලි පරිපථ පෑස්සීමට ගන්න ඉලෙක්ට්‍රික් බවුත් එකකින්. නමුත් මම ඔබට එසේ කරන්නට නොකියන්නේ, එය පෙර පුහුණුවකින් පසුව පමණක් කලයුතු අනතුරුදායක ක්‍රියාවක් නිසයි) කඩතොළු මැකෙන තුරු (කඩතොලුවූ සෑම තැනක්ම සම්පූර්ණයෙන් මැකිය නොහැකිය) මෙය නැවත නැවත කිරීමට සිදුවෙනවා. (වැඩේ කරලා ඉවර වුන වහාම පිරිසිදු කිරීමේ ද්‍රව්‍යයක් යොදා හැන්ද හොඳින් මදින්න. නැත්නම් පොලිෂ් හැන්දට තදින් අල්ලනවා.)
6. හොඳයි, දැන් අපි වෝටර් පොලිෂ් කිරීම ආරම්භ කරන්නටයි යන්නේ. (4 වැනි පියවර සහ 5 වැනි පියවර කරන්න වෙන්නේ එක වරක් පමණයි. සපත්තුව පදම් වූවාට පසු ඒ කරදරය විඳින්නට වෙන්නේ නැහැ) වෝටර් පොලිෂ් කිරීමේදී උසස් තත්වයේ පොලිෂ් පාවිච්චි කලයුතු බව මම අවධාරණය කරනවා. බාල පොලිෂ් වලින් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එමෙන්ම අපේ බොහෝදෙනෙක් පොලිෂ් ටින් එක විවෘත කලාට පසු නිවැරදිව වසන්නේ නැහැ. එවිට පොලිෂ් ගල් වෙනවා. එවැනි පොලිෂ් කිසිසේත්ම වෝටර් පොලිෂ් කිරීමට සුදුසු නැහැ. සපත්තු පොලිෂ් කිරීමට ගන්න සියලුම දේවල් (පොලිෂ්, බුරුසු, රෙදි කැබලි,) වෙනමම කුඩා පෙට්ටියක් වැනි දෙයක තබන්න. එවිට අවශ්‍යවිට පහසුවෙන් සපත්තු පොලිෂ් කලහැකියි.වෝටර් පොලිෂ් කරන්නට පෙර සපත්තුවේ පතුලේ වටේ දාරය, (වෙල්ට් එක) වගේම සපත්තුවේ අඩියේ ඉහලට එබී ඇති කොටසත් (හලෝ) පොලිෂ් කල යුතුයි. මොනවා සපත්තුවේ අඩිය පොලිෂ් කරනවා? ඔවු ආයේ කිසිම සැකයක් නැහැ. ඒ කොටසේ තමයි බොහෝවිට මඩ තට්ටු රැඳෙන්නේ. ඒවා හොඳින් පිරිසිදු කර කුඩා බුරුසුවෙන් පොලිෂ් ගා ලොකු බුරුසුවෙන් පොලිෂ් කරන්න.
(සමහරු සපත්තු දාගෙන ගිහින් මහා සභා වල ලොක්කා වගේ කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නවා. සපත්තුවේ අඩිය බල්ලෝ වමනේ කලාවගේ. රූපවාහිනී නාලිකා වල සාකච්ඡා වලට එන සමහර මහා විද්වතුන්ගේ සපත්තුත් එහෙමයි)
වෝටර් පොලිෂ් කරන කොටස් හැර, සපත්තුවේ අනෙක් සියලුම කොටස්, සාමාන්‍ය ක්‍රමයට පොලිෂ් කර අවසන් කරන්නේ, වෝටර් පොලිෂ් කල පසු, සපත්තුවේ වෙනත් කොටස් පොලිෂ් කරන්නට ගියොත්, වෝටර් පොලිෂ් එකට හානි වීමට (සීරී යාමට) ඉඩ ඇති නිසයි. වෝටර් පොලිෂ් එක ඇත්තෙන්ම පොලිෂ් සහ ජලය කිසියම් අනුපාතයකට මිශ්‍ර කරගනිමින් සපත්තුව මත ගොඩ නගන ආරක්ෂක බදාමයක් වැනියි. එහෙත් එය ඉතා තුනී පටලයක් වැනි බදාමයක්.
අධික තෙතමනය සහිත මෙන්ම වැසි හිරිකඩ වදින තැනක සිට වෝටර් පොලිෂ් කරන්න උත්සාහ කරන්න එපා. නිවැරදි ප්‍රතිඵලය එන්නේ නැහැ. වියලි පරිසරයක රාත්රියේදී වුනත් ප්‍රශ්නයක් නැහැ.
සාමාන්‍යයෙන් වෝටර් පොලිෂ් කිරීමේදී, අපි මූලික වශයෙන් පොලිෂ් කරන්නේ, සපත්තුවේ ටෝ කැප් එක සහ හීල් කැප් එකයි. එහෙත් ටික කලක් යනවිට, මුළු සපත්තුවම හොඳින් පදම් කරගතහොත්, වැම්ප් එකේ නැවෙන කොටස හැර, මුළු සපත්තුවම වෝටර් පොලිෂ් කල හැකි වෙනවා.
7. සපත්තුවේ අනෙක් කොටස් සියල්ලම පොලිෂ් කර අවසන් නිසා දැන් අපි ටෝ කැප් එක සහ හීල් කැප් එක වෝටර් පොලිෂ් කරමු. මේ සඳහා ඔබට ඔබේ හුරු අතේ (වම හෝ දකුණ) දබරැඟිල්ලේ දවටාගත්, සිනිඳු මේස් බැනියම් කැබැල්ලක් හෝ එවැනි මේස් බැනියම් කැබැල්ලක් තුලට පුළුන් පුරවා සාදාගත් ගුටියක් පාවිච්චි කල හැකියි.මුලින්ම ඉතා සිනිඳු පොලිෂ් පටලයක් ටෝ කැප් එකේ ගාන්න. ඒ සඳහා ඔබ ඇඟිල්ලේ දවටාගත් රෙදි කැබැල්ල යොදාගත්තාට කමක් නැත. දැන් අබ ඇට තරම් සියුම් ජල බින්දු ටෝ කැප් එක මත සිටින සේ ඇඟිලි තුඩින් හෝ මල් පැළවලට වතුර විදින ප්ලාස්ටික් බෝතල ස්ප්රේයරයකින් ජලය විදින්න. ජල බින්දු ගොඩක් අවශ්‍ය නැත. ඉන්පසු ගොඩක් තද නොකර, ඇඟිල්ලේ බරෙන් සපත්තුවේ රවුම් අඳින ආකාරයට මදින්න. එවිට පොලිෂ් සහ ජලය ක්‍රමානුකූලව මිශ්‍ර වෙමින් ඔපවත් වීම ආරම්භ වෙනවා. මෙය විනාඩි දෙක තුනකින් සිදුවන ප්රාතිහාර්යයක් නොවන බව අවධාරණය කරනවා. ඉවසීමෙන් නැවත නැවතත් කරන්න. එක වරකට ටෝ කැප් එකේ සුළු ප්‍රදේශයක් පමණක් මදින්න. පහත පිතූර දෙකෙන් පෙන්වන්නේ රෙදි කැබැල්ලකින් හෝ පුළුන් ගුටියකින් එසේ මදින ආකාරයයි.