සබඳතාවල හැටි

hpalpola

Well-known member
  • ඇල්ම නිසා ඇති වෙන්න පුළුවන් දේවල් ටිකක්.

    විවිධ හේතු නිසා කෙනෙක් තව කෙනෙන්ට ඇල්ම ඇති වෙනවා. ඇල්ම කියන්නෙ ආදරේ නෙමෙයි. කැමැත්තට එහා ගිය හැඟීමක්. ටිකක් හිතවත්කම වගේ. ඉතින් ඇල්ම නිසා කෙනෙක්ට ඇල්ම, ද්වේශය ඇති වෙනවා. ද්වේශය කියන්නෙ මොකක් ද කියලා අමුතුවෙන් කියන්න ඕනා නැහැනේ. කෙනෙක්ට කෙනෙක් ගැන ඇල්ම තියෙද්දි ඒ කෙනාට අනික් අයත් හොඳ කියනවා නම් අන්න ඒ හොඳ කියන අය ගැනත් ඇල්ම ඇති වෙනවා. ඒ වගේම තමයි ඇල්ම ඇති කෙනාට අනිත් අය දොස් කියනවා නම් ඒ දොස් කියන අය ගැන ද්වේශය ඇති වෙනවා. අපි ඇති කරන් තියෙන යාළු මිත්‍රකම් ගැන හිතලා බැලුවම මේක හොඳින් තේරේවි. නිකමට හිතලා බලන්න ඔයා හිතවත් කෙනෙක්ට ඔයාගෙම අම්මා තාත්තා බැන්නොත් ඔයාට කේන්ති යන්නැද්ද කියලා. ඒ හැටි. පෘථග්ජන හිතේ හැටි.

    ඊලඟට මේකෙ අනෙක් පැත්තත් වෙනවා. ඔයාට කෙනෙක් ගැන තරහක් තියෙනවා නම් සහ ඒ තරහ තියෙන කෙනාට අනෙක් අයත් දොස් කියනවා නම් අන්න ඒ පිරිස ගැන ඇල්ම ඇති වෙනවා. ඒ වගේම තරහක් තියෙන කෙනාගේ හොඳ කියන හොඳ දකින පිරිසක් ඉන්නවා නම් ඒ අය ගැන ද්වේශය ඇති වෙනවා.

    අපේ සමාජ සබඳතා පවතින්නේ මේ විදියට තමයි.