සබඳ_අපි_මැටි_නොවෙමු
සබඳ අපි මැටි නොවෙමු
අමු අමුවෙ රට යෑවෙන
වෙන්න ඕනේ දේ මේකයි කවුරු මොනවා කිව්වත් මහින්ද ගියේ හරි පාරක බව අදට වඩා හෙට තේරේවි, හිටං කෙසේ වෙතත් රනිල් එය තේරුම් ගැනීම ලංකාවේ ජයග්‍රහණයක්
ඉදිරි වසර 5 අවසන් වීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ අපනයන ආදායම දෙගුණයක් කිරීම නව රජයේ අරමුණ යෑයි ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා පැවසූ බව ඊයේ 'දිවයින' වාර්තා කළේය. තවද එහිදී සාම්ප්‍රදායික සීමාවලට කොටු නොවූ නිර්මාණශීලී නව මානයන් ඔස්සේ අපනයන ආදායම උපයාගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත.
එපමණක්ද නොවේ, මත්තල ගුවන් තොටුපළේ මෙහෙයුම් ක්‍රමවත් කර ඉදිරි වසර දෙක තුළදී මෙරට නිෂ්පාදන අපනයනය කිරීමේ මූලික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් හඳුනාගෙන සිටින බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
දයා ගමගේ මහතා විසින් ප්‍රකාශ කරන ලද මේ කරුණු තුන සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් 'රුවන් වැකි' තුනකි. සිදුවිය යුත්තේ මේවා දේශපාලකයන් විසින් ඇට නැති දිව කැමති අතට හරවා කරනු ලබන සුලබ වචන පෙළක් පමණක් බවට පත්නොකර අපේක්ෂාව යථාර්ථයක් බවට පත්කිරීමය.
අපනයනයේදී සාම්ප්‍රදායික සීමාවලට කොටු නොවූ නිර්මාණශීලී නව මානයන් ඔස්සේ අපනයන ආදායම උපයාගැනීම සඳහා යොමුවීම යුගයේ අවශ්‍යතාවයයි.
නූල්ද පිටරටිනි, රෙද්දද පිටරටිනි, මැෂිමද පිටරටිනි, මූට්ටුව පමණක් අපෙනි. එවැනි නිපැයුම් පිටරට පටවා ඒ මත සහමුලින්ම යෑපීමේ 'අපනයන' මානසිකත්වය හමාර කළ යුතුය. තෙල් බැරලයේ මිල පහළ යන විට නැතිවෙන්නම වැටෙන තේ දල්ලේ මිල මත යෑපෙන 'අපනයන මානසිකත්වය' හමාර කළ යුතුය (තෙල් මිල පහළ වැටෙන විට මැද පෙරදිග තේ ඉල්ලුම පහත වැටේ. මේ දිනවලද මෙම තත්ත්වය ඇති අතර තේ නිෂ්පාදනයේ සියලු අංශයන් 'හොම්බෙන්' යමින් සිටින්නේය.)
අපට ඇත්තේ 'වත්ත බද්දට දී ඇස්සට දත නියවන' ආකාරයේ අපනයන ආර්ථිකයකි. අපි, ලොව සුපිරි නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය සපයන්නෝ පමණක් වන්නෙමු. ස්වභාවදහම විසින් අපට තෑගි කළ සම්පත් 'අමු අමුවේම' විකුණා දමා එදා වේල සපයාගැනීමකට කොටුව අපනයන මානසිකත්වය හමාර කළ යුතුය. එහි නියම 'රසය' දන්නා ලෝකයේ අනෙකුත් ජාතීන් තළු මර මරා බලා සිටින පුල්මුඩේ ඛනිජ වැලි නිධිය තවම රට පැටවෙන්නේ අමු අමුවේය. අගය එකතුකර හෙවත් 'වැලියු ඇඩඩ්' නොකර රට යෑවිය නොහැකිය යන නීතියක් පනවා ඇති නිසා ඛනිජ වැලි ටික සෝදා, ගරා, වෙන්කර, අඹරා රට පැටවෙන්නේය. නමුත් මේවාට නියම 'වැලියු ඇඩඩ්' එක දෙන්නේ අපගේ අපනයනය , ආනයනයක් ලෙසින් ලබාගන්නා රටවල්ය. එම රටවල් මේවා ලබාගෙන අතිශයින් වටිනා ටයිටේනියම් ලෝහය පිරිපහදු කරගෙන ගුවන්යානා කර්මාන්තයට විකුණයි. අපෙන් සොච්චමකට ඛනිජ වැලි ටොන් ගණනින් අරගනිමින් ටයිටේනියම් ඩයොක්සයිඩ් නමැති සුදු වර්ණකාරකය නිපදවා එමෙන් කිහිප ගුණයක මිලට අපේ රටටම එවයි. අපි අමුවේම රට පටවන ලොව පිරිසිදුම 'ක්වාර්ක්ස්' හෙවත් තිරුවානා වලින් සිලිකොන් නිපදවා එයින් හදන ට්‍රාන්සිස්ටරය මත සමස්ත ඉලෙක්ට්‍රොනික් ලෝකයම ගොඩනගයි. අපි 'පිඟන් මැට්ටන්' පමණක් බවට පත්වී අපේ පිඟන් මැටි ස්වල්පයකින් ඩොලර් සිය ගණන් වටින 'ඉලෙක්ට්‍රොනික් සෙන්සරයක්' නිපදවීමට අනෙක් රටවලට අවකාශ සලසා එතැනින් නොනැවතී අප දුන් මිල මෙන් සිය ගුණයක් ගෙවා නැවත අපිම ඒවා මිලට ගන්නෙමු. මෙවැනි 'අපනයන ජෝක්ස්' ටොන් ගණනක් මෙරට ඇත.
මුල් ඇත්තේ අප ළඟය. ඵල ඇත්තේ උන් ළඟය. ඒ අපේ අපනයනයේ යථාර්ථයයි.
මෙයින් මිදී පියවරක්, දෙකක් ඉදිරියට තැබුවහොත් එදිනට මත්තල ගුවන් තොටුපළ පමණක් නොව හම්බන්තොට වරායටද අපනයනය පිණිස ඉඩ මදිවෙනවා නිසැකය. සිදුවිය යුත්තේද එයමය.