me uba neda
මෙන්න, වතුරෙන් වාහන දුවවන අපේ කොල්ලා - නිහාල් පී.අබේසිංහ
අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා, තුෂාරගේ නව නිපැයුම ගැන උනන්දුව දක්වමින්.
මුලින්ම තාක්ෂණය ඔස්සේ ගුවන් යානයක් හැදූ ඔහු මෙවර රටම මවිතයට පත් කරමින් වතුරෙන් දුවන මෝටර් රථ එන්ජිමක් හැදුවේ ය. මුළු ලෝකයේ ම බලශක්ති ක්ෂේත‍්‍රයේ විප්ලවයක් පෙරළියක් ඇති කරන ඒ නිපැයුම හැදූ මේ අපේ කොල්ලා අතුරුගිරියේ පදිංචි විසිපස් හැවිරිදි එම්.ඒ. තුෂාර පියුමාල් එදිරිසිංහයි.
මේ විශ්ව කර්ම නිර්මාණය රැගෙන ඒ විශ්වකර්මයා පසුගියදා අගමැති කාර්යාලයට ආවේ ය. ඒ අවස්ථාවේ දී ඔහු රටේ දෙවැනි පුරවැසියා වූ රත්නසිරි වික‍්‍රමනායක අගමැතිතුමාට මේ විශ්වකර්ම වැඩේ විස්තර කෙළේ රටක් රාජ්‍යයක් දිනූ අයෙකු පරිද්දෙනි.
“මම පුංචි කාලේ ඉදන් විවිධ නිර්මාණ කළා. මුලින් ම ගුවන් යානයක් හැදුවා. ඒක මේ රටේ නීති විරෝධී දෙයක් වුණා. පස්සේ අර ඔරේන්ජ් බාර්ලි බෝතලේ බැලුම් පුම්බපු තාක්ෂණය ඔස්සේ පරීක්ෂණ කරලා මම මේ වතුරෙන් දුවන වාහන එන්ජිම හැදුවා වසර 6 ක් මේ සඳහා දිවා රෑ නොබලා මහන්සි වුණා.
පසුගිය මාසේ මම මේ වතුරෙන් දුවන වාහනයෙන් රට වටා ගියා තවත් අයත් සමඟ. දැන් මගේ වැඩේ ඉවරයි. රටටම සෙතක් සැලසෙන නිර්මාණයක් මේක. රටේ අනන්‍යතාව යටතේ මෙය සුරැකීම සැමගේ යුතුකමක්. අපේ රට අපේ රජය මේ මගේ නිර්මාණයෙන් ප‍්‍රයෝජනයක් ගත යුතුයි. මේකට ඇමෙරිකාවෙන් කොරියාවෙන් ඉල්ලීම් එනවා.
ඒත් මා මේක දෙන්නේ නැහැ. ශ‍්‍රී ලාංකිකයෙක් ලෙස රාජ්‍ය අනුග‍්‍රහය ලබාදෙන වතුරෙන් දුවන වාහන එන්ජින් කම්හලක් අපේ රටේම ඉදි කරන්නයි මා ඉන්නේ. ඒකට කාගේත් උදව් ඕනෑ.
මෙයට සුහද ප‍්‍රතිචාර දැක්වූ අගමැතිවරයා මෙම නව ඇන්ජින් නිපදවීමට ඉඩමක් කොළඹ ආසන්නයෙන් ලබාදීමටත් ඉදිරියේදී මේ ව්‍යාපාරය සඳහා සහන ණය හා මූල්‍යමය ආධාර ලබාදීමටත් පොලිස්පති තුමා සමඟ සාකච්ඡා කර ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නවලට පිළියම් යෙදීමටත් අපේක්ෂා කරන බව පැවැසීය.
මෙවැනි නව නිර්මාණ නිසා අපේ රටේ දක්ෂ තරුණයන් පිළිබඳව ලෝකයේම අවධානය යොමු වන බවත් මෙය ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ නව පෙරැළියක් බවත් මේ නිපැයුම දියුණු කිරීමට කවුරුත් උදව් දිය යුතු බවත් අගමැතිවරයා අවධාරණය කළේය.
(සිළුමිණ )