සබීතාගේ ගොඩනැඟිල්ලට දුන් කෝටි 63ක තැන්පතුව ආපසු ගෙන නෑ. (DPJ Tower)

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,979
    2,160
    113
    colombo
    1729571786981.png


    මෙයට වසර කිහිපයකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිනමා නිළි සබීතාගේ සැමියාට අයත් යයි ප්‍රචාරය වූ පෞද්ගලික ගොඩනැඟිල්ල පාවිච්චියට පෙර ඒ් සඳහා රජය ලබාදුන් රුපියල් කෝටි 63ක තැන්පතු මුදල මේ වන තෙක් ආපසු අමාත්‍යාංශයට ලබාගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.
    මේ පිළිබඳව කළ විමසුමකදී එම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ පවසා ඇත්තේ 2021.04.07 දින කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි අදාළ ගොඩනැඟිල්ලෙන් බත්තරමුල්ලේ පිහිටි ගොඩනැඟිල්ලට ගෙන ගියද මෙම තැන්පතු මුදල ආපසු ලබා දී නැති බවයි. මේ සම්බන්ධයෙන් අදාළ ගොඩනැඟිල්ල අයිති පාර්ශ්වයන්ට කීප වතාවක් අමාත්‍යාංශය මඟින් දැනුම් දී තිබුණද එම තැන්පතු මුදල ලබාදෙන නිශ්චිත ක්‍රමවේදයක් හෝ කාලයක් දැනුම් දීමට ඔවුන් අපොහොසත් වී තිබේ. එබැවින් එම පාර්ශ්වයන්ට නඩු පැවැරීමට නීතිපතිවරයා වෙත භාර දුන් බව ද ලේකම්වරයා පැවැසීය.

    පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යම් යම් අක්‍රමිකතා සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීම් ආරම්භ කර ඇති බවත් වික්‍රමසිංහ මහතා අදහස් ද පළ කළේය. ‘පසුගිය වසර ගණනාවක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ සිදු වී ඇති යම් යම් අක්‍රමිකතා දැන් අනාවරණය වෙමින් තිබෙනවා.

    කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය කාලයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යාමේ දී රුපියල් කෝටි 63ක තැන්පතු මුදලක් ලබා දී තිබෙනවා. මේ වගේ ගනු-දෙනුවකදී සාමාන්‍යයෙන් බැංකුවකින් බැඳුම්කරයක් ලබා ගන්නවා. එසේ අරගෙනත් නෑ. දැනට එම ගොඩනැඟිල්ල එම අයිතිකරුවන්ට භාරදීලා තියෙන්නේ. නමුත් තවමත් එම තැන්පතු මුදල ලබාගෙන නැහැ. තැන්පතු මුදල පිළිබඳව විමසූ විට ඔවුන් කල්මරමින් එය ලබාදීම ගැන පැහැදිලි පිළිතුරු ලබා දෙන්නේ නෑ. රුපියල් කෝටි 63ක මුදලක් 2021- 2024 දක්වා කාලය තුළ බැංකුවක තැන්පත් කළා නම් අතිවිශාල පොලියක් ලබා ගන්න පුළුවන්.

    මේ වගේ සිද්ධි ගණනාවක් තිබෙනවා. පොහොර බෙදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා‍. ඒ ගැනත් ඉදිරි කාලයේ දී විමර්ශන ආරම්භ කරනවා' යැයි ද ලේකම්වරයා අවධාරණය කළේය.

    සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා වන උපාලි ජයසිංහට අයත් බව කියන රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම අති නවීන ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයේ භාවිතයට 2016 වසරේ හිටපු ඇමති දුමින්ද දිසානායක මැදිහත්ව මාසිකව ලක්ෂ 245 ක කුලී පදනමින් ලබාගෙන තිබුණත් මුලදී කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මාස ගණනාවක් තිස්සේ නිරපරාදේ අගුළු දමා තිබීමෙන් මහජන මුදල් කෝටි 27 කට ආසන්න නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට පවා ලක්විය.අවසානයේ දීර්ඝ ප්‍රමාදයකින් පසු අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලේ කටයුතු 2018 වසරේ ඇරඹිණි.

    මෙහි සිදුවූ මූල්‍ය අක්‍රමිකතා විමර්ශනයට කෝපා කමිටුව රැස්වූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරෙරා මහත්මියගේ සැමියාට අයත් ඩී. පී. ජේ. ගොඩනැගිල්ල ලබාගැනීමට ගිවිසුම් අත්සන් කිරීම අවස්ථාව වන විට උපකරණ මිලට ගැනීමට හා විවිධ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1 යි ලක්‍ෂ 330 ක මුදලක් වැයවී තිබූ බව 2019 අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදී තිබුණි.
    2020 නව රජය බලයට පැමිණි පසු එම ස්ථානයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ඉවත් විය.

    Source : www.gossiplankanews.com
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    අපි සමහර පොඩි පොඩි රජයේ දූශණ ගැන Focus කරගෙන කතා කලාට.. මේවගේ බිලියන ගණන් වල කවුරුත් කතා නොවිච්ච දූශණ කොච්චර ඇත්ද ??
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    ඕකේ හිලව්වට දුමින්දට ගහන්න දුන්නද දන්නේ නෑ.

    අදානි කුඩුපට්ටම් කල චන්ඩ මාරුතය WindForce

    ඊයේ දින මෙරට වැසියන්ට ඇත්තටම සුභ ආරංචියක් ලැබුණු දවසක්.. ඒ 50MW සුලං විදුලි බලාගාරය hiක් මන්නාරමේ ඉදි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් කැදවූ ටෙන්ඩර් පත් විවෘත කිරීම නිසා රට හමුවේ අනාවරණය නොවීමට තිබූ මහා වංචාවක් එලිදරව් වීම නිසා..එම වංචාවේ ගණන් හිලව් සම්බන්ධව මාගේ විමර්ෂණය මෙහි දක්වමි..

    දැනට ලංකාවේ සුලං බලාගාර කිහිපයක් ඇති අතර ඒවා නම්
    Swguwannitivu wind plant - 10MW (Windforce)
    Widathamuni wind plant - 10MW (Windforce)
    DLRE wind plant - 10MW (Windforce)
    Recogen 8MW - (Windforce)
    Nirmalapura wind plant - 10MW (Windforce)
    Elephant pass wind plant - 10MW (Windforce)
    Naladhanavi - 10MW (LTL holdings)
    Pawandhanavi - 10MW (LTL holdings)
    Senok wind power - 10MW x 3 plants
    Thambapawani - 100MW (CEB) යනාදිය වේ..

    සාමාන්‍යයෙන් වසරකට High Wind season එක මෙම කලාපයේ (පුත්තලම හා මන්නාරම ප්‍රදේශයේ) මැයි සිට සැප්තැම්බර් දක්වා වන අතර ඉතිරි කාලය low wind season එක වේ..

    High wind season එකකදි 10MW සුලං බලාගාරයකින් සාමාන්‍යයෙන් විදුලි ඒකක 4,000,000 පමණ නිපදවන අතර එය low wind season එකකදි සාමාන්‍යයෙන් විදුලි ඒකක 300,000ක් පමණ වේ. ඒ අනූව 10MW සුලං බලාගාරයක් වසරකට නිපදවන සාමාන්‍ය විදුලි ඒකක ප්‍රමාණය 22,100,000 පමණ වේ..

    දැන් ඊයේ දින විවෘත කල 50MW ලංසුවේ අගය එක් විදුලි ඒකකයක් US$ 0.0488කි. එනම් රු 14.64 ක් පමණ වේ.

    අදානිට 484MW සුලං බලාගාරය ලබා දීමට ගිවිසගත් මුදල US$ 0.0826 කි. එනම් රු 24.78කි.

    මෙම ගිවිසුම් ගත කාලය අවුරුදු 20ක් වන අතර ඉහත ගණනය කිරීම් අනුව එම කාලය තුල අදානි විසින් නිෂ්පාදන කරනු ඇතැයි අපේක්ෂිත මුළු විදුලි ඒකක ප්‍රමාණය මිලියන 21,392.8 කි.

    ඒ අනූව අදානි සදහා ගෙවන වැඩිපූර මුදල රුපියල් මිලියන 216,923 කි. එනම් රුපියල් බිලියන 217කි. එනම් ආසන්න ලෙස 2015 සිදුවූ ප්‍රසිද්ධ භාණ්ඩාගාර බිල්පත් වංචාවේ වටිනාකම (මහ බැංකු කොල්ලය) රුපියල් මිලියන 3300ක් එනම් රුපියල් බිලියන 3.3කට ආසන්න වේ.. එනම් අදානි සමඟ ඇතිකර ගත් ගිවිසුම අනුව රටට වන පාඩුව එම වංචාව මෙන් ආසන්න ලෙස ⭕⭕6️⃣8️⃣⭕⭕ ගුණයකට ආසන්න මුදලකි..

    2022 වසරේ තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමයට බැහැරව බලශක්ති මිලදී ගැනීමට හැකි ලෙස විදුලිබල පණත වෙනස් කරද්දී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඒකට විරුද්ධ වෙනකොට අපේ pay sheet ප්‍රසිද්ධ කරලා අපිව ත්‍රස්තවාදීන් ලෙස පාර්ලිමේන්තුවේ හංවඩු ගැහුවා.. දැන් තේරෙනවද මේ දවල් මංකොල්ලයේ තරම කොහොමද කියලා..

    ඒ නිසා දැන්වත් වැල් පාලමෙන් බබා එගොඩ කලා වගේ මෝඩ කතා වලට චූන් නොවී ඔබගේ වටිනා ඡන්දය නිවැරදිව භාවිතා කරන්න.. නැත්තම් මේ වගේ පව් ගෙවන්න වෙන්නේ අපේ හත්මුතු පරම්පරාවකට
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    කෝටි 63 ට හරියන්න සබීතා යවන්න ඇති..... ගොටට හෙන කික් එකක් තිබ්බලු සබීතා ගැන.... ඉතින් ජයසිංහ ඒකි ඇමට දාලා කරන තරමක් ජාවරම් කළා කියලා ගම්මන්පිල කියලා තිබ්බ, වසන්තගේ මළ ගෙදරදී
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,648
    113
    Oceania
    පාස්කු සීන් එකේ කක්කා අස් කරලා ඉවරද?
    පාස්කු සීන් එක කතා කරන්නෙ අනිත් ත්‍රෙඩ් එකේ කාළකන්නි නිකමො. වරෙන් මේක ගැන කතා කරන්න මෙතන 😂
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    කෝටි 63 ට හරියන්න සබීතා යවන්න ඇති..... ගොටට හෙන කික් එකක් තිබ්බලු සබීතා ගැන.... ඉතින් ජයසිංහ ඒකි ඇමට දාලා කරන තරමක් ජාවරම් කළා කියලා ගම්මන්පිල කියලා තිබ්බ, වසන්තගේ මළ ගෙදරදී
    සබීතා නාකියිනෙ බං ?
     
    • Like
    Reactions: Cypress and Ryker