සබීතාගේ ගොඩනැඟිල්ලට දුන් කෝටි 63ක තැන්පතුව ආපසු ගෙන නෑ. (DPJ Tower)

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    බලපන් අපි බෙහෙත් පෙත්තක් ගන්ඩ සල්ලි නැතිව දුක් විදිනව. මුන් කෝටි ගණන් වලින් හොරාකාල
     
    • Sad
    Reactions: Hankook and Ryker

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    View attachment 239905

    මෙයට වසර කිහිපයකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිනමා නිළි සබීතාගේ සැමියාට අයත් යයි ප්‍රචාරය වූ පෞද්ගලික ගොඩනැඟිල්ල පාවිච්චියට පෙර ඒ් සඳහා රජය ලබාදුන් රුපියල් කෝටි 63ක තැන්පතු මුදල මේ වන තෙක් ආපසු අමාත්‍යාංශයට ලබාගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.
    මේ පිළිබඳව කළ විමසුමකදී එම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ පවසා ඇත්තේ 2021.04.07 දින කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි අදාළ ගොඩනැඟිල්ලෙන් බත්තරමුල්ලේ පිහිටි ගොඩනැඟිල්ලට ගෙන ගියද මෙම තැන්පතු මුදල ආපසු ලබා දී නැති බවයි. මේ සම්බන්ධයෙන් අදාළ ගොඩනැඟිල්ල අයිති පාර්ශ්වයන්ට කීප වතාවක් අමාත්‍යාංශය මඟින් දැනුම් දී තිබුණද එම තැන්පතු මුදල ලබාදෙන නිශ්චිත ක්‍රමවේදයක් හෝ කාලයක් දැනුම් දීමට ඔවුන් අපොහොසත් වී තිබේ. එබැවින් එම පාර්ශ්වයන්ට නඩු පැවැරීමට නීතිපතිවරයා වෙත භාර දුන් බව ද ලේකම්වරයා පැවැසීය.

    පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යම් යම් අක්‍රමිකතා සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීම් ආරම්භ කර ඇති බවත් වික්‍රමසිංහ මහතා අදහස් ද පළ කළේය. ‘පසුගිය වසර ගණනාවක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ සිදු වී ඇති යම් යම් අක්‍රමිකතා දැන් අනාවරණය වෙමින් තිබෙනවා.

    කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය කාලයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යාමේ දී රුපියල් කෝටි 63ක තැන්පතු මුදලක් ලබා දී තිබෙනවා. මේ වගේ ගනු-දෙනුවකදී සාමාන්‍යයෙන් බැංකුවකින් බැඳුම්කරයක් ලබා ගන්නවා. එසේ අරගෙනත් නෑ. දැනට එම ගොඩනැඟිල්ල එම අයිතිකරුවන්ට භාරදීලා තියෙන්නේ. නමුත් තවමත් එම තැන්පතු මුදල ලබාගෙන නැහැ. තැන්පතු මුදල පිළිබඳව විමසූ විට ඔවුන් කල්මරමින් එය ලබාදීම ගැන පැහැදිලි පිළිතුරු ලබා දෙන්නේ නෑ. රුපියල් කෝටි 63ක මුදලක් 2021- 2024 දක්වා කාලය තුළ බැංකුවක තැන්පත් කළා නම් අතිවිශාල පොලියක් ලබා ගන්න පුළුවන්.

    මේ වගේ සිද්ධි ගණනාවක් තිබෙනවා. පොහොර බෙදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා‍. ඒ ගැනත් ඉදිරි කාලයේ දී විමර්ශන ආරම්භ කරනවා' යැයි ද ලේකම්වරයා අවධාරණය කළේය.

    සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා වන උපාලි ජයසිංහට අයත් බව කියන රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම අති නවීන ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයේ භාවිතයට 2016 වසරේ හිටපු ඇමති දුමින්ද දිසානායක මැදිහත්ව මාසිකව ලක්ෂ 245 ක කුලී පදනමින් ලබාගෙන තිබුණත් මුලදී කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මාස ගණනාවක් තිස්සේ නිරපරාදේ අගුළු දමා තිබීමෙන් මහජන මුදල් කෝටි 27 කට ආසන්න නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට පවා ලක්විය.අවසානයේ දීර්ඝ ප්‍රමාදයකින් පසු අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලේ කටයුතු 2018 වසරේ ඇරඹිණි.

    මෙහි සිදුවූ මූල්‍ය අක්‍රමිකතා විමර්ශනයට කෝපා කමිටුව රැස්වූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරෙරා මහත්මියගේ සැමියාට අයත් ඩී. පී. ජේ. ගොඩනැගිල්ල ලබාගැනීමට ගිවිසුම් අත්සන් කිරීම අවස්ථාව වන විට උපකරණ මිලට ගැනීමට හා විවිධ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1 යි ලක්‍ෂ 330 ක මුදලක් වැයවී තිබූ බව 2019 අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදී තිබුණි.
    2020 නව රජය බලයට පැමිණි පසු එම ස්ථානයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ඉවත් විය.

    Source : www.gossiplankanews.com
    ගෝටගෙ හුරතලී
     
    • Haha
    • Sad
    Reactions: Hankook and Ryker

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,398
    6,558
    113
    බලපන් අපි බෙහෙත් පෙත්තක් ගන්ඩ සල්ලි නැතිව දුක් විදිනව. මුන් කෝටි ගණන් වලින් හොරාකාල
    සුළු පිරිසක් පෝහොසත් වෙලා වැඩි පිරිසක් දුප්පත් වෙන්නෙ ඔය හොරකම වංචාව නිසා තමයි. ඕවා වැලක්වීමට නම් අවංක පුද්ගලයින් රට පාලනයට පත්කරන්න.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇයි බං ඕවා නිව්ස් වලට දාලා, මාධ්‍ය සාකච්ඡා තියලා ආණ්ඩුව වාසි ගන්නෙ නැත්තෙ. ඕක උඩ දාං ගැහුවා නම් සතියකට ඇති
     
    • Like
    Reactions: super077

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    යකෝ.. පොඩි මනුස්සයෙක් බැංකුවකින් ලක්ශ 10ක් 20ක් ගතොත උගේ මුළු සේසතම රාජ්ය සන්තක කාන්න දගලනවා ගෙව්වේ නැතොත් .මුන්ට කෝටි ගනන් නොගෙවා ඉන්න පුළුවන් යස අගේට.. :no:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පාස්කු සීන් එකේ කක්කා අස් කරලා ඉවරද?

    පාස්කු සීන් එක කතා කරන්නෙ අනිත් ත්‍රෙඩ් එකේ කාළකන්නි නිකමො. වරෙන් මේක ගැන කතා කරන්න මෙතන 😂

    පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් පොහොට්ටුවේ නායකයන් බේරා ගන්න කටයුතු කළාට ගම්මන්පිලට ස්තූතියි! පොහොට්ටුවෙන් විශේෂ ප්‍රකාශයක්!



    මීක් මීක් 😂😂😂😂😂
     
    • Like
    Reactions: samindi and Ryker

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    යකෝ.. පොඩි මනුස්සයෙක් බැංකුවකින් ලක්ශ 10ක් 20ක් ගතොත උගේ මුළු සේසතම රාජ්ය සන්තක කාන්න දගලනවා ගෙව්වේ නැතොත් .මුන්ට කෝටි ගනන් නොගෙවා ඉන්න පුළුවන් යස අගේට.. :no:
    :yes: :yes:
     
    • Like
    Reactions: Cypress