සභාපති/අධ්‍යක්ෂක පත්කිරීම මණ්ඩලයකින්....

  • Dec 18, 2013
    535
    98
    28
    සභාපති/අධ්‍යක්ෂක පත්කිරීම මණ්ඩලයකින්....

    රජයේ ප්‍රධාන පෙළේ සංස්ථා, මණ්ඩල සහ අධිකාරිවල සභාපතිවරුන්, අධ්‍යක්‍ෂවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් පත්කිරීම් සඳහා අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විමට ජනාධිපති ගෝඨාභය
    රාජපක්‍ෂ මහතා තීරණය කර තිබේ.
    ඒ අනුව ජනාධිපති කාර්යාලය මගින් අද හෙටම ඒ සම්බන්ධ නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය. මෙම තනතුරු සඳහා අයදුම් කරන්නන් අතුරින් සුදුසුකම්ලත් අය තෝරා ගැනීම සඳහා සම්මුඛ පරිකෂණ මණ්ඩලයක් ද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ තිබේ.

    එහි සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පත්කර ඇති අතර ජෝන් කීල්ස් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක, ඇඟලුම් කර්මාන්ත ක්‍ෂේත්‍රයේ හිටපු ප්‍රවීණ විධායකවරයකු වන ඩයන් ගෝමස් සහ ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. විශේෂයෙන්ම රාජ්‍ය බැංකු, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය ආදියට මෙලෙස සුදුස්සන් තෝරා ගැනීමේදී මෙම ක්‍රමවේදය අනුගමනය කරනු ඇත.

    -රංජිත් අනාන්ද ජයසිංහ-
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඉස්සර නම් ඇමතිගෙ චිට් එකට නෙ දුන්නෙ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    හෑ :shocked: චන්දෙ දුන්න අපිවත් මෙච්චර දේවල් කරයි කියල හිතුවේ නෑ නෙ

    ඔව්ව කරන්න ගිහිං මැති ඇමතිල හෝල්සේල් විපක්ෂ වෙන්න ගනීද දන්නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔව්ව කරන්න ගිහිං මැති ඇමතිල හෝල්සේල් විපක්ෂ වෙන්න ගනීද දන්නෑ
    හම්මෝ කියලවත් කරගන්න බැරි දෙයක් උන් ටික විපක්ෂෙට යනවනං. හොඳ අය ටික ඉතුරු වෙන්නේ නැතැයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    හම්මෝ කියලවත් කරගන්න බැරි දෙයක් උන් ටික විපක්ෂෙට යනවනං. හොඳ අය ටික ඉතුරු වෙන්නේ නැතැයි

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ හොඳ අයගෙ කැමැත්ත නෙමෙයි බහුතරයකගෙ කැමැත්ත
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    ඔව්ව කරන්න ගිහිං මැති ඇමතිල හෝල්සේල් විපක්ෂ වෙන්න ගනීද දන්නෑ

    Ow ,hebai mahajana thawa aniwaryenma innwa Janadipathi ekka
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ හොඳ අයගෙ කැමැත්ත නෙමෙයි බහුතරයකගෙ කැමැත්ත
    ආණ්ඩුව වැටෙන්නේ නෑ කවුරු ගියත් දැනුත් බහුතරේ නැතුව නෙ මේ ආණ්ඩුව තියෙන්නෙ.

    අනික ඕකුන් කවුරුත් යන්නේ නෑ අකමැත්තෙන් දත් මිටි කකා ඉඳියි, මහින්ද ගෝඨාභය නැතුව ගොඩක් අයට ගමනක් නෑ නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ආණ්ඩුව වැටෙන්නේ නෑ කවුරු ගියත් දැනුත් බහුතරේ නැතුව නෙ මේ ආණ්ඩුව තියෙන්නෙ.

    මඩේ හිටෝපු ඉන්න වගේ ආණ්ඩුවකින් නම් වැඩක් නෑ. 2008 දැක්කනෙ යුද්දෙ දරුණුවටම යද්දි අයවැයෙන් රජය පෙරළන්න ලෑස්ති වෙච්ච හැටි විපක්ෂෙ එකතු වෙලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මඩේ හිටෝපු ඉන්න වගේ ආණ්ඩුවකින් නම් වැඩක් නෑ. 2008 දැක්කනෙ යුද්දෙ දරුණුවටම යද්දි අයවැයෙන් රජය පෙරළන්න ලෑස්ති වෙච්ච හැටි විපක්ෂෙ එකතු වෙලා
    තව මාස තුනයි නෙ ඊට පස්සේ හැදෙන ආණ්ඩුව මීට වඩා ශක්තිමත් වෙයි :yes: එතකොට ඉතිං සෙට් එක පිටින් විස්සක් විතර ගියොත් මිසක් ඔය එකෙක් දෙන්නෙක් ගියාට බයවෙන්න ඕනේ නෑ නෙ