කාන්තාවන්ට සුරා සල්වල සේවය කිරීමට හා මත්පැන් මිලදී ගැනීමට හැකිවන පරිදි මුදල් අමාත්‍යංශය නිකුත් කර තිබූ අතිවිශේෂ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අවලංගු කර තිබේ.
සුරා සල් විවෘතව තබන වේලාවන් සම්බන්ධයෙන් අලුතින් පනවන ලද නීතියද අමාත්‍යවරයා ඉල්ලා අස්කරගෙන ඇති බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි ඉහත තීරණයට එළඹි බව මුදල් අමාත්‍යංශය ඊයේ (18) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
source


