සමනලුන්ට වෙඩි තියන්න

osa

Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    සමනලුන්ට වෙඩි තියන්න

    3gca.jpg






    මලක් කියන්නේ මලකට මිස වෙනින් කුමකට
    මම සඳයි කියා කියමි කෙසේ සඳ වගේ පෙනෙන දෙයකට..

    හදේ පිපුණු මලකින් ඔබ පාර අසා ගෙන යන්නේ කොතැනට
    ඒ සුගන්ධය දිගේ පිය මැන බලන්න ඔබ නවතින තැන ඒ ඔබේ
    මුදු හදවත..

    නෙතේ රැඳුණු නෙතකින් ඔබ පාර අසා ගෙන යන්නේ කොතැනට
    නෙතු කැළුම් දිගේ නෙතු අතහැර බලන්න නෙත නවතින තැන ඒ මගේ
    දෙනෙත් පතුළත..
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63


    ඔබ ගඟක් දියරැලි නැගෙන්නේ නැති ගඟක්
    පෙනපිඬු පිපෙන්නේ නැති ගඟක්
    කිසිදින ගලන්නේ නැති ගඟක්

    නිම්නයක් නැති ජීවිතේ
    කෙළෙසින් ගලන්න ද

    නිම්තෙරක් නැති ආකහේ
    හිරු රැස් දකින්න ද

    වළාකුළු මිස අහස නැති
    රෑ අන්ධ අඳුර යට සඳ

    නැගෙන්නේ කෙළෙස
    ගඟ දිය මත වැටෙන්න
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මට මේක බලන්න බැරිඋන හොද ටෙලිනාට්‍යක්. මේක නෙට් එකේ කොහෙවත් නැද්ද ?
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මට මේක බලන්න බැරිඋන හොද ටෙලිනාට්‍යක්. මේක නෙට් එකේ කොහෙවත් නැද්ද ?

    matath thama set une na machan, set unama dannam ;)
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63


    හීනයක් වගෙ ඔබ ආවා
    හීනයක් දිගේ ඔබ ආවා
    ආදරෙන් මගේ හිස අතගෑවා
    හීනයක් නෙවේ හිත කීවා

    ඔබ ඉගිල ගියා අහස් යහනට
    වලා කුලකින් ළම වසාගෙන එන්න
    ඔබ කිමිද ගියා සයුරු රල මත
    සයුරු රලකින් ළම වසාගෙන එන්න
    හිත නතර උනා ගීතයක් ලග
    නම නොදන්න හීනයට ඉඩ දෙන්න

    නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ
    නම නොදන්න මලක් පිපිලා නෙතේ ගන් වතුරේ
    නම නොදන්න මලක් පිපිලා වතේ ගන අඝුරේ
    නුබ ඇවිත්දෝ හීනයක්දෝ මගේ නම ඇසුනේ