සමනළී හා සඳ කැළුම් (2)
සමනළී හා සඳ කැළුම් (1)
සමනළී හා සඳ කැළුම් (1)
දයාබර සඳ කැළුම් අයියා වෙත,
හන්තාන පේන මායිමේ...
අනේ අයියේ..මේ විදිහට ලියුම් ලියලා ඇයි මට රිදවන්නේ..ඔයා ඔහොම කියන කොට මගේ හිත කොච්චර රිදෙනවද?
මම නූතන මනමේ කුමාරියක් නෙවේ අයියේ..මම ඔයාට මැසිවිලි නැගුවෙවත් ඔයා ඉස්සරහ වෙනස් වෙලාවත් නෑ..
ඇත්ත ඔයා තරම් මගේ ජීවිතේට සමීප වුන කෙනෙක් තවත් මේ ලෝකේ නෑ...ඒත්..ඒත් ඔයා මට මගේ එක බඩවැල කඩාගෙන එක කුසින් බිහි වෙච්ච අයියා කෙනෙක් වගේ..ඒ ආදරේ කැම්පස් ආවයි කියලා අන්ශු මාත්*රයක් වත් වෙනස් වෙලා නෑ මගෙ අයියේ...
මාණික්*ය මගේ ලෝකෙට පායපු අළුත් හඳක් වගේ අයියේ..ඔයාලා ඔක්කෝමගෙන් ඈත් වෙලා මේ නුහුරු හන්තානේ තනි වෙච්ච මගේ පාළු ආත්මයට සැනසීමක් ගෙනාවේ එයා...කර කියාගන්න දෙයක් නැතිව නාදුනන සිහිනෙක අතරමන් වෙච්ච මාව පියවි සිහියට ගෙනාවේ එයා..
අනේ අයියේ මට සමා වෙන්න..අයියට මම එදා වගේම ලෙන්ගතුයි..මම ලෝක දෙකක තනි වෙලා..අයියා මම නිසා මෙච්චරක් දුක් විදිනව මට බලන් ඉන්න බෑ මගේ සුදු අයියේ...අයියාට කවදාවත් වරදින්නේ නෑ..අයියා එච්චරටම හොදයි...පින්වන්තයි..මම ඔයාට හොද මදී අයියේ...
මාව තෙරුම් ගන්න අයියේ ..මම අසරණයි ..මම ඔයාගෙ ආදරේට තාමත් ආදරෙයි ...
සමනළී නන්ගී
Last edited:




aye patan ganna eka 





