සමන්තබද්‍ර

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    භික්ෂුවකගේ හෝ ගිහියෙකුගේ නිර්වාණාවබෝධය පිළිබඳව පෘථඃජන මිනිසුන් ලෙස නොයෙකුත් අදහස් දැක්වීමෙන් වැළකී සිටීම දෙළොවට ම යහපත්ය. මන්දයත් චීවරයක් ධරා සිටින හෝ නොසිටින එවන් පුද්ගලයන්ගේ මග ඵල ලාභීත්වය පිළිබඳව ප්‍රශ්ණ කළ හැක්කේ එම තත්ත්වයේම සිටින්නකු විසින් මිසක සෝවාන් මාර්ගයට පවා බෙහෙවින් දුරින් සිටින පෘථඃජන අප විසින් නොව. එවන් අය පිළිබඳව අප දක්වන අදහස් මේ සසර තුල දී නිර්වාණාවබෝධයෙන් අපව බෙහෙවින් දුරස් කොට තැබීමට හේතු පාදක වේ.

    බුදුවරයෙකු හැර නිර්වාණාවබෝධය කරගත් අන් කිසිවෙකු තමන් පිළිබඳව තම මට්ටමේ අය අතර විනා සාමාන්‍ය ජනයා අතර තම ආධ්‍යාත්මික තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා නොකරන හෙයින්, යමෙක් ප්‍රකටව තම මග ඵල ලාභී තත්වයන් පිළිබඳව ප්‍රකාශයන් කරන්නේ නම් එවන් අයගේ ක්‍රියාකලාපයන් උපේක්ශා සහගතව නිරීක්ශණය කොට හිතින් හෝ වචනයෙන් හෝ අදහස් ගොඩ නොනගා නොසලකා හැරීම වඩා යෝග්‍ය වේ. චීවරයක් දරා සිටින්නෙකු නම් ඒ චීවරයට කරන ගෞරවයක් ලෙස, ද්වේශ සහගත දෑ ප්‍රකාශ නොකොට සිටීම මැනවි.

    යමෙකු මාර්ග ඵල පිළිබඳව වංචා සහගතව ප්‍රකාශ සිදු කරන්නේ නම්, එය විහිළුවකට ගන්නේ නම්, එය ලාභ සත්කාර උදෙසා භාවිතා කරන්නේ නම්, එය ම ඔවුන් නිවන් මාර්ගයෙන් දුරස් කර තැබීමට හේතු පාදක වේ. එබැවින් ඔවුනගේ කර්මයන් වලට හිතෙන් හෝ වචනයෙන් හෝ සහභාගී නොවී අපගේ සසර ගමන දිගු කර ගැනීමේ වරදින් වැළකී සිටීම වැදගත් වේ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :yes: එකෙම්ම ඔව්. දන් දීලා උපස්ථාන කරලා පින් රැස්කරගන්න ඕනෑතරම් ස්වාමීන්වහන්සේලා වැඩ වසනවා ලංකාවේ. ඉතින් පුළුවන් හැටියෙන් දන් පැන් පූජා කරගෙන හිත පහදවාගෙන ශ්‍රාවක සංඝරත්නය උදෙසා කියලා කටයුතු කාරණා කලාම හරි. එතකොට තුන්කල් වැඩ ඉන්න සියළු ශ්‍රාවක සඟරුවණම අයත් වෙනවා.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔවුනගේ කර්මයන් වලට හිතෙන් හෝ වචනයෙන් හෝ සහභාගී නොවී අපගේ සසර ගමන දිගු කර ගැනීමේ වරදින් වැළකී සිටීම වැදගත් වේ.
     
    dumidu99

    Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    chewara dari bikshuwakata witarak newi, kata unat wachana weradiyata use karanna epa. mokada samma wacha kiyana eka hodata kiyawala balanna, nikam pitin pena ekata wada atule godak dewal tiyenawa hitanna, ethakota nikam wachana eliyata dannet ne hariyata danna kenek. :yes:
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    භික්ෂුවකගේ හෝ ගිහියෙකුගේ නිර්වාණාවබෝධය පිළිබඳව පෘථඃජන මිනිසුන් ලෙස නොයෙකුත් අදහස් දැක්වීමෙන් වැළකී සිටීම දෙළොවට ම යහපත්ය. මන්දයත් චීවරයක් ධරා සිටින හෝ නොසිටින එවන් පුද්ගලයන්ගේ මග ඵල ලාභීත්වය පිළිබඳව ප්‍රශ්ණ කළ හැක්කේ එම තත්ත්වයේම සිටින්නකු විසින් මිසක සෝවාන් මාර්ගයට පවා බෙහෙවින් දුරින් සිටින පෘථඃජන අප විසින් නොව. එවන් අය පිළිබඳව අප දක්වන අදහස් මේ සසර තුල දී නිර්වාණාවබෝධයෙන් අපව බෙහෙවින් දුරස් කොට තැබීමට හේතු පාදක වේ.

    බුදුවරයෙකු හැර නිර්වාණාවබෝධය කරගත් අන් කිසිවෙකු තමන් පිළිබඳව තම මට්ටමේ අය අතර විනා සාමාන්‍ය ජනයා අතර තම ආධ්‍යාත්මික තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා නොකරන හෙයින්, යමෙක් ප්‍රකටව තම මග ඵල ලාභී තත්වයන් පිළිබඳව ප්‍රකාශයන් කරන්නේ නම් එවන් අයගේ ක්‍රියාකලාපයන් උපේක්ශා සහගතව නිරීක්ශණය කොට හිතින් හෝ වචනයෙන් හෝ අදහස් ගොඩ නොනගා නොසලකා හැරීම වඩා යෝග්‍ය වේ. චීවරයක් දරා සිටින්නෙකු නම් ඒ චීවරයට කරන ගෞරවයක් ලෙස, ද්වේශ සහගත දෑ ප්‍රකාශ නොකොට සිටීම මැනවි.

    යමෙකු මාර්ග ඵල පිළිබඳව වංචා සහගතව ප්‍රකාශ සිදු කරන්නේ නම්, එය විහිළුවකට ගන්නේ නම්, එය ලාභ සත්කාර උදෙසා භාවිතා කරන්නේ නම්, එය ම ඔවුන් නිවන් මාර්ගයෙන් දුරස් කර තැබීමට හේතු පාදක වේ. එබැවින් ඔවුනගේ කර්මයන් වලට හිතෙන් හෝ වචනයෙන් හෝ සහභාගී නොවී අපගේ සසර ගමන දිගු කර ගැනීමේ වරදින් වැළකී සිටීම වැදගත් වේ.

    very true.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කියලා තියෙන කතාව ඇත්ත
    නමුත් යම් දෙයක් නිසා අපේ සමාජයට අපේ ආගම දහමට බලපෑමක් වෙනවනම් ඒක දිහා නොබලා ඉන්න හොදත් නැ
     
    blue_in_rio

    Well-known member
  • මෙන්න මේක තේරුම් නොගෙන, කී දෙනෙක් නම් පව් පුරෝගන්නවා ඇද්ද ? එක්කෙනෙක් හරි මේක බලලා, මේ වගේ දේවල් දිහා උපේක්ශා සහගතව බලන්න පුරුදු වෙනවා නම්, ඒකම උබට ලොකු පිනක් බන්. :yes::yes:

    සබ්බ දානං ධමම දානං ජිනාති (සියලුම දානයන්ට වඩා, ධර්ම දානයම උතුම්ය )

    තෙරුවන් සරණයි !!
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    nicely written.
    most of here don't understand this. I have mentioned same thing before. we are not allowed criticize or question a bikshu since we are gihi.
     
    blue_in_rio

    Well-known member
  • කියලා තියෙන කතාව ඇත්ත
    නමුත් යම් දෙයක් නිසා අපේ සමාජයට අපේ ආගම දහමට බලපෑමක් වෙනවනම් ඒක දිහා නොබලා ඉන්න හොදත් නැ

    මෙහෙමයි, බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ, යමෙක් බුදුන්ට හෝ, ශාසනයට හෝ, අපහාසයක්, අවැඩක් කරයි නම්, ඒ ගැන කිපෙන්නවත්, ඒ අය සමඟ ගැටෙන්නවත් යන්න එපා , උපේක්ශාවෙන් යුතුව ඉවසන්න කියලා.දැන් ඉතින් කට්ටිය පෝලිමේ එයි, එහෙනම් ඉස්සර හිටපු හාමුදුරුවරු ජාතිය ආගම වෙනුවෙන් එඩිතරව ඉස්සරහට ගියේ කියලා.ඔව්, ඒක නිසා අවුරුදු පනහකින් වැනසෙන්න ගිය ශාසනයක්, අවුරුදු සිය ගානක් රැකෙනවා තමයි.ඒත් හැමදේම අස්ථිර ලෝකේ, බුද්ධ ශාසනයත් කවදා හෝ නැති වෙනවා.ඒක තමයි සනාතන ධර්මතාවය.ඒත් එහෙම ශාසනය වෙනුවෙන් යුද වදින්න ගියාම, ශාසනය තවත් ටික කලක් රැකෙනවා, නමුත් තමන්ට මග ඵලයක් වගේ දියුණුවක් ලබාගන්න ප්‍රමාද වෙනවා.හැබැයි ඒක තමුන් ගැන හිතන එක අත් හැරලා, ගොඩක් දෙනා ගැන හිතන එකක්.වැරදිත් නෑ.මොකද සුමේධ තාපස තුමා, දීපංකර බුදුරජානන් වහන්සේගෙන් බණ අහලා, ඒ භවයෙදිම මග ඵල අවබෝද කරගන්න පුලුවන් කම තියෙද්දි, ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන්, සාරාසංඛ කල්ප ලක්ශයක්, සසර දුක් වින්දා.ඒ නිසා, තමුන් යන්න ඕනා පැත්ත තමුන් තීරණය කරන්න ඕනා.ශාසනය වෙනුවෙන් යුධ වදිනවා නම්, ඒක අනිවාර්යයෙන්ම, අහින්සාවාදී, පිරිසිඳු චේතනාවෙන්ම කරන්න ඕනා. :yes::yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ow mcn meke ewun samanthabadra hamuduruwo rahath wela na kiynne hariyata mun budu wela wage... mn kiynne na un wahanse rahath kiyala... but sampradaayika hamuduruwaru kiyna bana walata wada advance, hithala balanna ona, karala balanna ona klin ahapu nathi aluth dewal me hamuduruwonge bana wala thiyenawa... mn kiyanne na aluthen kawuruhari deyak kiyapu paliyata pili ganna kiyala... eth me hamuduruwange bana wala mata nm waraddak penne na.... kohoma hari kagen hari kamak na ikmaninma sasaren nidahas wenna thiyana niyama budu dahama ayeth eliyata enawanm.....
     
    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    අඩෝ........... සිරාම කථාව මචං... මෙි කථාවට විතරක් නෙවෙි, ගොඩක් දේවලට මෙි කථාව අදාලයි...... එලකිරි සහෝ......
     
    මේ ගෙවීගෙන යන්නෙ බුදුන් වහන්සේ වදාලා වූ කාසායඛන්ඨකයන් බිහි වන සමයයි. කොයි ලෙසින් බැළුවත් ඇත්තේ ඇත්තේ නිවීම නොව දැවීමම පමණි. ඉතින් නිවුනා, නිවන් මඟ අවබොද කරගත්තා යැයි කියා අප ඇස් මානයෙහිම කෙලෙස් මග දැවෙන්නා වූ එවන්නන් ගැන කවර කථාද?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මෙහෙමයි, බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ, යමෙක් බුදුන්ට හෝ, ශාසනයට හෝ, අපහාසයක්, අවැඩක් කරයි නම්, ඒ ගැන කිපෙන්නවත්, ඒ අය සමඟ ගැටෙන්නවත් යන්න එපා , උපේක්ශාවෙන් යුතුව ඉවසන්න කියලා.දැන් ඉතින් කට්ටිය පෝලිමේ එයි, එහෙනම් ඉස්සර හිටපු හාමුදුරුවරු ජාතිය ආගම වෙනුවෙන් එඩිතරව ඉස්සරහට ගියේ කියලා.ඔව්, ඒක නිසා අවුරුදු පනහකින් වැනසෙන්න ගිය ශාසනයක්, අවුරුදු සිය ගානක් රැකෙනවා තමයි.ඒත් හැමදේම අස්ථිර ලෝකේ, බුද්ධ ශාසනයත් කවදා හෝ නැති වෙනවා.ඒක තමයි සනාතන ධර්මතාවය.ඒත් එහෙම ශාසනය වෙනුවෙන් යුද වදින්න ගියාම, ශාසනය තවත් ටික කලක් රැකෙනවා, නමුත් තමන්ට මග ඵලයක් වගේ දියුණුවක් ලබාගන්න ප්‍රමාද වෙනවා.හැබැයි ඒක තමුන් ගැන හිතන එක අත් හැරලා, ගොඩක් දෙනා ගැන හිතන එකක්.වැරදිත් නෑ.මොකද සුමේධ තාපස තුමා, දීපංකර බුදුරජානන් වහන්සේගෙන් බණ අහලා, ඒ භවයෙදිම මග ඵල අවබෝද කරගන්න පුලුවන් කම තියෙද්දි, ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන්, සාරාසංඛ කල්ප ලක්ශයක්, සසර දුක් වින්දා.ඒ නිසා, තමුන් යන්න ඕනා පැත්ත තමුන් තීරණය කරන්න ඕනා.ශාසනය වෙනුවෙන් යුධ වදිනවා නම්, ඒක අනිවාර්යයෙන්ම, අහින්සාවාදී, පිරිසිඳු චේතනාවෙන්ම කරන්න ඕනා. :yes::yes:

    මට ධර්ම කරනා සම්බන්ද තර්ක කිරීම සදහා නම් ලොකු දැනුමක් ඒ සම්බන්දව නැ . නමුත් මගේ පුද්ගලික මතය තමා බුදුදහම විනාශ කරන්න දෙන්න හොද නැ . හෙට අනිද්දා වෙනකොට අපිට පාරේ යන්න බැරි තත්වයක් උදාවෙයි ලංකවේ හැමතැනම රහතුන් ඉදිවී , ධර්මය කටපාඩම් කරගත්තම රහත් වෙන්න පුළුවන්නේ , දැනුම තියෙනවනම් ඕනෑම තර්කයක් බිදින්න පුළුවන්
    ගොරකා දඩමස් කිරීමේ න්‍යාය දන්නවනේ ඒක ඔය වැඩේට සම්බන්ද කරගත්තම හරි ෂෝක්.

    භෞතිකව දකින්න පුළුවන් දෙයක් නෙමෙයිනේ රහත් බව ඒක නිසා දැනුම තියෙන තාක්කල් රහත් පදවියේ ඉන්න පුළුවන් සියලු සැප සම්පත් සමග
     
    වැරදියි. ධර්මය කට පාඩම් කර ගත් පමණින් මාර්ග ඵල ලබන්න බැහැ. එය කළ හැක්කේ දැඩි වීර්යයෙන් සහ භාවනාවෙන් පමණි. දන්නවාද බුදු රජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වගෙම ධර්ම භාණ්ඩාගාරික තනතුරේ සිටි ආනන්ද තෙරුන්ටත් බුදු රජාණන්වහන්සේ ජීවමානව සිටි කාලයේ දී රහත් වන්නට හැකි වුනේ නෑ. උන්වහන්සේ රහත් බව ලැබුවේ ප්‍රථම ධර්ම සංගායනාවට පෙර දින අළුයමේදීයි. ඉතින් එතරම් දහම් කරුණු දැන උගත් උන්වහන්සේටත් දහම් කරුණු මැනවින් දැන කියා ගත් පමණින් අර්හත්වය පසක් වූයේ නෑ මුලදීම. වාසනා ශක්තියත්, ඒ වගේම පෙර පිං කර ඇති බවත්, දැඩි වීර්යයත් අවශ්‍යයි.
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113

    මෙහෙමයි, බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ, යමෙක් බුදුන්ට හෝ, ශාසනයට හෝ, අපහාසයක්, අවැඩක් කරයි නම්, ඒ ගැන කිපෙන්නවත්, ඒ අය සමඟ ගැටෙන්නවත් යන්න එපා , උපේක්ශාවෙන් යුතුව ඉවසන්න කියලා.දැන් ඉතින් කට්ටිය පෝලිමේ එයි, එහෙනම් ඉස්සර හිටපු හාමුදුරුවරු ජාතිය ආගම වෙනුවෙන් එඩිතරව ඉස්සරහට ගියේ කියලා.ඔව්, ඒක නිසා අවුරුදු පනහකින් වැනසෙන්න ගිය ශාසනයක්, අවුරුදු සිය ගානක් රැකෙනවා තමයි.ඒත් හැමදේම අස්ථිර ලෝකේ, බුද්ධ ශාසනයත් කවදා හෝ නැති වෙනවා.ඒක තමයි සනාතන ධර්මතාවය.ඒත් එහෙම ශාසනය වෙනුවෙන් යුද වදින්න ගියාම, ශාසනය තවත් ටික කලක් රැකෙනවා, නමුත් තමන්ට මග ඵලයක් වගේ දියුණුවක් ලබාගන්න ප්‍රමාද වෙනවා.හැබැයි ඒක තමුන් ගැන හිතන එක අත් හැරලා, ගොඩක් දෙනා ගැන හිතන එකක්.වැරදිත් නෑ.මොකද සුමේධ තාපස තුමා, දීපංකර බුදුරජානන් වහන්සේගෙන් බණ අහලා, ඒ භවයෙදිම මග ඵල අවබෝද කරගන්න පුලුවන් කම තියෙද්දි, ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන්, සාරාසංඛ කල්ප ලක්ශයක්, සසර දුක් වින්දා.ඒ නිසා, තමුන් යන්න ඕනා පැත්ත තමුන් තීරණය කරන්න ඕනා.ශාසනය වෙනුවෙන් යුධ වදිනවා නම්, ඒක අනිවාර්යයෙන්ම, අහින්සාවාදී, පිරිසිඳු චේතනාවෙන්ම කරන්න ඕනා. :yes::yes:

    :yes::yes::yes::yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වැරදියි. ධර්මය කට පාඩම් කර ගත් පමණින් මාර්ග ඵල ලබන්න බැහැ. එය කළ හැක්කේ දැඩි වීර්යයෙන් සහ භාවනාවෙන් පමණි. දන්නවාද බුදු රජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වගෙම ධර්ම භාණ්ඩාගාරික තනතුරේ සිටි ආනන්ද තෙරුන්ටත් බුදු රජාණන්වහන්සේ ජීවමානව සිටි කාලයේ දී රහත් වන්නට හැකි වුනේ නෑ. උන්වහන්සේ රහත් බව ලැබුවේ ප්‍රථම ධර්ම සංගායනාවට පෙර දින අළුයමේදීයි. ඉතින් එතරම් දහම් කරුණු දැන උගත් උන්වහන්සේටත් දහම් කරුණු මැනවින් දැන කියා ගත් පමණින් අර්හත්වය පසක් වූයේ නෑ මුලදීම. වාසනා ශක්තියත්, ඒ වගේම පෙර පිං කර ඇති බවත්, දැඩි වීර්යයත් අවශ්‍යයි.
    ehema rahath wenna bari indiyawe
    lankawe puluwan