මහණෙනි මම අසුරුසැනක්වත් මේ භවය වර්ණනා නොකරමි කියලයි බුදු හාමුදුරුවෝ දේශනා කොලේ.
උඹ ඔය විස්තර කරන මනුස්සය සමන්ත බඩ්ඩ විස්තරකරනව මම දැක්කේ නෑ. සමන්ත බඩ්ඩ කියන්නේ අනිත්‍යයි කියල හිතන් ඉන්න කෙනා මැදට ගන්න නිත්‍යයි කියල දේශනා කරනවා කියලා නේ. බඩ්ඩයා නොකිව්ව යමක් යමක් හිතින් මවාගෙන ගලපෝ ගත්තට කමක් නෑ ඉතිං. හැබැයි එහෙමයි කියල ධර්මයේ තියෙන අනිත්‍ය කියන කාරනාව ඌට ඕනේ ඕනේ විදිහට පාවිච්චි කොරන්න බැහැනේ. ඔය කියන " මැද " බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහේද?
අනිත් කාරනය උඹ ඔය විස්තර කරන මිනිහා ගනිමු. ඒ වගේම "පොරක්" , මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් දැකල තමන්ගේ ලමය ඉපදිච්ච දවසේ මහ රෑ අභිනිස්ක්‍රමනය කොලා කියහන්කෝ! නෑ ඉතිං කුමාරයෙක් නෙව, ඒ මොහොත විඳගෙන නොඇලී ඉන්න තිබ්බනේ. බුදු සන්තෝ! කොච්චර නම් මුස්පේන්තු ඩයල් එකක් ද ඒ ??
අපි හැමෝම කැමතියි අපි කොරන බයිලා කරන ගමන් සයිඩ් එකෙන් ඔය දානයක් දීලා බඩ්ඩ වගේ හොරෙක් ගාවට ගිහින් හිනාවෙන බණක් අහලා ආතල් එකේ "මේ මොහොත විඳින" ගමන් නිවනුත් යන්න. ප්‍රොජෙක්ට් එක නම් හොඳයි, හැබැයි ඒක නිවන් යන මග නම් නෙවෙයි. ඔය කියන ඇලීම මචෝ උඹ හිතන විදිහේ එකක් නෙවෙයි, පොඩ්ඩක් පංච උපාදනස්කන්ධය ගැන කියවපං. ඒ ඇලීම හරිම සියුම්, රූපයක්- ශබ්යක් -ගඳක්- ස්පර්ෂයක් හට ගත්ත මොහොතේ "තියෙනවා' කියල ගන්නකොටම උඹ අහුවෙලා ඉවරයි- ඒකයි ඇලීම.
ලොජිකලි කිව්ව හින්ද මේකත් කියන්නම්, මොකද සමන්ත බඩ්ඩයාත් හරියට කියනව ධර්මය තර්කානුකූලයි, තර්කයේ දක්ෂ එකාටයි ධර්මය වැටහෙන්නේ වගේ බයිලා. මහ වග්ග පාලියේ බුදුහාමුදුරුවෝ කියන්නේ මෙහෙම.
“අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ.”
“මා විසින් සාක්ෂාත් කරන ලද මේ ධර්මය වනාහී පරම ගම්භීර වූවක්. ඒ වගේ ම දැකීමට දුෂ්කරයි. අවබෝධ කිරීමත් දුෂ්කරයි. නමුත් ශාන්තයි. ප්‍රණීතයි. මේ ධර්මය තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි. දියුණු කරන ලද ප්‍රඥාවෙන් ම, නුවණැතියන් විසින් ම අවබෝධ කරන දෙයක්.”