ඔය ෆොටො එකෙ ඉන්න කෙල්ලත් සැලොන් එකක් තියෙන කෙනෙක් .
සැලොන් බඩ්ඩක් තමා. නම චාම්යා
ගොඨා උන්නැහෙත් මෙයාට
(සමන්ත බඩ්ඩට) වැඳ වැඳ හිටියා කාලයක් .
ඒ වගෙම ඔය චාම්යා කෙල්ලත් පොහොට්ටුවෙ තමා
මට පෙන්නෙ පොඩි උන්ගෙ පෙළ පොතෙ තියෙන බුද්ධ ජීවිතෙ සමන්ත බඩ්ඩ ජීවමාන කරන්න හදන සීන් එකක් තියෙන්නෙ .
දැන් කියාවි පටාචාර හෙලුවෙන් බුදුන් ගාවට ආව එකෙ මෙහෙම ආව එකෙ අවුලක් නැහැ කියලා.
බුදුන් කහවනු තිස් හය කොටියක් වටින ජේතවනාරාමෙ හිටිය එකෙ මෙක මොකක්ද කියලා සාධාරණි කරනය කරන්නත් පුලුවන් .
හා නැද්ද ?
හැබැයි ඉතිං ගොඩක් බුදුන් උනත් දෙසාපු බණ ප්‍රසිද්ධ සූත්‍ර
ඉහල කුලවල සිටුවරු ,මැතිවරු වගෙ එවුන්ට කියාපුවනෙ?
සාමාන්‍ය ගැමියාට කියාපු බණ නැහැ නෙ ?
වජ්ජීන්ට සප්ත අපරිහාණි ධර්ම
සිඟාලොවාද සූත්‍රය සිඟාක සිටු පුත්‍රයට.
අනෙ පිඬුත් සිටුවරයෙක් නොවැ.
පටාචාරා උනත් සිටු දියණියක්.
යසකුල පුත්‍රයා ,භද්දවග්ගිය කුමාරවරු
තුන්බෑ ජටිලයන් ,විශාකා, සුජාතා සිටු දියනිවරු
අංගුලිමාල උනත් රාජකීය පුරොහිතගෙ පුතා නොවැ.
කෝ කැලෙ දර කපන්නාට ,ගමෙ කුඹලාට, කිව්ව බණ ?
සුනීතලාට සෝපාකලාට ,රජ්ජුමාලාට දෙසපු සූත්‍ර ?
ගැටළු ඇති තැන් ගොඩයි පුතා.
අනෙ මන්දා මන් බෞද්ධ විරොධියෙක් වෙවිද මෙව්වා කතා කරලා ?