ලංකාව ලෝකෙටම විහිළුවක් කරපු මෝඩ ජෙපි බොරු චෝදනා ඔප්පු කරගන්න බැරි වෙනවා තව ආවොත්
"ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් රේණුකා ඒකනායක ඉල්ලා අස්වී තිබෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එම ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර තිබෙනවා.
ඉල්ලා අස්වීමට අදාල ලිපියෙහි පිටපතක් ජාතික පොලිස් කොමිසමටද ලැබී ඇතැයි එහි සාමාජිකයෙක් පැවසුවා.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ බිරිඳ වන ඇය හිටපු අමාත්‍යාංශ ලේකම්වරියක්.
ඕස්ට්‍රේලියාවෙන් 2018 වසරේදී ගැබ්බර කිරි ගවයන් 15,000ක් මිල දී ගැනීමට නෙදර්ලන්ත බැංකුවකින් ගත් ණය මුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 11.7ක මුදලක් අදාළ සමාගමකට අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් මෙතෙක් එම කිරි ගවයන් මෙරටට ආනයනය කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් පසුගියදා ඇගෙන් ප්‍රශ්න කළා.
එකල පශු සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කර ඇත්තේ රේණුකා ඒකනායකයි."