සමන් දේවාලෙට කරපු වැඩේ.
රත්නපුරය කියන්නේ සමන් දෙවියන්ට එදත් අදත් හෙටත් හැමදාම ගෞරව කරන මිනිස්සු ඉන්න ප්රදේශය. අපි හැමදාම හැමදේම කිව්වේ කරේ හදවතින් හරි දෙවියන්ව මතක් කරගෙන . දෙවියන්ව පිලි නොගන්න පුද්ගලයෙක් උනත් එයා කවදාවත් දෙවියන්ට බැන්නේ නෑ .
සිරීපාදේ වන්දනාව ආරම්භ වෙන්නේ හෙට යෙදෙන පොහොය දිනයෙන් . ඉතින් අද ගල්පොත්තාවල රජමහා විහාරයේ ඉඳලා සමන් දෙවියන්ගේ දේව රූපය වැඩම කරවන දවස . නැකතට දේව රූපය ගල්පොත්තාවල පන්සලෙන් එලියට වැඩම කරවලා සබරගමු මහ සමන් දේවාලයට වැඩම කරවන සිරිත රජකාලේ ඉඳලා දෙවියන් වෙනුවෙන් කරපු සිරිතක් . කොටින්ම කියනවනම් රත්නපුරේ අය බවුසර් වලින් කහ වතුර පාර දිගටම දාලා පාර කහවතුරෙන් හෝදලා තමයි දෙවියන් වැඩමවන්නේ .
දේව රූපය සමදේවාලේ පූජාසනය උඩ වඩා හිඳුවලා පිරිත් සජ්ජායනා කරලා හේවිසි නාදය මැද්දේ තමයි හැමදාම ආයෙත් සිරීපාද කන්දට වැඩම කරවන්නේ . සබරගමු මහ සමන් දේවාලය ඇතිවෙන්න මුල්ම හේතුව උනෙත් සිරීපාද කන්දේ තිබුන සමන් දේව ප්රතිමාවක් සමන් දේවාලෙට වැඩම කරවපු එක .
සියවස් ගණනාවක ඉඳලා කෙරෙන මේ පෙරහරට පුද පූජාවන් කරන්න සමන් දේවාලෙට යන පාරේ අයිනේ ඉන්න හැම කෙනෙක්ම කිරිබත් පලතුරු පඬුරු තියාගෙන බලාගෙන ඉන්නවා “ අපේ දෙවියන් වඳින්න “ කියලා . ඒත් අද දෙවි හාමුදුරුවන් මහ සමන් දේවාලෙට වැඩම කරේ නෑ . දවස් තුනකට කලින් තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ . හේතුව පෞද්ගලික කාරණාවක් කියලා මේ දැන් රජයේ ඉහල නිලධාරියෙක්ගෙන් දැනගන්න ලැබුනා .
මේ පාර සමන් දෙවියන් දේවාලෙට වැඩමවන්නේ නෑ කියන ඒ තීරණය ගත්තදාම දෙවාලේ ඉස්සරහා වාහනයක මනුස්සයෙක් හැපිලා මැරුණා . ඒක වෙලා පැයක් යන්න කලින් තව කෙනෙක් එතනම හැපිලා මැරුණා .
දේවාලේ මළුවේ ඉඳන් අපි අද බලන් හිටියේ දෙවි හාමුදුරුවන් වැඩමවන පෙරහැරේ දෙවියන් පිටිපස්සෙන් එක පියවරක් හරි ගිහින් අපේ ගෞරවය දක්වන්න . ඒත් අද මහ සමන් දේවාලෙට දෙවියෝ වැඩම කලේ නෑ . පෙරහැර මගින් හරවාගෙන ආයෙත් ගිහින් . මෙහෙම වෙනවා කියලා දැනුවත් කළේවත් නෑ .
උදේ ඉඳලා අද දවසම අහස කළු වෙලා . හිතටත් කිසිම සතුටක් නෑ වගේ . පරිපාලනය අපේ උරුමය නැති කළා . සියවස් ගණනාවක සිරිත අද බිඳලා දැම්මා . තේවාව නැති කරා .
ඔහෙට මේවට වන්දි ගෙවන්න වෙයි . පෞද්ගලික කාරනා සිරිතට අදාළ නෑ . මේවා මෙහෙම වෙන්නේ ඇයි කියලා හිතාගන්න බෑ . කොහොම හරි මේව දෙවියෝ බලන්න ඕන . අහිංසක මිනිස්සුන්ගේ හිත්වල තියෙන දුකට දෙවියෝ මේ අයට දඬුවම් කරන්න ඕන . ඒකයි මගේ ප්රාර්ථනාව !
(සබරගමුවේ උරුමය වටිනා ලෙස සලකන නිසයි දැම්මෙ.හිතට හරි මදි උන වැඩේට. මුණු පොතෙන් උපුටාගන්නා ලදී. )

Last edited: