සමන් දේවාලෙට කරපු වැඩේ.

terminator.101

Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    සමන් දේවාලෙට කරපු වැඩේ.

    රත්නපුරය කියන්නේ සමන් දෙවියන්ට එදත් අදත් හෙටත් හැමදාම ගෞරව කරන මිනිස්සු ඉන්න ප්‍රදේශය. අපි හැමදාම හැමදේම කිව්වේ කරේ හදවතින් හරි දෙවියන්ව මතක් කරගෙන . දෙවියන්ව පිලි නොගන්න පුද්ගලයෙක් උනත් එයා කවදාවත් දෙවියන්ට බැන්නේ නෑ .

    සිරීපාදේ වන්දනාව ආරම්භ වෙන්නේ හෙට යෙදෙන පොහොය දිනයෙන් . ඉතින් අද ගල්පොත්තාවල රජමහා විහාරයේ ඉඳලා සමන් දෙවියන්ගේ දේව රූපය වැඩම කරවන දවස . නැකතට දේව රූපය ගල්පොත්තාවල පන්සලෙන් එලියට වැඩම කරවලා සබරගමු මහ සමන් දේවාලයට වැඩම කරවන සිරිත රජකාලේ ඉඳලා දෙවියන් වෙනුවෙන් කරපු සිරිතක් . කොටින්ම කියනවනම් රත්නපුරේ අය බවුසර් වලින් කහ වතුර පාර දිගටම දාලා පාර කහවතුරෙන් හෝදලා තමයි දෙවියන් වැඩමවන්නේ .

    දේව රූපය සමදේවාලේ පූජාසනය උඩ වඩා හිඳුවලා පිරිත් සජ්ජායනා කරලා හේවිසි නාදය මැද්දේ තමයි හැමදාම ආයෙත් සිරීපාද කන්දට වැඩම කරවන්නේ . සබරගමු මහ සමන් දේවාලය ඇතිවෙන්න මුල්ම හේතුව උනෙත් සිරීපාද කන්දේ තිබුන සමන් දේව ප්‍රතිමාවක් සමන් දේවාලෙට වැඩම කරවපු එක .

    සියවස් ගණනාවක ඉඳලා කෙරෙන මේ පෙරහරට පුද පූජාවන් කරන්න සමන් දේවාලෙට යන පාරේ අයිනේ ඉන්න හැම කෙනෙක්ම කිරිබත් පලතුරු පඬුරු තියාගෙන බලාගෙන ඉන්නවා “ අපේ දෙවියන් වඳින්න “ කියලා . ඒත් අද දෙවි හාමුදුරුවන් මහ සමන් දේවාලෙට වැඩම කරේ නෑ . දවස් තුනකට කලින් තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ . හේතුව පෞද්ගලික කාරණාවක් කියලා මේ දැන් රජයේ ඉහල නිලධාරියෙක්ගෙන් දැනගන්න ලැබුනා .

    මේ පාර සමන් දෙවියන් දේවාලෙට වැඩමවන්නේ නෑ කියන ඒ තීරණය ගත්තදාම දෙවාලේ ඉස්සරහා වාහනයක මනුස්සයෙක් හැපිලා මැරුණා . ඒක වෙලා පැයක් යන්න කලින් තව කෙනෙක් එතනම හැපිලා මැරුණා .

    දේවාලේ මළුවේ ඉඳන් අපි අද බලන් හිටියේ දෙවි හාමුදුරුවන් වැඩමවන පෙරහැරේ දෙවියන් පිටිපස්සෙන් එක පියවරක් හරි ගිහින් අපේ ගෞරවය දක්වන්න . ඒත් අද මහ සමන් දේවාලෙට දෙවියෝ වැඩම කලේ නෑ . පෙරහැර මගින් හරවාගෙන ආයෙත් ගිහින් . මෙහෙම වෙනවා කියලා දැනුවත් කළේවත් නෑ .

    උදේ ඉඳලා අද දවසම අහස කළු වෙලා . හිතටත් කිසිම සතුටක් නෑ වගේ . පරිපාලනය අපේ උරුමය නැති කළා . සියවස් ගණනාවක සිරිත අද බිඳලා දැම්මා . තේවාව නැති කරා .

    ඔහෙට මේවට වන්දි ගෙවන්න වෙයි . පෞද්ගලික කාරනා සිරිතට අදාළ නෑ . මේවා මෙහෙම වෙන්නේ ඇයි කියලා හිතාගන්න බෑ . කොහොම හරි මේව දෙවියෝ බලන්න ඕන . අහිංසක මිනිස්සුන්ගේ හිත්වල තියෙන දුකට දෙවියෝ මේ අයට දඬුවම් කරන්න ඕන . ඒකයි මගේ ප්‍රාර්ථනාව !


    (සබරගමුවේ උරුමය වටිනා ලෙස සලකන නිසයි දැම්මෙ.හිතට හරි මදි උන වැඩේට. මුණු පොතෙන් උපුටාගන්නා ලදී. )
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    දෙවියෝ හැප්පුවා කියන්න අමාරුයි. දෙවි කෙනෙක් එහෙම කරන්නේ නැහැ. මොකද එයාලා බෞද්ධ දෙවිකෙනෙක්.. ඔක අහම්බෙන් උන දෙයක් වෙන්න පුළුවන්. ඔය පෞද්ගලික හේතුවක් කියලා මේක අතපසු කරපු එක ආසාදාරන නම් අනිවාරයෙන් ගෙවන්න වෙනවා. වස් වැදෙන්න පුළුවන්.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    machan ohe hena dewal thiyenwa ,ara ganwathura awe ara athwa marapu nisa kiyala loku rawayak giya .enisa hena awulk wenna puluwan ,dewiyan kawuru unath
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    ශත වර්ෂ ගානක් කරගෙන ආපු ඒවා එක පාරටම වෙනස් කරනකොට දුක හිතෙනවා. සම්ප්‍රදාය බිඳුනා. කොහොම උනත් අහිංසක මිනිස්සුන්ට මොනවත් වෙන්නෙ නැතුව වැරදි කරපු එවුන්ට කෙල වෙලා යන්න ඕන.:angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    2.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැම දෙයක්ම දේශපාලනනීකරනය වෙලා. සිරීපාද නායක හිමියනුත් සමන් දේවාලයෙ බස්නායකතුමත් දෙන්නම පත්වුනේ දේශපාලන බලය මතින්. ඔය හාමුදුරුවන් දිනවන්න කැලනිය පැත්තෙ ඇමති කෙනෙක් රත්නපුරේ ඇවිත් කරපුවා මතකයි නේද......
    අන්තිමේ මේ දෙන්නගෙ පුද්ගලික ප්‍රශ්නයක් නිසා අහින්සක මිනිස්සු සෑහෙන දෙනෙක්ගේ බලපොරොත්තු බිඳවැටුනා.සෑහෙන පිරිසක් පූජා වට්ටි තියාගෙන බලාගෙන හිටිය. තව අය කෑම බීම හදාගෙන බලාහිටිය පෙරහැරේ යන අයට සන්ග්‍රහ කරන්න......:(:(
    දේවාලෙ ඉස්සරහ වෙච්චි අනතුර නම් ඒ නිසා උනා කියල හිතන්න අමාරුයි, ඒත් මිනිස්සු බයේ ඉන්නෙ ලොකු ගOවතුරක්වත් එයිද කියල.අහස නිතරම කලුවෙලා තියෙන්නෙ. 2002 සිරිපාගම පැත්තෙ දල ඇතා මැරුවට පස්සෙ ආපු ගOවතුර නිසා වෙච්ච හානිය තවම අපිට හොඳට මතකයි.....:dull:
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    මෙහෙම ගියොත් අන්තිමට කියයි දෙවියන්ට මොකටද ආභරණ , මම මේ ටික විකුණලා ගෙයක් හදාගන්නවා කියල.
    සංස්කෘතිය විනාස කරන්න ඉපදිච්ච උන්.
    :angry: