සමන් ද සිල්වාට ඇමතියෙක් ගහලා

සමන් ද සිල්වාට ඇමතියෙක් ගහලා

සමන්ද සිල්වාට බන්ධනාගරයේදී ප්‍රහාරයක්


Published on Sunday, 01 December 2013 16:00

SamandeSilva_410px_13_12_01.jpg
වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ රාත‍්‍රියේ පැවති සංගීත සංදර්ශණයකදී ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපති, ජනප්‍රිය ගායන ශිල්පී සමන්ද සිල්වා මහතාට දකුණු පළාත් සභා ඇමැතිවරයකු පහරදී ඇත.​
සමන් ද සිල්වා ගීතයක් ගැයීමට සැරැසෙද්දී බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා එන බවට කළ දැනුම් දීම අනුව ඔහු ‘දකින්නත් ආසයි’ යනුවෙන් සමන් ද සිල්වා කියා ඇතැයි ද එහි සිටි ඇමැතිවරයා ඔහුට පහර දීමට තැත් කළැයි බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.​
සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු ද මෙම පහරකෑමට ලක්ව ඇතැයි ද පැමිණිල්ලේ සදහන්වේ.​
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ පහර දුන් පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඉදිරී පරීක්‍ෂණ කටයුතු ක‍්‍රියාත්මක බවයි.​
ගායක ගායිකාවන්ගේ සභාපති මදු මාධව අරවින්ද මහතා මේ සිද්ධිය තරයේ හෙළා දකී.​
 
  • Haha
Reactions: wqe123 and NaiRobi