සමන් ද සිල්වාට ඇමතියෙක් ගහලා
සමන්ද සිල්වාට බන්ධනාගරයේදී ප්‍රහාරයක්
Published on Sunday, 01 December 2013 16:00
වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ රාත්‍රියේ පැවති සංගීත සංදර්ශණයකදී ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපති, ජනප්‍රිය ගායන ශිල්පී සමන්ද සිල්වා මහතාට දකුණු පළාත් සභා ඇමැතිවරයකු පහරදී ඇත.
සමන්ද සිල්වාට බන්ධනාගරයේදී ප්‍රහාරයක්
Published on Sunday, 01 December 2013 16:00
සමන් ද සිල්වා ගීතයක් ගැයීමට සැරැසෙද්දී බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා එන බවට කළ දැනුම් දීම අනුව ඔහු ‘දකින්නත් ආසයි’ යනුවෙන් සමන් ද සිල්වා කියා ඇතැයි ද එහි සිටි ඇමැතිවරයා ඔහුට පහර දීමට තැත් කළැයි බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු ද මෙම පහරකෑමට ලක්ව ඇතැයි ද පැමිණිල්ලේ සදහන්වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ පහර දුන් පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඉදිරී පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බවයි.
ගායක ගායිකාවන්ගේ සභාපති මදු මාධව අරවින්ද මහතා මේ සිද්ධිය තරයේ හෙළා දකී.