සමපෝශ හදමුද?

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA

    ත්‍රිපෝශ සහ සමපෝශ කියන්නෙ පෝශණ ගුණයෙන් ඉහල කුඩා දරුවන්ට වගෙම වැඩිහිටි අයටත් සුදුසු ආහාරයක්. හැබැයි අග්ගලා හදලා හෝ සීරියල් එකක් විදියට එහෙමත් නැත්නම් කැඳ එකක් විදියට මිසක් මේ දේවල් වලින් වෙන හදන්න කෑමක් ගොඩක් අය දන්නෙ නෑ.

    ඒත් මේ ගුණදායී පිටි වර්ගයෙන් වෙනස් රසවත් කෑම ජාති කීපයක් හදාගන්න පුළුවන්.


    1. Samaposha Coconut Cookies




    SamaposhaRecipes-01.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය:

    1. සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 2
    2. සීනි කප් 2 1/2
    3. බටර් කප් 3/4
    4. බිත්තර 2
    5. වැනිලා ටිකක්
    6. පාන් පිටි කප් 2
    7. බේකින් සෝඩා තේ හැන්දක්
    8. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
    9. පොල් කප් 1
    10. ලුණු ස්වල්පයක්


    • බටර් මෘදු වනතෙක් එලියෙන් තබා එයට සීනි එක් කර ක්‍රීම් වන තෙක් බීට් කරගන්න. බිත්තර එකින් එක එක් කරමින් නැවත බීට් කරන්න.
    • පිටිවලට බේකින් පව්ඩර් සහ සෝඩා සමඟ ලුණු එක් කර වරක් හලාගන්න. එයට පොල් එකතු කර බිත්තර මිශ්‍රනයට දමා හොඳින් අනාගන්න.
    • හොඳින් බටර් ගා තෙල් කඩදාසියක් දාගත් තැටියක කුකීස් සාදා තබා සෙල්සියස් 180ට කලින් රත් කරගත් උඳුනක දමා විනාඩි 8-9ක් හෝ රන්වන් පාට වන තුරු බේක් කරගන්න.


    2. Samaposha Pancakes


    SamaposhaRecipes-02.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය:

    1. බිත්තර 2
    2. සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 1
    3. පාන් පිටි කප් 1/2
    4. බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2
    5. දියකරගත් බටර් මේස හැන්දක්
    6. ලුණු චුට්ටක්
    7. යෝගට් කප් 1/2
    8. සීනි මේස හැන්දක්


    • බටර්, බිත්තර, යෝගට් සහ සීනි හොඳින් බීට් කරගන්න.
    • පිටි, සමපෝශ, බේකින් පව්ඩර් සහ ලුණු එකට මිශ්‍ර කර එයට බිත්තර මිශ්‍රනය එක් කර හොඳින් කලවම් කර බැටරයක් සාදාගන්න.
    • නොන්ස්ටික් තැටියක මේ මිශ්‍රනය තරමක් මහතට සිටින සේ දමා උඩ බුබුළු නැගෙන විට අනෙක් පස දමා දෙපැත්ත පුළුස්සා ගන්න.
    • මේපල් සිරප් හෝ මී පැණි සමඟ උදෑසන ආහාරයකට වඩා සුදුසුයි.


    3. Samaposha Cake




    SamaposhaRecipes-04.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය:

    1. සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 1
    2. පාන් පිටි කප් 1/2
    3. බිත්තර 2
    4. බටර් කප් 1/2
    5. සීනි කප් 1
    6. වැනිලා
    7. කිරි කප් 3/4
    8. බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2
    9. බේකින් සෝඩා තේ හැඳි 1/2


    • පිටි වර්ග දෙක, බේකින් සෝඩා සහ පව්ඩර් සමඟ එකට තුන් වරක් හලාගන්න.
    • බටර් සහ සීනි එකට බීට් කර එයට බිත්තර එක් කර බීට් කරගන්න. කිරි සහ වැනිලා එක් කරන්න.
    • බිත්තර මිශ්‍රනයට පිටි ටිකෙන් ටික එක් කර හැන්දකින් පෙරලමින් මිශ්‍ර කරගන්න.
    • හොඳින් බටර් තවරා තෙල් කඩදාසියක් දමාගත් තැටියක දමා සෙල්සියස් 180ට පෙර රත් කරගත් අවන් එකක දමා විනාඩි 30ත් 40ත් අතර කාලයක් බේක් කරගන්න.




    4. Samaposha Spicy Snack



    SamaposhaRecipes-05.jpg





    අවශ්‍ය ද්‍රව්‍ය:
    සමපෝශ ගුලි සඳහා

    1. සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 1
    2. චොප් කරගත් ලූනු
    3. චොප් කරගත් අමු මිරිස්
    4. අබ ඇට ටිකක්
    5. ලුණු
    6. කහ ටිකක්
    7. පොල් කිරි ටිකක්
    8. කෑලි මිරිස් ටිකක්
    9. ගාගත් පොල් මේස හැඳි 3

    බැටර් එක සඳහා

    1. පාන් පිටි කප් 1/2
    2. කහ චුට්ටක්
    3. ලුණු
    4. වතුර


    • තෙල් ටිකක් ලිප තබා සමපෝශ සහ පොල් කිරි හැර අනෙක් සියල්ල එක් කර තෙම්පරාදු කරගන්න.
    • එයට සමපෝශ එක් කර මිශ්‍ර කර බෝල සාදාගත හැකි පදමට කිරි එක් කරගන්න.
    • බැටර් එකට අවශ්‍ය සියල්ල මිශ්‍ර කර බැටර් එකක් සාදා කලින් සාදා ගත් බෝල බැටර් එකේ දවටා ගැඹුරු තෙලේ බැදගන්න. හවස තේ වේලකට අපූරුයි.


    http://www.aniwa.lk