සමරකෝන් මහත්තයට party
ඔන්න අපේ සමරකෝන් මහත්තයට කාලෙකින් party එකක් සෙට් උනා වැඩ කරන තැන , ඉතින් යාලුවෝ එක්ක එකතු වෙලා කට්ටියම ගියා, යාලුවෝ කට්ටිය බොන්න සෙට් වෙද්දී නිකමට වගේ කට්ටිය නටන තැනට යන්න හිතුන, මිනිහත් පොර වගේ ගියා එතනට. ඔන්න එතැනදී මිනිහ දැක්ක ලස්සන කෑල්ලක් හිටගෙන ඉන්නවා බෑන්ඩ් එක දිහා බලන්, මිනිහ කුකුල් කම ඉස්මතු වෙලා ටික ටික ලං වෙලා එයාගෙන් ඇහුව අපි නටමුද? කියල
එතකොටම කෙල්ලත් හා කිව. දෙන්න කට්ටිය මැද්දට නටන්න ගියා විතරයි සංගීතේ ඉවර උනා, එතකොටම සංගීත කණ්ඩායමේ නායකයා කිව අපි මද විරමයකින් නැවත එමු කියල. පස්සේ සමරකෝන් මහත්තයත් කෙල්ලට ජුස් එකක් අරන් දීල කතා කර කර ඉද්දි අයෙත් ටිකකින් නටමුද කියල ඇහුව. කෙල්ලත් පැනපු ගමන් හා කිව. එතකොට සංගීතේ පටන් අරන් ටිකක් වෙලා. අයෙත් දෙන්න මැදට යද්දී සින්දු නැවතුන. මිනිහට මර අප්සෙට්
මේ විදියට නටන්න හදන හැම වෙලාවේම සංගීතේ නැවතුන, බැරිම තැන මිනිහ අර කෙල්ලගෙන් අහනවා, අයි අනේ අපි නටන්න හදන හැම වෙලේම සංගීතේ නවතින්නේ?
කෙල්ලත් ඉතින් හිනාවක් දාල කියපි.
පුදුම වෙන්න දෙයක් නෑ අනේ මන් බැඳලා ඉන්නේ සංගීත කණ්ඩායමේ නයකයනේ