සමරමු_සෝම_හිමියන්
සෝමහිමි මතකය යළි අවදිකිරීම!
ජීවිතයේ අවසානය කොතැනක කෙසේ සිදුවේදැයි කාහට කිව හැකිද? සසර මිදීම ගැන සිතා අප්‍රමාදීව කටයුතු කරන මෙන් සැම දෙනාගෙන් ඉල්ලා සිටිමි" යනුවෙන් සටහන් කර තිබුණේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් 2003 ඔක්තෝබර් 20 වැනිදා රුසියාවේ සිට එවන ලද අවසන් ලිපියේය. මෙම ලිපිය සමඟ උන්වහන්සේගේ අන්තිම කැමති පත්‍රයක් වූ අතර එය 2004 වර්ෂයේදී විදේශ අමාත්‍යාංශය හරහා මහරගම ධර්මායතනයට ලැබී තිබිණි. 2003 ඔක්තෝබර් 11 රුසියාව බලා ගිය සෝම හිමියන් දෙසැම්බර් 12 වැනිදා වැනිදා ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී හදිසියේ මරණයට පත්වීම මෙරට සිංහල බෞද්ධයන්ට ඇදහිය නොහැකි විපතක් විය. හරියටම මීට වසර දොළහකට පෙර ඊයේ වැනි දිනයකදී සෝම හිමියන් අප අතරින් වෙන්වූයේ උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධව විශාල සැකයක්ද රඳවා තබමිනි. ඒ සැකය තවම දුරුවී නොමැත. 2003 සැප්තැම්බර් 14 වැනිදා මහනුවර මහ මළුවේදී පැවැත්වූ බොදු සමුළුවක ප්‍රධාන දේශනය පවත්වමින් රහස් ලේඛනයක් ඉදිරිපත් කළ සෝම හිමියෝ ප්‍රකාශ කළේ තමන් ඝාතනය කරන්නට ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධානයක් මුදල් යොදවා ඇති බවයි. උන්වහන්සේ සහභාගි වූ අවසාන රැස්වීම එය විය.
වසර දොළහකට පසුවද මේ අතීතය සිහිකළ යුත්තේ බොහෝ දෙනකුට ඒ අභීත භික්ෂුව අමතක වී ඇති නිසාය. බුදු දහමේ අත්තිවාරම පරාර්ථ සේවයයි. දීපංකර පාද මූලයේදී සුමේධ තාපසයන් තමන්ට නිවන් සැප ලබා ගැනීමට හැකියාව තිබුණද ලෝකයා වෙනුවෙන් සේවය කිරීම අධිෂ්ඨාන කරගෙන මතු බුදුබව පැතූහ. සෑම බෞද්ධයකුටම තමාගේ නිවන් සැපය පවා අත්හැරීමට ශක්තිය තිබිය යුතු බව මහාචාර්ය වල්පොල රාහුල හිමියන් විසින් රචිත භික්ෂුවගේ උරුමය ග්‍රන්ථයේ සඳහන් වේ. බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන් වූ භික්ෂූන්ට එකතැන පදිංචිව නොසිට ගමින් ගමට ගොස් ලෝක වාසීන්ගේ යහපත වෙනුවෙන් ධර්ම චාරිකාවේ යෙදෙන ලෙස අවවාද කළේය.
1974 සැප්තැම්බර් මස 24 වැනිදා පැවිදි වූ ගංගොඩවිල සෝම හිමියන්ද ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූදා සිට කැපවූයේ පරාර්ථ සේවය සඳහාය. මහඔය වේරගල ආරණ්‍යයේ වැඩවිසූ කාලයේ සිට බුද්ධ වචනය නිවැරැදිව උපුටා දක්වමින් මග තොට දහම් දෙසමින් ජනයා යහමගට ගැනීමට උන්වහන්සේට හැකිවිය. රූපවාහිනිs ධර්ම දේශනා තුළින් රටේ සියලු බෞද්ධයන් ආමන්ත්‍රණය කිරීමට හැකිවූ නිසා සෝම හිමි නාමය දස දෙස පැතිරෙන්නට විය. එම නිසාම දිවයිනේ සෑම ප්රදේශයකින්ම උන්වහන්සේට ධර්ම දේශනාවලට ආරාධනා ලැබෙන්නට විය. සෙසු භික්ෂූන් වහන්සේ පැයක් ධර්ම දේශනා සිදු කරද්දීවත් විහාරස්ථානයට ගොස් බණ ඇසීමට උනන්දු නොවන තරුණයෝ සෝම හිමියන් පුරා පැය තුනක් තිස්සේ සිදුකළ ධර්ම දේශනාව සැදැහැ සිතින් අසා සිටියහ. මුස්ලිම් මූලධර්මවාදය ගැන මෙන්ම ක්‍රිස්තියානි මූලධර්මවාදය ගැනද උන්වහන්සේගේ නොබියව අදහස් දැක්වූ නිසාම ජාතික රූපවාහිනියේ පෝදා වැඩසටහනින් සෝම හිsමියන් ඉවත් කෙරිණි. පසුව උන්වහන්සේa ටී.එන්.එල්. රූපවාහිනියේ අඳුරෙන් එළියට වැඩසටහන හරහා සිය ධර්ම ප්රචාරක කටයුතු සිදුකළ අතර දීඝවාපිය මුස්ලිම් අන්තවාදයට නතුවීමට එරෙහිව එවක පොදු පෙරමුණු රජයේ ප්‍රබල ඇමැතිවරයකු වූ ඒ. එච්. එම්. අෂ්රොµa සමඟ ප්‍රසිද්ධ විවාදයකට ද එළඹි අයුරු අපට අමතක නැත. දීඝවාපී බෞද්ධ උරුමය වෙනුවෙන් කතා කිරීමට වෙනත් කිසිම සිංහල බෞද්ධ නායකයකු නොවූ නිසා ඒ අඩුව පුරවන්නට උන්වහන්සේ ඉදිරිපත් විය.
වර්තමාන සිsංහල බෞද්ධ ප්රබෝධයේ මූලිකයා වන උන්වහන්සේගේ මතකය මෙරට දැ හිතකාමී ජනතාවට ලෙහෙසියෙන් අමතක කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. 2001 දී පිහිටුවා ගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව 2004 අප්‍රේල් මැතිවරණයේදී පරාජය වීමට මූලික හේතුව වූයේ සෝම හිමි අභාවයයි. එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් සිංහල බෞද්ධයන් අතර පවා බුද්ධාගමට එරෙහිව මූලධර්මවාදී කුමන්ත්‍රණයක් සිදුවන බවත් ඒ සම්බන්ධව එජාප ආණ්ඩුව නිහඬව සිටින බව හොඳින්ම අවබෝධ වී තිබිණි. එම නිසාම 2004 අප්‍රේල් මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමයට ඡන්ද ලක්ෂ 05 ක් ලැබුණු අතර එයින් ලක්ෂ 3 ක්ම එක්සත් ජාතික පක්ෂයට හිතැති සිංහල බෞද්ධයන් ලබාදුන් ඡන්ද වේ. එදා ජීවිතයේ එක්වරක් පමණක් රට දැය වෙනුවෙන් පූජා කළ ඡන්ද ලබාගෙන බලයට පත්වූවෝ අද කොතැන සිටීද? ජාතික හෙළ උරුමය හරහා බෞද්ධයන්ට යම් සාධාරණයක් ඉටු වූවේද? අන්‍යාගමික පනත හෝ සම්මත කර ගැනීමට ඉඩ ලැබුණේ නැත. එසේ නම් බෞද්ධයන් වංචාවකට ලක්වූවේද? සෝම හිමියන් කිසි දිනක යහපාලනයක් ගැන නම් කතා නොකළ බව අප හොඳින් දනිමු. සෝම හිමියන් අපවත් වී වසර 11 ක් සපිරෙන විට ජාතික හෙළ උරුමයේ නායකයෝ බෞද්ධ රාජ්‍යය අමතක කර පිවිතුරු හෙටක් ගැන කතාකර ත්‍රස්තවාදයෙන් රට මුදාගත් නායකයාව ධුරයෙන් ඵලවා දමා "යහපාලකයකු" බලයට පත් කළහ. එදා පූජනීය අරමුණු වෙනුවෙන් හක් ගෙඩියට ඡන්දය ලබාදුන් සිංහල බෞද්ධයෝ මේ දෙස බලා සිටියේ උකටලීවය. අවසානයේ සෝම හිමි ප්‍රාර්ථනා කළ අභිලාෂයන් භික්ෂු දේශපාලන ආගමනයෙන් ඉටුකරගැනීමට නොහැකි වී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.
අද ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පක්ෂයේ කෝට්ටේ බල මණ්ඩලය බවට පත්ව ඇත. 2004 දේශපාලනය 2015 දී ක්‍රියාත්මක කළ නොහැකි බව අප පැහැදිලිsව දනිමි. එහෙත් එදා පටිසෝතගාමී වූ මේ දේශපාලන ව්‍යාපාරය අද අනුසෝතගාමී වී ඇත. මේවා දකින්නට සෝම හිමියන් ජීවත්ව නොසිටීම වඩාත් හොඳ බව පමණක් සටහන් කළ යුතුය.
සාමාන්‍ය දේශපාලන පක්ෂවලට අත්වන ඉරණමම භික්ෂු දේශපාලනයට උරුම විය. ඒ ගැන නැවත කතා කිරීමෙන් පළක් නැත. කෙසේ නමුත් වර්තමානයේ සෝම හිsමි මග ඉදිරියට ගෙන යන සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයක දැඩි අවශ්‍යතාවයක් පවතී. යහපාලන ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුව පෙනී යන්නේ ඔවුන් සිංහල බෞද්ධ ජාතිකත්වය නුරුස්සන බවයි. එනිසාම දේශපාලනය නොවූ සවිමත් ජාතික භික්ෂු බලවේගයක් සඳහා කාලය උදාවී ඇත. යහපාලනය නාමයෙන් රට අස්ථාවරත්වයට ගෙන යැමට එරෙහිව සෝම හිමියන් වැනි භික්ෂූන් වහන්සේ සිය ගණනින් අවශ්‍යය. සිංහල භික්ෂූන් වහන්සේ මුල් කාලයේ සිංහල ජාතියේත් සිංහල දේශයේත් බුද්ධ ශාසනයේත් දියුණුව පිණිස පුරෝගාමීව ක්‍රියා කරමින් භික්ෂු ජීවිතය ගත කළ බවත් රට වැසියාගේ දියුණුවට බාධාවන කරුණුවලට එරෙහිව ක්‍රියාකිරීමේ බලය භික්ෂූන්ට ඇති බවත් 1946 නිකුත් වූ විද්‍යාලංකාර පිරිවෙන් ප්‍රකාශයේ සඳහන් වේ. එනිසාම සෝම හිමි ඇතිකළ බෞද්ධ පුනරුදය යටපත් කිරීමට කිසිවකුට ඉඩ දිය යුතු නැත.
අනතිමානී ගුණයෙන් යුතු ගරු සෝම හිමියන් පිළිබඳ මේ සටහන අවසන් කිරීමට උන්වහන්සේගේම ප්‍රකාශයක් මෙලෙස උපුටා දක්වමි.
"ඔය ඇත්තෝ මට ගරු කරනවා නම් එය කළ හැක්කේ මම කියන දෙය අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කරනවා නම් පමණයි. එහෙම නැතිව මා පසුපස එමින් මුහුණ පෙන්වන එක නොවෙයි. මම දේශනා කරන්නේ අමුතු බණක් නොවෙයි. මීට ශත වර්ෂ 25 කට පෙර බිහිවූ ලොව ශ්‍රේෂ්ඨතම ආගමික නායකයාණන් වූ ගෞතම බුදුන් වහන්සේ දේශනා කරපු දහමයි. එය පොත්වල ලියා තිබෙනවා. මම වගේම තවත් භික්ෂූන් වහන්සේ ඒ දහම දේශනා කරනවා. එම නිසා මම දෙවියෙක්වත් භූත ආත්මයක්වත් කියලා හිතන්න එපා. මා ගැන එහෙම හිතනවා නම් එය ඔබ මට කරන ලොකුම අගෞරවයයි.
http://www.divaina.com/2015/12/13/feature12.html
චතුර පමුණුව

Last edited: