..
බැරිවෙලාවත් මචං ඕක ජීව විද්‍යාත්මක කේස් එකක් නොවුනා නම් උඹ මොකද කරන්නෙ ....
උඹේ කතාවෙ හැටියට නම් යටි අර්මුනණ විදියට ගම්‍ය වෙන්නෙ එහෙම උනොත් උඹගෙම අක්ක හෝ නංගිවත් උබෙන් පරිස්සන් නෑ කියන් එකයි .....
ඒ කියන්නෙ අක්කටයි මල්ලිටයි වත් පාරෙ බැහැල එකට යන්න බෑ....
අනික මේ ත්‍රෙඩයෙ හැටියට නීති ගත කලොත් එකට යාලුවො දෙන්නෙකුට කතා කර කර ඉන්නත් බෑ....උන්වත් හන්වඩු ගහයි....
හැබැයි දෙමාපියන් මිශ්‍ර ඉස්කෝල හොයාගනම යාවි තමන්ගේ ළමයිව දන්න....
හි හි... ඒකෙත් පොඩි හොදක් තියනව....ඒත් අපි ඉස්කොලෙ ගිහින් ඉවරයිනේ....
ආයිත් උඹේ ජීව විද්‍යාත්මක් සීන් එකට බැස්සම තාත්තටයි පුතාටයිත් පාරෙ බැහැල යන්න බැරි වෙයි....
උඹේ මරු නියාය.... මීට ආසන්නම දෙවල් මේ නීතිගත කිරීම නිසා උනු රටවල් තියනව.... නොදන්නවන හොයල බලපන්....
ඒව දැක්කම උඹේ ඔය තර්කෙ දැම්මෙ ඇයි කියලම උඹට හිතේවි( හොයාගන නවතින එකක් නෑ හොඳ කලුගලක් බලල මොලේ පිටල තියන තැන පොලේ ගහ ගනී.... )
දෙමවුපියන් හා දරුවන් අතරෙත්, සහෝදර සහෝදරියන් අතරෙත් සම්බන්ධතා ගැන මං කියල තියෙන්නෙ, ජීව විද්‍යාත්මක හේතු ඇරුණුකොට තවත් ඒව තියෙන බවයි. නමුත් වැදගත්ම දේ ජීව විද්‍යාත්මක හේතු කියලයි මට හිතෙන්නෙ. සමාජමය හේතු බොහෝවිට ගොඩ නැගිල තියෙන්නෙ ඒ මත නිසා.
සමලිංගික සබඳතාවලින් එම පුද්ගලයින්ට හෝ වෙනත් අයට හෝ මානව වර්ගයාට හෝ හානියක් වෙන බව හොයාගෙන නැති නිසයි මම කියන්නෙ එහි වරදක් නැති බව. නමුත් එවැනි හානිකර තත්ත්වයක් ඇති බවට සාක්ෂි ඇත්නම් මම බොහොම කැමැත්තෙන් මගේ මතය වෙනස් කර ගන්නවා. ඔයා කියනව වගේ ඇයි මේ තර්කෙ දැම්මෙ කියල හිතුණොත්, උත්තරේ තමයි මේ වන විට මා සතු දැනුම සහ අවබෝධය අනුව එහි වරදක් නොවීම.
මම කලිනුත් කියල තියෙනවා වගේ, යම් යම් සංස්කෘතික අංග කාලයත් සමග වෙනස් විය යුතුයි. ඇවැස්ස නෑයන් අතරෙ විවාහය, කුල භේදය මත රැකියා අවස්ථා නිර්ණය වීම, රෝහල්වලට ගොස් ප්‍රතිකාර ගැනීම, විවාහ ලියාපදිංචි කිරීම ඒ වගේ දේවල් කීපයක්.
අර සමහර රටවල වුණයි කියන ප්‍රශ්න මං දන්නෙ නෑ. මොනවද වෙලා තියෙන්නෙ?
.





මගෙ නම් පාර්ථ්නාව ඒ කලෙදි මිනිහෙක් වෙලා නොයිපදේවා කියන එක