සමලිංගික අලි (18+ නොවේ)

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    සමලිංගික අලි (18+ නොවේ)

    CENTER]

    සමලිංගිකත්වය යනු බොහෝ සංස්කෘතීන් විසින් පිටුදකින මාතෘකාවක්. ලංකාවේ නීතිය අනුව පවා පිරිමි සමලිංගිකත්වය බරපතල වරදක් සේ සලකනවා. (නමුත් කාන්තා සමලිංගිකත්වය ගැන දණ්ඩ නීති සංග්‍රහයේ සඳහනක් නෑ මං හිතන්නේ) කෙසේ නමුත් නූතන අර්ථදැක්වීම් අනුව සමලිංගිකත්වය වරදක් හෝ පාපයක් ලෙස ගැනෙන්නේ නෑ. එය සාමාන්‍ය ලිංගිකත්වයේම එක් දිශානතියක් බව දැන් පිළිගැනෙනවා. ඒ හේතුව නිසාම ඇතැම් රටවල් සමලිංගික විවාහයන් නීතිගත කර ඇති අවස්ථාද දක්නට ලැබෙනවා.

    ඒ තත්ත්වයන් එසේ තිබියදී අද මම කතා කරන්නේ සත්ත්වයන් අතර දක්නට ලැබෙන සමලිංගික චර්යාවන් ගැනයි. සත්ත්ව ලෝකයේ මෙය එතරම් දුලබ සංසිද්ධියකුත් නෙමෙයි. සත්ත්ව විශේෂ ගණනාවක් අතර මෙවන් චර්යා වාර්තා ගත වෙලා තියෙනවා. උදාහරණ ලෙස, කළු හංසයින්, පෙන්ගුයින් වැනි පක්ෂි විශේෂද, බොනොබෝ වඳුරන්, සිංහයන්, බැටළුවන් ආදී ක්ෂීරපායීන්ද දැක්විය හැකියි.

    ශ්‍රීලාංකීය අලි සම්බන්ධයෙනුත් මෙවන් කතා අපට පසුගිය දිනවල අසන්නට ලැබුණා. කෙසේ නමුත් මේ කයිකතන්දර සනාථ වෙන දසුනක් මීට ස්වල්ප කලකට පෙර යාල ජාතික වනෝද්‍යානයේදි මගේ තෙවැනි ඇසේ සටහන් වුණා. මම දැන් කියන්න යන්නේ ඒ කතන්දරේ........

    මේ හොඳින් වැඩුණු තරුණ අලි දෙන්නා මට මුණ ගැහුණේ යාල අංක 1 කොටසේ දිය කඩිත්තක් ඉදිරිපිට විවෘත තණ භූමියක් තුළදීයි. බැලූ බැල්මට ඉතා අපූරු පෙම් යුවළක් සේ දිස් වුණු මොවුන් දෙදෙනා එකිනෙකාගේ සිරුරු වල ඇතිල්ලෙමින් තණ බිම පුරා නිදැල්ලේ ඇවිද ගියා.


    CENTER]


    පාදයෙන් අනිමින් තණපත් ගලවා ගෙන ඒවායේ දූවිලි ගසා එකෙකු විසින් අනෙකාට කවන දර්ශනය අපි මවිතයෙන් බලා සිටියා. දෑසින් නුදුටුවා නම් එය විශ්වාස නොකරන තරම්.


    CENTER]


    සොඬ පටලා ගනිමින් සුරතල් වෙමින් බොහෝ වේලා ගත කළ මේ යුවළ ඉන්පසු සෙමින් වනය දෙසට ඇවිද ගියේ අප තුළ මිහිරි මතකයක් ශේෂ කරමින්


    මේ ගැන පසුව මා කළ සොයා බැලීම් වලදී දැන ගන්නට ලැබුණේ මෙවන් අපූරු අලි පෙම්වතුන් උඩවලව ජාතික වනෝද්‍යානයේ බහුලව මුණගැසෙන බවයි. ශ්‍රීලාංකීය පර්යේෂණ කණ්ඩායමක් මේ මොහොතේත් උඩවලව ජාතික වනෝද්‍යානයේ රැඳී සිටිමින් මේ පිළිබඳ පර්යේෂණවල නියැලෙනවා. මේ සංසිද්ධිය පිළිබඳව ඔවුන් තවමත් නිශ්චිත නිගමනයකට එළඹ නැති අතර මෙවන් හැසිරීම් වල වර්ධනයක් මෑත කාලයේ දක්නට ලැබෙන බව පැවසුවා. ඇතැම් වැඩිහිටි අලින් කුඩාවුන් කෙරේ තම ආධිපත්‍යය පැතිරවීමේ ක්‍රමයක් ලෙසද මෙවන් හැසිරීම් යොදා ගන්නා බව අසන්නට ලැබුණා. මෙ‍ම කණ්ඩායමේ පර්යේෂකයෙකු පැවසුවේ මොවුන් අතර මෙවන් ප්‍රේමාලිංගන විනා වෙනත් ආකාරයක ලිංගික හැසිරීමක් තමන් නිරීක්ෂණය නොකළ බවයි.

    සම්මත අසම්මත භාවයන් කෙසේ වෙතත් මේ චමත්කාරජනක 'අලි ප්‍රේමය' මා දුටු අපූර්වතම දර්ශනයක් බව නොකියාම බැහැ. පහත කෙටි වීඩියෝ දර්ශනය නරඹා ඒ බව පසක් කර ගන්න.

    http://sobaroo.blogspot.com/2012/04/homosexual-elephants-gay.html