සමලිංගික ගිත

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    යමුනා මාලනී පෙරේරා කිවිඳිය අතින් ලියැවුණ ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයි දැයි නොදන්නෙමි ගීතයෙන් කියැවෙන්නේ සමලිංගිකයන් අතර ආදරයක් ගැන කියලා දන්නේ කීයෙන් කී දෙනාද.

    කරුණාරත්න දිවුල්ගනේ ගායකයා ගයන ගුනදාස කපුගේ අතින් සංගීත්වත් වුණු මේ අපූර්ව ගීතය හැමදාමත් ගොඩක් ආසාවෙන් ඇහුවට මෙච්චර කාලයකට ඒ ගීතයේ පද අරුත් ගැඹුරින් සෙව්වෙ නෑ.

    යමුනා මාලනී මේ සඳහා යොදා තිබෙන ගේය පදයන්හී යටි පෙළ අරුත වචනයෙන් වචනය විමසන්නට වන විට මේ සමරිසි ප්‍රේමයක් ගැන කියැවෙන අති විශිෂ්ට ගනයේ සාහිත්‍යමය ප්‍රතිභාවක් පෑ ගීතයක් බව කියන්න මැලිකමක් නම් නෑ. එච්චරටම ඒ අදහස යටි පෙළෙන් පමණක් ඉසමතු කර වන්නට ඇය පෑ දක්ෂ තාවය ගැන පුදුමත් හිතෙනවා.

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැඳී කාරණේ මම
    තවම නොදන්නෙමි

    ගහක මල් පිපීම අරුමක් නොවේ... ඒත් ඒ මට අරුමයකි.. කෙනෙකු කෙරේ සිත බැඳීම අරුමයක් නොවේ.. ඒත් මේ සම්බන්ධය මට තවමත් අරුමයකි. ඒ ඇයි දැයි කීමට වචන උපදින්නේ නැත.

    කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ
    ඇතත් ලෝ දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණ මෙන්
    ලොවට නොපෙනන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනු බැරි තහනම්

    කතරේ වැලිකැටයක් පාසා හිරු සමඟ දැවෙමින් පැවැතීම සාමාන්‍ය දෙයකි. ඒ කවුරු දනී. කොටින්ම භූමියක් කාන්තාරයක් වන්නේ වනුයේ ද හිරුගේ රශ්මිය නිසාවෙනි.

    කාන්තාරයට වැසි වැටීම සම්මතය නොවේ. ඒත් ඒ කතරම, කලාතුරකින් අහම්ඹෙන් හෝ ඇද වැටෙනා වැස්සට ආස කරයි. ඒ තදින් වැළඳ ගන්නා බව ලොව නොදන්නා, නොදකින ඇත්තකි.



    එලෙසම ගැහැනුන් පිරිමින් අතර ආලය සදාතනික ලෝක සම්මතය වුවත් ලොවට හොරෙන් වන ගැහැනියක ගැහැනියක අතර හෝ පිරිමියෙකු පිරිමියකු අතර වන ආදරයත් කිසිදා තහනම් කරනු බැරි සොඳුරු ආදරයක්මය.

    සඳට සදහට සෙනේ පෑ මුත්
    උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳී එකද තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
    ඒ වගේ මනරම්
    පුදුම වෙයි නුඹ නම්

    සඳත් තරුත් අතර වන ප්‍රේමය සදාතනිකය. ඒත් මේ එක තරුවක් හෝ තරුපති වූ හිරුට පෙම් නොකරාවි යැයි කාටද කියන්න පුළුවන්. නෑ එහෙම වෙන්න පුළුවන්. මගේ ප්‍රේමයත් එවැනියි නුඹ කෙරේ වන්....නුඹවත් එයින් පුදුම කරවයි.

    විරුද්ධ ලිංගිකයක් අතර ආදර සම්බන්ධකම් පැවැත්වීම තහනම් වූවක් හෝ අසම්මත වූවක් හෝ නොවෙයි. ඒ අරුමයකදු නොවේ. ඒත් සමාන ලිංගිකයකු කෙරේ කෙනෙකුට ආදරයක් ඇතිවීම විය හැකි සේම සම්මත ආදරය මෙන්ම ඒ ද සොඳුරු ප්‍රබල ආදරයක් බවත් යමුනා මාලනිය මේ ගී පද අතරින් පවසයි.

    ගහක මල් පිපීම අරුමක් නොවේ...

    සමලිංගික ප්‍රේමය ගැන කියවෙන තවත් ගීතයක් ලෙස කපුගේ සහ දිවුල්ගනේ ගයන 'රුවට රුවක් ඇදෙනවා' ගීතය ගැනත් කතා කරන්න පුලුවන්. මේක ලිව්වේ මහින්ද දිසානායක.

    රුවක් ඇදෙනවා...කව්දෝ එනවා..
    මීවිත ඇදිරිය දෑස වසනවා...
    හද පොදි බැදි දුක දිය කර පා කර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා..

    සොදුරු යොවුන් විය මල් මග මුල හිද
    කිම තොල මී විත පොගවන්නේ...
    නුරා විරහ ගිනි නිවා දමන්නයි
    සුරාවකින් මා දෙතොල තෙමන්නේ

    නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
    හතර අතින් දලු ලා එනවා...
    අවන්හලේ මී විත තනි කරලා
    වරෙන් මලේ පියවර නගලා..

    පිරිමි දෙදෙනකු ගයන මේ ගීතය අවසානයේ ලිංගික ආරාධනාවක් තියෙන්නේ..



    ආදර මල් වල පාට කියන්නද

    ඒ වගෙ ලස්සන තව නෑ
    ඒ වගෙ ලස්සන තව නෑ

    මීදුම් පිණි පොද දෑස වසන් කළ
    සමනල් සිහිනය පිපුනා
    සමනල් සිහිනය පිපුනා

    දේදුණු රේඛා දෑසම තවරා
    තවමත් මල් සිත බලා සිටිනවා

    මීදුම තවරා සුළඟට
    ඈතක සගවා තුන් සිත
    දෑස හොරෙන් ඈත සොයනවා
    අඳුර මැදින් එන්න සඳලියේ

    දේදුණු සායම දෑසම බොද කර
    මාලති යායක හැලිලා
    මාලති යායක හැලිලා

    සීතල හිම කඳු යාය පියමැන
    දෙව්ලිය සිහිනෙක වැඩියා
    දෙව්ලිය සිහිනෙක වැඩියා

    කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ ගයන ආදර මල්වල පාට කියන්නද ගීතය සම්බන්දයෙනුත් ඇතැම් විචාරකයන් මේ සමලිංගික ප්‍රේමයක් හා විෂම ලිංගික ප්‍රේමයක් අතර ගැ‍ටුමක් කේන්ද්‍ර කරගෙන ලියුවක් බවට අදහස් පල කරනවා.

    මේද පිරිමින් දෙදෙනකු විසින් ගායනාකරන නමුත් මේ ගීතය සංකීර්ණ අරුත් දනවන්නක් බැවින් මේ කියැවෙන්නේ සමරිසි ප්‍රේමයක් දැයි නිසැකවම තබා උපකල්පනයක් හෝ දිය නොහැකියි.

    මේ ගීතයේ පද අතර ඇති 'දේදුණු' , සමලිංගිකත්වය සංඛේතවත් කරන දේදුණු වර්ණ ධජය හා පැටැලැවී තිබීමක් නිසා මේ සමරිසි ගීතයක් යැයි ඇතැම් අය නිසැක ලෙස අදහස් පල කළත් මේ තවදුරටත් විමසිය යුතු අපූර්ව ගීත නිර්මාණයක්...



    ලංකාවේ විශේෂයෙන්ම රූපරචනයන් සහිතව ඉදිරිපත් කරනු ලබන බොහෝ ගීත නිර්මාණයන් වල තිබෙන පොදු ඛේදවාචයක් ගැනත් යම් සටහක් තැබිය යුතුයි.

    මොකද අපි අහන දකින ගී නිර්මාණවල රචකයන් ඇත්තටම ඒ නිර්මාණය මඟින් පවසන්නට තැත් කළ දේට වඩා හත්පසින්ම වෙනත් කතාවක් එම ගී රූපරචනයන් මගින් ඉදිරිපත් කරනවා.

    මේ නිසා ගීත රචකයන් අදහස් කළ දෑ විකෘත වෙලා. මේ නිසා රූප රචනා සහිතව ගී රසවිඳීමත් අද කාලයේ රසිකයන් නොමඟ යැවීමක් බවට පත්වෙලා.
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
    හතර අතින් දලු ලා එනවා...
    අවන්හලේ මී විත තනි කරලා
    වරෙන් මලේ පියවර නගලා..


    සඳට සදහට සෙනේ පෑ මුත්
    උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳී එකද තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
    ඒ වගේ මනරම්
    පුදුම වෙයි නුඹ නම්


    :lol::lol::lol::lol:
    patta bn!
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හැමදාමත් යාලුවේ - මම ඉන්නෙමි පාලුවේ

    මගේ පාළු පැලට එන්න.... කවුරුත් නෑ යාලුවේ :rolleyes::rolleyes::lol:
     
    • Like
    Reactions: lkqwd123

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,438
    113
    Colombo
    :eek:
    6.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුල් එක නම් එහෙමයි..
    ඒත් මං දැක්කා එළකිරියෙ කවුරුහරි කියනවා යමුනා මාලනී පෙරේරා ටීවී වැඩසටහනක කිව්වලු ඒක එහෙම සිංදුවක් නෙමෙයි කියලා..
    අනිත් දෙක නම් කොහොමත් සමලිංගික ගීත නෙමෙයි..
    මං දැක්කා බ්ලොග් එකක දාලා තියෙනවා ඕක කාලෙකට කලින්..
    පොර ගූ නාගත්තා හිටු කියලා..
    එක එකාට හිතෙන විදිය තමා ඉතිං..
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලංකාවේ දැන් කොලුකාරයෝ වැඩිවෙලා බන්. මම දැක්කා එකෙක් දාලා තිබ්බා මේකේ ලිපියක්.. බටහිර තියෙන අශිෂ්ට සංස්කෘතිය මාධ්‍යය,ඉන්ටර්නෙට් එක හරහා ලංකාව වගේ රටවලට ඇවිත් තියෙන විදිය. ඒක සහතික ඇත්ත. දැන් ලංකාවේ මානසික ලෙඩ්ඩු පිරිලා. ෆෙම්ඩම් කියයි, ෆුට් ෆෙටිස් කියයි,ක්‍රොස් ඩෙසින් කියයි, බෝල් බස්ටින් කියයි, කොල්ලෝ /ආප්ප දාන සීන් කියයි, ව්‍යභිචාරය කියයි. එක එක උන් බ්ලොග් අටවගෙන, ෆ්බී එකේ ප්‍රෝෆයිල් හදාගෙන සිගිති ආතල් ගන්නවා. සමහර උන් අම්මා/සහෝදරී එක්ක සෙක්ස් කරන කථා නව කථා වගේ වැල සයිට් වල ලියනවා ලව් අනං මනං ඒකට දාලා. අනේ මන්දා. චීනය වගේ ඉන්ටර්නෙට් එක සෙන්ස්කරන්න ඕනේ නැත්නම් ඉන්ටර්නෙට් එක ගම්වලට වගේ පැතිරිලා ගියොත් ලංකාව ඉවරයි. ඉස්සර ගංජා ගහනවා කිව්වම කවුරුත් ගණන් ගන්නේ නෑ, නමුත් හොලිවුඩ් වල ගංජා ගහන සීන් පෙන්වන නිසා දැන් ගොඩක් උන් ගංජා ගහන එක පොෂ් දෙයක් කියලා හිතන්නේ. අහිංසක කෙල්ලෝ/කොල්ලන්වගේ ජිවිත නාස්ති කරනවා මේවලින්.

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවේ දැන් කොලුකාරයෝ වැඩිවෙලා බන්. මම දැක්කා එකෙක් දාලා තිබ්බා මේකේ ලිපියක්.. බටහිර තියෙන අශිෂ්ට සංස්කෘතිය මාධ්‍යය,ඉන්ටර්නෙට් එක හරහා ලංකාව වගේ රටවලට ඇවිත් තියෙන විදිය. ඒක සහතික ඇත්ත. දැන් ලංකාවේ මානසික ලෙඩ්ඩු පිරිලා. ෆෙම්ඩම් කියයි, ෆුට් ෆෙටිස් කියයි,ක්‍රොස් ඩෙසින් කියයි, බෝල් බස්ටින් කියයි, කොල්ලෝ /ආප්ප දාන සීන් කියයි, ව්‍යභිචාරය කියයි. එක එක උන් බ්ලොග් අටවගෙන, ෆ්බී එකේ ප්‍රෝෆයිල් හදාගෙන සිගිති ආතල් ගන්නවා. සමහර උන් අම්මා/සහෝදරී එක්ක සෙක්ස් කරන කථා නව කථා වගේ වැල සයිට් වල ලියනවා ලව් අනං මනං ඒකට දාලා. අනේ මන්දා. චීනය වගේ ඉන්ටර්නෙට් එක සෙන්ස්කරන්න ඕනේ නැත්නම් ඉන්ටර්නෙට් එක ගම්වලට වගේ පැතිරිලා ගියොත් ලංකාව ඉවරයි. ඉස්සර ගංජා ගහනවා කිව්වම කවුරුත් ගණන් ගන්නේ නෑ, නමුත් හොලිවුඩ් වල ගංජා ගහන සීන් පෙන්වන නිසා දැන් ගොඩක් උන් ගංජා ගහන එක පොෂ් දෙයක් කියලා හිතන්නේ. අහිංසක කෙල්ලෝ/කොල්ලන්වගේ ජිවිත නාස්ති කරනවා මේවලින්.

    ඔය හැමදේටම ප්‍රසිද්ධිය දෙන්නෙ බුකියෙ පේජ්කාරයො බං..
    මං දැක්කා පහුගිය දවසක ශෙයාර් කරල තියෙනවා ගංජා වල සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ සිගා නොගහ ගංජා ගහපං කියලා..
    ඉතිං කොල්ලො ඕවා ට්‍රයි කරනවනේ..
    දැන් බුකියෙ සීයට හැටකට වඩා ඉන්නෙ ඉස්කෝලෙ යන පොඩි උන්..
    උන්ගෙ මනසට ඔය වගේ විකාර දේවල් කාවැදුනම ඕවට ඇබ්බැහි වෙන්න බලනවා..
    වයසෙ වැරැද්ද..
    ඕවා ඉතිං දෙමාපියන්ගෙත් වැරදි තමා..
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය හැමදේටම ප්‍රසිද්ධිය දෙන්නෙ බුකියෙ පේජ්කාරයො බං..
    මං දැක්කා පහුගිය දවසක ශෙයාර් කරල තියෙනවා ගංජා වල සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ සිගා නොගහ ගංජා ගහපං කියලා..
    ඉතිං කොල්ලො ඕවා ට්‍රයි කරනවනේ..
    දැන් බුකියෙ සීයට හැටකට වඩා ඉන්නෙ ඉස්කෝලෙ යන පොඩි උන්..
    උන්ගෙ මනසට ඔය වගේ විකාර දේවල් කාවැදුනම ඕවට ඇබ්බැහි වෙන්න බලනවා..
    වයසෙ වැරැද්ද..
    ඕවා ඉතිං දෙමාපියන්ගෙත් වැරදි තමා..

    සිරාවට බන්. දෙමව්පියන් දැනගන්න ඕනේ පොඩි උන් ඉන්ටර්නෙට් එකට ගියාම පොඩ්ඩක් විපරම් කරලා බලන්න, නැත්නම් වලේ වැටුනොත් ආයි ගොඩ එන්න ලේසි නෑ. දැන් ඉස්සර වගේ නෙවෙයි සමාජය පිරිහිලා තියෙන්නේ, ඉස්සර පිරිහිනුත් මිනිස්සු හරි වැරැද්ද දැනගෙන හිටියා නමුත් දැන් බටහිර නව ලිබරල් වාදය මාධ්‍යය/හොලිවූඩ් හරහා ලංකාව වගේ රටවලට ඇවිත් තියෙන නිසා, දැන් වැරදි කියලා දෙයක් නෑ. හැමදේම හරි, ඒවලට සාධාරණ හේතුවකුත් තියෙනවා. ඇමරිකාව වගේ රටවල උනත් ප්‍රශ්ණ නැතුව ,පවුල් කඩාකප්පල් වෙන්නේ නැතුව මිනිස්සු ඉන්නේ ආගමට දහමට බර පවුල් වලයි. ලිබරල් උන්ගේ පවුල් අනාථයි, උන්ගේ දෙමව්පියන් දාලා ගිහින්, අම්මා බඩුවක්, තාත්තා අම්මව දාලා ගිහින්, කෙල්ල වටේ ගිහින් රේප් වෙලා, ගංජා වලට ඇබ්බහි වෙලා, විෂාදය වගේ මානසික ලෙඩ. නව ලිබරල් වාදයක් අටවගෙන දැන් ලංකාවේත් මූව්මන්ට් එකක් යන්නේ අළුත් පරපුර කියලා. උනුත් හදන්නේ ලංකාව අන්න එතනට ඇදලා දාන්නයි. අවාසනාවට ගොඩක් උන්ට මේක තේරෙන්නේ නෑ.
     
    May 10, 2012
    466
    122
    0
    255
    මුල් එක නම් එහෙමයි..
    ඒත් මං දැක්කා එළකිරියෙ කවුරුහරි කියනවා යමුනා මාලනී පෙරේරා ටීවී වැඩසටහනක කිව්වලු ඒක එහෙම සිංදුවක් නෙමෙයි කියලා..
    අනිත් දෙක නම් කොහොමත් සමලිංගික ගීත නෙමෙයි..
    මං දැක්කා බ්ලොග් එකක දාලා තියෙනවා ඕක කාලෙකට කලින්..
    පොර ගූ නාගත්තා හිටු කියලා..
    එක එකාට හිතෙන විදිය තමා ඉතිං..
    මේක නම් එහෙම සීන් එකක් ගැන ලියුන එකක් නෙවෙයි. මේ පොස්ට් එක ලියපු කෙනා මහාචාර්ය සුචරිත ගම්ලත් ගීමිනිආර ලියපු ස්ටයිල් එකට විචාරයක් ලීවට යමුන මාලිනි රචිකාවියත් ගොඩක් තේරුම් සහ රසාස්වාදය ඇති ගීතලීවට ඇත්තටම මේක රසවිඳින්න පුළුවන් ගීතයක් සමලිංගික පොන්නයන්ට මේක සමලිංගික ගීතයක් ලෙස අවුරුදු 17 කට 18 කට පසුව නැවත ප්‍රමෝට් කිරීමට ඉඩ දෙනවද . ඇගේ ගජමන් නෝනා ගීතය ගැන ගම්ලත් මහතාගේ විචාරය තුල එහි කාව්‍ය රසය සහ ශබ්ද රසය ගැන කියා දෙනු ඇත( ගම්ලත් ගැන කියන්නේ මේක ලියල තියෙන ස්ටයිල් එක එතුමාගේ ආරට පොඩි ටච් එකක් තියෙන නිසා ). මේක අසම්මත ප්‍රේමයක් ගැන කියවෙන ගීතයක්. නමුත් සමලිනගීකයන්ටවත්වත් පොන්නයන්ටවත් කොලුකාරයින්ටවත් ලෙස්බියන්ලටවත් නෙවෙයි
    ඔව් එක එකාට හිතෙන විදිය කියමුකෝ. මටනම් හිතෙන විදියට පොන්නයෝ නපුංසකයෝ කොලුකාරයෝ සමලින්ගිකයෝ gay bio කියන්නේ විකෘතියක්. අනුකම්පා කරනවා එහෙම අයට ඒත් එහෙම උන්ට support කරන්නේනම් නෑ. මම නම් ඔය සබ්ජෙක්ට් වලට විරුද්දය.