සමවැදීම,

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    සමවැදීම,
    මොකක්ද සමවදිනව කියන්නෙ?
    හිතන්න කෙනෙක් ඔබට ඔබ අකමැති දෙයක් කියනව. ඔබ හිනාවෙලා ඔබේ කටයුත්ත කරගෙන යනව. ඒත් ඒ අතර ඔබ කල්පනා කරනව "මොනවද අර මිනිහ කිව්වෙ.. මම අකමැති දෙයක් නේද කිව්වෙ.. එයා මාත් එක්ක තරහක් තියෙනව.. මම මේකට return එක දෙන්න ඕනෙ.." ඔය විදිහට. එතනින් නවතින්නෙ නෑ. ඒ සිදුවීම මැවිල පේනව. පැය ගානක් ඔය විදිහට කල්පනා කරනව. තමන් කරන වැඩය ගැනවත් ඉන්න තැන ගැනවත් සිහියක් නෑ.. අපි කියන්නෙ ඕකට "මනෝ පාර ගහනව" කියල..
    මොකක්ද ඒ උනේ. ඒ තමා අකුසලයට සමවැදීම. තව විදිහකට කිව්වොත් අකුසල භාවනාව. රාගය ද්වේශය වගේ අකුසල සිතුවිලි වලින් අපේ හිත කිලිටි වෙනව. හිතේ නිදහස නැති වෙනව. ආයෙත් ගොඩ එන්න අමාරු තරමටම.
    එහෙනම් අපිට භාවනා කරන්න පුලුවන්... ඇයි අපිට බැරි ඒ හැකියාව කුසල භාවනාවක් සදහා යොදාගන්න. මේක එක ආගමකට සම්බන්ධ දෙයක් නෙවෙයි. තමන්ගෙ හිත සතුටින් තියෙන ඒක ඕනෙම කෙනෙක්ට වැදගත් කියල මම හිතනව. දරාගන්න බැරි ප්‍රශ්නයක් ආවත් මුකුත් උනේ නෑ වගේ හිනාවෙලා ඉන්න පුලුවන්නම් කොච්චර හොදයිද..


    thinking.jpg


    (පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමියන්ගේ "අකුසල සමාප්ති" ග්‍රන්ථයේ අඩංගු කරුනු ඇසුරෙන්)
     
    • Like
    Reactions: Wild-EYE