වෛද්‍යවරයෙකු පාසැල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තබයි - සිසුවා රෝහලේ
ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි සිසුවෙකුට වෛද්‍යවරයෙකු විසින් වායු රයිෆලයකින් වෙඩි තැබීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා රෝහල් ගත කොට තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම සිදුවීම ඊයේ සවස සිදුවී ඇති බවයි.
පාසලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි මේ සිසුවා පන්දුව අසල වත්තකට යාම නිසා එය නැවත ලබා ගැනීමට යාමේදී මෙම සිදුවීමට මුහුණපා ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස පාසැල් සිසුවාට වෙඩි තබා ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු වන අතර ඔහුව මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තුවාල ලැබූ පාසැල් සිසුවා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර වෛද්‍යවරයා අද දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.
source: නෙත් news
2020-11-23