සමහරවිට අයියා තාම ජීවතුන් අතර ඉන්නවත් ඇති
source mawbima
විජය කුමාරණතුංගට වෙඩි තබා ඝාතනය කළ බව කියන ලයනල් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් කටඋත්තරය 'මව්බිමේ' පළවන්නට පටන් ගෙන අදට සති හතරකි. මෙම කටඋත්තරය පළවෙන අතරතුරදී එක් විශේෂ පුද්ගලයකු පිළිබඳ තොරතුරක් අපට ලැබිණි. ඒ ලයනල්ගේ මල්ලී සුනිල් රණසිංහ පිළිබඳවය. හොරණ නගරයෙන් සෑහෙන දුරකින් පිහිටි සොඳුරු ග්‍රාමයක ඔහුගේ නිවෙස පිහිටා තිබේ. ඔබ මේ කියවන්නේ එහි සිට සුනිල් මල්ලී - ලයනල් අයියා ගැන අවදි කළ මතකයය.
මුලින්ම මම කැමැතියි ඔබ කවුද කියලා දැනගන්න?
මම සුනිල් රණසිංහ. ලයනල් රණසිංහගෙ මල්ලි.
කොහොමද ඔබලාගේ ළමා කාලය?
අයියයි මමයි පුංචි කාලෙම අපේ තාත්තා නැති වුණා. ඊට පස්සේ අපේ අම්මගෙ දෙවැනි විවාහයෙන් අපේ පවුලට නංගිලා තුන් දෙනෙක් එකතු වුණා. අයියයි මමයි නංගිල තුන් දෙනයි තමා අපේ පවුල.
කොහෙද ඔබලා ඉස්කෝලෙ ගියේ?
මෙහෙමයි, අපේ අම්මගේ මහ ගෙදර තිබුණේ රත්නපුරේ කුරුවිට. අයියයි මමයි පුංචි කාලෙ හැදුණේ ආච්චි අම්මා ගාව. අම්මා දෙවැනි වර විවාහ වෙලා හොරණ මුණගමට ආවා. අයියයි මමයි කුරුවිට අපේ ආච්චි අම්මා ගාව හැදුණා.
ආච්චි අම්මාගේ ගෙදර තිබුණේ කුරුවිට ටවුන් එකට කලින් හම්බවෙන කන්ද උඩ තියෙන කුරුවිට මහා විද්‍යාලයට පයින් යන දුරින්. අයියයි මමයි ඒ ඉස්කෝලෙට ගියා. අයියා ඉස්කෝලෙදි හොඳින් ඉගෙන ගත්තා.
එතකොට අයියා හොරණ විද්‍යාරතන විද්‍යාලයට ආවෙ කොහොමද?
කුරුවිට විද්‍යාලයේදි අයියා සාමාන්‍ය පෙළ හොඳින් පාස් වුණා. සම්මාන සාමාර්ථ හයක් එක්ක අයියා පාස් වුණේ. ඊට පස්සේ අම්මා තීරණය කළා අයියවයි මාවයි හොරණට ගන්න. අයියයි මමයි හොරණට ගියේ ඒ විදියට. විද්‍යාරතන විද්‍යාලයට ඇතුළත් වෙලා අයියා වාණිජ අංශයෙන් උසස් පෙළ කළා.
කොහොමද අයියගේ උසස් පෙළ ප්‍රතිඵල?
අයියා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වුණේ උසස් පෙළ කරන්න පටන් ගත්තට පස්සේ. එතැනින් එයාගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා. ව්‍යාපාරයේ අරමුණුවලට තමයි අයියා හිත යෙදෙව්වේ.
අයියා පුංචි කාලේ කොහොම කෙනෙක්ද? ඔබට මොනවගේ මතකයක්ද ඒ ගැන තියෙන්නේ?
එයා පුංචි කාලෙ හරිම අහිංසක කෙනෙක්. හැබැයි ඒ වගේම නිර්භීතයි. අයියා පුංචි කාලෙ ඉඳලම බය නැහැ. අසාධාරණය පෙන්නන්නත් බැහැ. අයියා පහේ පන්තියේ ඉන්න කොට මම හතරවැනි පන්තියේ. ඒ දවස්වල අපේ ඉස්කෝලෙ හිටියා ටිකක් දරුණු ළමයෙක්. දවසක් මමයි අයියයි ඉස්කෝලෙ ඇරිලා පාර දිගේ ගෙදර එනකොට ඔය ළමයා බලෙන්ම මට මොනවද කවන්න හැදුවා. අයියට ඒ වෙලාවේ හොඳටම තරහ ගියා. ඒ තරහට අයියා කළේ ඉස්කෝලෙ අත්වැඩ කරන්න ගෙනියන පිහියක් බෑග් එකේ තිබිලා ඇදලා අරගෙන අර ළමයට ඇනපු එක.
ඉතින් ඒ ළමයට මොකද වුණේ?
පොඩ්ඩක් තුවාල වුණා විතරයි. වෙන කරදරයක් නම් වුණේ නැහැ.
අයියගෙ පුංචි කාලෙ ගැන විශේෂයෙන් මතකයේ රැඳිලා තියෙන දෙයක් නැද්ද?
එයා සත්තුන්ට හරිම ආදරෙයි. ඒ වගේම සත්තු හදන්නත් කැමැතියි. ඉස්කෝලෙ ඇරුණට පස්සේ ඉස්කෝලෙ ගාව ඉඳන් ගෙවල් ගාවට එනකම්ම ගස් උඩින් අයියා පස්සේ එන්න පුරුදු වෙච්ච සත්තු ටිකක් හිටියා. අයියා එක විසිල් පාරයි ගහන්න ඕන සත්තු ඔක්කොම ගස් උඩින් පැන පැන එයා පස්සේ එන්න ගන්නවා. අනෙක අයියා බත් කන්නෙ තනියම නෙවෙයි. එයා බත් කනකොට වැළමිට ගාව එක ලේනෙක්. පිඟාන දෙපැත්තේ ලේන්නු දෙන්නෙක්. ඒ ලේන්නු දෙන්නා බත් කන්නෙත් අයියගෙ පිඟානෙන්මයි. දවසක් ඔය ලේනෙක්ව ගැර¾ඩියෙක් ගිල්ලා. ඒකෙ දුකට අයියා දවසක්ම ඇඬුවා.
ඉස්කෝලෙ කාලෙන් පස්සේ මොකක්ද වුණේ?
සෑහෙන ආර්ථික දුෂ්කරතා මැද්දෙ තමයි අපි ජීවත් වුණේ. අයියයි, මමයි හොරණ ටවුන් එකේ බාර් එක ළඟ රටකජු විකුණන්න පටන් ගත්තා. ඔබලාගේ පුවත්පතේ පළවන අයියගෙ කට උත්තරයේ අයියා රටකජු විකුණපු හැටි කියනවා. ඒවා ඇත්ත කතා.
අම්මා රස්සාවක් කළේ නැද්ද?
අම්මත් කළේ රටකජු විකුණන එක තමයි. ඊට අමතරව කේටරින් වැඩත් කළා.
අයියා ඉස්සෙල්ලාම ගෙදරින් ගිය දවස ඔබට මතකද?
හොරණට ආවට පස්සේ මං ඉගෙන ගන්න එක නැවැත්තුවා. අයියටයි, නංගිලටයි උගන්වන්න මං කුලී වැඩ කරන්න ගියා. එතකොටත් අයියා ඉස්කෝලෙ යනවා. මම පොළේ ඉන්න දවසක ආරංචි වුණා අයියා ඇතුළු පිරිසක් පොලිස් නිලධාරියකුට ගහලා කියලා. ඒ පොලිස් නිලධාරියා අයියලාට ගහන්න එනකොට තමයි අයියා ඇතුළු පිරිස ඔහුට ගහලා තියෙන්නෙ. ඒ පහරදීමෙන් පොලිස් නිලධාරියා දවස් තුනක් සිහි නැතිව හිටියා. ඒ පාර තමයි අයියා ගෙදරින් යන්නම ගියේ. ඊට පස්සේ ඉඳලා හිටලා ඇවිත් ගියා මිසක් දිගටම අයියා අපිත් එක්ක හිටියේ නැහැ.
ඔය කාලෙ අයියා විශේෂ සටන් ක්‍රම එහෙම ඉගෙන ගත්තද?
ඔව්. කුංෆු - කරාතේ වගේ සටන් ක්‍රම ඉගෙන ගත්තා.
කාගෙන්ද අයියා ඕව ඉගෙන ගත්තේ?
කුංෆු ඉගෙන ගත්තේ සීවලි කියලා මාස්ටර් කෙනෙක්ගෙන්. කරාතේ ඉගෙන ගත්තෙ නන්ද සිරිවර්ධන කියලා සර් කෙනෙක්ගෙන්.
අයියා ගෙදරින් ගියාට පස්සේ අම්මට කොහොමද ඒක බලපෑවේ?
සෑහෙන දුකින් තමයි අම්මා හිටියේ. එහෙම ගියාට පස්සේ අයියා ගෙදර ආවෙ කලාතුරකින්. දවසක් සිංහල අලුත් අවුරුද්ද කිට්ටු වෙලා අයියා ගෙදර ආවා. එතකොට අවුරුද්ද කට ළඟටම ඇවිත්. ගෙදර කිසි දෙයක් කරලත් නැහැ. අම්මා අයියට හොඳටම බැන්නා 'බලපන් මේ අවුරුද්දත් ළඟටම ඇවිත් කිසි දෙයක් කරලා නෑ. උඹ ඇවිද ඇවිද ඉන්නවා' කියලා. ඒක අහලා අයියා කල්පනා කර කර ඉඳලා එකපාරටම කණ්ණාඩිය පොළොවේ ගැහුවා. "එක දවසක් විතරක් අපි අවුරුදු කාලා හරියන්නෙ නෑ මේ රටේ හැමෝම දුක් විඳිනවා, අපි විතරක් නෙවෙයි හැමෝම අවුරුදු කන්න ඕන" කියලා අයියා කෑගැහුවා.
අයියා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වුණාට පස්සේ ඒ ගැන ඔබට කිව්වේ නැද්ද?
නැහැ. කවදාවත් කිව්වෙ නෑ. එයා ගෙදර හිටිය කාලෙ යාළුවො නම් ආවා ගියා. ඒත් අපි ඒ ගැන හෙව්වේ නෑ. යාළුවෝ යන එන එක සාමාන්‍ය දෙයක්නේ. පස්සේ අපි දැන ගත්තා එහෙම ඇවිත් තියෙන්නේ ජේ.වී.පී. සාමාජිකයො කියලා.
අයියා කිව්වෙත් නැත්නම් ඔබලා කොහොමද අයියා ජ.වි.පෙ. සාමාජිකයෙක් කියලා මුලින්ම දැනගත්තේ?
ඔය කාලේ තිබුණා කළුතර විරු සමරුවක්. ඒ විරු සමරුවේ පෙළපාළියෙදි ගත්ත පින්තූරයක් අයියා මට පෙන්නලා කිව්වා හොඳට බලන්න කියලා. ඒ පින්තූරේ අයියත් හිටියා. ඒකෙන් තමයි දැනගත්තේ අයියා ජේ.වී.පී. එකේ පූර්ණකාලීනයෙක් වෙලා කියලා.
අයියගෙන් ඔබ ඒ ගැන ඇහුවේ නැද්ද?
ඇත්තටම ඒ වෙලාවෙ ඒකෙ ලොකු බරපතළක් තේරුණේ නැහැ. ඒ වෙලාවෙ අපි ඒක දැක්කෙ රටට සුබවාදී දෙයක් හැටියට.
ජ.වි.පෙ. මර්දනය කරන්න ආණ්ඩුව තීරණය කළහම ඔබලගේ ගෙදරට ඒක දැනුණෙ කොහොමද?
අයියා ඇතුළු පස් දෙනෙක් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට අරන් ආපු වෙලාවක ඒගොල්ලෝ බොල්ගොඩ පාලම උඩදි ජේලර්ලට ගහලා පැන්නා. ඊට පස්සේ තමයි පළමුවැනි වතාවට පොලිසියෙන් අපේ ගෙදරට ආවේ. පොලිසිය අපේ මුළු ගේම පරීක්ෂා කළා. අයියට ජේ.වී.පී. එකෙන් දීපු පොත් වගයක් ඔවුන්ට අහුවුණා. අයියට හම්බවෙච්ච බැජ් වගයකුත් ඒ අය හොයා ගත්තා. ඒ සේරම අරගෙන ගියා. ඊට පස්සේ අයියා ගෙදර එන එක සෑහෙන නැවතුණා.
ඊට පස්සේ අයියා ගෙදර ආවෙම නැද්ද?
අයියට කොහේ හිටියත් අම්මා නොදැක ඉන්න බෑ. ඒ නිසා කලාතුරකින් හිටපු ගමන් එනවා. කොහෙන් එනවද කියලා අපි දන්නෙත් නැහැ. විනාඩි දෙක තුනක් ඉඳලා යනවා. කොහෙන් යනවද කියල දන්නෙත් නෑ.
එහෙම ආපු වෙලාවට අම්මා අයියට මොනවද කිව්වේ?
ඒ වෙනකොට අම්මට කියන්න දෙයක් ඉතුරුවෙලා තිබුණෙ නැහැ.
අයියව හොයන් ආපු වෙලාවක ඔබවත් අරන් ගියා නේද?
ඔව්. මාව අරන් ගිහින් දැම්මෙ මිරිහාන වධ කඳවුරට. මාව දාලා හිටිය කෑල්ලෙ තව හාමුදුරුවරු දෙනමකුත් දාල හිටියා. ඔය දවස්වල තමයි මැගසින් බන්ධනාගාරයට ගැහුවේ. මැගසින් එකට ගහනව ආරංචි වුණහම මිරිහානෙ හිටිය පොලිස් නිලධාරීන් කිව්වා ලයනල් රණසිංහත් මැගසින් එකට ගහන්න ඇවිත් ඉන්නේ, එහෙම ගහලා උඹලව බේරගන්න මෙහාටත් එයි කියලා. එහෙම කියලා ඔවුන් එක නිලධාරියෙක්ට තුවක්කුවත් දීලා අපි ඉන්න ළඟින්ම තියලා මෙහෙම කිව්වා. "ලයනල්ලා මෙතැනට ඇවිත් පළමුවැනි වෙඩිල්ල තියනකොටම උඹ ඉස්සෙල්ලාම කරන්න ඕන මේ සේරටම වෙඩි තියලා මරන එක" ඒක ඇහුවට පස්සේ ඇත්තටම අපි බය වුණා.
අයියා එදා ඔබව බේරගන්න ආවෙ නැද්ද?
නැහැ. හැබැයි මම මිරිහාන කඳවුරේ ඉන්න කාලෙ මටම කියලා ටයරුත් වෙන් කරලා තිබුණේ. ඒ ටයර් පෙන්නලා මට කිව්වා උඹ පිච්චෙන්නේ මේවා උඩ කියලා. සමහර දවස්වල රෑට අපිත් එක්ක ඉන්න අය එයාලට අයිති ටයර් එක්ක අරගෙන යනවා. එහෙම ගෙනිච්ච අයව ඊට පස්සේ කවදාවත් දැක්කෙ නැහැ.
කොහොමද ඔබ අත්අඩංගුවෙන් නිදහස් වුණේ?
මිරිහානෙ ඉඳලා අපිව මාරු කළා පැලවත්තෙ කඳවුරට. පැලවත්ත කඳවුරට එනකොට මටත් ඇතුළේ ඉඳලා එපාවෙලා හිටියේ.
ඔය වෙනකොට ඔබව අරන් කොච්චර කල්ද?
අවුරුදු එකහමාරක් විතර.
ඊට පස්සෙ මොකද වුණේ?
පැලවත්තේ ඉන්නකොට අපට ඒ කඳවුරෙන් පනින්න ඕනෙ වුණා. ඒකට අවශ්‍ය පසුබිම ජ.වි.පෙ.න් හැදුවා. ඒ, බී, සී කියලා වාට්ටු තුනකට වෙන් කරලා තමයි අපව දාලා හිටියේ. මම හිටියේ සී වාට්ටුවේ. කඳවුරේ හිටිය සිරකරුවෝ ප්‍රදර්ශනයක් පැවැත්වුවා. කඳවුර භාරව හිටපු නිලධාරීනුත් ඒකට ගොඩක් පැහැදුණා. ප්‍රදර්ශනය පවත්වන ගමන් උමඟක් කපන්න ගත්තා. ඒ උමඟ හරහා පළමු කණ්ඩායම පැන්නා. දෙවැනි කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට තමයි මමත් උමඟෙන් පැන්නේ.
ඒක කොච්චර දිග උමඟක්ද?
මීටර් 500ක් විතර දිග ඇති. මරණය අතේ තියාගෙන තමයි උමඟෙන් පැනලා ආවේ. මොකද උමඟේ මඟ දුරක් යද්දි හුස්ම ගන්න අමාරු වෙනවා. සමහර තැන්වල වතුරත් අහුවුණා. හුස්ම ගන්න අමාරු වෙන හින්දා කොන්ක්‍රීට් බට කඩලා මයිනහම් ක්‍රමයට වාතය ගන්න ක්‍රමයකුත් හදලා තිබුණේ.
බය හිතුණේ නැද්ද උමඟෙන් පනින්න?
ඇතුළෙ හිටියත් මොනව හරි හේතුවක් දාලා මරන තත්ත්වයක් ඒ වෙනකොට තිබුණේ. හර්ෂ අබේවර්ධනව මරපු කෙනා එහෙම ඒ වෙනකොටත් මරලා තිබුණේ. ඇතුළෙ හිටියත් මැරෙන්න වෙන නිසා ඕන දෙයක් වෙන්න කියලා පැන්නා.
පැනලා ඇවිත් ඊට පස්සෙ මොකද කළේ?
කැලේ හැංගිලා හිටියා. කාලයක් බේරුවල බෝට්ටුවලත් හැංගිලා හිටියා. තව තව තැන්වලත් හැංගිලා ඉඳලා කළුතරට ආවා. මට ඕන වුණේ අම්මව බලන්න. මම අම්මව බලන්න ගෙදර ආවා. දන්නෙ නැතිව මම ඇවිත් තිබුණේ හමුදා කඳවුරක් මැදින්. උදේ ගෙදරට එනකොට අම්මා හිටියා පත්තරයක් බල බලා. එදා ගෙදර ඉඳලා ඊට පස්සෙ ආයෙත් මම තැන තැන හැංගිලා හිටියා. එහෙම ඉන්නකොට අහුවෙලා අරන් ගිහින් මැගසින් බන්ධනාගාරයට දැම්මා.
ඔය වෙනකොට අයියගේ තත්ත්වය මොකක්ද? ඔහු අත්අඩංගුවට පත් වෙලාද?
ඔව්. ඔය වෙනකොට අයියව අහුවෙලා තිබුණේ. ඒත් හිරේදි කවදාවත් අපිව මූණට මූණ හම්බවුණේ නැහැ.
මැගසින් එකේ ඉඳලා මාව දවසක් අරන් ගියා සී.අයි.ඩී. එකට. එහෙම ගෙනිහින් මාව දැම්මා සී.අයි.ඩී. එකේ කාමරයකට. ඒකේ ඉන්නකොට මම දැක්කා බිම වැටිලා තිබුණු කොළකෑලි වගයක්. ඒ කොළවල තිබුණේ මට හොඳට දැකලා පුරුදු අකුරු. ඒවා අතට අරන් බැලුවහම ඒ අයියගේ අකුරු. මාව දාලා තිබුණෙත් අයියව දාලා හිටපු කාමරයටමයි.
අයියා මොනවද ඒ කොළවල ලියලා තිබුණේ?
නිසදැස් තමයි ගොඩක් තිබුණේ. ඒ වචන නම් දැන් මට මතක නෑ.
ඒ වෙනකොට අයියාට මොකද වෙලා තිබුණේ?
එයාව එතැනින් පිට කරලා තිබුණේ. මම දැනගෙන හිටියේ නැහැ කොහෙටද ගෙනිච්චෙ කියලා. අයියා අතුරුදන් කියලා තමයි කිව්වේ.
ඔය වෙනකොට විජය කුමාරණතුංගව මරලද?
ඔව්. ඒ හැම සිද්ධියක්ම ඒ වෙනකොට වෙලා ඉවරයි. ඒ දේවල් ඔක්කොම ඉවර වුණාට පස්සේ අන්තිමට තමයි අයියව අහුවුණේ. අයියව අන්තිමටම ඔබට හමුවුණු දවස මතකද?
අන්තිමට හමු වුණේ මරදානෙදි. එහෙ හිටියා සුමනදාස පෙරේරා කියලා කෙනෙක්. මම ඔහුගෙ උදව්වෙන් හැංගිලා හිටියේ. ඒ ඉන්නකොට තමයි අන්තිමටම හම්බ වුණේ.
එදා මොනවද අයියා ඔබට කිව්වේ?
එයා කරන වැඩ මාත් එක්ක කියන්නෙ නෑ සාමාන්‍යයෙන්. ඒත් එදා අයියා කිව්වා මාව අහුවුණත් මං බය නෑ මාව මරන එකක් නෑ කියලා.
විජයව මරන්න කලින් අයියව ඔබට හමුවුණේ නැද්ද?
නැහැ.
විජය මරලා කියන ආරංචිය ඔබට ආවෙ කොහොමද?
මට ඒක නම් හරියටම මතක නෑ. හැබැයි අපි හිතුවා මේක කළේ ජේ.වී.පී. එකෙන් කියලා. ඒත් අයියම මේක කළා කියල නම් හිතුණේ නැහැ.
අදත් හිතන්නෙ එහෙමද?
දැන් ඉතින් ඒක සාක්කිත් එක්ක ඔප්පු වෙලා තියෙනවනේ. අයියා ඒක කරන්න ඇති කියලා මං හිතනවා.
විජයව මැරුවට පස්සෙ අයියා ගෙදර ආවෙ නැද්ද?
නැහැ. ඊට පස්සෙ කවදාවත් ආවෙ නැහැ. හැබැයි වෙන තැන්වලදි කීප සැරයක් අම්මව හම්බවෙලා ගිහින් තිබුණා.
ඒ හම්බවුණ වෙලාවල්වලදි අයියා අම්මට මොනවද කියලා තියෙන්නෙ?
අම්මා ඒ ගැන මොනවත් මාත් එක්ක කියලා නැහැ.
අයියා සී.අයි.ඩී. එකේ ඉන්නකොට අම්මා ගියේ නැද්ද අයියව බලන්න?
ගියා. එතකොට අයියා අම්මට කියලා තියෙනවා "දැන් නම් මගේ ජීවිතේ ගැන විශ්වාස කරන්න එපා අම්මේ, අම්මා ඊළඟ පාර එනකොට මාව දකින්න නැති වෙයි" කියලා. ඒ කියපු විදියටම ඊළඟ පාර අම්මා යනකොට අයියා ඉඳලා නැහැ.
අයියට මොකද වුණේ?
ආයුධ වගයක් පෙන්නන්න යනකොට පැනලා ගියා කියලා තමයි අපිට කිව්වේ. එදා ඉඳන් ඔහු අතුරුදන්. අයියා ගැන කිසිම තොරතුරක් නැහැ. මාව අරන් ගිය නිලධාරීන් මට කියලා තියෙනවා "උඹට වඩා අයියගෙ ඇඟ මාර ෆිට්" කියලා.
අයියා තාම ජීවතුන් අතර ඇති කියලා ඔබ හිතනවද?
මෙහෙමයි. අයියා පැනලා ගියා කියලා කිව්වා මිසක් කිසිම වගකිවයුතු තැනකින් හරි වගකිවයුතු පුද්ගලයෙක් හරි නිසි තොරතුරක් දීලා නැහැ. මම විජය කුමාරණතුංග ඝාතන කොමිසමේ සාක්කි දීලත් තියෙනවා. ඒ කොමිසම කිව්වෙත් ලයනල් රණසිංහ අතුරුදන් කියලා විතරයි. සමහර විට අයියා තාම ඉන්නවා වෙන්නත් පුළුවන්.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයො ඔබට හමුවෙලා තියෙනවද?
බොහෝදෙනෙක් හමුවෙලා තියෙනවා. ටිල්වින් සිල්වා මහත්තයා අයියා ඉන්න කාලෙ අපේ ගෙදරත් ඇවිත් තියෙනවා.
කෝ දැන් ඔබලාගෙ අම්මා?
මීට අවුරුදු හතකට කලින් මියගියා.
අයියා ගැන මතක් වෙද්දි දැන් මොකද හිතෙන්නේ?
අයියා විප්ලවවාදියෙක්. එයා කරපු හැම දේම කළේ එයා අදහපු සාධාරණ සමාජය ගොඩනඟන්න. මගේ අයියා කුලී මිනීමරුවෙක් නෙවෙයි. අයියා මිනිස්සු මැරුවෙ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති වෙනුවෙන්. හැබැයි ජනතා විමුක්ති පෙරමුණට අද අයියව මතකවත් නැහැ.
හසිත කුරුප්පු