
Happy Birthday Machan..!!
ඔහොම කෙල්ලෙක් ලබන්න ධාරානිපාත පිනක් කරලා තියෙන්න ඕනේ බන්. අපි බොහොම හොදයි කියලා හිතාගෙන සෙට් කරගන්න කෙල්ලොන්ගේ සැබෑ ගතිගුණ පේනකොට හිතෙනවා මොන කරුමයක්ද මේ සෙට් කරගත්තේ කියලා. අනික බොහොම අහිංසක පත්තිනි type එකේ කෙල්ලොන්ව නම් ලොවෙත් විශ්වාස කරන්න එපා..![]()


machan me wadan tita ussannada ?

Happy birthday machan...
Niyama points tika.. aththa kathaawa...![]()

උඹේ කතාව ඇත්ත මචෝ.....
හැමදේම වෙන්නේ හොදට මචං, ගෑණු කොයි මොහොතේ වෙනස් වන කොට්ඨාශයක්ද කියලා කියන්න බෑ මචං. මගේ X-girl friend මචං නුවර වැව රවුමේ ප්රසිද්ධ රජයේ බාළිකා පාසලක ඉගෙනගත්තේ අදටත් ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ඇහුවොත් කියයි එකි ඉස්කෝලේ හිටපු වැඩිය කථා බහක් නැති ඉතාමත් අහිංසක් ළමයෙක් කියලා. නමුත් මේකිගේ වෙනම සැග උන ජීවිතයක් තිබ්බා. මේ සියලු විස්තර මම මගේ,
Boot කා ඇති අය සදහා විෂේශයි
යන ත්රේඩ් එකේ දැම්මා, විශෙෂයෙන්ම Elakiri Confessions කියන ත්රේඩ් එකේ. උබට වෙලා තියෙන වෙලාවක පුලුවන්නම් කියවපන්. "උපාසක බළල්ලු තමා මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ" කියලා පැරැණ්නෝ කියලා තියෙන කථාව නම් සම්පූර්ණ ඇත්ත.
උබලා මගේ ත්රෙඩ් කියවලා ජීවිතයට යමක් එකතු කරගත්තා නම්, ඒක මට ලොකු සතුටක්
ඔහොම කෙල්ලෙක් ලබන්න ධාරානිපාත පිනක් කරලා තියෙන්න ඕනේ බන්. අපි බොහොම හොදයි කියලා හිතාගෙන සෙට් කරගන්න කෙල්ලොන්ගේ සැබෑ ගතිගුණ පේනකොට හිතෙනවා මොන කරුමයක්ද මේ සෙට් කරගත්තේ කියලා. අනික බොහොම අහිංසක පත්තිනි type එකේ කෙල්ලොන්ව නම් ලොවෙත් විශ්වාස කරන්න එපා..![]()

සමහරවිට වැදගත් වෙයි !!!
ආයුබෝවන් සැමට, මාගේ උපන්දිනය වෙනුවෙන් සැමට වැදගත් වන දෙයක් කිරියේ පළකරන්න හිතුවා.
තරුණ අපි සැම ආදරය යනු ඉතාමත් නැවුම් අත්දැකීමකි. නමුත් සැමටම එය එසේ වන්නේ නැත, සමහරුන්ට ආදරයේ විරහාව විදින්නට සිදුවේ.
මාත් ආදරයේ විරහව විදපු කෙනෙක්, මගේ පස් අවුරුදු ආදරය අවසන් වී දැනට අවුරුදු 3 ක් වෙනවා නමුත් ජීවිතයේ 28 වන සැතපුම් කණුව ලග සිටින මා තවම තනිකඩයෙකි.
මගේ ජීවිතය ඇසුරෙන් මම පහත සදහන් උපදෙස් ටික මෙහි පළකරන්නම්, සමහරවිට එය ඔබට වැදගත් වේ,
1. බූට් එකක් වැදුන අලුත තමාගේ සිත අයාලේ යයි, විශේෂයෙන්ම නරක අතට. එම නිසා සැමවිටම තමාගේ මව හෝ කිට්ටුම කළන මිතුරා සමග දුක බෙදාගන්න.
2. තමාගේ පෙම්වතියට දැඩි ලෙස ඇලෙන්න එපා. සියලු දේ වෙනස් වන සුලු නිසා තමා තමාටම කිය පුද්ගලිත්වයක් තියාගන්න. එවිට කොයි මොහොතේ කිනම් දේ වෙනස් වුවද "සියලු දේ වෙනස් වන සුළුයි" යන ධර්මතාව අනුව තමාගේ සිත හදාගන්න පුලුවන්.
3. පොලොවෙ පය ගහලා ජීවත් වෙන සහකාරිය/සහකරුවෙක් සොයාගන්න. ODEL එකෙන් විතරක් ඇදුම් ගන්න, Pizza Hut එකෙන් පමණක් කෑම කන, වාහනවල විතරක් ගමන් බිමන් යන, ඉංග්රීසියෙන් විතරක් කතා කරන, etc සීනි බෝල වර්ගයේ කෙනෙක් එක්ක යාලු වුනොත් තමාටත් ඒ සබන් බෝල ජීවිතයට හැඩගැගෙන්න වෙයි, සමහරවිට එතකොට තමාගේ අදායමට වඩා වියදම වැඩිවේ.
පරේ සයිවර් කඩෙටත් ටවුමේ තරු හෝටලයටත්, පාරේ බස් එකත් තමාගේ වාහනයත්, සුපර් මර්කට් එකත් පොලත්, etc යන ඕනැම දේකට ඔට්ටු කෙනෙක් හොයාගන්න. ඒවගේම වැඩක් තනිව කිරීමට හැකියාව ඇති කෙනෙක් හොයාගන්න එතකොට ජීවිතෙ පහසු වෙයි.
උදා - ගෙදර වාහනයේ බොනට් එක ඇරලා මොනවද (Engine oil level, Water level, etc) අඩුපාඩු කියලා දැනගන්න පුලුවන් වීම.
4. තම පෙම්වතියගේ දිගු වරලසට, සුදු හමට, නීල දෑසට, කටහඩට, etc මූලිකත්වය දෙනගමන්ම ඇයගේ දෙමාපියන්ට සැලිකීම, විශ්වාසනීයත්වය, කරුණාව, දයාව, මයිත්රිය, etc යන ආදිය ගැනද සැළකිලිමත් වෙන්න, මොකද බැදලා ටික කාලෙකින් රූපය දිරා යනවා එවිට ඉතිරි වෙන්නේ ගුණගරුකම පමණයි.
5. තම පෙම්වතා/පෙම්වතිය යම් දිනක තම විශ්වාසය බින්දහොත් නැවත දෙවන අවස්ථාවක් ඇයට/ඔහුට දීම ගැන සියවරක් සිතන්න.
6. තමාගේ ජීවිතෙට නෑදැයින් බලපෑමක් කර නොගන්න, මොකද නෑදැයින් බොහොවිට දන්නේ වැරදුනම හිනාවෙන්න සහ විවෙචනය කරන්න පමණයි. තමාට නිසි සහකාරියක්/සහකරුවෙක් ලැබුනවිට අන් දේවල් ගැන නොසිත්න්න.
උදා - මුදල්, කුලය, etc
මොකද ඔය දෙවල්වල වඩා වැදගත්වෙන්නේ එකට ජීවත්වීමට ඇති හැකියාවයි. තමාට සුදුසු කෙනෙක් ලැබුනොත් දෙමාපියන්ට ඇය/ඔහු ගැන තේරුම් කර දී ඔවුන්ගේ කැමත්ත ලබාගන්න.
7. තමාට සුදුසුම සහකරුවෙක්/සහාකාරියක් ලැබෙනකන් ඉවසන්න, සුදුසු කෙනෙක් නොලැබුනොත් බදිනවාට වඩා තනිකඩව සිටීම වඩා යහපත්.
මේ thread එක සදා පාදක වූ කථාව,
Boot කා ඇති අය සදහා විෂේශයි
P.S - මෙය මගේ අදහසක් වන අතර සමහර අය මෙයට එකග නොවන්නට පුලුවන්.
වරදක් ඇත්නම් සමාවෙන්න.
But I hope it is beneficial for everyone,