Thanks for the comments and reps
මචන්ලා බොහොම ස්තූති සියලුම comments වලට හා reps වලට. මේක පරණ ත්රේඩ් එකක්, නමුත් කාටත් වැදගත් වෙයි කියලා හිතනවා.
Videos ටික නම් මම වැරදියට දාලා තියෙන්නේ මුලින්ම, ඔන්න එකත් හදලම දැම්මා.
අපේ සම්බන්ධය නැති වෙලා දැනට අවුරුදු 3 කට ආසන්නයි, නමුත් මට තාම සම්පූර්ණයෙන්ම එයාව අමතක කරන්න බැරි උනා. මට අදටත් කෙල්ලෙක් නෑ, ඒ සම්බන්ධය නැති උනත් සමගම මට කෙල්ලො පිලිබදව තිබ්බ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති උනා.
අද එයා AUS වල හොදින් ඉන්නවා ඇති, ලේසියෙන්ම තව කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන් ගෙන ඇති.
මම මානසිකව වැටුන තරම දන්නේ මගේ අම්මයි හොදම යාලුවයි විතරයි. එළකිරියේ අයත් මගේ හිත හදන්න ගොඩක් උදව් උනා.
නමුත් මට දුන්න දුක එයාටත් කවදාහරි ස්වාභධර්මයෙන්ම විදවන්න සලස්වයි. එතකොට එයාට තේරෙයි ජීවිතත් එක්ක සෙල්ලම් කිරීමේ වරද
සමහරවිට වැදගත් වෙයි !!!
තරුණ අපි සැම ආදරය යනු ඉතාමත් නැවුම් අත්දැකීමකි. නමුත් සැමටම එය එසේ වන්නේ නැත, සමහරුන්ට ආදරයේ විරහාව විදින්නට සිදුවේ.
මාත් ආදරයේ විරහව විදපු කෙනෙක්, මගේ පස් අවුරුදු ආදරය අවසන් වී දැනට අවුරුදු 3 ක් වෙනවා නමුත් ජීවිතයේ 28 වන සැතපුම් කණුව ලග සිටින මා තවම තනිකඩයෙකි.
මගේ ජීවිතය ඇසුරෙන් මම පහත සදහන් උපදෙස් ටික මෙහි පළකරන්නම්, සමහරවිට එය ඔබට වැදගත් වේ,
1. බූට් එකක් වැදුන අලුත තමාගේ සිත අයාලේ යයි, විශේෂයෙන්ම නරක අතට. එම නිසා සැමවිටම තමාගේ මව හෝ කිට්ටුම කළන මිතුරා සමග දුක බෙදාගන්න.
2. තමාගේ පෙම්වතියට දැඩි ලෙස ඇලෙන්න එපා. සියලු දේ වෙනස් වන සුලු නිසා තමා තමාටම කිය පුද්ගලිත්වයක් තියාගන්න. එවිට කොයි මොහොතේ කිනම් දේ වෙනස් වුවද "සියලු දේ වෙනස් වන සුළුයි" යන ධර්මතාව අනුව තමාගේ සිත හදාගන්න පුලුවන්.
3. පොලොවෙ පය ගහලා ජීවත් වෙන සහකාරිය/සහකරුවෙක් සොයාගන්න. ODEL එකෙන් විතරක් ඇදුම් ගන්න, Pizza Hut එකෙන් පමණක් කෑම කන, වාහනවල විතරක් ගමන් බිමන් යන, ඉංග්රීසියෙන් විතරක් කතා කරන, etc සීනි බෝල වර්ගයේ කෙනෙක් එක්ක යාලු වුනොත් තමාටත් ඒ සබන් බෝල ජීවිතයට හැඩගැගෙන්න වෙයි, සමහරවිට එතකොට තමාගේ අදායමට වඩා වියදම වැඩිවේ.
පරේ සයිවර් කඩෙටත් ටවුමේ තරු හෝටලයටත්, පාරේ බස් එකත් තමාගේ වාහනයත්, සුපර් මර්කට් එකත් පොලත්, etc යන ඕනැම දේකට ඔට්ටු කෙනෙක් හොයාගන්න. ඒවගේම වැඩක් තනිව කිරීමට හැකියාව ඇති කෙනෙක් හොයාගන්න එතකොට ජීවිතෙ පහසු වෙයි.
උදා - ගෙදර වාහනයේ බොනට් එක ඇරලා මොනවද (Engine oil level, Water level, etc) අඩුපාඩු කියලා දැනගන්න පුලුවන් වීම.
4. තම පෙම්වතියගේ දිගු වරලසට, සුදු හමට, නීල දෑසට, කටහඩට, etc මූලිකත්වය දෙනගමන්ම ඇයගේ දෙමාපියන්ට සැලිකීම, විශ්වාසනීයත්වය, කරුණාව, දයාව, මයිත්රිය, etc යන ආදිය ගැනද සැළකිලිමත් වෙන්න, මොකද බැදලා ටික කාලෙකින් රූපය දිරා යනවා එවිට ඉතිරි වෙන්නේ ගුණගරුකම පමණයි.
5. තම පෙම්වතා/පෙම්වතිය යම් දිනක තම විශ්වාසය බින්දහොත් නැවත දෙවන අවස්ථාවක් ඇයට/ඔහුට දීම ගැන සියවරක් සිතන්න.
6. තමාගේ ජීවිතෙට නෑදැයින් බලපෑමක් කර නොගන්න, මොකද නෑදැයින් බොහොවිට දන්නේ වැරදුනම හිනාවෙන්න සහ විවෙචනය කරන්න පමණයි. තමාට නිසි සහකාරියක්/සහකරුවෙක් ලැබුනවිට අන් දේවල් ගැන නොසිත්න්න.
උදා - මුදල්, කුලය, etc
මොකද ඔය දෙවල්වල වඩා වැදගත්වෙන්නේ එකට ජීවත්වීමට ඇති හැකියාවයි. තමාට සුදුසු කෙනෙක් ලැබුනොත් දෙමාපියන්ට ඇය/ඔහු ගැන තේරුම් කර දී ඔවුන්ගේ කැමත්ත ලබාගන්න.
7. තමාට සුදුසුම සහකරුවෙක්/සහාකාරියක් ලැබෙනකන් ඉවසන්න, සුදුසු කෙනෙක් නොලැබුනොත් බදිනවාට වඩා තනිකඩව සිටීම වඩා යහපත්.
මේ thread එක සදා පාදක වූ කථාව,
Boot කා ඇති අය සදහා විෂේශයි
P.S - මෙය මගේ අදහසක් වන අතර සමහර අය මෙයට එකග නොවන්නට පුලුවන්.
වරදක් ඇත්නම් සමාවෙන්න.

Last edited: