කාන්තා යට ඇදුම් හදිසියේම නැති වූ අවස්තා බොහෝ කාන්තාවන් ට මතක ඇති. බොහෝ විට වෙන්නෙ දාපු තැනින් හොයා ගන්න බැරි වෙන එක . ඒත් සමහර විට ඒවා කවදාවත් හොයා ගන්න වෙන්නෙ නෑ එහෙම නැත්නම් කෙහෙ හරි දිරාපත් වෙලා තිබිලා නැවත හමු වෙනවා. කවුද මේවා අරන් යන්නෙ. ඔබ කනින් කොනින් අහල ඇති මෙහෙම ඇදුම් වලට ආස පිරිමි ගැන මේ අය මේවා එකතු කරනවා. බොහෝ වෙලාවට හොරෙන් ගන්නෙ.අලුත් ඒවා නොවෙයි ඇඳපු ඒවා මොනවද මේවට කරන්නෙ මේක කරන්නෙ මේ අයගෙ ආසාවට.
ඒක විශේෂ ආසාවක් . ඒ අයට ලිංගික සතුටක් ලබා ගන්න තියෙන එකම හෝ හොදම ක්‍රමය මෙසේ කාන්තා ඇදුම් හෝ අනිත් ඇඟලුම් අතපත ගෑම සහ ඒ සතුට මත ස්වයං වින්දනයේ යෙදීමයි.
යට ඇදුම් විතරක් නෙවෙයි කාන්තාවන් භාවිතා කරන වෙනත් දේත් මේවට යොදා ගන්නවා. හැබැයි බොහො විට මේ අය කාන්තාවන්ට ලිංගික හිංසා කරන්නෙනම් නෑ. මේක මනෝ ලිංගික රෝග කාණ්ඩයේ ලිංගික අපවර්තන රෝගයක් වන අර්චන කාමය fetishism යි.
මේ අය බොහෝ විට සමාජයේ අපකීර්තියට පත්වෙලා ,තාඩන පීඩන වලට භාජනය වීම අවාසනාවක්. ආචාර්‍ය සොමරත්න දිසානායකයන් ගේ Underpant thief චිත්‍රපටය මෙවැනි රෝගියෙකුගේ මනොභාවයන් පිලිබඳව හා ඔහු වටා සිටින්නන් තුල ඇති වෙන මානසික කලම්බනය විශිෂට ලෙස සිනමාරූපීව ඉදිරිපත් කිරීමක්.
වනචරයෙකු ලෙස නොසලකා සහ හුදු රෝගියෙකු ලෙස සැළකීමට එහා ගොස් මානූශීය ඇසකින් ඒ දෙස බැලීමට උත්සාහ කිරීමක්. මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ඇති බවත් ,එහි වැදගත් කමත් තහවුරු කිරීමක්. දැනටමත් ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනා ඇති මෙම චිත්‍රපටයේ තිර රචනයේ දී මනෝ විද්‍යාත්මක පසුබිම සදහා මටත් දායකත්වයක් ලබා දීමට හැකි වීම මට සතුටක්.
FB උපුටා ගන්නා ලදි

.