ලංකා ඇඩ්ස් සම්පුර්ණයෙන්ම අවහිර කරන්න දායකත්වය සැපයු සියලු දෙනාටම ජාතියේ ගෞරවය සහ ප්‍රණාමය හිමි වෙනවා. එමෙන්ම කසුන් සහෝදරයාටත් විශේෂිත ගෞරවය හිමි වෙන්න ඕනේ. ඔහුගේ අරගලය ඔහු කෙතරම් බාධක ආවත් ඉදිරියට ගෙන ගියා.
අපි විශාල ජයග්‍රහණයක් ලැබුවා. අපිට සතුටු වෙන්න පුළුවන් පහත සඳහන් කරුණු කරනා වලින්.
1. ලංකාවේ සමාජ රෝග පැතිර යාම වැලක්වීමට අප විසින් යම් දායකත්වයක් සැපයීම.
2. කිසිම ස්ටෑන්ඩර්ඩ් එකක් නැතිව ගෙන යන ගණිකා සේවනයට වැට බැඳීම
3. බාල අපචාර වලට වැට බැඳීම සහ ළමුන් මෙම වෙබ් අඩවියෙන් ඉවත් කර තැබීම.
මොක උනත් දැන් මේ කෙලිය ඇති. අපි දාපු ත්රෙඩ්ස් ඔක්කොම ඉවත් කරමු. එලකිරියෙන් පරි බාහිර ත්‍රෙඩ් මෙන්ම ගුගල් කෑෂ් වෙච්ච සියල්ල ඉවත් කරමු. සමාජයට විනයක් කරලා ගෑනු විකුණලා තමන්ගේ ළමයින්ට කන්න බොන්න දීපු සම්පතාට වෙච්ච දේ ගැන මට තිබෙන්නේ ලොකු සතුටක්.
නමුත් මින් ඉදිරියට සම්පත්ට ප්‍රහාර එල්ල කරනවා නම් එළකිරියේ පව් නොකළ කෙනෙක් සිටිනම් මින් ඉදිරියට ගහන ගල් වලින් පළමු ගල ගසන්න. අපි කවුරුත් නිවැරදි නැහැ. පව් කාරයට සමාව දෙන්න. ඔහුගේ නොදරුවන් වෙනුවෙන් ඔහුට සමාව දෙන්න. සම්පත්ගේ ළමුන් වැරදි නැත. ඔවුන් නොදරුවන්ය.
@2osama ඔබගේ අදහස් පවා මේ ත්‍රෙඩ් එකට වැදගත් වනු ඇති කියා මම හිතනවා. සම්පත් නමැති කාලකණ්නියා කරපු වැඩ නිසා ඔහුගේ දරුවන් විඳවිය යුතු නොවේ. මෙය මාගේ අදහසකි. එමෙන්ම @GTRZ ගේ අවධානය මේ වෙත යොමු වේවා . තවදුරටත් පුද්ගල චරිතවලට හානි කිරීමෙන් වැලකිය යුතු නොවේද. එය එළකිරියේ ගුණාත්මක භාවයට හානියක් වන අතර ඉදිරියේදී ඇතිවන නීතිමය ප්‍රශ්න පවා අනවශ්‍ය ගැටලුවකට මැදිහත් වීමක්ද විය හැකිය. කොතරම් වරදකරුවකු උනත් ඔහුගේ හෝ ඇයගේ පුද්ගලික චරිතයකට හානි කිරීම වෙනුවෙන් ඕනෑම පුද්ගලයෙකුට එරහිව ශ්‍රී ලංකාවේ නිතිය ක්‍රියාත්මක විය හැකිය. එමෙන්ම සමාජයට හානි ගෙන දෙන නීතිවිරෝධී ක්රියාවේ යෙදුන සම්පත්ටද නිතිය ක්‍රියාත්මක කල හැකිය. මේ දෙක අධිකරණ නඩු දෙකක් විය යුතුය. ( මගේ නෑයෝ වන ලෝයර් මේ දේ මට අද උදේ කිවුවේ. මේ දේ මම එයාට කිවුවම. )
අවසන් තීරණය @GTRZ සතු වේ
Last edited:
