මම ලක්ශ 20ත් ට්‍රාන්සර් කරලා තියෙනවා.
මේ මාසෙත් ලක්ශ 2 ට්‍රාන්සර් කරලා තියෙනවා.
මොකක්ද ලක්ශේ ලිමිට් කතාව.
සම්පත් එකේ එවුන්ගෙන් බිස්නස් ලෝන් නම් ගන්න බෑ. කස්ටමර්ස්ලා වැඩි නිසා ජොකාගේ ඉදන් හොයනවා. වැලිවේශන් දාන්නෙත් අඩුවෙන්.
හැබැයි මට 2014 ඉදන් කරන්ට් එකවුන්ට් එකක් තියෙනවා. සුප්‍රිම් එකක්.
ගිය අවුරුද්දේ ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා ඒකේ ලිමිට් එකත් ලක්ශ 2.5ක් තියෙනවා.
ඇප නැති ලෝන් එකකුත් විශ්ව එකෙන් දුන්නා.
බිල් ගෙවන වැඩ ටික කරලා ට්‍රාන්සර් එකක් කරලා චෙක් එකක් ලියන්න සම්පත් එක අව්ලක් නෑ.
හැබැයි උන් TOD එකක් වත් දෙන්නේ නෑ.
මට කියපන්කෝ උබලා ගනුදෙනු කරන බැංකු උබලට TOD දීලා තියෙනවද කියලා.
දීලා තියෙනවනම් ලිමිට් එක කීයක්ද?
මාසෙකට කොච්චර ගනුදෙනු වෙනවද?
බැංකුව මොකක්ද?
මට හිතිලා තියෙන්නේ TOD දෙන, ඉක්මනින් ලෝන් ගන්න පුලුවන් හොද බැංකුවක බිස්නස් එකවුන්ට් එකක් ඕපන් කරන්න.