සම්බන්ධන් සම්බන්ධයි
සම්බන්ධන් සම්බන්ධයි
පසුගිය කාලය පුරාවටම විපක්ෂ නායකකම දෙමළ ජාතික සන්ධානයේ ආර්.සම්බන්ධන්ට ලැබීම පිළිබඳ නොයෙකුත් අදහස් පළ වුණා.ඒ නිසා මේ ගැන සම්පූර්ණ පැහැදිලි ස්වාධීන මගේ මතය මෙහි සඳහන් කරන්නම්.
පළමුව ශ්‍රී ලංකා දේශපාලනයේ පැවැති අරගලය වූයේ ඒකාධිපති මහින්ද රාජපක්ෂ රෙජිමය ප්රජාතන්ත්රවාදී ආකාරයෙන් පාලනයෙන් ඉවත් කිරීමයි.ඉන්පසුව පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන දින සියයක යහපාලන ආණ්ඩුවක් තාවකාලිකව පත්වුණා.ඒත් ඇතැමුන් මෙයින් අවුරුදු දහයක දේවල් බලාපොරොත්තු වුණා.ඉන්පසුව කිසිවකු නොසිතූ ලෙස නැවතත් හිටපු ජනපති ඔහුගේ වටේ සගයන්ගේ තල්ලුව මත නැවතත් දේශපාලනයට පැමිණියා.නැවතත් හිටපු ජනපති පාර්ලිමේන්තුවට පැමිණියා.ඒ සමග තවත් රෙජිමයේ කීපදෙනෙකුත් ඇට සැකිලි මෙන් පාර්ලිමේන්තුවේ එල්ලී සිටිනවා.
ඒත් ජාතික ආණ්ඩුව යන සංකල්පයේදී පක්ෂ දෙකකින් මෙය සමන්විත වන නිසා විපක්ෂ නායකකම ඉල්ලා සිටින තත්ත්වයක තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට රැඳෙන්න බැහැ. ඒ තමයි ව්‍යවස්ථාවේ ස්වභාවය.
ඉන්පසුව සිටින දෙමළ ජාතික සන්ධානයට ආසන 14ක් ලැබී තිබෙනවා.ඒත් එය කොටසකින් පමණයි ලැබී තියෙන්නේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ ආසන සංඛ්‍යාව විහිදී ගිය තත්ත්වයකයි පවතින්නේ. අනික දෙමළ ජාතික සන්ධානයේ ආසන සංඛ්‍යාවෙන් අවම වශයෙන් වතුකරයේ දෙමළ ආසනයක්වත් අප දන්නා තරමින් ඔවුන්ට දිනාගන්න හැකියාව ලැබී නැහැ.
එවිට මෙතැන යම්කිසි ප්‍රශ්නයක් මතුවෙනවා.
ඒ කියන්නේ රටින් වැඩිම ප්‍රදේශයක් ආවරණය කර ඇති ආකාරයෙන් ආසන ලබා ගත් පක්ෂයට විපක්ෂ නායකකම නොලැබුණේ ඇයි ? වෙනත් විදිහකින් කිව්වොත් දෙමළ ජාතික සන්ධානය විසින් තමන්ගේ ආසන සංඛ්‍යාව දිස්ත්‍රික්ක 13කින් දිනා ගත්තා නම් මෙවැනි ප්‍රශ්නයක් නැහැ.
- මාලන් විදානපතිරණ