[FONT="]තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ කල්ප ගණනකිනි. මිනිසත්[/FONT] [FONT="]ආත්ම භාවය ද අති දුර්ලභ යි. මේ මහා භද්‍ර කල්පයේ එතර වෙනුව පහළ වී වදාළ ගෞතම නම් වූ[/FONT] [FONT="]අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වී දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස සැප පිණිස[/FONT] [FONT="]වසර හතළිස් පහක් මුළුල්ලේ අප්‍රමාණ වූ වෙහෙසක් ගෙන උතුම් ශ්‍රී සද්ධර්මය දේ්ශනා කොට[/FONT] [FONT="]අප්‍රමාණ වූ සත්ත්වයන් ඝෝර සසර කතරින් එතෙර කරවා පිරි නිවනට වැඩි සේක.
[/FONT]
[FONT="]එවන් වූ[/FONT] [FONT="]උත්තරීතර මනුෂ්‍ය රත්නයක් නැවතත් මේ මිහිපිට පහළ වන්නේ මිනිසාගේ ආයුෂ අවුරුදු දහයට[/FONT] [FONT="]අඩු වී අසූ දහසට වැඩි වූ යුගයක දී අපට සිතාගන්නවත් නොහැකි කාලයක දීය. සාරාසංඛ්‍යෙය[/FONT] [FONT="]කල්ප ලක්ෂයක් පාරමිතා පිරූ අප මහ බෝසතාණෝ දස මාර සේනා පරාජය කොට උතුම්[/FONT] [FONT="]සම්බුද්ධත්වයට පත් වී පසුගිය දෙදාස් එකොළහේ වෙසක් පුන් පොහෝ දිනට වසර දෙදහස්[/FONT] [FONT="]හයසීයක් සම්පූර්ණ විය.
[/FONT] [FONT="]ඒ උතුම් සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොටගෙන ශ්‍රී ලංකාවේ පෙර නොදුටු විරූ උද්යෝගයක්[/FONT] [FONT="]දක්නට ලැබුණු අතර ඒ තථාගතයන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් හා ආමිස පූජාවෙන්[/FONT] [FONT="]පූජෝපහාර දක්වන අයුරු දැකගන්නට ලැබුණි.[/FONT]
[FONT="]ස්වාමීන් වහන්සේලා මෙන්ම ගිහි පින්වතුන්[/FONT] [FONT="]ඉතාමත් උද්යෝගයෙන් කටයුතු කරනු ලැබූ අතර රාජ්‍ය අනුග්‍රහය ද නොඅඩුව ලැබුණි. සමස්ත[/FONT] [FONT="]ශ්‍රී ලංකාව පුරා පොදුවේ එවන් පූජෝපහාරයක් සිදුවන මොහොතක දී මහමෙව්නාව අසපු සංචිතය[/FONT] [FONT="]මගින් ඉතාම උතුම් සුවිශේෂී වූ ප්‍රතිපත්ති පූජා හා ආමිස පූජා රාශියක්ම ක්‍රියාත්මක[/FONT] [FONT="]කිරීම ගෞතම බුදු සසුන තුළ සිත් අලවා වාසය කරන සියලු දෙව් මිනිසුන් ගේ චිත්ත[/FONT] [FONT="]ප්‍රසාදයට හේතුවන උතුම් කරුණකි.
[/FONT]
[FONT="]විශේෂයෙන්ම එහි නිර්මාතෘ අපගේ කල්‍යාණ මිත්‍ර[/FONT] [FONT="]පිංවත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් අපගේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ඇති කරගත් මහත් වූ[/FONT] [FONT="]ශ්‍රද්ධාව කරණ කොටගෙන ශාසනයේ උන්නතිය වෙනුවෙන් මහමෙව්නාව නම් වූ උතුම් සදහම් ආයතනය[/FONT] [FONT="]බිහිකොට අමිල වූ සේවයක් සිදු කරන බව මධ්‍යස්ථ සිතින් යුක්තව ජන්දය[/FONT], [FONT="]ද්වේෂය[/FONT], [FONT="]භය[/FONT], [FONT="]මෝහය යන සතර අගතියට පත් නොවී විමර්ශනය කරන ඕනෑම ප්‍රඥා ගෝචර හා ශාසන මාමක කෙනෙකුට[/FONT] [FONT="]සිතා ගත හැකි ය.[/FONT]
[FONT="]ඒ අනුව මේ වන විටත් උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් ඒ ගෞතම තථාගතයන් වහන්සේට[/FONT] [FONT="]ප්‍රතිපත්තිමය වශයෙන් හා ආමිස වශයෙන් වසර දෙකක් පමණ කෙටි කාලයක් තුළ සිදු කරන ලද හා[/FONT] [FONT="]දැනටමත් සිදු කරමින් පවතින අති දැවැන්තමය පූජෝපහාරයන් අපට දැකගන්නට[/FONT], [FONT="]දැනගන්නට ලැබෙන[/FONT] [FONT="]අතර ඒ පිළිබඳ මෙහි පළවන අනිකුත් ලිපි වලින් ඔබට බොහෝ දේ ඉගෙන ගත හැකිය. ඉතාම කෙටි[/FONT] [FONT="]කාලයක් තුළ මෙවන් උත්තරීතර පුණ්‍ය කර්මයක් එකම අනුශාසකත්වය තුළ අප දිවයින තුළ දැකගත[/FONT] [FONT="]හැකි වන ප්‍රථම අවස්ථාව මෙය බව කීම අතිශයෝක්තියක් නොවේ.
[/FONT]
[FONT="]එදා රාජ රාජ මහාමාත්‍යාදීන්[/FONT] [FONT="]සිටුවරුන් විසින් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා සිදු කරන ලද පූජෝපහාරයන් අද මේ[/FONT] [FONT="]අයුරින් සිදුවන අයුරු දැක බලා ගැනීමට ලැබීමට තරම් ඔබ අප පින් කර ඇත.
[/FONT] [FONT="]එදා කහවණු පනස් හතර කෝටියක් වියදම් කොට ඉදිකරන ලද ජේතවනාරාමය අනේ පිඬු සිටුතුමා[/FONT] [FONT="]පූජා කරන විට අප භාග්‍යවතුන් වහන්සේ විසින් එම පූජාව මෙත් සිතින් පිළිගත්තේ එවන්[/FONT] [FONT="]උත්තරීතර පූජාවක් පිළිගැනීමට උන්වහන්සේ සුදුසු නිසාත් එම පූජාව සිදු කරන[/FONT] [FONT="]උන්වහන්සේගේ බුද්ධ ඥානයෙන් දකින නිසාත් ය. එසේ නම් අදත් අපට උන්වහන්සේ උදෙසා එවන්[/FONT] [FONT="]මහා උදාර පූජාවක් සිදු කළ හැකිය.
[/FONT]
[FONT="]ඒ අනුව අප ශාන්තිනායක තිලෝගුරු අමාමෑණී බුදුරජාණන්[/FONT] [FONT="]වහන්සේ කෙරෙහි ඇති කර ගත් අනුපමේය ශ්‍රද්ධාව කරණ කොට ගෙන උන්වහන්සේ ගේ සම්බුද්ධත්වය[/FONT] [FONT="]උදෙසා සිදු කරන්නා වූ මේ අසිරිමත් සම්බුද්ධරාජ මාළිගාව නම් වූ මහානඝ[/FONT]¡¡ [FONT="]පූජෝපහාරය[/FONT] [FONT="]පිනට කැමති සියලු දෙව් මිනිසුන්ගේ අතිශය ප්රසංශාවට භාජනය විය යුතු අනභි භවනීය[/FONT] [FONT="]පිංකමකි. සෑම දෙනාටම එකම ආකාරයෙන් පිංකම් කිරීමේ හැකියාව නැත. එහෙත් අපට සතුටු[/FONT] [FONT="]සිතින් තවත් කෙනෙක් ශ්‍රද්්ධාවෙන් කරන පිංකම අනුමෝදන් විය හැකිය. ඒ අනුව මෑත[/FONT] [FONT="]ඉතිහාසයේ මා මෙතෙක් දුටු අති උත්තරීතරම විහාර මන්දිරය ලෙස මෙම සම්බුද්ධ රාජ මාළිගාව[/FONT] [FONT="]හැඳින්වීම නිවැරැදි බව මම කල්පනා කරමි.
[/FONT]
[FONT="]ඒ පිළිබඳව යම් මතයක් පළ කිරීමට පෙර කෙනෙක්[/FONT] [FONT="]අනිවාර්යයෙන්ම තම දෙනෙතින්ම මෙම උතුම් සම්බුද්්ධ රාජ මාළිගාව දැක ගත යුතුමය. එය දැක[/FONT] [FONT="]වන්දනා කරන අයෙකුට ඇතිවන අවිවාදාත්මක අදහස වන්නේ මෙය විශ්ව කර්ම නිර්මාණයක් බව යි[/FONT]’ [FONT="]එම ප්‍රකාශය වඩාත් තහවුරු වන්නේ වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙය ඉදිවීම නිසාය.[/FONT] [FONT="]ලෝකයේ සෑම බෞද්්ධ පිංවතෙක් පිංවතියක්ම දැක බලා වන්දනා මාන කළ යුතු උතුම්ම ස්ථානයක්[/FONT] [FONT="]ලෙස මෙම සම්බුද්්ධ රාජ මාළිගාව හැඳින්වීම නිවැරැදිය.
[/FONT] [FONT="]අපගේ ලංකා සම්බුද්ධ ශාසන ඉතිහාසය නම් වූ අම්බරයට නැවුම් ලෙස එකතු වූ දීප්තිමත්[/FONT] [FONT="]තාරකාවක් ලෙස මැදිහත් ලෙස මෙම සම්බුද්ධ රාජ මාළිගාව දැක බලා ගන්නා ඕනෑම අයෙක්[/FONT] [FONT="]කල්පනා කරනු නොඅනුමාන ය. විශේෂයෙන්ම පිංවත් ඤාණානන්ද හිමියන්ගේ අපිරිමිත ශ්‍රද්ධාව[/FONT], [FONT="]පුණ්‍ය මහිමය[/FONT], [FONT="]අප්‍රතිහත ධෛර්යය[/FONT], [FONT="]නිර්මාණ කෞශල්‍යය[/FONT], [FONT="]ස්ථානෝචිත ප්‍රඥාව[/FONT], [FONT="]බුද්ධිමහිමය[/FONT], [FONT="]අධිෂ්ඨාන පූර්වක භාවය ආදී උතුම් ගුණාංග රාශියක් මෙම සම්බුද්ධ රාජ[/FONT] [FONT="]මාළිගාව තුළින් දිස්වෙන අතර උන්වහන්සේ ගිහි සහ පැවිදි ඇත්තන්ට මෙන්ම දෙව්[/FONT], [FONT="]බඹුන්ට[/FONT] [FONT="]පිං කර ගැනීමට අවස්ථාව සලසා දුන් පුණ්‍ය ආකරයක් ලෙස ද මේ උතුම් නිර්මාණය හැඳින්වීම[/FONT] [FONT="]නිවැරැදිය.
[/FONT] [FONT="]ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් උතුම් සිල් ගුණ දම් පුරන ගිහි පැවිදි ශ්‍රාවක පිරිස්[/FONT] [FONT="]සම්බුද්ධ ශාසනයට ඇතුළත් කර ගැනීමට පිංවත් ඤාණානන්ද හිමියන් කටයුතු කර ඇති ආකාරය[/FONT] [FONT="]පන්සීයකට අධික මහමෙව්නා වාසී මහ සඟරුවනින් ද ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකා[/FONT] [FONT="]පිරිස තුළින් ද දැක ගත හැකිය. ප්‍රතිපත්ති පූජාව ඉහළම පූජාව බව දන්නා උන්වහන්සේ වසර[/FONT] [FONT="]දහයකට අධික කාලයක් උතුම් ශීල[/FONT], [FONT="]සමාධි[/FONT], [FONT="]ප්‍රඥා දියුණු කර සසර කතරින් එතෙර වීමට වෙර[/FONT] [FONT="]දරන ශ්‍රාවක පිරිසක් බිහි කර ගැනීමට උත්සාහ දරා තිබෙන ආකාරය මහමෙව්නා අසපු සංචිතය[/FONT] [FONT="]ගැන සමීපව[/FONT], [FONT="]මධ්‍යස්ථව[/FONT], [FONT="]හා අගතිගාමී නොවී විමර්ශනය කරන නුවණ ඇති පිංවතුන්ට අවබෝධ කර[/FONT] [FONT="]ගත හැකිය.
[/FONT] [FONT="]ගෞතම බුදු සසුන තුළ උතුම් චතාරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස ප්‍රතිපත්ති පුරන[/FONT] [FONT="]පිංවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් උදෙසා පිං සිදු කර ගැනීමත් ඒ තුළින් සසර ගමන කෙටි කර[/FONT] [FONT="]ගැනීමට උපකාර කරන මහමෙව්නා භාවනා අසපු සංචිතය නිර්මාණය කළා වූද විශේෂයෙන්ම මෙම[/FONT] [FONT="]උතුම් සම්බුද්ධ රාජ මාළිගය ඉදිකොට ගෞතම තථාගත අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට[/FONT] [FONT="]පූජා කිරීමට කටයුතු කළ පිංවත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට හා මහමෙව්නා වාසී[/FONT] [FONT="]පිංවත් ස්වාමීන් වහන්සේලාටත් සම්බුද්්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැප වී කටයුතු[/FONT] [FONT="]කරන සිල් ගුණ දම් පුරන ලෝවැසි පිංවත් ස්වාමීන් වහන්සේලාටත්[/FONT], [FONT="]මේ සම්බුද්ධ රාජ මාළිගය[/FONT] [FONT="]විවෘත කරන ශ්‍රමය[/FONT], [FONT="]ධනය[/FONT], [FONT="]කාලය කැප කරන[/FONT], [FONT="]කැප කළ සැමටත් විශේෂයෙන්ම ගෞතම සසුනට රැකවරණය[/FONT] [FONT="]සලසන සියලුම දෙව්[/FONT], [FONT="]බඹුන්ටත් උතුම් චතුරාර්ය සත්‍යය මේ බුදු සසුනේ දීම සාක්ෂාත් කර[/FONT] [FONT="]ගැනීමේ දුර්ලභ භාග්‍යය උදාවේවා!
[/FONT]