සම්බුද්ධ_රජමාලීගාව

netlife008

Active member
  • Mar 5, 2012
    145
    84
    43
    [FONT=&quot]තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ කල්ප ගණනකිනි. මිනිසත්[/FONT] [FONT=&quot]ආත්ම භාවය ද අති දුර්ලභ යි. මේ මහා භද්‍ර කල්පයේ එතර වෙනුව පහළ වී වදාළ ගෞතම නම් වූ[/FONT] [FONT=&quot]අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වී දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස සැප පිණිස[/FONT] [FONT=&quot]වසර හතළිස් පහක් මුළුල්ලේ අප්‍රමාණ වූ වෙහෙසක් ගෙන උතුම් ශ්‍රී සද්ධර්මය දේ්ශනා කොට[/FONT] [FONT=&quot]අප්‍රමාණ වූ සත්ත්වයන් ඝෝර සසර කතරින් එතෙර කරවා පිරි නිවනට වැඩි සේක.
    [/FONT]
    [FONT=&quot]එවන් වූ[/FONT] [FONT=&quot]උත්තරීතර මනුෂ්‍ය රත්නයක් නැවතත් මේ මිහිපිට පහළ වන්නේ මිනිසාගේ ආයුෂ අවුරුදු දහයට[/FONT] [FONT=&quot]අඩු වී අසූ දහසට වැඩි වූ යුගයක දී අපට සිතාගන්නවත් නොහැකි කාලයක දීය. සාරාසංඛ්‍යෙය[/FONT] [FONT=&quot]කල්ප ලක්‍ෂයක් පාරමිතා පිරූ අප මහ බෝසතාණෝ දස මාර සේනා පරාජය කොට උතුම්[/FONT] [FONT=&quot]සම්බුද්ධත්වයට පත් වී පසුගිය දෙදාස් එකොළහේ වෙසක් පුන් පොහෝ දිනට වසර දෙදහස්[/FONT] [FONT=&quot]හයසීයක් සම්පූර්ණ විය.

    [/FONT] [FONT=&quot]ඒ උතුම් සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොටගෙන ශ්‍රී ලංකාවේ පෙර නොදුටු විරූ උද්යෝගයක්[/FONT] [FONT=&quot]දක්නට ලැබුණු අතර ඒ තථාගතයන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් හා ආමිස පූජාවෙන්[/FONT] [FONT=&quot]පූජෝපහාර දක්වන අයුරු දැකගන්නට ලැබුණි.[/FONT]
    [FONT=&quot]ස්වාමීන් වහන්සේලා මෙන්ම ගිහි පින්වතුන්[/FONT] [FONT=&quot]ඉතාමත් උද්යෝගයෙන් කටයුතු කරනු ලැබූ අතර රාජ්‍ය අනුග්‍රහය ද නොඅඩුව ලැබුණි. සමස්ත[/FONT] [FONT=&quot]ශ්‍රී ලංකාව පුරා පොදුවේ එවන් පූජෝපහාරයක් සිදුවන මොහොතක දී මහමෙව්නාව අසපු සංචිතය[/FONT] [FONT=&quot]මගින් ඉතාම උතුම් සුවිශේෂී වූ ප්‍රතිපත්ති පූජා හා ආමිස පූජා රාශියක්ම ක්‍රියාත්මක[/FONT] [FONT=&quot]කිරීම ගෞතම බුදු සසුන තුළ සිත් අලවා වාසය කරන සියලු දෙව් මිනිසුන් ගේ චිත්ත[/FONT] [FONT=&quot]ප්‍රසාදයට හේතුවන උතුම් කරුණකි.
    [/FONT]
    [FONT=&quot]විශේෂයෙන්ම එහි නිර්මාතෘ අපගේ කල්‍යාණ මිත්‍ර[/FONT] [FONT=&quot]පිංවත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් අපගේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ඇති කරගත් මහත් වූ[/FONT] [FONT=&quot]ශ්‍රද්ධාව කරණ කොටගෙන ශාසනයේ උන්නතිය වෙනුවෙන් මහමෙව්නාව නම් වූ උතුම් සදහම් ආයතනය[/FONT] [FONT=&quot]බිහිකොට අමිල වූ සේවයක් සිදු කරන බව මධ්‍යස්ථ සිතින් යුක්තව ජන්දය[/FONT], [FONT=&quot]ද්වේෂය[/FONT], [FONT=&quot]භය[/FONT], [FONT=&quot]මෝහය යන සතර අගතියට පත් නොවී විමර්ශනය කරන ඕනෑම ප්‍රඥා ගෝචර හා ශාසන මාමක කෙනෙකුට[/FONT] [FONT=&quot]සිතා ගත හැකි ය.[/FONT]
    [FONT=&quot]ඒ අනුව මේ වන විටත් උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් ඒ ගෞතම තථාගතයන් වහන්සේට[/FONT] [FONT=&quot]ප්‍රතිපත්තිමය වශයෙන් හා ආමිස වශයෙන් වසර දෙකක් පමණ කෙටි කාලයක් තුළ සිදු කරන ලද හා[/FONT] [FONT=&quot]දැනටමත් සිදු කරමින් පවතින අති දැවැන්තමය පූජෝපහාරයන් අපට දැකගන්නට[/FONT], [FONT=&quot]දැනගන්නට ලැබෙන[/FONT] [FONT=&quot]අතර ඒ පිළිබඳ මෙහි පළවන අනිකුත් ලිපි වලින් ඔබට බොහෝ දේ ඉගෙන ගත හැකිය. ඉතාම කෙටි[/FONT] [FONT=&quot]කාලයක් තුළ මෙවන් උත්තරීතර පුණ්‍ය කර්මයක් එකම අනුශාසකත්වය තුළ අප දිවයින තුළ දැකගත[/FONT] [FONT=&quot]හැකි වන ප්‍රථම අවස්ථාව මෙය බව කීම අතිශයෝක්තියක් නොවේ.
    [/FONT]
    [FONT=&quot]එදා රාජ රාජ මහාමාත්‍යාදීන්[/FONT] [FONT=&quot]සිටුවරුන් විසින් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා සිදු කරන ලද පූජෝපහාරයන් අද මේ[/FONT] [FONT=&quot]අයුරින් සිදුවන අයුරු දැක බලා ගැනීමට ලැබීමට තරම් ඔබ අප පින් කර ඇත.

    [/FONT] [FONT=&quot]එදා කහවණු පනස් හතර කෝටියක් වියදම් කොට ඉදිකරන ලද ජේතවනාරාමය අනේ පිඬු සිටුතුමා[/FONT] [FONT=&quot]පූජා කරන විට අප භාග්‍යවතුන් වහන්සේ විසින් එම පූජාව මෙත් සිතින් පිළිගත්තේ එවන්[/FONT] [FONT=&quot]උත්තරීතර පූජාවක් පිළිගැනීමට උන්වහන්සේ සුදුසු නිසාත් එම පූජාව සිදු කරන[/FONT] [FONT=&quot]උන්වහන්සේගේ බුද්ධ ඥානයෙන් දකින නිසාත් ය. එසේ නම් අදත් අපට උන්වහන්සේ උදෙසා එවන්[/FONT] [FONT=&quot]මහා උදාර පූජාවක් සිදු කළ හැකිය.
    [/FONT]
    [FONT=&quot]ඒ අනුව අප ශාන්තිනායක තිලෝගුරු අමාමෑණී බුදුරජාණන්[/FONT] [FONT=&quot]වහන්සේ කෙරෙහි ඇති කර ගත් අනුපමේය ශ්‍රද්ධාව කරණ කොට ගෙන උන්වහන්සේ ගේ සම්බුද්ධත්වය[/FONT] [FONT=&quot]උදෙසා සිදු කරන්නා වූ මේ අසිරිමත් සම්බුද්ධරාජ මාළිගාව නම් වූ මහානඝ[/FONT]¡¡ [FONT=&quot]පූජෝපහාරය[/FONT] [FONT=&quot]පිනට කැමති සියලු දෙව් මිනිසුන්ගේ අතිශය ප්‍රසංශාවට භාජනය විය යුතු අනභි භවනීය[/FONT] [FONT=&quot]පිංකමකි. සෑම දෙනාටම එකම ආකාරයෙන් පිංකම් කිරීමේ හැකියාව නැත. එහෙත් අපට සතුටු[/FONT] [FONT=&quot]සිතින් තවත් කෙනෙක් ශ්‍රද්්ධාවෙන් කරන පිංකම අනුමෝදන් විය හැකිය. ඒ අනුව මෑත[/FONT] [FONT=&quot]ඉතිහාසයේ මා මෙතෙක් දුටු අති උත්තරීතරම විහාර මන්දිරය ලෙස මෙම සම්බුද්ධ රාජ මාළිගාව[/FONT] [FONT=&quot]හැඳින්වීම නිවැරැදි බව මම කල්පනා කරමි.
    [/FONT]
    [FONT=&quot]ඒ පිළිබඳව යම් මතයක් පළ කිරීමට පෙර කෙනෙක්[/FONT] [FONT=&quot]අනිවාර්යයෙන්ම තම දෙනෙතින්ම මෙම උතුම් සම්බුද්්ධ රාජ මාළිගාව දැක ගත යුතුමය. එය දැක[/FONT] [FONT=&quot]වන්දනා කරන අයෙකුට ඇතිවන අවිවාදාත්මක අදහස වන්නේ මෙය විශ්ව කර්ම නිර්මාණයක් බව යි[/FONT]’ [FONT=&quot]එම ප්‍රකාශය වඩාත් තහවුරු වන්නේ වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙය ඉදිවීම නිසාය.[/FONT] [FONT=&quot]ලෝකයේ සෑම බෞද්්ධ පිංවතෙක් පිංවතියක්ම දැක බලා වන්දනා මාන කළ යුතු උතුම්ම ස්ථානයක්[/FONT] [FONT=&quot]ලෙස මෙම සම්බුද්්ධ රාජ මාළිගාව හැඳින්වීම නිවැරැදිය.

    [/FONT] [FONT=&quot]අපගේ ලංකා සම්බුද්ධ ශාසන ඉතිහාසය නම් වූ අම්බරයට නැවුම් ලෙස එකතු වූ දීප්තිමත්[/FONT] [FONT=&quot]තාරකාවක් ලෙස මැදිහත් ලෙස මෙම සම්බුද්ධ රාජ මාළිගාව දැක බලා ගන්නා ඕනෑම අයෙක්[/FONT] [FONT=&quot]කල්පනා කරනු නොඅනුමාන ය. විශේෂයෙන්ම පිංවත් ඤාණානන්ද හිමියන්ගේ අපිරිමිත ශ්‍රද්ධාව[/FONT], [FONT=&quot]පුණ්‍ය මහිමය[/FONT], [FONT=&quot]අප්‍රතිහත ධෛර්යය[/FONT], [FONT=&quot]නිර්මාණ කෞශල්‍යය[/FONT], [FONT=&quot]ස්ථානෝචිත ප්‍රඥාව[/FONT], [FONT=&quot]බුද්ධිමහිමය[/FONT], [FONT=&quot]අධිෂ්ඨාන පූර්වක භාවය ආදී උතුම් ගුණාංග රාශියක් මෙම සම්බුද්ධ රාජ[/FONT] [FONT=&quot]මාළිගාව තුළින් දිස්වෙන අතර උන්වහන්සේ ගිහි සහ පැවිදි ඇත්තන්ට මෙන්ම දෙව්[/FONT], [FONT=&quot]බඹුන්ට[/FONT] [FONT=&quot]පිං කර ගැනීමට අවස්ථාව සලසා දුන් පුණ්‍ය ආකරයක් ලෙස ද මේ උතුම් නිර්මාණය හැඳින්වීම[/FONT] [FONT=&quot]නිවැරැදිය.

    [/FONT] [FONT=&quot]ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් උතුම් සිල් ගුණ දම් පුරන ගිහි පැවිදි ශ්‍රාවක පිරිස්[/FONT] [FONT=&quot]සම්බුද්ධ ශාසනයට ඇතුළත් කර ගැනීමට පිංවත් ඤාණානන්ද හිමියන් කටයුතු කර ඇති ආකාරය[/FONT] [FONT=&quot]පන්සීයකට අධික මහමෙව්නා වාසී මහ සඟරුවනින් ද ලක්‍ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකා[/FONT] [FONT=&quot]පිරිස තුළින් ද දැක ගත හැකිය. ප්‍රතිපත්ති පූජාව ඉහළම පූජාව බව දන්නා උන්වහන්සේ වසර[/FONT] [FONT=&quot]දහයකට අධික කාලයක් උතුම් ශීල[/FONT], [FONT=&quot]සමාධි[/FONT], [FONT=&quot]ප්‍රඥා දියුණු කර සසර කතරින් එතෙර වීමට වෙර[/FONT] [FONT=&quot]දරන ශ්‍රාවක පිරිසක් බිහි කර ගැනීමට උත්සාහ දරා තිබෙන ආකාරය මහමෙව්නා අසපු සංචිතය[/FONT] [FONT=&quot]ගැන සමීපව[/FONT], [FONT=&quot]මධ්‍යස්ථව[/FONT], [FONT=&quot]හා අගතිගාමී නොවී විමර්ශනය කරන නුවණ ඇති පිංවතුන්ට අවබෝධ කර[/FONT] [FONT=&quot]ගත හැකිය.

    [/FONT] [FONT=&quot]ගෞතම බුදු සසුන තුළ උතුම් චතාරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස ප්‍රතිපත්ති පුරන[/FONT] [FONT=&quot]පිංවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් උදෙසා පිං සිදු කර ගැනීමත් ඒ තුළින් සසර ගමන කෙටි කර[/FONT] [FONT=&quot]ගැනීමට උපකාර කරන මහමෙව්නා භාවනා අසපු සංචිතය නිර්මාණය කළා වූද විශේෂයෙන්ම මෙම[/FONT] [FONT=&quot]උතුම් සම්බුද්ධ රාජ මාළිගය ඉදිකොට ගෞතම තථාගත අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට[/FONT] [FONT=&quot]පූජා කිරීමට කටයුතු කළ පිංවත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට හා මහමෙව්නා වාසී[/FONT] [FONT=&quot]පිංවත් ස්වාමීන් වහන්සේලාටත් සම්බුද්්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැප වී කටයුතු[/FONT] [FONT=&quot]කරන සිල් ගුණ දම් පුරන ලෝවැසි පිංවත් ස්වාමීන් වහන්සේලාටත්[/FONT], [FONT=&quot]මේ සම්බුද්ධ රාජ මාළිගය[/FONT] [FONT=&quot]විවෘත කරන ශ්‍රමය[/FONT], [FONT=&quot]ධනය[/FONT], [FONT=&quot]කාලය කැප කරන[/FONT], [FONT=&quot]කැප කළ සැමටත් විශේෂයෙන්ම ගෞතම සසුනට රැකවරණය[/FONT] [FONT=&quot]සලසන සියලුම දෙව්[/FONT], [FONT=&quot]බඹුන්ටත් උතුම් චතුරාර්ය සත්‍යය මේ බුදු සසුනේ දීම සාක්‍ෂාත් කර[/FONT] [FONT=&quot]ගැනීමේ දුර්ලභ භාග්‍යය උදාවේවා!

    [/FONT]
     
    • Like
    Reactions: netlife007

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක ඉතාම රමණීය තැනක්. ලස්සනට වගේම බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවෙන ආකාරයට හදලා තියෙනවා. මෙවැනි නිර්මාණ වල අවසාන අරමුණ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති අචල ශ්‍රද්ධාව පතල කිරිමටත් බුදුන් දහම් සඟුන් ගුණ නොදිටි මිසදිටුවන් අඳුරින් මුදවාගැනීම පිණිසම විය යුතුය
     
    • Like
    Reactions: netlife007
    මේ හාමුදුරුවරු මෙතන සම්බුද්ධ රජමාලිගා ගහනවා..
    බෞද්ධයො අපේ රටේ හිඟා නොකා හිඟා කනවා..
    ලැජ්ජයි ඕයි....නීතිය හා සාමය රකින අපිට මේවා දකිනකොට...
    මිනිස්සු කීයෙන් කීදෙනෙක්. බඩකින්නට අසරණකමට
    තමන්ගේ ආගම විකුනණගෙන....ක්‍රිස්තියානි වෙනවද ...?
    ඔය බුදුහාමුදුරුවො කියපු අල්පෙඡ්ඡ ජීවිතයද ඔය....

    උඩුවේ හාමුදුරුවෝ ගැහුවා අසපුවක් කොලම්ඹෝ සෙවන් ඉන් හෙවන්
    කොලොන්නවේ සුමංගල ගැහුවා දෙව් රම් වෙහර කියලා ලොකු එකක් ඊට වඩා ,ගහලා කෙටුවා ත්‍රිපිටකේ පර්චස් ලෙවන්...
    දෙන්නටම බැන බැන අසපු එපා කිය කිය හිටපු කිරිබත්ගොඩ හිමි ගැහුවලු සම්බුද්ධ රජමාලිගාවක් අක්කර සෙවන්...like Hevan

    තේරුම් ගනිල්ල්ලා බුදුදහම රැක ගන්න...
    අසපු, විශාල වෙහෙරවල්.. බෞද්ධ රජමාලිගාවල් තියෙන්න ඔනේ නෑ..
    අවශ්‍ය ගමයි ..ගමේ පන්සලයි....
    හෙට අනිදදා හමබයෝ එලවන් එනකොට අපිව පාරමදිවෙයි දුවන්න...
    බෞද්ධයෝ නැති වුනාම ඔය රජමාලිගා මොකාට පෙන්නනද?

    දුප්පත් බෞද්ධයින්ට රස්සවක් දෙන්න ,කීයක් හරි දෙන්න, තව මිනිහෙක් හැදෙනවා බලන් ඉදලා සතුටු වෙන්න... බැරි අපේ කුහක බෞද්ධයෝ ත්මයි ගොඩක් මේ වගේ රටට ලොකේට පෙන්න වැඩ කරන්නේ..
    මතක තියාගනිල්ලා ඩී.ජේ.. රාලහාමඉ කිව්වා කියලා.. මේ වගේ පුස් වෙඩි පතිතු කිරිල්ලෙන්... සිංහල ජාතියේ විනාසය වැඩි ඈතක නොවේ... එදාට තොපිට
    ධර්මපාල තුමා කියපුදෙවල් වගේම , මම කියපුවත් මතක් වෙයි

    හිතපල්ලා ...උබලට හිතන්න බැරි මේ කයි... මුස්ලිම් එවුන් පල්ලි ගහනවා..
    හැම අස්සක් මුල්ලක් නෑ රම ගමකට පල්ලි 2 ක 3කට වඩා තියෙන ඒවා තියෙනවා..
    ඒවාට හරියන කො පන්සල්. කිරිබත්ගොඩ හිමි ට ඔච්චරම බුදුහාමුදුරුවන්ගේ ධර්මය ව්‍යාප්ත කරන ඔනේ නම්. ඔය රජ මාලිගාවල් ගහපු සල්ලි වලින් මුලු ලංකාවේම පොඩි පොඩි ඉඩම් තෝරගෙන ඒවා අරගෙන පන්සල් හදලා..
    ඒවට හමුදුරුවෝ පිටහ් කරන්න තිබ්බා...එහෙම වුනාවන් අපේ මිනිස්සු රැකෙනවා
    ඒත් කිරිබත්ගොඩට ඔනේ වුනේ... තමන් අනිත් හාමුදුරුවන්ට වඩා ලොකු රාජකීය මට්ටමක ඉන්නවා කියලා පෙන්නන...පන්සල් හදන්න ඔනේ වෙහෙර විහාර හදන්න ඔනේ... ඒවා කරන්න ඉස්සෙල්ලා ඉන්න බෞද්ධ මිනිස්සු ටික රැක ගන ඔනේ..එහෙම නොවුනොත්... ඔය රජමාලිගාවල් වල හෙට අනිද්දා කෑලිවත් ඉතුරුවෙන්නේ නෑ...
     
    Last edited:
    • Like
    Reactions: PMUB

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    මේ වැඩ වලින් වෙන්නේ තවත් සසරට ඇලෙන එක නේද :baffled: දන්නේ නැති නිසයි ඇහුවේ :confused:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    එහේම නෙමේ.
    පුලුවන් තරම් පිනි කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝදය තකා. එම අතරම මාර්ගය වඩන්න.
    වැඩි විස්තර
    : http://sinhala.mahamevnawa.lk/