සම්මතයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    අයවැය සම්මතයි

    2016 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ සම්මත විය.අයවැයට පක්ෂව මන්ත්‍රීවරු 159 ද විපක්ෂව පනස් දෙදෙනෙක්ද ඡන්දය ප්‍රකාශ කළහ.විපක්ෂ නායක ආර් සම්බන්දන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂවයි ඡන්දය ප්‍රකාශ කළේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ අසුන් ගෙන සිටින මන්ත්‍රී කණ්ඩායම ඡන්දය ප්‍රකාශ කළේ අයවැයට විරුද්ධවයි.මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් ඡන්ද විමසන අවස්ථාවේ සභා ගර්භය තුළ නොවීය.අයවැය දෙවන වර කියවීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සභා ගර්භයේ නොසිටි අතර හිටපු ජනපතිවරයාගේ නම හඬ ගසන අවස්ථාවේ පාර්ලිමේන්තු සාමාජිකයෝ පිරිසක් ඝෝෂා කළහ.විපක්ෂය නියෝජනය කරන ආරුමුගම් තොන්ඩමන්, ඩග්ලස් දේවානන්ද සහ ලක්‍ෂ්මන් සෙනවිරත්න යන මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකශ කොට ඇත්තේ අයවැයට පක්ෂවයි.

    BBC