සම්මතයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ජන්ද 117 කින් සම්මතයි


    200px-R_Wickremasinghe.jpg


    රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇති බවට සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව ජන්ද 117-0ක් ලෙස සම්මත වුවා.

    මෙහිදී දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් සිය ජන්දය ප්‍රකාශ කල අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වූ ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ සහ මනුෂ නානායක්කාරද මෙම යෝජනවාට පක්ෂව ජන්දය ලබා දෙනු ලැබුවා. මෙම යෝජනාව සඳහා විද්‍යුත් ක්‍රමයට ජන්ද විමසීමක් සිදු කරනු ලැබුවා.

    අද දිනයට නියමිත සභා වාරය අවසන් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 18 වෙනිදා දහවල් 1.00 දක්වා කල් තබන බවට කථානායක කරු ජයසුරිය නිවේදනය කරනු ලැබුවා.

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,938
    113
    දැනට යූ ඇන්පී එකේ සජිත් ඇරුනම ඊ ලඟට ඉන්න හොඳම ගොන් තඩියෙක් තමයි මූ. මගේ මතකේ හැටියට විදුලි බල මණ්ඩලයේ ( රජයේ පොදු රැකියා) රැකියා දීම සඳහා පැවැත්වෙන සම්මුඛ සාකච්ඡා සඳහා පැමිණේන විට එක්සත් ජාතික පක්ෂයේ සාමාජික කාඩ් පතත්, එකසත් ජාතික පක්ෂය ගැන රචනාවකුත් ලියා ගෙන එන්නැයි කීවේ මේ ගොං තඩියාය..!
    මුන් සිතන ආකාරයට අනුව විදුලිබල මණ්ඩලය යනු සිරිකොතේ ශාඛාවකි...!!

    මුන්ගේ මේ ආකල්පය අතීතයේ මේ රටට තරුණ ජීවිත ලක්ෂයක් පමන අහිමි කිරීමට හේතු වූ බව මේ අම්බරුවන් දන්නේ නැත.

    මේ අසාධාරන, පක්ෂග්‍රාහී පිලිවෙත් රටේ තරුණ අසහනයට හේතු වූ බැවින්, හිටපු ජනාධිපති ප්‍රේමදාස රජයේ සියලු රැකියා දීමේදී තරඟ විභාග පවත්වා ඒ අනුව ක්‍රියා කලේය.

    වර්තමාන එක්සත් ජාතික පක්ෂ සිපයියන් ඒ අතීත හොඳ ක්‍රියාදාමයන් ගැන නොදනී.


    48085579_2800048360220387_7679112912035643392_n.jpg
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    දැන් රනිල් දිවුරුම් දුන්නාද ? උඹ සමනලයෙක් නේද