සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පහල වෙන්නේ

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පහල වෙන්නේ

අප්රමාණ කාලයක් පාරමී ධර්මයන් සම්පූර්ණ කර ගනිමින් බුදු රජාණන් වහන්සේලා මේ ලෝකයට පහල වන්නේ ඉතාමත් ම කලාතුරකින්. ඒ අවිද්යාවෙන් වැසි ගිය තණහාවෙන් බැදී ගිය, ඉමක් කොණක් නොපෙනෙන භයානක සංසාර ගමනක පැටලී සිටින, අහිංසක සත්වයන්ව මේ දුකින් මුදවාලීම පිණිස, පරම පිවිතුරු සත්යය වන වතුරාර්ය සත්යිය ධර්මයන් දේශනා කිරීමට යි.

"
පින්වත් මහණෙනි, මේ වතුරාර්ය සත්යයය ධර්මයන් අවබෝධ කර නොගැනීම නිසා ප්රතක්ෂ කර නොගැනීම නිසා මේ සා දීර්ඝ වු සංසාරයේ ඔබටත් මටත් සැරිසරා යන්නට සිදුවුනා."
(
කෝටිගාම සූත්රාය - සං. නි.)

"
ප්රිය ආයුෂ්මතුනි, පොළවේ ඇවිදගෙන යන පා ඇති සතුන් අතර ඇතැකුගේ පිටයවර සටහනක් තුළ අනෙක් සියලුම පා සටහන් දමන්නට පුළුවනි. හැම පියවර සටහනකින්ම වඩා විශාලත්වයෙන් අග්ර වෙන්නේ ඇත් පියවර සටහනයි. ප්රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහටමයි, යම්තාක් කුසල් දහම් තියෙනවා නම් ඒ සියල්ලම වතුරාර්ය සත්ය යට ඇතුලත් වෙනවා. කුමන වතුරාර්ය සත්යයකට ද ඇතුළත් වන්නේ? දුක්ඛ ආර්ය සත්ය තුළටයි, දුක්ඛ සමුදය ආර්ය සත්ය තුළටයි, දුක්ඛ නිරෝධ ආර්ය සත්ය තුළටයි, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාආර්ය සත්ය තුළටයි. "
(
මහා හත්ථිපදෝපම සූත්රදය - ම. නි.)

"
පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නම් වූ ආර්ය සත්යතයි. ඉපදීම ද දුකකි. ජරාවට පත්වීමද දුකකි. රෝග පීඩා වැළඳීම ද දුකකි. මරණය ද දුකකි. අප්රිටය පුද්ගලයින් හා අප්රිකය වස්තූන් සමග එක්වීම ද දුකකි. ප්රිය පුද්ගලයක් ගෙන් හා ප්රිය වස්තූන් ගෙන් වෙන්වීම ද දුකකි. කැමැති වන්නා වූ යම් දෙයක් ඇද්ද එය නොලැබීම ද දුකකි. සංක්ෂේපයෙන් කීවොත්, පංච උපාදානස්කන්ධයෝම දුකකි. "
(
දම්සක් පැවැතුම් සූත්ර ය - සං. නි.)

මේ බුදු රජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්යො විස්තර කරපු ආකාරය යි. ඉදින් යම් කෙනෙකු කියනවානම් මේ මහළු වීම, මරණයට පත්වීම, අකැමති අය සමග එක් වීම , ලෙඩවීම ආදි අපි එදිනෙදා විඳින දුක ගැන කියන්නද උන්වහන්සේ අප්රකමාණ කාලයක් පෙරුම් පුරාගෙන ඇවිත් මේ ලෝකෙට දේශණා කලේ කියලා. ඒ පහර වදින්නේ ඒ භාග්යීවතුන් වහන්සේගේ පළමු දේශනාව වන දම්සක් පැවැතුම් සූත්රෙ දේශනයටයි.

එදිනෙදා කොච්චර දුක් වින්දත්, බුදු කෙනෙකු කියා දෙනකම් ම මේ ලෝක සත්වයින්ට අවබෝධ කරන්න නොලැබුනේත් ඒකමයි. පළවෙනි බුද්ධ දේශනයේ සඳහන් වෙන මේ වතුරාර්ය සත්ය ය ධර්මය කොච්චර සත්යද කියනවා නම්, එදා මිගදායේ දී බුදු රජාණන් වහන්සේ මේ දම්සක් පැවැතුම් සූත්ර්ය දේශනය කරපු වෙලාවේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මේ දුක අවබෝධ කළා. ඒ විතරක්ද දසසහස්සී ලෝක ධාතුවම කම්පා වූනා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ආලෝකයක් ලෝකය පුරා පැතිරුණා.

දෙවිවරු දහම් ඝෝෂා කළා. අප භාග්යවවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදි එය වනාහී කිසිම ශ්රනමනයෙකුට හෝ බ්රෙහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්රලහ්මයෙකුට හෝ ලෝකයේ වෙන කවරෙකුට හෝ වෙනස් කරන්න බෑ කියලා. ඉතින් මේ විදිහට දහම් ඝෝෂා කරලා කියපු දේ මොන තරම් නම් සත්යසක්ද.

"
පින්වත් මහණෙනි, මේ ලෝකයේ කරුණු තුනක් දක්නට නැත්නම් තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහල වෙන්නේ නෑ. ඒ කවර කරුණු තුනක්ද? ඉපදීම, ජරාවට පත්වීම, මරණය"
(
තයෝධම්ම සූත්රලය - අං. නි.)

මේ දේශනාවෙන් හොඳටම පැහැදිලි වෙන්නේ ඉපදීම, ජරාවට පත්වීම, මරණය නැමැති දුක් තියෙන නිසාමයි බුදු රජාණන් වහන්සේලා මේ ලෝකයට පහල වෙන්නේ. මේ කරුණු තුන අපේ ජීවිත තුළ නැත්නම් අපිට බුදු රජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අවශ්ය් වෙන්නේත් නෑ.

කවුරුන් කෙසේ විග්රහයන් දුන්නත් අපි බුදු රජානන් වහන්සේගේ ශ්රාවකයින් විදිහට කල්පනාවෙන් තොරල බේරලා ධර්මය යි අධර්මය යි වෙන් කරලා තේරුම් ගන්න ඕනා.

"
පින්වත් මහණෙනි, යම් ඒ භික්ෂුන් වහන්සේලා ධර්මය අධර්මය වශයෙන් විස්තර කරනවා නම්, පින්වත් මහණෙනි, ඒ භික්ෂුන් බොහෝ ජනයාගේ අයහපත පිණිස, බොහෝ දෙනාගේ අපහසුව පිණිස, බොහෝ දෙනාගේත්, දෙවි මිනිසුන්ගේත්, අනර්ථය පිණිස ම, අහිත පිණිස ම, දුක පිණිස ම පිළිපන් පිරිසකි. පින්වත් මහණෙනි, ඒ භික්ෂුන් බොහෝ පව් රැස් කරගන්නවා. ඔවුන් තමයි මේ සද්ධර්මය (බුද්ධ සාසනය)අතුරුදහන් කරන්නේ."
(
අං. නි.)
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
:D වෙසක් දිනයේදී ඉතා වටිනා ධර්ම දානයක්. බොහොම පින්.