සමාජය නිර්මාණය කළ මහා අපරාධකාරයකුගේ කතාව

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    සුමිත් ගුණසේකර මහතාගේ නිවෙස පිහිටියේ රත්නපුර මලංගොඩ ප‍්‍රදේශයේය. ධනවත් මැණික් ව්‍යාපාරිකයෙක් වන මොහුට නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කර ඔහු සතුව තිබූ රුපියල් ලක්‍ෂ 80ක් පමණ වටිනා මැණික්ගල් තොගයක් කොල්ල කල්ලියක් විසින් පැහැරගෙන යනු ලැබුවේ පසුගිය පෙබරවාරි 13 වැනිදාය.

    මේ සිද්ධියෙන් පසු මුළු ප‍්‍රදේශයම භීතියෙන් ඇළලී ගොස් තිබූ අතර වැඩියෙන්ම බියට පත්ව ඇත්තේ ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන්ය.
    රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් මේ මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතකයන් සොයා පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි.

    හික්කඩුව ප‍්‍රදේශයේ නිවසක මලංගොඩ මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු සැඟවී සිටින බවට තොරතුරු හෙළිකර ගත්තේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමකි. සැකකරුවන් දෙදෙනා සැඟව සිටින ඉසව්ව තාක්‍ෂණ ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් නිශ්චිතව හඳුනා ගැනීමෙන් පසු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් ඒ බව රත්නපුර මූලස්ථාන පොලිස් ස්ථානය වෙත දැනුම්දී තිබේ.

    සබරගමුව පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ හා නියෝජ්‍ය පොලිස්පති මැක්සි ප්‍රොක්ටර් යන මහත්වරුන්ගේ උපදෙස් මත මැණික් මුදලාලිගේ ඝාතකයන් දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක විය. පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමකගේ ද සහාය ඇතිව රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අමරසේකර මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් ද හික්කඩුව බලා ගොස් අපරාධකරුවන් දෙදෙනා පදිංචිව සිටි නිවස වටලනු ලැබුවේ පසුගිය 10 වැනිදා රාති‍්‍ර 11.30ට පමණය. පොලිස් කණ්ඩායම මෙම නිවෙස වටලන අවස්ථාවේ ඒ දෙදෙනා සහ ඒ ගෙදර අය තද නින්දේ පසු වූහ.
    පොලිස් විශේෂ කාර්ය බලකායේ හා රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායම් විසින් මේ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ අතර මොවුන් දෙදෙනාට රැුකවරණය ලබාදීම සම්බන්ධයෙන් නිවසේ සිටි අඹු සැමි යුවළක් ද මේ සමගම අත්අඩංගුවට ගනු ලැබූහ.


    රත්නපුර මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක් අයෙක් දකුණේ නම ගිය පාතාල නායකයෙකි. මොහු නමින් අරුණ ගමගේ සුගත් චාමින්ද (33) හෙවත් පාලංකඩ හීන් මල්ලි නමැත්තෙක් වන අතර පාලංකඩ හීනා යන නමද ඔහුට පට බැඳී තිබිණි. මෙම තැනැත්තා සමග අල්ලාගත් අනෙකා ඔහුගේ සගයකු බව කියන සූරියවැව පදිංචි නාමල් නැමැත්තෙකි.
    පාලංකඩ හීනා යන නම ඇසූ පමණින් පවා දකුණේ ජනතාව භීතියෙන් මුසපත් වන්නේ ඒ තරමටම ඔහු දරුණු අපරාධකාරයෙක් වන බවද කියති.
    මොහුගේ උපන්ගම වනුයේ දික්වැල්ල පොලිස් වසමේ මුල්කිරිගල පාලංකඩය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විෂයන් පහක් සම්මාන තුනක් සමග සමත්ව ඇති පාලංකඩ හීං මල්ලි නමැත්තා ගොවිතැන්කර කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන ගොස් ඇත. මොහු උපත ලබා ඇත්තේ 1981.03.31 වැනි දින වීරකැටිය රෝහලේදීය.
    මව ජීවතුන් අතර සිටින අතර මොහුගේ පියා වන අරුම ගමගේ ආරියසේන නමැත්තා මීට වසර 8කට පමණ පෙර නාඳුනන කණ්ඩායමක් ගෙල මිරිකා ඝාතනය කර ඇත.
    palankada-heena.jpg


    පාලංකඩ හීං මල්ලි නමැත්තාගේ පියාටද මනුෂ්‍ය ඝාතනයක් හා කසිප්පු ළඟ තබා ගැනීම සම්බන්ධ නඩු කිහිපයක් තිබී ඇත. පාලංකඩ හිං මල්ලි නමැත්තා දකුණු පළාත් සභාවේ මන්ත‍්‍රීවරයකු ළඟින්ම ඇසුරු කරන බව පොලිස් පරීක්‍ෂණවලින් හෙළිදරව්වී තිබේ.

    අලූත්ගෙදර ඌරුගමුව ගම්මානයේ පදිංචි තරුණියක් හා විවාහ වූ පාලංකඩ හීනා එක්දරු පියෙකි. මොහු බිරියට, දරුවාට සහ මවට අසීමිත ආදරයක් දක්වා ඇත. පාලංකඩ හීන් මල්ලි නමැත්තාගේ එක් සහෝදරයෙක් නාවික හමුදාවේ සේවය කරමින් සිටියදී පලා ඇවිත් කොල්ලකෑම් තුනකට ද හවුල්වී තිබේ. මොහු පාතාල ලෝකයට ඇදවැටී දරුණු අපරාධකාරයෙක් දක්වා තල්ලූවී යාමට පවුල් පසුබිම හා වෙනත් සමාජමය හේතු සාධක රැුසක් බලපා ඇත. රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හික්කඩුවේ නිවසක සැඟවී සිටියදී කොටුවීමට කලින් මේ පාලංකඩ හීන් මල්ලි අත්අඩංගුවට ගෙන තිබුණේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසිනි.
    ඒ 2011 වසරේදීය.

    තංගල්ල කොට්ඨාසය බාරව එවකට සිටි දැනට කැළණිය කොට්ඨාසය බාරව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.ඊ. විදිසිංහ මහතා යටතේ කි‍්‍රයාත්මක වූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ එවකට ස්ථානාධිපතිවරයාව සිටි වර්තමානයේ කටුවන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වත්මන් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විජේසිරි බණ්ඩාර යන මහත්වරුන් විසින් 2011 වසරේදී පාලංකඩ හීන් මල්ලි අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ දික්වැල්ල ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදීය.

    වීරකැටිය ප‍්‍රදේශයේදී 2004.08.10 වැනි දින රාති‍්‍ර කාලයේ අමරසිංහගේ ධර්මදාස නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සහ නිවිතිගල ප‍්‍රදේශයේදී 2005 වසරේදී මැණික් ව්‍යාපාරිකයකු සතු රුපියල් කෝටි ගණනක මැණික් ගල් තොගයක් කොල්ලකෑමට ගිය අවස්ථාවේ එම කොල්ලය වැළැක්වීමට පැමිණි පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් පරීක්‍ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු පාලංකඩ හීන් මල්ලිගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණයවී තිබේ.
    මීට අමතරව අමරසිංහගේ ධර්මදාස නමැත්තාගේ සිරුර අවසන් කටයුතු කරන තෙක් බෙලිඅත්තේ පිහිටි ඔහුගේ නිවෙසේ තැන්පත් කර තිබියදී 2004.08.13 වැනි දින කඩා වැදී එම ගෙදර සිටි ධර්මේගේ සහෝදර සහෝදරියන් 4 දෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ද පාලංකඩ හීන්මල්ලි ඇතුළු ඔහුගේ සගයන් කිහිප දෙනකු විසින් බව ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත.
    නිවසේ තැන්පත් කර තිබූ ධර්මදාසගේ මිනියටද වෙඩි වරුසාවක් එල්ලකර තිබූ අතර එම වෙඩි වරුසාව එල්ලකර ඇත්තේ පාලංකඩ හීන් මල්ලි බව පොලිසිය ඔහුගෙන් ප‍්‍රශ්නකර හෙළිකරගෙන තිබිණි.
    ධර්මදාස නමැත්තාට වෙඩි තබා මරා දමා ඇත්තේ ද පාලංකඩ හීන් මල්ලි නමැත්තා වන අතර ඔහුගේ (ධර්මදාසගේ) සහෝදර සහෝදරියන් 4 දෙනකුව වෙඩි තබා ඝාතනය කර මිනියට ද වෙඩි වරුසාවක් එල්ල කර ඇත්තේ ද හීන් මල්ලිය.

    අවුරුදු 16 ක පමණ වයසේ සිටියදී පාලංකඩ හීන් මල්ලිට ගිනි අවි පරිහරණය පිළිබඳව පුහුණුව ලබාදී ඇත්තේ ආමි ජිනේ නමැති පාතාල නායකයෙක් වන අතර ඔහු පාලංකඩ හීන් මල්ලිගේ මවගේ පැත්තෙන් ඥාතිකමක් ද ඇත.
    පාතාල කල්ලි නායකයෙක්ව සිටි ආමි ජිනේ නමැත්තා අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමක් හා ආමි ජිනේ අතර තංගල්ල ප‍්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී උප පොලිස් පරීක්‍ෂක? මහතා මියගිය අතර ආමි ජිනේ බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත්කර තිබිණි.

    රෝහල් ගතකර ප‍්‍රතිකාර ලබමින් සිටි ආමි ජිනේ නමැති පාතාල නායකයාව නොහඳුනන කණ්ඩායමක් රෝහලට කඩා වැදී වෙඩි තබා ඝාතනය කළ අතර මේ ඝාතනය සිදුකරනු ලැබුවේ කළුවා නමැත්තාගේ සහෝදරයකු වන ධර්මදාස නමැත්තා විසින් බවට සැකකර ඔහු (ධර්මදාස) නමැත්තා ඝාතනය කිරීමට ආසන්නතම හේතුව විය.ධර්මදාස නමැත්තා කළුවා නමැත්තාගේ සහෝදරයකු වන අතර කළුවා ඝාතනය කර තිබුණේ ආමි ජිනේය.

    මේවා සියල්ල පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇති කරුණු යැයි පැවසුවේ මේ සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්වූ පොලිස් නිලධාරියෙකි.
    කොල්ලකෑම් සඳහා පාලංකඩ හීන් මල්ලි අත්පොත් තබා ඇත්තේ මුල්කිරිගල ප‍්‍රදේශයේ උසස් විද්‍යාලයක විදුහල්පතිගේ නිල නිවාසය කඩා මුදල් හා දේපොල සොරා ගැනීමෙනි. මේ සොරකම සිදුකර ඇත්තේ ඔහු පාසල් යමින් සිටි අතරවාරයේ ඔහුගේ පාසල් මිතුරෙකු ද සමග ගොස්ය.

    ඔහු ඉගෙන ගත් පාසලේම ගුරුවරියකගේ නිවසින් මුදල් හා දේපොල සොරාගෙන ගොස් ඇත්තේ ද බාල වයස්කාර සිසුවෙකුව සිටි කාලයේදීය.
    පාලංකඩ හීන් මල්ලි නමැත්තා අපරාධකාරයෙක් වූ හැටි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.



    බම්ප් එකක් දාගෙන යන්න දෙවැනි කොටස දාන්න..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවේ සමහර ගෑණු මහන්සි වෙලා ජොබ් ඵකක් කරන්න කම්මැලිකමට වේසකමේ ගිහින් පිරිමි නිසා ඵහෙම වුනා කියනව වගේ තමා මුනුත් කරන්න පුළුවන් හැම බලු වැඩක්ම කරලා සමාජයට අැඟිල්ල දික් කරන්නේ..ගංජ ජෙප්පොත් ඔය වගේනේ...🤣🤣
     
    • Like
    Reactions: Samaposha

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113

    දෙවැනි කොටස..​

    අක්කාට අතවර කළ කළුවා මරා දමා මම අපරාධකාරයෙක් වුණා


    මගේ අක්කා ගාර්මන්ට් එකක වැඩට ගියා. අක්කා වැඩ ඇරිලා ගෙදර එද්දී මැදකොරටුවේ කළුවා නමැත්තා අක්කාව කැළෑවකට ඇදගෙන ගිහින් අතවර කර තිබුණා. මැදකොරටුවේ කළුවා කියන්නේ ඒ කාලයේ ගමේ ලොකු චණ්ඩියෙක්. ගමේ හැමෝම වාගේ එයාට බයයි. හමුදාවේ සේවය කරමින් ඉද්දී පැනලා ආපු අයෙක්. කළුවාගේ මේ වැඬේ හින්ද අක්කාගේ බඬේ දරුවෙක් පිළිසිඳ ගත්තා.

    අක්කාට බබා ලැබුණාට පස්සේ මම කළුවා සොයාගෙන ඔහුගේ ගෙදරට ගියා. එතකොට මගේ වයස අවුරුදු 16ක් විතර වෙනවා. ඉස්කෝලෙ යන කොල්ලෙක් අක්කාට තිබුණ ආදරය නිසයි මම දාමරිකයෙක් වුණත් කළුවා සොයාගෙන ගියේ.

    මගේ අක්කාට බබෙක් ලැබුණා. එයා දුවක්. කළුවා අයියේ ඔයා ඇවිත් ඒ බබාව තාත්තා විදියට නම දෙන්න කියා ඉල්ලීමක් කළා යැයි පාලංකඩ හීන් මල්ලි පොලිසියට පාපොච්චාරණය කරමින් පවසා ඇත.

    අක්කා වෙනුවෙන් මා මේ ඉල්ලීම කළා විතරයි කෝපයට පත්වූ කළුවා මට දිගට හරහ හොඳ හැටි පහර දුන්නා. පහර කාගෙන මම ගෙදර දුවගෙන ඇවිත් අම්මාට කළුවා මට හොඳටම ගැහැව්ව බව කිව්වා. අම්මා මගේ ඔළුව අතගාමින් ඇඬුවා. මට හරියට අපි ගැනම දුක හිතුනා.

    ඊට පස්සේ කළුවා මට දකින දකින තැන්වලදී පහර දෙන්න පටන් ගත්තා. ගෙදරට ඇවිත් උඹලා සේරම මරනවා කියා මට තර්ජනය කළා. එතකොට අක්කාගේ දුවගේ වයස අවුරුදු තුනක් විතර ඇති. කළුවා අක්කාගේ දුව මරන්න ?ක ගෙදරට පැන්නා. මම අක්කාගේ දුව වඩාගෙන කැලේ පැනලා හැංගුනා. කළුවාට දුව මරාගන්න එදා බැරිව ගියා. මම එහෙම නොකරන්න එදා කළුවා එයාගේ ලෙයින්ම බිහිවුන දරුවා මරා දමනවා. ඒකෙ දෙකක් නැහැ. කළුවා කියන්නේ කිසිම අණක් ගුණක් නැති එකෙක්. මේ සිද්ධියෙන් පස්සේ අක්කාවයි පොඩි එකාවයි කොළඹ පිටත්කර යැව්වා.


    කළුවාගෙන් නිතර නිතර අපේ පවුලේ අයට සිදුවන හිරිහැර ගැන අම්මා ආමි ජිනේගේ කකුල් දෙක අල්ලා වැඳලා කිව්වා. ආමි ජිනේ අම්මාගේ ඥාතියෙක් වෙනවා. මේ වෙනකොට මම අපොස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටියේ. ආමි ජිනේ මගෙන් ඇහැව්වා උඹ වෙඩි තියන්න ඉගෙන ගන්න කැමති ද කියා. මම ඔව් කියා කිව්වා. ආමි ජිනේ මාව කැලේකට එක්කගෙන ගියා. පතරොම් තුවක්කුවක් අතට දීලා ඉලක්කයට වෙඩි තියන්න පුරුදු කළා. ගස් ගල්වලට වෙඩි තිය තියා තමා ඉලක්කයට වෙඩි තියන්න පුරුදු වුණේ. මුලින්ම බයෙන් බයෙන් තමා වෙඩි තිබ්බේ.


    වෙඩි තියන්න පුහුණු වුණාට දින තුනකට විතර පස්සේ මමයි ආමි ජිනේයි කළුවාගේ ගෙදරට රෑක ගියා. ආමි ජිනේ මට පතරොම් තුවක්කුවක් අතට දීලා අවශ්‍ය වුණොත් විතරක් පාවිච්චියට ගනින් කිව්වා. කළුවා ගෙදර පෙනෙන හරියේ හිටියේ නැහැ. ගොඩක් වෙලාවකට පස්සේ ඌ කළුවරේම ගෙදර ආවා. ආමි ජිනේ කළුවාට වෙඩි තිබ්බා. ඒ වෙඩි පහරින් කළුවා මැරුම් කෑවා. අපි පැනලා ආවා. පසු කාලයක මම ටී. 56 අවියකින්, පිස්තෝලයකින් වෙඩි තියන්නත් ඒවා ගලවා සවිකරන්නත් ආමි ජිනේගෙන් ඉගෙන ගත්තා. මේවායෙන් වෙඩි තියන්න ඉගෙන ගත් කාලෙත් මම පොඩි කොල්ලෙක්.


    මුල්කිරිගල මම ඉගෙන ගත්තු ඉස්කෝලේ ඒ කාලයේ පියසිරි කියා මිස් කෙනෙක් හිටියා. මම ඒ මිස්ගේ ගෙදරට හොරෙන් රිංගලා සල්ලි හොරකම්කර තිබෙනවා. මුලින්ම හොරකමක් විදියට කළේ පින්සිපල් සර් කෙනකුගේ නිල කාමරය කඩලා සල්ලි හොරකම් කරගත්ත එක යැයිද පාලංකඩ හීන් මල්ලි පොලිසියට පාපොච්චාරණයක් කරමින් එදා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමග පවසා තිබූ බව පැවසුවේ සබරගමුව ප‍්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකි.

    පාලංකඩ හීන් මල්ලිගේ මවට පළමු කසාදයෙන් පුතුන් දෙදෙනෙකු හා දියණියක් ද වෙයි. පාලංකඩ හීන් මල්ලි මෙලොවට බිහිවී ඇත්තේ ඔහුගේ මවගේ දෙවැනි විවාහයෙනි.


    පොලිස් පොත්වල සටහන්ව ඇති ආකාරයට පාලංකඩ හීන් මල්ලි කර ඇතැයි කියන මිනී මැරුම් සංඛ්‍යාව 15ක් වන අතර කොල්ලකෑම් සංඛ්‍යාව 25 කි.

    පාලංකඩ හීන් මල්ලි නමැති මෙම පාතාල නායකයා සහ ඔහුගේ සගයෙක් වන නාමල් නමැත්තා හික්කඩුව ප‍්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පොලිසියට කොටුවීමෙන් පසු රැගෙන ආවේ රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙතය
    මැණික් ව්‍යාපාරිකයෙකු වූ සුමිත් ගුණසේකර මහතාගේ ඝාතනයට යොදාගත් ගිනි අවිය රත්නපුර මහවෙලවත්ත ප‍්‍රදේශයේ කැලෑවක සඟවා තිබෙන බව පාලංකඩ හීන් මල්ලි හෙළිකර ඇත්තේ පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදීය.

    තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ එවකට ස්ථානාධිපති තනතුර දැරූ වර්තමානයේ කටුවන පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි කරන පොලිස් පරීක්‍ෂක අනුර සුසන්ත මහතා සහ දැනට එම අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන පොලිස් පරීක්‍ෂක බණ්ඩාර විජේසිරි මහතාව ද ඝාතනය කිරීමට යොදා තිබූ සැලැස්මක් ගැනද මොවුන්ගෙන් පොලිසිය ප‍්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත.


    පොලිස් පරීක්‍ෂක අනුර සුසන්ත හා පොලිස් පරීක්‍ෂක බණ්ඩාර විජේසිරි යන මහත්වරුන් ගමන් ගන්නා මාර්ගවල ඇම්බුෂ් දමා ගෙන සිට ඇත්තේ ඔවුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමටය.

    මෙසේ අවස්ථා තුනක් පමණ මේ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමට රැුක සිට ඇතත් එම ඝාතන සැලැස්ම කි‍්‍රයාත්මක කිරීමට නොහැකිවී ඇත්තේ එම මාර්ගය ඔස්සේ ගමන් නොකිරීම නිසාය.



    මේ තොරතුරු පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

    සර් වෙපන් එක මහවෙලවත්තේ කැළෑවේ හංගලා තියෙනවා. ආයෙත් ඕනෑ වුනොත් ගන්නයි වෙපන් එක කැලෑවේ හැංගුවේ. මට එහෙ ගියොත් ඒ වෙපන් එක පෙන්නුව හැකැයි යැයි පාලංකඩ හීන් මල්ලි නමැති පාතාල නායකයා පැවසීම නිසා ඔහුගේ මග පෙන්වීම යටතේ පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම පිටත්ව ගොස් ඇත්තේ සඟවා ඇති ඒ අවිය සොයා ගැනීමටය.

    මහවෙලවත්ත ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ සඟවා ඇති ස්ථානයකින් මොහු එක්වරම අත්බෝම්බයක් අතට ගෙන දමා ගැසීමට උත්සාහ කරනවාත් සමගම පොලිස් පරීක්‍ෂක අමරසිරි මහතා ආත්ම ආරක්‍ෂාව පතා ක්‍ෂණිකව කි‍්‍රයාත්මක වී වෙඩි පහරක් එල්ල කළ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.


    වෙඩි පහරට ලක්වී සිටි මොහු කඩිනමින් රත්නපුර මහ රෝහලට රැුගෙන ගිය බවත් වෛද්‍යවරුන් පරීක්‍ෂාකර බලා ඔහු මිය ගොස් ඇති බවත් දැනුම් දුන්නේ යැයිද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. කුඩා කාලයේ සිට මව් පිය සෙනෙහස නිසි රැුකවරණයක් නොලැබීම හා නිිසි මග පෙන්වීමක් නොලැබීම හේතුවෙන් අවසානයේ පාලංකඩ හීන් මල්ලි නැවතුනේ පාතාල ලෝකයේ දරුණු අපරාධකාරයෙක් ලෙසය. මව්පිය සෙනෙහස හා නිසි රැුකවරණයත් මග පෙන්වීමත් ලැබුණේ නම් නිවැරදි ගුරුහරුකම් ලැබුණේ නම් මොහු පාතාල ලෝකයේ අගාධයට ඇද නොවැටීමට බොහෝ සෙයින් ඉඩ තිබිණි.

    කෙසේ වෙතත් දකුණු පළාත හොල්ලාගෙන සිටි පාතාල නායකයෙකුගේ ඉරණම විසඳුනේ අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන සනාථ කරමින්ය.


    ලංකාදීප පුවත් පතේ උපුටාගනිමකි... ලංකාදීප
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,536
    113
    ලංකාවේ සමහර ගෑණු මහන්සි වෙලා ජොබ් ඵකක් කරන්න කම්මැලිකමට වේසකමේ ගිහින් පිරිමි නිසා ඵහෙම වුනා කියනව වගේ තමා මුනුත් කරන්න පුළුවන් හැම බලු වැඩක්ම කරලා සමාජයට අැඟිල්ල දික් කරන්නේ..ගංජ ජෙප්පොත් ඔය වගේනේ...🤣🤣
    Agre with the first part. everyone finds it easy to blame on the society when something goes wrong.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    හීන් මල්ලි ඇතුළු මැර කල්ලියේ දරුණුතම ඝාතනයක් වූයේ පාලංකඩ ‘ධර්මේ’ ඝාතන සිද්ධිය. ධර්මේ සිය පුතණුවන් සමග ඥාති ගෙදරක ගොස් එන විටදී නිවස පෙනෙන මානයේදී මහ මගදී වෙඩි තබා ගියේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසිනි. හිස් ආවරණ ගලවා ටී පනස් හය ගිනි අවියකින් පියාට වෙඩි තබනු දුටු පුතණුවන් බියට පත්ව කෑ ගසමින් නිවසට දිව්වේය. නිවැසියන් ගොස් බලන විටත් ධර්මේ අවසන් ගමන් ගොස් සිටියේය. ධර්මේ නැතහොත් ධර්මරත්නගේ ඝාතනය පෞද්ගලික කෝන්තරයකට සිදු වූවක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

    2004 දී ධර්මරත්න මෙසේ වෙඩි වැදී මිය යන විට හතළිස් එක් වැනි වියේ පසු වූයේය. තුන වසරේ ඉගෙනුම ලැබූ පුතු සහ ළදරු පාසල් යන දියණිය සමග ධර්මේගේ බිරිය මෙලොව අසරණ වූහ. තම සැමියාට වෙච්ච දේ හිතා ගත නොහැකිව ධර්මේගේ බිරිය විලාප දුන්නාය.

    නිවසේ තැන්පත් කර තිබූ ධර්මේගේ දේහයට ගෞරව කරන්නට දහස් ගණනින් සෙනග ඇදී ආවේ ධර්මේ ගමේ කොයි කා අතරත් හොඳ හිත දිනා ගත් අයෙකු බැවිනි. දේහය නිවසේ තිබියදී යතුරු පැදි වලින් පැමිණි කණ්ඩායමක් නිවසට කඩා වැද වෙඩි පිට වෙඩි වරුසාවක් තැබුවේ රැස්ව සිටිය වුන් සී සී කඩ දුවද්දීය. ධර්මේගේ පවුලේ සොයුරු සොයුරියන් හතර දෙනෙක් තැන තැන වැටී සිටියේ ලේ විලක් මැද ය. කිසිවෙකුගෙත් පණ නල රැදි තිබුණේ නැත. එතැනින් නොනැවතුණු ම්ලේච්ඡ ඝාතකයින් ධර්මේගේ මෘත ශරීරය ද පිට පිට වෙඩි තබන්නට තරම් කුරිරු වූහ.

    ‘ධර්මේගේ මිනියටත් උන් වෙඩි තිබ්බා...’

    බිරිය තවමත් ඒ ගැන මතක් කරන්නේ වේදනාවෙනි.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,775
    6,852
    113
    සර් වෙපන් එක මහවෙලවත්තේ කැළෑවේ හංගලා තියෙනවා. ආයෙත් ඕනෑ වුනොත් ගන්නයි වෙපන් එක කැලෑවේ හැංගුවේ. මට එහෙ ගියොත් ඒ වෙපන් එක පෙන්නුව හැකැයි යැයි පාලංකඩ හීන් මල්ලි නමැති පාතාල නායකයා පැවසීම නිසා ඔහුගේ මග පෙන්වීම යටතේ පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම පිටත්ව ගොස් ඇත්තේ සඟවා ඇති ඒ අවිය සොයා ගැනීමටය.

    මහවෙලවත්ත ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ සඟවා ඇති ස්ථානයකින් මොහු එක්වරම අත්බෝම්බයක් අතට ගෙන දමා ගැසීමට උත්සාහ කරනවාත් සමගම පොලිස් පරීක්‍ෂක අමරසිරි මහතා ආත්ම ආරක්‍ෂාව පතා ක්‍ෂණිකව කි‍්‍රයාත්මක වී වෙඩි පහරක් එල්ල කළ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    අපරාධකාරයෝ වීරයෝ කරන තුට්ටු දෙකේ බෝතල් පත්තරකාරයෝ.
    මූ බල්ලෙක් බන් බලපන් පහල මේ බලගහන් ..

    හීන් මල්ලි ඇතුළු මැර කල්ලියේ දරුණුතම ඝාතනයක් වූයේ පාලංකඩ ‘ධර්මේ’ ඝාතන සිද්ධිය. ධර්මේ සිය පුතණුවන් සමග ඥාති ගෙදරක ගොස් එන විටදී නිවස පෙනෙන මානයේදී මහ මගදී වෙඩි තබා ගියේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසිනි. හිස් ආවරණ ගලවා ටී පනස් හය ගිනි අවියකින් පියාට වෙඩි තබනු දුටු පුතණුවන් බියට පත්ව කෑ ගසමින් නිවසට දිව්වේය. නිවැසියන් ගොස් බලන විටත් ධර්මේ අවසන් ගමන් ගොස් සිටියේය. ධර්මේ නැතහොත් ධර්මරත්නගේ ඝාතනය පෞද්ගලික කෝන්තරයකට සිදු වූවක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

    2004 දී ධර්මරත්න මෙසේ වෙඩි වැදී මිය යන විට හතළිස් එක් වැනි වියේ පසු වූයේය. තුන වසරේ ඉගෙනුම ලැබූ පුතු සහ ළදරු පාසල් යන දියණිය සමග ධර්මේගේ බිරිය මෙලොව අසරණ වූහ. තම සැමියාට වෙච්ච දේ හිතා ගත නොහැකිව ධර්මේගේ බිරිය විලාප දුන්නාය.

    නිවසේ තැන්පත් කර තිබූ ධර්මේගේ දේහයට ගෞරව කරන්නට දහස් ගණනින් සෙනග ඇදී ආවේ ධර්මේ ගමේ කොයි කා අතරත් හොඳ හිත දිනා ගත් අයෙකු බැවිනි. දේහය නිවසේ තිබියදී යතුරු පැදි වලින් පැමිණි කණ්ඩායමක් නිවසට කඩා වැද වෙඩි පිට වෙඩි වරුසාවක් තැබුවේ රැස්ව සිටිය වුන් සී සී කඩ දුවද්දීය. ධර්මේගේ පවුලේ සොයුරු සොයුරියන් හතර දෙනෙක් තැන තැන වැටී සිටියේ ලේ විලක් මැද ය. කිසිවෙකුගෙත් පණ නල රැදි තිබුණේ නැත. එතැනින් නොනැවතුණු ම්ලේච්ඡ ඝාතකයින් ධර්මේගේ මෘත ශරීරය ද පිට පිට වෙඩි තබන්නට තරම් කුරිරු වූහ.

    ‘ධර්මේගේ මිනියටත් උන් වෙඩි තිබ්බා...’

    බිරිය තවමත් ඒ ගැන මතක් කරන්නේ වේදනාවෙනි.
     
    Last edited:
    • Sad
    Reactions: Ryan08 and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    සුමිත් ගුණසේකර මහතාගේ නිවෙස පිහිටියේ රත්නපුර මලංගොඩ ප‍්‍රදේශයේය. ධනවත් මැණික් ව්‍යාපාරිකයෙක් වන මොහුට නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කර ඔහු සතුව තිබූ රුපියල් ලක්‍ෂ 80ක් පමණ වටිනා මැණික්ගල් තොගයක් කොල්ල කල්ලියක් විසින් පැහැරගෙන යනු ලැබුවේ පසුගිය පෙබරවාරි 13 වැනිදාය.
    රත්නපුර මලංගොඩ කියල තැනක් නෑ, මලංගම කියල තියෙන්නේ, පත්තරකාරයෝ දන්නවා පකක්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මේ බුවාගෙ ෆොටෝ එක බලපන්කො කලු කෙට්ටු ගෝතයෙක් වගේනෙ පේන්නෙ? නිකං පාරෙදි අහම්බෙන් හරි කේස් එකක් සෙට් උනොත් ඔය වගේ එකෙක් එක්ක අපි උනත් ගේම ඉල්ලලා නෙලන්න යනවනෙ ? දන්නැතුව ඔහොම පාතාලෙ බුවෙක්ගෙන් ගේම ඉල්ලුවොත් කොහොම වෙයිද? 😂