සුමිත් ගුණසේකර මහතාගේ නිවෙස පිහිටියේ රත්නපුර මලංගොඩ ප්රදේශයේය. ධනවත් මැණික් ව්‍යාපාරිකයෙක් වන මොහුට නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කර ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා මැණික්ගල් තොගයක් කොල්ල කල්ලියක් විසින් පැහැරගෙන යනු ලැබුවේ පසුගිය පෙබරවාරි 13 වැනිදාය.
මේ සිද්ධියෙන් පසු මුළු ප්‍රදේශයම භීතියෙන් ඇළලී ගොස් තිබූ අතර වැඩියෙන්ම බියට පත්ව ඇත්තේ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන්ය.
රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් මේ මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතකයන් සොයා පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
හික්කඩුව ප්‍රදේශයේ නිවසක මලංගොඩ මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු සැඟවී සිටින බවට තොරතුරු හෙළිකර ගත්තේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ වැඩ බලන අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමකි. සැකකරුවන් දෙදෙනා සැඟව සිටින ඉසව්ව තාක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් නිශ්චිතව හඳුනා ගැනීමෙන් පසු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් ඒ බව රත්නපුර මූලස්ථාන පොලිස් ස්ථානය වෙත දැනුම්දී තිබේ.
සබරගමුව පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ හා නියෝජ්‍ය පොලිස්පති මැක්සි ප්‍රොක්ටර් යන මහත්වරුන්ගේ උපදෙස් මත මැණික් මුදලාලිගේ ඝාතකයන් දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක විය. පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමකගේ ද සහාය ඇතිව රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමරසේකර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් ද හික්කඩුව බලා ගොස් අපරාධකරුවන් දෙදෙනා පදිංචිව සිටි නිවස වටලනු ලැබුවේ පසුගිය 10 වැනිදා රාති‍්‍ර 11.30ට පමණය. පොලිස් කණ්ඩායම මෙම නිවෙස වටලන අවස්ථාවේ ඒ දෙදෙනා සහ ඒ ගෙදර අය තද නින්දේ පසු වූහ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ හා රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායම් විසින් මේ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ අතර මොවුන් දෙදෙනාට රැුකවරණය ලබාදීම සම්බන්ධයෙන් නිවසේ සිටි අඹු සැමි යුවළක් ද මේ සමගම අත්අඩංගුවට ගනු ලැබූහ.
රත්නපුර මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක් අයෙක් දකුණේ නම ගිය පාතාල නායකයෙකි. මොහු නමින් අරුණ ගමගේ සුගත් චාමින්ද (33) හෙවත් පාලංකඩ හීන් මල්ලි නමැත්තෙක් වන අතර පාලංකඩ හීනා යන නමද ඔහුට පට බැඳී තිබිණි. මෙම තැනැත්තා සමග අල්ලාගත් අනෙකා ඔහුගේ සගයකු බව කියන සූරියවැව පදිංචි නාමල් නැමැත්තෙකි.
පාලංකඩ හීනා යන නම ඇසූ පමණින් පවා දකුණේ ජනතාව භීතියෙන් මුසපත් වන්නේ ඒ තරමටම ඔහු දරුණු අපරාධකාරයෙක් වන බවද කියති.
මොහුගේ උපන්ගම වනුයේ දික්වැල්ල පොලිස් වසමේ මුල්කිරිගල පාලංකඩය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විෂයන් පහක් සම්මාන තුනක් සමග සමත්ව ඇති පාලංකඩ හීං මල්ලි නමැත්තා ගොවිතැන්කර කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන ගොස් ඇත. මොහු උපත ලබා ඇත්තේ 1981.03.31 වැනි දින වීරකැටිය රෝහලේදීය.
මව ජීවතුන් අතර සිටින අතර මොහුගේ පියා වන අරුම ගමගේ ආරියසේන නමැත්තා මීට වසර 8කට පමණ පෙර නාඳුනන කණ්ඩායමක් ගෙල මිරිකා ඝාතනය කර ඇත.
පාලංකඩ හීං මල්ලි නමැත්තාගේ පියාටද මනුෂ්‍ය ඝාතනයක් හා කසිප්පු ළඟ තබා ගැනීම සම්බන්ධ නඩු කිහිපයක් තිබී ඇත. පාලංකඩ හිං මල්ලි නමැත්තා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ළඟින්ම ඇසුරු කරන බව පොලිස් පරීක්ෂණවලින් හෙළිදරව්වී තිබේ.
අලූත්ගෙදර ඌරුගමුව ගම්මානයේ පදිංචි තරුණියක් හා විවාහ වූ පාලංකඩ හීනා එක්දරු පියෙකි. මොහු බිරියට, දරුවාට සහ මවට අසීමිත ආදරයක් දක්වා ඇත. පාලංකඩ හීන් මල්ලි නමැත්තාගේ එක් සහෝදරයෙක් නාවික හමුදාවේ සේවය කරමින් සිටියදී පලා ඇවිත් කොල්ලකෑම් තුනකට ද හවුල්වී තිබේ. මොහු පාතාල ලෝකයට ඇදවැටී දරුණු අපරාධකාරයෙක් දක්වා තල්ලූවී යාමට පවුල් පසුබිම හා වෙනත් සමාජමය හේතු සාධක රැුසක් බලපා ඇත. රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හික්කඩුවේ නිවසක සැඟවී සිටියදී කොටුවීමට කලින් මේ පාලංකඩ හීන් මල්ලි අත්අඩංගුවට ගෙන තිබුණේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසිනි.
ඒ 2011 වසරේදීය.
තංගල්ල කොට්ඨාසය බාරව එවකට සිටි දැනට කැළණිය කොට්ඨාසය බාරව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.ඊ. විදිසිංහ මහතා යටතේ කි‍්‍රයාත්මක වූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ එවකට ස්ථානාධිපතිවරයාව සිටි වර්තමානයේ කටුවන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වත්මන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේසිරි බණ්ඩාර යන මහත්වරුන් විසින් 2011 වසරේදී පාලංකඩ හීන් මල්ලි අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදීය.
වීරකැටිය ප්‍රදේශයේදී 2004.08.10 වැනි දින රාති‍්‍ර කාලයේ අමරසිංහගේ ධර්මදාස නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සහ නිවිතිගල ප්‍රදේශයේදී 2005 වසරේදී මැණික් ව්‍යාපාරිකයකු සතු රුපියල් කෝටි ගණනක මැණික් ගල් තොගයක් කොල්ලකෑමට ගිය අවස්ථාවේ එම කොල්ලය වැළැක්වීමට පැමිණි පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු පාලංකඩ හීන් මල්ලිගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී තිබේ.
මීට අමතරව අමරසිංහගේ ධර්මදාස නමැත්තාගේ සිරුර අවසන් කටයුතු කරන තෙක් බෙලිඅත්තේ පිහිටි ඔහුගේ නිවෙසේ තැන්පත් කර තිබියදී 2004.08.13 වැනි දින කඩා වැදී එම ගෙදර සිටි ධර්මේගේ සහෝදර සහෝදරියන් 4 දෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ද පාලංකඩ හීන්මල්ලි ඇතුළු ඔහුගේ සගයන් කිහිප දෙනකු විසින් බව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත.
නිවසේ තැන්පත් කර තිබූ ධර්මදාසගේ මිනියටද වෙඩි වරුසාවක් එල්ලකර තිබූ අතර එම වෙඩි වරුසාව එල්ලකර ඇත්තේ පාලංකඩ හීන් මල්ලි බව පොලිසිය ඔහුගෙන් ප්‍රශ්නකර හෙළිකරගෙන තිබිණි.
ධර්මදාස නමැත්තාට වෙඩි තබා මරා දමා ඇත්තේ ද පාලංකඩ හීන් මල්ලි නමැත්තා වන අතර ඔහුගේ (ධර්මදාසගේ) සහෝදර සහෝදරියන් 4 දෙනකුව වෙඩි තබා ඝාතනය කර මිනියට ද වෙඩි වරුසාවක් එල්ල කර ඇත්තේ ද හීන් මල්ලිය.
අවුරුදු 16 ක පමණ වයසේ සිටියදී පාලංකඩ හීන් මල්ලිට ගිනි අවි පරිහරණය පිළිබඳව පුහුණුව ලබාදී ඇත්තේ ආමි ජිනේ නමැති පාතාල නායකයෙක් වන අතර ඔහු පාලංකඩ හීන් මල්ලිගේ මවගේ පැත්තෙන් ඥාතිකමක් ද ඇත.
පාතාල කල්ලි නායකයෙක්ව සිටි ආමි ජිනේ නමැත්තා අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමක් හා ආමි ජිනේ අතර තංගල්ල ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී උප පොලිස් පරීක්ෂක? මහතා මියගිය අතර ආමි ජිනේ බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත්කර තිබිණි.
රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටි ආමි ජිනේ නමැති පාතාල නායකයාව නොහඳුනන කණ්ඩායමක් රෝහලට කඩා වැදී වෙඩි තබා ඝාතනය කළ අතර මේ ඝාතනය සිදුකරනු ලැබුවේ කළුවා නමැත්තාගේ සහෝදරයකු වන ධර්මදාස නමැත්තා විසින් බවට සැකකර ඔහු (ධර්මදාස) නමැත්තා ඝාතනය කිරීමට ආසන්නතම හේතුව විය.ධර්මදාස නමැත්තා කළුවා නමැත්තාගේ සහෝදරයකු වන අතර කළුවා ඝාතනය කර තිබුණේ ආමි ජිනේය.
මේවා සියල්ල පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇති කරුණු යැයි පැවසුවේ මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරියෙකි.
කොල්ලකෑම් සඳහා පාලංකඩ හීන් මල්ලි අත්පොත් තබා ඇත්තේ මුල්කිරිගල ප්‍රදේශයේ උසස් විද්‍යාලයක විදුහල්පතිගේ නිල නිවාසය කඩා මුදල් හා දේපොල සොරා ගැනීමෙනි. මේ සොරකම සිදුකර ඇත්තේ ඔහු පාසල් යමින් සිටි අතරවාරයේ ඔහුගේ පාසල් මිතුරෙකු ද සමග ගොස්ය.
ඔහු ඉගෙන ගත් පාසලේම ගුරුවරියකගේ නිවසින් මුදල් හා දේපොල සොරාගෙන ගොස් ඇත්තේ ද බාල වයස්කාර සිසුවෙකුව සිටි කාලයේදීය.
පාලංකඩ හීන් මල්ලි නමැත්තා අපරාධකාරයෙක් වූ හැටි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.
බම්ප් එකක් දාගෙන යන්න දෙවැනි කොටස දාන්න..