සමාජවාදී ආර්ථිකයක්
සමාජවාදී ආර්ථිකයක් යනු කුමක්දැයි දන්නා කිසිම අයෙකු මෙවර ජනාධිපකිවරණයේ දී අනුර දිසානායන පිළිගන්නේ නැත. මේ ලිපියෙන් පසුව, සමාජවාදය පිළිබඳව ඔබ නිවැරදි අවබෝධයක් ලබා ගනු ඇත. අවසානය දක්වා කියවන්න.
මිනිසාට ජීවත් වීම සඳහා භාණ්ඩ වර්ග දෙකක් අවශ්‍ය වේ.
1. ආර්ථික භාණ්ඩ
2. අාර්ථික නොවන භාණ්ඩ
ආර්ථික නොවන භාණ්ඩ යනු, ජීවත් වීමට අත්‍යවශ්‍ය වුවද නොමිලයේ ස්වභාව ධර්මය විසින් සපයන භාණ්ඩ වේ. ඔක්සිජන්, හිරුඑළිය වැනි භාණ්ඩ මීට අයත් වේ.
ආර්ථික භාණ්ඩ යනු, ජීවත් වීම සඳහා අවශ්‍ය, අපි විසින් නිපදවාගත යුතු භාණ්ඩයන්ය.
පරිගණක, ජංගම දුරකතන, ආහාර, ඇඳුම් වැනි දේ උදාහරණ කිහිපයකි.
ආර්ථික නොවන භාණ්ඩ පිළිබඳව කිසිවෙකුට ගැටළුවක් නැත. නමුත් ආර්ථික භාණ්ඩ නිපදවා ගැනීම සඳහා ගැටළුවක් ඇත.
මෙම ආර්ථික භාණ්ඩ නිපදවා ගැනීම සඳහා ඇත්තේ සීමිත වූ සම්පත් ප්රමාණයකි. නමුත් එම සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිපදවා ගත යුතුය. නිපදවීම පමණක් ද ප්‍රමාණවත් නැත. නිෂ්පාදනය, හුවමාරුව, බෙදාහැරීම, අළෙවිය හා පාරිභෝජනය යන සමස්ථ ක්‍රියාවලියම මෙහෙයවිය යුතුය.
මෙම කටයුත්ත සඳහා මිනිසා විසින් සකසා ගත් ක්‍රමවත් වැඩපිළිවෙළක් "ආර්ථික පද්ධතියක්" ලෙස හඳුන්වයි. එවැනි ආර්ථික පද්ධතීන් වර්ග දෙකකි.
1. සාම්ප්‍රදායික ආර්ථික පද්ධතීන්
2. නූතන ආර්ථික පද්ධතීන්
සාම්ප්‍රදායික ආර්ථික පද්ධති වර්ග තුනකි.
1. ප්‍රාථමික සාමූහික සමාජය
2. වහල් ක්‍රමය
3. වැඩවසම් ක්‍රමය
මෙම ක්‍රම මේ වන විට දක්නට නැත. ඒවා ක්‍රමයෙන් සමාජයෙන් ඉවත් විය. එහි අවසන් පුරුක වූ වැඩවසම් ක්‍රමය ඉවත් වූයේ නූතන දනවාදී ආර්ථික විද්‍යාවේ පියා වූ, ඇඩම් ස්මිත්ගේ ජාතීන්ගේ ධනය කෘතියත් සමඟය.
මේ වන විට නූතන ආර්ථික පද්ධතීන් ක්‍රියාත්මක වේ. නූතන ආර්ථික පද්ධතීන් වර්ග තුනකි.
1. ධනවාදී ආර්ථික පද්ධතිය
2. සමාජවාදී ආර්ථික පද්ධතිය
3. මිශ්‍ර ආර්ථික පද්ධතිය
ආර්ථික පද්ධතියක් ධනවාදීද, සමාජවාදීද, මිශ්‍රද යන්න තීරණය කරන ප්‍රධාන සාධක තුනකි.
1. ආර්ථික පස්ධතියේ වෙසෙන මිනිසුන් හා ආයතන සඳහා බලපාන සානුබල පද්ධතිය කුමක්ද යන්න.
ධනවාදී ආර්ථිකයක ලාභය හෙවත් ස්වාර්ථය මතද, සමාජවාදී ආර්ථිකයක සුබසාධනය හෙවත් පොදු යහපත මතද, මිශ්‍ර ආර්ථිකයක ඉහත කී දෙකෙන්මද පුද්ගලයන් පොළඹවාලිය හැක. එය සානුබල ලෙස හඳුන්වයි.
2. සම්බන්ධීකරණ යාන්ත්‍රණය
ධනවාදී ආර්ථිකයක ඉල්ලුම හා සැපයුම මත පදනම්ව, මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන අතර, සමාජවාදී ආර්ථිකයක මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් මඟින් කුමක් නිපදවන්නේද ආදී ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගනියි. එනම් සැලසුම් යාන්ත්‍රණයක් ඇත. මිශ්‍ර ආර්ථිකයක ඉහත කී දෙකම සම සමව ක්‍රියාත්මක වේ.
3. දේපළ හිමිකම හා අයිතිවාසිකම්.
ධනවාදී ආර්ථිකයක දේපළ වල අයිතිය පෞද්ගලිකව ඔබට හිමි කර ගත හැක. සමාජවාදී ආර්ථිකයක දේපළ අයිතිය රජය සතු වේ. ශ්‍රමය පමණක් පුද්ගලයින් සතු වන්නේ, එය රජයට පවරා ගත නොහැකි නිසාය. නමුත් එම ශ්‍රමය ඔබ කැමති ආකාරයට ඔබ කැමති දේකට යෙදවිය නොහැක. ඔබේ ශ්‍රමය ඔබ යෙදවිය යුත්තේ රජයේ හැට හුට හමාරක් නීති රීති වලට යටත්වය. මිශ්‍ර ආර්ථිකයක දේපළ වලින් කොටසක් රජය සතු වන අතර, අනෙක් කොටස පෞද්ගලික අංශය සතු වේ.
දේපළ අයිතිය පෞද්ගලික අංශය සතු වීම ද වඩාත් හොඳ, රජය සතු වීමද යනුවෙන් ඔබට පැනයක් නැඟෙනු ඇත. එය මේ උදාහරණයෙන් තේරුම් ගත හැක.
එකම දිනයේ CTB ඩිපෝවට බස් රථයක් මිලදී ගන්නා අතර, පෞද්ගලික බස් රථයක්ද මිලදී ගත්තේ යැයි සිතන්න. වසර පහක ඇවෑමෙන් ඉතාමත් හොඳට තිබෙන්නේ කුමන බස් රථයද ? CTB බස් රථයද, පෞද්ගලික බස් රථයද ? දැන් ඔබට පිළිතුර ලැබී ඇත. දේපළක් පොදු අයිතිය යටතේ පවතින විට එහි ආයුෂ අඩුය. කැළණිය පන්සලේ වැසිකිලියට වඩා, ඔබේ නිවසේ වැසිකිලිය පිරිසිදු වන්නේ ද ඒ නිසාමය.
සමාජවාදී රටක බලාපොරොත්තු වන්නේ සම සමාජයක් ගොඩ නැගීමය. එනම් ධනපති, මධ්‍යම හා නිර්ධන යනුවෙන් පංති තුනක් බිහි වීම වැළැක්වීමටය. එවැනි සමාජයක් බිහි කිරීමෙන් පසු, එය යලි බිඳ වැටිය නොහැකි ලෙස ස්ථාපිත වූ විට හඳුන්වන්නේ "කොමියුනිස්ට් සමාජයක්" ලෙසය.
සම සමාජයක් බිහි කිරීමට නම් එක් එක් පුද්ගලයාට ව්‍යාපාර කර ආදායම් උපයා ගැනීම වැළැක්විය යුතුය. එබැවින් තම ශ්‍රමය හා ව්‍යවසායකත්වය ව්‍යාපාර වලට යෙදවීම තහනම් කර ඇත. එ් වෙනුවට, රජයේ ව්‍යාපාර වලට ශ්‍රමය සපයා රජයෙන් දෙන වැටුප ලබා ගත යුතුයැයි බල කෙරේ. සමාජවාදී රටක දොස්තරගේ වැටුප හා රෝහල් කම්කරුගේ වැටුප යන දෙකම සමානය.
එවැනි ආර්ථිකයක දක්ෂයාට තම දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගත නොහැක. නීති රීති වලින් පුද්ගල දක්ෂතා යටපත් කර තිබේ. හැකියාව ඇති එකාට නිදහසේ ධනය රැස් කළ නොහැකි නිසා, ඔහු අධෛර්යමත් වේ. පෞද්ගලිකව දේපළ රැස් කර ගත හැකිව තිබුනේ නම්, ඔහු නිරායාසයෙන්ම වැඩි වැඩියෙන් වැඩ කිරීමට පෙළඹේ. නමුත් සමාජවාදයේ දී එවැන්නක් සිදු නොවේ. වැඩ් වැඩ්යෙන් සෑම පුද්ගලයෙකුම වැඩ කරන විට ආර්ථිකය ඉබේම දියුණු වේ. ධනවාදී රටවල් වන
1. ඇමරිකාව
2. එංගලන්තය.
3. ජපානය
4. ජර්මනිය
5. ප්‍රංශය
6. කැනඩාව
7. ඕස්ට්‍රේලියාව
8. නවසීලන්තය
9. සිංගප්පූරුව
10. නෝර්වේ
11. ස්විට්සර්ලන්තය
12. ස්වීඩනය
13. ඩෙන්මාර්ක්
14. ෆින්ලන්තය
15. නෙදර්ලන්තය
වැනි, ඔබ පුරවැසිභාවය ලබා ගැනීමට සිහින දකින සියළු රටවල් ධනවාදී රටවල්ය.
ලොව මුල්ම සමාජවාදී රාජ්‍යය සෝවියට් දේශය විය. V I ලෙනින් විසින් එරටට සමාජවාදය හඳුන්වා දුනි. ඉන් පසුව මාවෝ සේතුං විසින් චීනයට සමාජවාදය හඳුන්වා දුනි. පෝලන්තය, හංගේරියාව, බල්ගේරියාව, වියට්නාමය, උතුරු කොරියාව, කියුබාව වැනි රටවල් ද සමාජවාදය වැළඳ ගත්තේය.
නමුත් ඉහත කී හා නොකී සමාජවාදයේ දුර්වලතා හේතුවෙන් උතුරු කොරියාව හා කියුබාව හැර අන් සියළු රටවල් සමාජවාදය අතහැර දැමීය. සමාජවාදයෙන් ඈත් වූ පසුව, රුසියාව, චීනය, පෝලන්තය වැනි රටවල් පමණක් නොව වියට්නාමයත් සීග්‍රයෙන් දියුණු විය.
දැනට සමාජවාදී රටවල් ලෙස සැලකිය හැකි රටවල් දෙකක් පමණක් ලෝක සිතියමේ ඇත. ඒ, උතුරු කොරියාව හා කියුබාව වේ. මේ රටවල් දෙකෙහි පුරවැසිභාවය බන්දේසියක තබා නොමිලයේ ලබා දුන්නද යන්න කැමති කිසිවෙකු මේ මිහිපිට නැත.
අද ප්රජාතන්ත්රවාදය ගැන රටට බණ කියන අනුර දිසානායක නඩය විසින් උතුරු කොරියාවේ හා කියුබාවේ පවුල පාලනය ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නම් වඩාත් යහපත් වේ. උතුරු කොරියාව හා දකුණු කොරියාව යනුවෙන් රටවල් දෙකක් දෙවන ලෝක යුද්දයට පෙර තිබුනේ නැත. පැවතියේ එක කොරියාවකි. එය ජපානයට යටත්ව තිබුනි. දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනිය, ඉතාලිය හා ජපානය සතුරු පාර්ශවය ලෙසත්, ඇමරිකාව, එංගලන්තය, රුසියාව හා ප්‍රංශය මිත්‍ර පාර්ශවය ලෙසත් යුද වැදුනි. මිත්‍ර පක්ෂය ජය ලැබීය. සතුරු පක්ෂය යටත් විය. මේ අනුව ජපානයද යටත් විය. ජපානය යටතේ පැවති කොරියාවට අයිතිකරුවෙකු නැති විය. (දෙවන ලෝක යුද්ධ සමයේ කොරියාව භාවිතා කළේ යුධ සෙබළුන්ට සුරතලියන් සැපයීමටය)
දැන් අයිතිකරුවෙකු නැති කොරියාව දෙකට බෙදනු ලැබීය. උතුරු කොටස සෝවියට් දේශය විසින් අල්ලා ගැනින. දකුනු කොටස ඇමරිකාව විසින් අල්ලා ගැනින. අමරිකාවේ ධනවාදය පැවතුන නිසා දකුණු කොරියාව ධනවාදය අනුව පාළනය කෙරිණ. රුසියාවේ සමාජවාදය පැවති නිසා උතුරු කොරියාව සමාජවාදයට බර විය. 1991 දී සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ උතුරු කොරියාව නන්නත්තාර විය. 1945 දී එක සමාන ආර්ථික තත්ත්වයක පැවති කොරියාව, අද වන විට දේශසීමාවෙන් උතුරේ අපායද, දකුණේ දිව්‍යලෝකයද දැකිය හැකි ස්ථානයක් බවට පත් වී තිබේ.
මා මේ ලිපිය ලියනුයේ දකුණු කොරියන් සැම්සුන්ග් දුරකතනයකිනි. මේ මොහොත වන විට උතුරු කොරියානුවන් තම රටේ මිසයිල දෙස බලමින් කුසගින්නේ කන්න යමක් හොයති. දකුණු කොරියාව යනු ලොව ජීවන තත්ත්වය අතින් මුල් රටවල් 15 ඇතුළත සිටින රටකි. එකම තත්ත්වයේ පැවති රටක්, දෙකඩ වීමෙන් පසුව, එක් රටක් සමාජවාදයද අනෙක් රට ධනවාදය ද අනුගමනය කර වසර 50 කි පසුව ඇතිවී තිබෙන වෙනස දෙස බැලීමෙන්, සමාජවාදයද ධනවාදයද වඩාත් හොඳ යනුවෙන් විමසන අයට පිළිතුරක් සපයා ඇත.
කොරියාව, උතුරු හා දකුණු ලෙස වෙන් වන විට සමාජවාදයට නැඹුරු වූ උතුරු කොරියාවේ පළමු පාළකයා වූයේ කිම් ඉල් සුං ය. ඔහුගේ මරණයෙන් පසුව, කිම් ජොං ඉල් නම් වූ ඔහුගේ පුතාට පාලන බලය හිමි වූයේ ඡන්දයකින් තොරවය. රාජාණ්ඩු ක්රමයටය. ඔහුගේ මරණයෙන් පසුව බලය හිමි වූයේ ඔහුගේ පුතා වන හා එහි වත්මන් පාලකයා ද වන කිම් ජොං උං හටය. අනුර දිසානායක රාජපක්ෂ පවුල් පාලනයට කට උල් කර කර බැනීමට පෙර, සමාජවාදී උතුරු කොරියාවේ පියාගෙන් පිතුට පාළනය උරුම වෙමින් වසර 50 කටත් වඩා පැවතීම ගැන පැහැදිලි කළ යුතුය. කියුබාවේ තත්ත්වයද මෙසේමය. 1949 දී කියුබානු විප්ලවයෙන් බැටිස්ටා නම් පාළකයා මරා දමා බලයට ආ ෆිදෙල් කැස්ත්‍රෝ 2008 වන තුරු රට පාළනය කලේය. ඉන් පසුව ඔහුගේ සොහොයුරු රාහුල් කැස්ත්‍රෝට බලය පවරණ ලදී. උතුරු කොරියාවේ මෙන්ම කියුබාවේද ඡන්ද පැවැත්වෙන්නේ නැත. එනම් මේ මිහිපිට ඇති සමාජවාදී රටවල් දෙකෙන් එකක වත් ඡන්ද නැත. අනුර දිසානායක ප්රජාතන්ත්රවාදය ගැන අපට දෙසන්නේ මෙහෙවු වටපිටාවක වීම විශේෂත්වයකි. එක්කෝ අනුර දිසානායකට පිස්සු ය. නැත්නම් උන්ට ඡන්දය දෙන උන්ට පිස්සුය.
ජනතා විමුක්ති පෙරමුණෙන් ඔවුන්ගේ අාර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව විමසන කිසිදු අවස්ථාවක ඊට පැහැදිලි පිළිතුරක් ලබා දෙන්නේ නැත. ඊට හේතුව පිළිතුරු ලබා දුන හොත්,
1. රටවැසියන් භුක්ති විඳින සියළු දේපළ රජයට පවරා ගෙන සියලු දෙනා වෙත සසානව බෙදා දීම හා ලෙනින් විසින් සිදු කළ ආකාරයට ඊට විරුද්ධ වන අයව මරා දැමීම
2. ඉල්ලුමට අනුව සැපයුම තීරණය කරනවා වෙනුවට, සැලසුම් මණ්ඩලයේ තීරණ අනුව කුමක් නිපදවන්නේද ? කෙසේ නිපදවන්නේද ? කා සඳහා නිපදවන්නේද ? යන තීරණ ගැනීම. මෙහිදී මණ්ඩලයේ ඉන්නේද අනුර දිසානායක, විජිත හේරත්, ලාල් කාන්ත වැනි අයම බව තේරුම් ගත යුතුය. ඔවුන් උතුරු කොරියාවේ මෙන්, කන්න නැතත් මිසයිල නිපදවනවා යැයි තීරණය කළ හොත්, එදිනට මිසයිල දෙස බලමින් බඩගින්නේ හූල්ලන්න සිදු වේ. එම තීරණ කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැක.
3. ඔවුන් ඡන්දයෙන් පත් වුවද, ඉන් පසුව ඡන්ද පවත්වන්නේ නැත. දැනට ඇති සමාජවාදී රටවල් දෙකෙන් එකක වත් මතක ඇති කාලෙක ඡන්ද පවත්වා නැත.
4. දොස්තරගේ වැටුප හා රෝහල් කම්කරුවාගේ වැටුප සමාන වනු ඇත. දක්ෂයාට මේ රටේ ඉන්න නොසිතෙන පරිසරයක් ඇති වනු ඇත.
5. සියලු ආගම් කෙසේ වෙතත් බුදු දහම කුණු කූඩයට වැටෙනු ඇත. කාල් මාක්ස් කීවේ ආගම අබිං කියා වුවද, අනුර දිසානායක සිතා සිටිනුයේ මාක්ස් බුද්ධාගම අබිං කියා කී බවකි. එබැවින් ඔහු තම පුතා පල්ලියේ විවාහ කර දී, බුද්ධ පූජාවට තබන ආහාර වලින් දුප්පතුන්ට කන්න දිය හැකි යැයි දෙසයි.
6. දේපළ රැස් කිරීමේ නිදහස නොමැති නිසා මිනිසුන්ගේ වැඩ කිරීමට ඇති උනන්දුව අඩු වී ගොස් රටේ ආර්ථිකය ටිකෙන් ටික බංකොලොත් වනු ඇත.
7. රජය පමණක් භාණ්ඩ නිපදවන නිසා තරඟකාරීත්වයක් නැත. එබැවින් තේරීමේ නිදහසක් පාරිභෝගිකයාට නොමැත. කේක් ඉල්ලන එකාටත්, පාන් ඉල්ලන එකාටත් කන්න වෙන්නේ පාන්මය. එසේ නැතිනම් ඒ දෙකම වෙනුවට විස්කිරිඤ්ඤාය.
සමාජවාදය යනු ලොව වැඩිම පිරිසකට මරු කැඳවූ සංකල්පය වේ. ලොව බොහෝ රටවල සමාජවාදී විප්ලවයන් තුළින් බලය පැහැර ගැනීමට ගොස් අහිමි වූ ජීවිත සංඛ්‍යාව කෝටි ගණනකි. ලංකාවද එම තත්ත්වයට ඇද දැමීමට ඔබට අයිතියක් තිබේද යන්න සිතා බැලීම ඔබ සතු යුතුකමකි.
සමාජවාදය යටතේ මිනිසුන්ගේ ආර්ථික නිදහස අහිමි කරමින්, මිනිසුන් පාගාගෙන සිටීමට හැකියාව ඇත්තේ කවද කාලයක්ද යන්න ගැටළුවකි. ලද මුල් අවස්ථාවේ දීම මිනිසුන් ඊට එරෙහිව නැඟී සිටිනු ඇත. එවිට රජයද එය පාළනය කිරීමට රාජ්‍ය බලය යොදනු ඇත. රොෂේන් චානුක වැඩවර්ජනයකදී මරා දැමුවා යැයි අඬන අනුර දිසානායක, තමන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන සමාජවාදී රජයක නිදහස අහිමි කිරීමට එරෙහිව මිනිසුන් පාරට වන් විට එවැනි සිය දහස් ගණනක් මරා දමනු ඇත. සමාජවාදී රටවල ඉතිහාසය දෙස බැලීමෙන් මෙවන් උදාහරණ රැසක් සොයා ගත හැක.
මෙම ලිපියේ දී න්‍යායාත්මකව සමාජවාදය පිළිබඳව තිබෙන ආකාරයටම පාළනයක් සිදු නොවනු ඇති බවත්, කියුබානු හෝ උතුරු කොරියානු පන්නයේ පාළනයක් වෙනුවට ඊට ආසන්න පාළනයක් ගෙන යනු ඇති බව බොහෝ JVP සාමාජිකයන් පවසනු ඇත. එසේ නම් ඔවුන් පවසනු ඇත්තේ වෙනිසුයුලානු පන්නයේ පාළනයක් ගැන විය යුතුය. වෙනිසියුලාවේ හියුගෝ චාවේස් මිය යන තුරු බලයේ සිටි බවත්, ඉන් පසුව නිකලස් මධුරෝ බලයට ගෙන විත් හියුගෝ චාවේස් ජීවිතයෙන් සමු ගත් බවත්, මේවන විට වෙනිසියුලාව ලොව වැඩිම ආර්ථික ප්‍රශ්න වලින් පෙළෙන, තෙල් සම්පතින්ද පෝසත් රටක් බවත් සිහිපත් කරමි. එමෙන්ම හියුගෝ චාවේස්ගේ අනුප්‍රාප්තිකයා වන නිකලස් මධුරෝ තවමත් එරට පාළනය කරමින් සිටියි. එසේම සමාජවාදයට බර පාළනයක් ගෙන යන වෙනත් දකුණු ඇමරිකානු රටවල් වලද ඇත්තේ වෙනිසියුලාවට සමාන ආකාරයේම පාළනයකි. එම රටවල් සියල්ල ආර්ථික අගාධයේ ගිළෙමින් පවතින බවද සිහි තබා ගත යුතුය.
සමාජවාදය යනු එක්තරා කාලයක ලොව ආකර්ෂණයක් පැවති, එහෙත් මේ වන විට ලොවෙන් තුරන් වෙමින් පවතින ක්රමයකි. ලොව පළමු සමාජවාදී රාජ්‍යය වූ සෝවියට දේශයේ සමාජවාදය බිඳ වැටුනේ, එම රට තවත් රටවල් 13 කට බෙදී වෙන් වෙමිනි. චීනය, සෝවියට් දේශයට වූ සන්තෑසිය තමන්ටද සිදු වන්නට පෙර ඩෙන් ෂියාවෝ පෙන්ග් යටතේ ආර්ථික ප්‍රතිසන්ස්කරණ ගෙන එමින්, තම ආර්ථිකය ධනවාදයට නැඹුරු කරමින් ඇතිවිය හැකිව තිබූ අර්බුධයෙන් ගොඩ ආවේය. දැන් එම රටවල් දෙකද ධනවාදය අනුගමනය කරයි. හංගේරියාව හා බල්ගේරියාව, පෝලන්තය, වියට්නාමය, ලිතුවේනියාව, ක්රොකේනියාව වැනි රටවල්ද එසේමය. සෝවියට් දේශයෙන් වෙන් වූ රටවල් ද සිදු කළ පළමු කාර්යය වූයේ සමාජවාදයෙන් ඉවත් වීමය. තවමත් සමාජවාදය පවත්නිනේ උතුරු කොරියාවේ හා කියුබාවේ පමණි. එම රටවලද ටිකෙන් ටික ධනවාදී ප්‍රතිසන්ස්කරණ සිදු වෙමින් පවතියි. රාහුල් කැස්ත්‍රෝ ද මෑතක දී එරට එවැනි ප්‍රතිසන්ස්කරණ සිදු කරන ලදී.
අනුර දිසානායක මෙවර මැත්වරණයෙන් ඡන්ද ලක්ෂ පහක් ලබා ගන්නේද නැත. නමුත් එම ලක්ෂ පහේ ඡන්ද දායකයන් හට වුවද සමාජවාදය යනු කුමක්ද ? සමාජවාදී පාළනයක් බිහිවුව හොත් සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව අවබෝධයක් ලබා දිය යුතුය. එබැවින් කරන දෙයක් අවබෝධයෙන් කිරීමය පහසු වීම සඳහා මෙම ලිපිය ඵළ කරන ලදී.
JBP සාමාජිකයන් ගෙන් ඔවුන් බලයට පැමිණි විට අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය කුමක්දැයි ඇසූ විට පැහැදිලි පිළිතුරක් ලබා නොදෙන්නේ, සමාජවාදී ප්‍රතිසන්ස්කරණ පිළිබඳව පැවසූ විට ඡන්ද දායකයා ඡන්දය දෙනවා තබා දෙන්න හිතන්නේවත් නැති බව දන්නා නිසාය. තමන්ගේ දේපළ අහිමි වී, ආදායම් මාර්ග රජයට පවරා දී, ඉඩකඩම්, යාන වාහන අහිමි කර ගනිමින්, සමසමාජයක් ගොඩ නැගීමට කැමති වන්නේ කවුරුන්ද ?
විශ්ව විද්‍යාල වල සිටියදී අතේ සත පහක් නැති බැවින්, සමාජවාදී රජයක් යටතේ අහිමි වීමට කිසිවක් නොමැති නිසා, විශ්ව විද්‍යාල සිසුන් JVP හෝ පෙරටුගාමීන් පසුපස යයි. පැදුරේ ඉන්න එකා තවත් වැටෙන්නට තැනක් නොමැති නිසා එසේ සිදු කළද විශ්ව විද්‍යාලයෙන් පිටවී, හොඳ රස්සාවක් ලබාගෙන, ඉඩකඩම්, යාන වාහන ගත් විට, සමාජවාදය ඔවුන්ට අරහං වෙති. මන්ද එවිට, සමාජවාදී රජයක් යටතේ අහිමි වීමට බොහෝ දෑ ඔවුන් සතුව ඇති නිසාය.
සමාජවාදයක් මෙරට තුළ ස්ථාපිත වුව හොත් එය මෙරට බුදු සසුනේ අවසානය ද වනු ඇත.
කරුණු මෙසේ හෙයින්, JVP ට ඡන්දය දෙන්න කලින් දෙවරක් සිතන්න යැයි අප ඔබට අවධාරණය කරමු.
උපුටා ගැනීමක් නොවේ. ලිපිය ලෙල්ලහුටං විසින්ම රචනා කරන ලද්දකි.
මුල් කමෙන්ට් බලන්න. තවදුරටත් දැනුවත් වන්න, අදහස් ගන්න.
-ලෙල්ල හුටං-
https://www.facebook.com/lellahutanpage/photos/a.347618058769852/1145008399030810
මේක සිරා සීන් එකක්ද?

Last edited:

එතකොට තව නොදී ඉන්න ලේසියි..