මචන් මම මේ කියන දේ කියන්නේ විහිලුවට එහෙම නෙවේ. මෙතන ඉන්න එවුන් කියන කිසිමදෙයක් අහන්නේ නැතුව උඹට මැරෙන්නම හිතුනොත් වතුර බේසමක් පුරවල එකේ මූණ ඔබගෙන ඉඳල මැරියන්. උඹට හුස්ම හිරවෙගෙන එනකොට තියෙන හැමප්‍රශ්නයක්ම කොච්චර පොඩි දේවල්ද කියලා හිතෙයි. හැම දෙකටම උත්තර මතක් වෙයි. කොටින්ම කියනවනම් අර ත්‍රි වීලර් වල ගහල තියෙන වැකිය මතක් වෙයි. "මොනවත් එපා ජීවත් වෙයන්"
උඹේ ජීවිත රටාව වෙනස් කරපන්. එක පාර නෙවේ ටික ටික. මුලින් උඹේ අලුත් ගති දකින එවුන් හිනාවෙයි. ගණන් ගන්නේ නැති වෙයි. පස්සේ උන්ට ටික ටික වෙනසක් පෙන්න පටන් ගනී. ඔය කියන එක එක දේවල් අඩුවෙයි. මතක තියාගනින් උඹ "ගෑනි" කියල label එක ගහගත්තේ එක දවසකින් නෙවේනේ. එක නිසා label එක ගැලව ගන්නත් ටිකක් කල් යනවා කියල තේරුම් ගනින්. ඔය විදියට ඉඳල තමුන්ගේ personality එක සම්පූර්ණයෙන් වෙනස් කරගත්ත එවුන් මම ඇති තරම් දැකල තියෙනවා. උඹට බැරි වෙන්න හේතුවක් නෑනේ බන්.
මේ ලෝකේ කරලා තියෙන ශ්‍රේෂ්ට දේවල් කරලා තියෙන හැම එකාම උඹ මම අපි වගේ මිනිස්සු බන්. උන් අහසෙන් කඩන පාත් වෙච්ච එවුන් නෙවේ.
උඹට දිවි නසාගන්න හිතෙන එක මොලේ serotonin කියන chemical එකේ අඩුවක් හින්දත් වෙන්න පුළුවන්. එක ලේසියෙන් බෙහෙත් අරන් හොඳ කරගන්න පුළුවන්. උඹ දැනටමත් බෙහෙත් ගන්න හින්ද අද හෙටම doctor හම්බෙලා කියපන් එහෙම හිතෙනවා කියල. එතකොට එකට treat කරයි.
thanks මචං උඹගෙ අදහසට මට ගොඩක් දේවල් දැනගන්න පුලුවං උනා thanks again උඹ කියන විදිහට කරලා බලන්නම්
