සමාජ මාධ්ය නියාමන පනත සම්මත උනාම මම දාන්න ඉන්න ත්‍රෙඩ්..😎😎😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    👉 කැරට් මිල ඉහල ගියේ කලින් ආත්මේ අපි හාවෝ වෙලා කැරට් කාපු නිසා..
    👉ලංකාවේ හොරු වැඩි උනේ අපිත් කලින් සංසාරේ හොරාකාපු නිසා..
    👉මිනිස්සු වෙඩි කාලා මැරෙන්නේ උන් කලින් ආත්මේ ප්‍රානඝාතය කරපු නිසා..ඒකට දේශබන්දු පලි නෑ..
    👉අපි වැව්වොත් අපි කනවා..එලවලු මිල ඉහල ගියාට පොහොට්ටුව පලි නෑ..
    👉ගෑනු දූෂණය වෙන්නේ උන් කලින් ආත්මේ පිරිමි වෙලා ගෑනු දූෂණය කරපු නිසා..
    👉වාහන අපිට නැති උනේ සපත්තු සෙරෙප්පු දන් නොදුන්න නිසා..
    👉මී කුණෙනුත් සිටුවරු උනානම් උපාධි ගහපු අපිට ගෙවල්වල වැඩට යන්න ඇයි බැරි ?
    👉වැඩි පඩි එපා..ලද දෙයින් සතුටු වෙමු...
    👉2osama ට වඩා monson ප්‍රතිපත්ති ගරුක චරිතයක්... කවදත් රනිල් හාමුට සේවය කලා..
    👉රනිල්ද හොඳ මහින්දද හොඳ ?
    👉නාමල් බේබිට ජනපති වීමට දිරිය ශක්තිය ලැබේවා..
    👉සම්බෝලයි බතුයි කාල හරි රනිල් හාමු නැවත ජනපති කරමු..
    👉කාර් අපිට එපා..ප්‍රයිවට් බස් එකක නැගලා රනිල්ට කතිරේ ගහන්න යමු..
    👉ජීවන වියදම කෙතරම් වැඩි උනත් ඒවාදරාගන්න එක අපේ යුතුකමක්..

    👉අපේ ඇස් පාදපු සියුමැලි netudara මල්ලි පැට්ටා..

    👉කොච්චර උනත් ගෝඨා සැර් රට හදන්න හැදුවා..

    👉මහ බැංකුව කැඩුවේ අපේ පවට..හැමදේටම අපි වගකිව යුතුයි..

    👉අපි කතිරේ ගහපු මිනිස්සුන්ට හොරා කන්න අයිතියක් තියනවා..මොකද අපියි කතිරේ ගැහුවේ..

    👉IndrajithGamage නම් වූ බඩු ගහන මහා දාර්ශනිකයා කිව්වෙ මොකක්ද ? නොවැටහුනේ අපේ පවට..

    👉අපිට සේවය කරපු ජනාධිපතිවරු නඩත්තුකරන එකේ වැරැද්ද මොකක්ද ?

    👉පාස්කු මිනීමරුවෝ හොයන්න එපා..උන්ට රිටන් එක සොබාදහම දේවි..

    👉තොපිලාගේ බිස්නස් වැටුනේ හාමුදූරුවරුන්ට වෙච්ච පොරොන්දු කඩපු නිසා..ඒකට රනිල් පලි නෑ..

    👉 13 දෙමලුන්ට දෙන එකේ වැරැද්ද මොකක්ද ? අපි මැරෙනකොට ලංකාව අරගෙන යන්නේ නෑ..


    👉අනුරාධපුර යුගයේත් ලයිට් තිබ්බේ නෑ..ඒත් යස අපූරුවට දියුණු උනේ..කලුවරේ ඉන්න පුරුදු වෙමු..

    👉උඹලාට වාහන ඔනේනම් කකුල් දෙකක් වෙනුවට රෝද දෙකක් ඉපදෙනකොටම තියෙන්න එපැයි ?..

    👉පුංචි පවුල රත්තරන්..ලමයි හදලා දුක් විඳින්න එපා..

    👉මිනිහෙක් කසාද බඳින්න ඕනේමද ? ඕනතරම් බඩු පාරේ ඉන්නවා..

    👉හම්බන්තොට සුරපුරයක් කරපු අපේ මහින්ද..


    👉ඉස්කොලේ යන්න ඔනේමද ? ටෙක් එකකට ළමයි දාපල්ලා..කෙලින්ම ගොඩ..

    hqdefault.jpg
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    W66C5O6.png

    හික්... හික්.... හික්....
    ඇත්තටම කොහොමද ඕවා නියාමනය කරන්නෙ..?
    කවුද සමාජ මාධ්‍ය නිරීක්ෂනය කරන්නෙ.. පොලිසියෙන්ද..?
    මහජන ආරක්ෂාවේ මුවාවෙන් තමන්ගේ බලය ආරක්ෂා කරන සීන් එකක් වගේ පේන්නෙ...
     
    • Like
    Reactions: Kumbhakarna22

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    දැන් නම් ට්ව් චැනල් වල නිව්ස් දාන විදියත් අන්තිමයි
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    W66C5O6.png

    හික්... හික්.... හික්....
    ඇත්තටම කොහොමද ඕවා නියාමනය කරන්නෙ..?
    කවුද සමාජ මාධ්‍ය නිරීක්ෂනය කරන්නෙ.. පොලිසියෙන්ද..?
    මහජන ආරක්ෂාවේ මුවාවෙන් තමන්ගේ බලය ආරක්ෂා කරන සීන් එකක් වගේ පේන්නෙ...
    :yes: :yes: :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔය මොන පනත ගෙනාවත් ඕකුන් ගෙදර මේ සැරේ :lol:

    ඒක දන්න නිසා තමයි තුත්තිරි ගහේ හරි එල්ලෙන්න ඕනේ කියල එක කමෙන්ට් එකක් හරි උන්ට විරුද්දව වැටෙන එක නතර කරගන්න ඕව ගෙන්න බලන්නේ...මොන රෙද්ද ගෙනාවත් මිනිස්සු කියන දේ කියනව...

    අනිත් එක රටේ තත්වය තේරුම් ගන්න ෆේස්බුක් එන්න ඕනේ කියල මේ කාලකන්නි හිතන් ඉන්නේ...මිනිස්සුන්ට කඩේට ගිහින් හාල් පොල් එළවලු ටිකක් ගත්තම අමුතුවෙන් ෆේස්බුක් ඕනේ වෙන්නේ නැහැ මේ හොර හැත්ත ගහල එලවන්න ඕනේ කියල මතක් වෙන්න...

    ළමයි බඩගිනි වෙලා අඩන එක නවත්තන්න පුලුවන්ද මුන්ට පනත් ගහලා?
    අම්මලට ළමයට කිරි ටිකක් දීගන්න බැරුව පෝෂණයක් නැතුව නැතුව යන එක නවත්තන්න පුලුවන්ද?
    ළමයට ආස සෙල්ලම් බඩුවක් ගන්න නැති වෙනකොට,
    මිනිස්සු ගිනි අව්වේ, මහා වැස්සේ බයික් කටුවල, ෆුට් සයිකල් වල යනකොට, වාහන ගන්න එක, බයික් එකක් ගන්න එක හීනයක් වෙනකොට හිතට එන ආවේගය නවත්තන්න පුලුවන්ද පනතකින්?

    මෝඩ හරක් කියන්නේ නිකන්ද මුන්..මිනිස්සුන්ට මහ පොලවේ දැනෙන ටික ඇති දැන්වත් මේ රටේ හොරු ටික එලවල දාල ජනතාවාදී ආණ්ඩුවක් ඇති කරන්න ඕනේ කියල හිතෙන්න...

    මේක මේ 2015, 2019 කාලේ වගේ නෙමෙයි,,,මිනිස්සුන්ට අන්තෙටම කෙල වෙලා ඉන්නේ,,ෆේස්බුක් එකෙක් බලල චන්දෙ දුන්න කාලයන් තිබුනා,,,නමුත් දැන් මිනිස්සුන් චන්දෙ දෙන්නේ තමන්ගේම ගේම ගහගන්න බැරි තැන ඉඳල...
     
    • Like
    Reactions: Lejayange

    shenat

    Well-known member
  • May 13, 2007
    58,659
    87,030
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න මෙච්චර කල් කියපු බොරු නිවුස් වෙනුවට ඇත්ත නිවුස් 🙏

    සනිල් සාජපක්ෂ උතුමාණෝගේ 50 වසරක රහසිගත රට දියුණු කරන සැලසුමෙන් රටම දිනූ හැටි. 50 වසරක් අසමත් වුණා කියූ ජෙප්පන් මවිත වෙයි.

    මහින්ද රාජපක්ෂ මැතිඳුන් දහසක් අපහාස මැද සුනාමි අරමුදල ආයෝජනය කර දසගුණයකින් වැඩි කර ජනතාවට සෙත සැලසූ ආකාරය. හොරා කෑවා යයි කියූ ජෙප්පන්ට තරු පෙනෙයි.

    නාමල් රාජපක්ෂ උතුමාණන් දශකයකට වැඩි කලක් තාරුණ්‍යයට කළ සේවය. ඔහු තරුණියන්ට අයුතු බලපෑම් කල බව කියු ජෙප්පෝ මීක් නැති වෙයි.

    කෝප් කමිටුවට මුවාවී සුනිල් හඳුන්නෙත්ති මහබැංකු බැඳුම්කර වංචා කළ ආකාරය. සනිල්, අර්ජුන් උතුමාණෝ මහබැංකුවේ රැඳී සිට ඇත්තේ මේ වංචාව රටට අනාවරණය කිරීමට බව හෙළිවෙයි.

    රටම කළඹමින් මිග් යානා වංචාව පිටුපස සිටි සැබෑම පුද්ගලයා බිමල් රත්නායක බව හෙළිවෙයි. BMW රථය මිලදී ගෙන ඇත්තේ මේ ගණුදෙනුවෙන් ලැබුණ මුදලින් බව සනාථ වෙයි.