--සමාන්තර--

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    කතාවක්ම නොවන තවත් කතාවක්, ගොඩක් දුරට මේක කොටස් වශයෙන් ලියවේවි, එක නිසා මේක පලවෙනි කොටස විදිහට හඳුන්වන්න පුළුවන්.​

    "අපි දෙන්නත් මේ රේල්පාර වගෙයි නේද අවිශ්ක? හැමදාම සමාන්තරයි."
    "හ්ම් මතු පිටින්නම් එහෙම තමයි."
    "ඒ කිව්වේ, ඔයා හිතන්නේ නැද්ද අපි හැමදාම මේ වගේ ඉන්න ඕනේ කියල?"
    "හිතනවා එත් හිතන හැමදේම වෙනවනම් කොච්චර හොඳයිද!"

    උත්තරා සුසුම්ලනවා මට යන්තමින් ඇසුනි, අප කෙතෙක් දුර කොපමණ වෙලාවක් ඇවිද්දේ දැයි මතක නැත.

    "අනේ මට මහන්සියි අවිශ්ක, ටිකක් වාඩි වෙමු"

    ඇයත් මමත් රේල්පරෙන් ඉවත් වී වෙරළ ආසන්නයේ තිබු ගලක් උඩ වාඩි වී ගතිමු.

    තවත් කාලයක් මුහුද දෙස බැලීමට වැය විය.

    "දන්නවද ඔයාගෙයි මාලන්ගෙයි තියන වෙනස?"

    මම ඇය දෙස බැලීමි. ඇයගේ මුහුණේ තිබු හැගීම කුමක් දැයි වැටහ ගැනීමට අපහසු වින, එය විටක සතුටත් දුකත් අතර නිමග්න වීමක් වන්නට ඇත.

    "ඔයා හරියට මුහුද වගේ ඕනෑම දෙයක් දරාගන්න පුළුවන් තැම්පත්, මාලන් එහෙම නෙමේ එයා ඇළක් වගේ වේගෙන් ගහගෙන යනවා කලබලකාරී."
    "ඔයා කැමති මුහුදටද ඇළටද"
    "දෙකටම කැමතියි, හැබැයි ඒ විදි දෙහෙකට."
    "ඔයා ඔය කතාව මට කිව්වට මාලන්ට එහෙම කියන්න එපා, වරදවා තේරුම් ගනීවි"
    එවර ඇය සිනාසුනා ය. ඒ සිනහව මට අතීත අවර්ජනයක් විය, අපි එකට සෙල්ලම් කල අයුරු පාසල් ගොස්කළ දඟකාරකම්. සුන්දරය ඒ අතීතය.

    "බය වෙන්න එපා, එයා ඔය හිතන තරම් නරක නැහැ."
    "මම දැන් නරකයි කියල කිව්වේ නැනේ."
    "ම්,,, එහෙම හිතන් හිටියද දන්නේ නැනේ."

    මම කිසිත් නොකීවෙමි, කිසිවක් කීමට උවමනාවක්ද ඇති වුයේ නැත.

    "ඔයා කිව්වා වගේ අපි රේල් පීලි දෙකක් නම්, ඇතට පෙන්නේ එක් වෙනව වගේනේ, එක හින්ද පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි."
    "මට පුදුමයි ඔයා එහෙම කිව්වට, ඔයා කවදාවත් පිටින් එන දේවල් වලට සැලුනේ නැනේ."
    "ඒක කිව්වේ මම ගැන නෙමෙයි ඔයා ගැන හිතල."

    මෙවර ඇය සිනාසුනේ නැත, එහෙත් ඇයගේ ප්‍රාණවත් නයන දිලිසින.

    "දැන් යමු හොඳටම හවස් උනානේ."
    "හරි යමු එත් ඊට කලින් කියන්න දෙයක් තියනවා, මම කාටවත් අයිති වෙන්නේ නෑ, මට ඔයාත් ඔයාට මමත් හැමදාම වගේම ඉන්නවා."

    ඇය එසේ කිව්වේ ඇයි දැයි දන්නේ නැත, එක්කෝ මට එය දැනගැනීමට අවශ්‍යව තිබුවක් යැයි ඇය සිතන්නට ඇත, නැතිනම් එය ඇයටම කියා ගත්තක් විය හැක.

    "අනිත් එක මම නැති වුනත් දැන් ඔයාව බලාගන්න ගිම්හාන් ඉන්නේ."
    "උත්තරා කොහොමද එයා ගැන දන්නේ."
    "ඇයි අමතක උනාද මම ඔයාගේ හොඳම යාළුවා කියල."

     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    ඇයි දන්නෙ නෑ,ඒත් කතාව කියවලා දුක හිතුනා... :(
    ලස්සනයි! දිගටම ලියන්න..
    :)