සමාවක් මට දියං
තමන්ගේම දරුවන් වෙනුවෙන් අපා දුක් විදින, ඒ දරුවන්ගේම ප්රතික්ෂේප වීමට අවසානයේ බදුන්වන ඒ සෙනහසේ උල්පත, කිසිදා සිදී නොයනු ඇත.



තමන්ගේම දරුවන් වෙනුවෙන් අපා දුක් විදින, ඒ දරුවන්ගේම ප්රතික්ෂේප වීමට අවසානයේ බදුන්වන ඒ සෙනහසේ උල්පත, කිසිදා සිදී නොයනු ඇත.




බඩේගිනි උඹ තියං
මගේ බඩගිනි නිවං
උඹේ ලේකිරි බලෙන්
තඩි වුනා මම ගතින්
උඹේ හයි හත්තියෙන්
මටම සෙත සැලසුවෙන්
ඉන්නෙ අද මේ ලෙසින්
උඹෙම පුතු තමයි මං
කාලයේ ඇවෑමෙන්
උඹේ ගත වැහැරෙමින්
දෙපා වෙර නැති වුනෙන්
ඇහුවෙ මගෙ කුණු කටින්
උඹේ ඩිපොසිට් ගනිං
කදුලු පිරි දෙනයනින්
බැසගියා උඹ ගෙයින්
මගෙ අම්මෙ බැලින්නං
නෑ කිසිත් උඹ කරං
උඹේ දේපලයි මං
පිළිකන්නෙ උඹ ඉදං
මගෙම යහපත පතන්
මටම දුන් දිරි බලෙන්
ඉදිමි මිනිසෙකු ලෙසින්
තැවි තැවී හදවතින්
උඹේ ගුණ තේරෙමින්
උඹව තේරුම් අරං
නිදන්නට උඹ ළගින්
හිතන මුත් මගෙ හිතින්
නොඑන දුර උඹ ගිහිං
දැනෙන දුක මේ තරං
මගෙ ලොවම ගිනි අරං
අම්මෙ උඹෙ ඔය හිතෙන්
සමාවක් මට දියං







මගේ බඩගිනි නිවං
උඹේ ලේකිරි බලෙන්
තඩි වුනා මම ගතින්
උඹේ හයි හත්තියෙන්
මටම සෙත සැලසුවෙන්
ඉන්නෙ අද මේ ලෙසින්
උඹෙම පුතු තමයි මං
කාලයේ ඇවෑමෙන්
උඹේ ගත වැහැරෙමින්
දෙපා වෙර නැති වුනෙන්
ඇහුවෙ මගෙ කුණු කටින්
උඹේ ඩිපොසිට් ගනිං
කදුලු පිරි දෙනයනින්
බැසගියා උඹ ගෙයින්
මගෙ අම්මෙ බැලින්නං
නෑ කිසිත් උඹ කරං
උඹේ දේපලයි මං
පිළිකන්නෙ උඹ ඉදං
මගෙම යහපත පතන්
මටම දුන් දිරි බලෙන්
ඉදිමි මිනිසෙකු ලෙසින්
තැවි තැවී හදවතින්
උඹේ ගුණ තේරෙමින්
උඹව තේරුම් අරං
නිදන්නට උඹ ළගින්
හිතන මුත් මගෙ හිතින්
නොඑන දුර උඹ ගිහිං
දැනෙන දුක මේ තරං
මගෙ ලොවම ගිනි අරං
අම්මෙ උඹෙ ඔය හිතෙන්
සමාවක් මට දියං







~#ඨාකුර්Z#~ විසිනි.

