සමාවෙන්න බුදු පියාණෙනි!

dumidu99

Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    සමාවෙන්න බුදු පියාණෙනි!

    බුදු පියාණන්වහන්සේ පෙන්වූ දහම විද්‍යාඥයින්ට පවා පෙන්වන්නට හැකි දහමක් බවට මේ වන විට ප්‍රකට වෙමින් පවතිනවා.
    අද වගේ තාක්ෂණය දියුණු නැති කාලෙක... අද වගේ විද්‍යාඥයින් නොසිටි නිසා... බුදු හිමියන් විශේෂ වූ බව තමයි ඒ වගේ මත වල අවසාන අදහස වෙන්නේ.

    සම්මා සම්බුදු කෙනෙක් සියල්ල දන්නාවූ ඥානයකින් ලෝකයේ අචින්ත වූ කර්ම විෂය ගැන පෙන්වා... මේ දේවල් ගැන බුද්ධත්වයට පත්නොවූ මනසකට හිතාගන්නටවත් නොහැකි බව හේතු ඵල දහමින්ම ඔප්පු කර පෙන්නුවත්... මේ වන විට අවිද්‍යාවෙන් පිරුණු සාමාන්‍ය විද්‍යාඥයින් සොයාගත් සමීකරණයක් යොදා කර්ම ශක්තිය කිලෝ ජූල් වලින් මනින්නට හැකි යැයි විශ්වාස කරන බෞද්ධයින්ද බිහිවෙමින් සිටිනවා...

    ලොව්තුරු බුදුවරයෙක්ට පමණක් පෙන්වා දෙන්නට හැකි පෙර නොඇසූ විරූ දහම මේ වන විට බොහෝ පිරිසකට විශේෂ වී තිබෙන්නේ, මේ කාලේ වගේ උගත් බුද්ධිමත් අය නොසිටි කලක උගතුන්ගේ බුද්ධිමතුන්ගේ දහමක් පෙන්වා දුන් නිසා බුදු හිමියන් විශේෂ වී තිබෙනවා යන අදහසින්ම බව නම් පැහැදිලියි. එහෙත් කියන්නේ නම් එසේ නොවේ නෙවේ.

    සාමාන්‍ය මෙකල බහුතරයකගේ භාෂාවෙන් කියනවා නම්; “වැඩ්ඩෝ නොමැති කලක වැඩ පෙන්වූ නිසා“ බුදු හිමියන් විශේෂ වී තිබෙනවා. මෙකල පහල වන මහා විද්‍යාඥයින් අතර තවත් අනේ බුදු හිමියන්ද තවත් එක් විද්‍යාඥයෙක් පමණක් වී තිබෙනවා...

    සැබැවින්ම ශාසනය නම් අවසානයට ඇවිත්මය...

    දහම් දැකීමෙන් බුදුන් දකින්නාට බුදු කෙනෙක් අත්‍යවශ්‍යම වෙන්නේ ඇයිදැයි අවබෝධ වෙනවා... මේ අදහස් වලින් පෙනී යන්නේ තම තමන්ගේ මත තුලින් තම තමන්ට ඕනෑ කරන බුදු කෙනෙකුන් දැක ඇතිවා විනා... අසම සම තුන්ලෝකයටක අග්‍ර තවත් සම්මා සම්මා සම්බුදු කෙනෙකුට හැර සම කරන්නට නොහැකි සම්මා සම්බුදු කෙනෙකු හෝ ඒ දහමේ සුවිශේෂිත්වය පෙර නොඇසූ විරූ බව... තවමත් මේ ඇත්තන්ට පෙනෙන තෙක් මානයකටවත් ලැබී නොමැති සෙයක්මයි...

    සැබැවින්ම පරම දුර්ලභ ශාසනය අවසානයකට ඇවිත්මය...

    පිළිගන්නෝ බහුල වෙමින්... තමන් දැනටමත් දන්නවා යැයි සිතාගෙන සිටින නිවන් සොයන්නෝ බහුල වෙමින්... දැනටමත් දන්නා දහමකම මහා ගැඹුරක් සොයමින් මහා උසස් කොට කතා කරන්නෝ බහුල වෙමින්... පරම පිවිතුරු බුදු වදන යට හැර ප්‍රතිරූපකයන්ටම තැනදෙන්නෝ බහුල වෙමින්... පුද්ගලත්වයන් සරණ යන්නන් බහුල වෙමින්... ආගමිකයන් බහුල වෙමින්...

    සැබැවින්ම ශාසනය නම් අවසානයට ඇවිත්මය...

    දේශනාව තුල නම් වචනයට කියන්නේ බුදු හිමියන් තරම් විශේෂ කෙනෙක් නොවන බවයි...
    උන්වහන්සේගේ දහම අසම සම බවයි...
    ඒත් දේශනාවේ හරය තුලින් අහගෙන සිටින කෙනාට කරුණු ඇතිවම ඔප්පු කරන්නේ එහි ඇති දෙයක් නොවන බවයි. “අපේ තාත්තා ලොක්කා... අපේ අම්මා උතුම්“ වෙලා තියෙන්නේ මාන්නක්කාර දරුවන්ගේ නම්බුව රැකගන්නට මිස තාත්තා අම්මා උතුම් වී ඇත්තේ ඇයිදවත් නොදන්නා තරමටම දරුවන් යැයි කියාගන්නා පිරිස බහුල වෙමින් තිබේ...

    සැබැවින්ම ශාසනය විනාශ වෙන්නෙ ඇතුලතින්ම බිහිවෙන්නන්ගෙන්මය...

    ඒ අමා මෑණියන්ගේ ඒ බුදු පියාණන්ගේ විශේෂත්වයක් නොදකින අයාලෙ යන අනුවණ අකීකරු හදාගත් දරුවන් බහුලවෙමින් සුජාත දරුවන්ටත් අසම සම මෑණියන් පියාණන්වූ සම්මා සම්බුදුන්ටත් නිසි තැන අහිමිවන ශාසනයේ අවසානය සැබැවින්ම ඇවිත්මය...

    එහෙත් ඒ දරුවන් පවසන්නේ පරපුර රැකෙන බවය... පියාගේ නාමය බබළවන බවමය... කෙසේ නම් මේ අවුල විසඳන්නද... සැබෑ දරුවන් දකින්නේ අනතුර එන්න එන්නම ප්‍රබල වන බවමය!

    සමාවෙන්න බුදු පියාණෙනි... මට කල හැකි දේ කල හැකි පමණින් උපරිමයෙන් කරන්නට වෙර දරන්නෙමි... එහෙත්... සමාවෙන්න අමා මෑණියනි...!!

    ප්‍රඥාවන්තයෙක් වේ නම් අප්‍රමාද වේවා!!!
    ප්‍රතිරූපක වෙනුවට සැබෑ දහමම දකිත්වා!!!

    source : http://blog.nirvanadhamma.com/2017/06/blog-post_22.html
     
    • Like
    Reactions: Helo1

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුදු පියාණන්වහන්සේ පෙන්වූ දහම විද්‍යාඥයින්ට පවා පෙන්වන්නට හැකි දහමක් බවට මේ වන විට ප්‍රකට වෙමින් පවතිනවා.
    අද වගේ තාක්ෂණය දියුණු නැති කාලෙක... අද වගේ විද්‍යාඥයින් නොසිටි නිසා... බුදු හිමියන් විශේෂ වූ බව තමයි ඒ වගේ මත වල අවසාන අදහස වෙන්නේ.

    සම්මා සම්බුදු කෙනෙක් සියල්ල දන්නාවූ ඥානයකින් ලෝකයේ අචින්ත වූ කර්ම විෂය ගැන පෙන්වා... මේ දේවල් ගැන බුද්ධත්වයට පත්නොවූ මනසකට හිතාගන්නටවත් නොහැකි බව හේතු ඵල දහමින්ම ඔප්පු කර පෙන්නුවත්... මේ වන විට අවිද්‍යාවෙන් පිරුණු සාමාන්‍ය විද්‍යාඥයින් සොයාගත් සමීකරණයක් යොදා කර්ම ශක්තිය කිලෝ ජූල් වලින් මනින්නට හැකි යැයි විශ්වාස කරන බෞද්ධයින්ද බිහිවෙමින් සිටිනවා...

    ලොව්තුරු බුදුවරයෙක්ට පමණක් පෙන්වා දෙන්නට හැකි පෙර නොඇසූ විරූ දහම මේ වන විට බොහෝ පිරිසකට විශේෂ වී තිබෙන්නේ, මේ කාලේ වගේ උගත් බුද්ධිමත් අය නොසිටි කලක උගතුන්ගේ බුද්ධිමතුන්ගේ දහමක් පෙන්වා දුන් නිසා බුදු හිමියන් විශේෂ වී තිබෙනවා යන අදහසින්ම බව නම් පැහැදිලියි. එහෙත් කියන්නේ නම් එසේ නොවේ නෙවේ.

    සාමාන්‍ය මෙකල බහුතරයකගේ භාෂාවෙන් කියනවා නම්; “වැඩ්ඩෝ නොමැති කලක වැඩ පෙන්වූ නිසා“ බුදු හිමියන් විශේෂ වී තිබෙනවා. මෙකල පහල වන මහා විද්‍යාඥයින් අතර තවත් අනේ බුදු හිමියන්ද තවත් එක් විද්‍යාඥයෙක් පමණක් වී තිබෙනවා...

    සැබැවින්ම ශාසනය නම් අවසානයට ඇවිත්මය...

    ප්‍රඥාවන්තයෙක් වේ නම් අප්‍රමාද වේවා!!!
    ප්‍රතිරූපක වෙනුවට සැබෑ දහමම දකිත්වා!!!

    source : http://blog.nirvanadhamma.com/2017/06/blog-post_22.html

    :D:D:yes::yes:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    බුදු පියාණන්වහන්සේ පෙන්වූ දහම විද්‍යාඥයින්ට පවා පෙන්වන්නට හැකි දහමක් බවට මේ වන විට ප්‍රකට වෙමින් පවතිනවා.
    ... මේ වන විට අවිද්‍යාවෙන් පිරුණු සාමාන්‍ය විද්‍යාඥයින් සොයාගත් සමීකරණයක් යොදා කර්ම ශක්තිය කිලෝ ජූල් වලින් මනින්නට හැකි යැයි විශ්වාස කරන බෞද්ධයින්ද බිහිවෙමින් සිටිනවා...

    ලොව්තුරු බුදුවරයෙක්ට පමණක් පෙන්වා දෙන්නට හැකි පෙර නොඇසූ විරූ දහම මේ වන විට බොහෝ පිරිසකට විශේෂ වී තිබෙන්නේ, මේ කාලේ වගේ උගත් බුද්ධිමත් අය නොසිටි කලක උගතුන්ගේ බුද්ධිමතුන්ගේ දහමක් පෙන්වා දුන් නිසා බුදු හිමියන් විශේෂ වී තිබෙනවා යන අදහසින්ම බව නම් පැහැදිලියි. එහෙත් කියන්නේ නම් එසේ නොවේ නෙවේ

    ප්‍රඥාවන්තයෙක් වේ නම් අප්‍රමාද වේවා!!!
    ප්‍රතිරූපක වෙනුවට සැබෑ දහමම දකිත්වා!!!
    :yes::yes::yes::D:D:D