සෝතාපත්ති තත්ත්වයට පත්වීම

Emios

Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    ධහම් පණිවිඩය දෙන්න කළ්‍යාණ මිත්‍රයා ඕනේ. දෙන පණිවිඩය, ධර්මය නෙමෙයි, කතාවක්. ධර්මය ගෙඩි පිටින් දෙන්න බැහැ. කතාව විසදගද්දි තමයි ධර්මය දකින්නේ.

    පේනවා, ඇහෙනවා, දැනෙනවා සහ ඒ සමගම හිතෙනවා..
    වෙන දේ බලන් ඉන්න එක තමයි සිහිය.

    මොකක්ද ඔයා කියන බුද්ධ ශක්තිය? ඒක කොහොමද උඩ කියපු සිහියට යොදා ගන්න පුලුවන්?
    Itin ban mokadda kalyana mitraya kiyanne atom
    Godakne.ekath energy ekakne.dan rupe thula nattan dharmaya ahuweth oya energy ekakinne atom godakinne.atom cocentration ekakin.mokadda budda shakthiyey kalyana mitraya kiyala ahata pena rupekai wenasa.budda shakthiya kiyanne sobadahama.samahara places wala concentrated wetcha.dan atom atta karan kiyanawa newe me.science patten kivve.buddha shakthoya kivve buduhamdhruwonge energies eka thanakata ekathu wetcha atom godak.eka use karanna puluwan ape atoms ekata adjust karanna.kalyana mtirayekgeb bana ahala atom adjust una wage.buduhamduruwo issarahata awama damanaya wenneth ekai.buduhamduruwo rupe thula hitiye nattan atom godak kiyala danata gamu.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Itin ban mokadda kalyana mitraya kiyanne atom
    Godakne.ekath energy ekakne.

    ඒ ඔයා දැනගත්ත කතාවක්. ඔයා ඒකට වටිනාකමක් දෙනවා.
    ඔතනයි, පොඩි ළමයෙක් සුපර් මෑන් ඉන්නවා.. කියලා විශ්වාස කරන එකෙයි වෙනසක් නැහැ.

    dan rupe thula nattan dharmaya ahuweth oya energy ekakinne atom godakinne.atom cocentration ekakin.

    අහන්න කෙනෙක් ඉන්න ඕනේ.. කියන එක අහලා, දැකලා, පෙනිලා සම්මත කරගත්ත. සම්මුති සත්‍යක්. ඇයි අහන්න කෙනෙක් ඉන්න ඕනේ?

    budda shakthiya kiyanne sobadahama.samahara places wala concentrated wetcha.dan atom atta karan kiyanawa newe me.science patten kivve.buddha shakthoya kivve buduhamdhruwonge energies eka thanakata ekathu wetcha atom godak.eka use karanna puluwan ape atoms ekata adjust karanna.kalyana mtirayekgeb bana ahala atom adjust una wage.buduhamduruwo issarahata awama damanaya wenneth ekai.buduhamduruwo rupe thula hitiye nattan atom godak kiyala danata gamu.

    බුද්ධ, නිවන, පරමාර්ථ සත්‍ය, යථා ස්වභාවය.. එකම call sign එකක්.

    ඇහෙන, දැනෙන, පෙනෙන නැත්තම් ස්ඵර්ෂය සමග වෙන දැනීමේ,
    බුද්ධ, නිවන, පරමාර්ථ සත්‍ය, යථා ස්වභාවය.. නොදැකීමේ විපාකය තමයි නිච්ච, ආත්ම ලෝකය සහ මම.

    energy, atoms.. මේ ඔක්කොම කතා. ලෝකය. මුලාව.

    දැනීමේ ඇත්ත, බුද්ධ, යථා ස්වභාවය.. දකින්න, *දැනගැනීම* මුලට විමසන්න. දැනගත් බව ලෙස වෙන සකස් වෙන ක්‍රියාවලිය විමසනවා කියන්නේ,
    දැනුම, දැනුම නැත්තම් කතන්දර වලට කතන්දර ගලපන එක නෙමෙයි.
     
    • Like
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    ඒ ඔයා දැනගත්ත කතාවක්. ඔයා ඒකට වටිනාකමක් දෙනවා.
    ඔතනයි, පොඩි ළමයෙක් සුපර් මෑන් ඉන්නවා.. කියලා විශ්වාස කරන එකෙයි වෙනසක් නැහැ.

    අහන්න කෙනෙක් ඉන්න ඕනේ.. කියන එක අහලා, දැකලා, පෙනිලා සම්මත කරගත්ත. සම්මුති සත්‍යක්. ඇයි අහන්න කෙනෙක් ඉන්න ඕනේ?

    බුද්ධ, නිවන, පරමාර්ථ සත්‍ය, යථා ස්වභාවය.. එකම call sign එකක්.

    ඇහෙන, දැනෙන, පෙනෙන නැත්තම් ස්ඵර්ෂය සමග වෙන දැනීමේ,
    බුද්ධ, නිවන, පරමාර්ථ සත්‍ය, යථා ස්වභාවය.. නොදැකීමේ විපාකය තමයි නිච්ච, ආත්ම ලෝකය සහ මම.

    energy, atoms.. මේ ඔක්කොම කතා. ලෝකය. මුලාව.

    දැනීමේ ඇත්ත දකින්න, *දැනගැනීම* මුලට විමසන්න.
    Me okoma kathawak mulawak lokaya unata.uba darmaya or kathawak ahanna loke attak karan kalyana mitryek gawata giyane.e wagema tama budda shakthiyata anu gatha wena ekath.dekama mulawak ehema baluwoth.man kiyanne nuclear power reactor ekak tiyeddi api gedara generator ekak on karan light ganna mahansi wenna one ne kiyala
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Me okoma kathawak mulawak lokaya unata.uba darmaya or kathawak ahanna loke attak karan kalyana mitryek gawata giyane.e wagema tama budda shakthiyata anu gatha wena ekath.dekama mulawak ehema baluwoth.man kiyanne nucleae power reactor ekak tiyeddi api gedara generator ekak on karan lighr ganna mahansi wenna one ne kiyala

    මුලාව, මුලාව විදිහට දකින තැන, මුලාවක් කියලා දෙයක්වත් පැනවෙන්නේ නැහැ.

    ඉතින් හොදයි. බුද්ධ ශක්තයට අනුගත වෙලා, මහන්සි නොවී, නිවන් දකින්න.
     
    • Love
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    මුලාවක් කියන තැන, මුලාවක් කියලා දෙයක් පැනවෙන්නෙත් නැහැ.

    ඉතින් හොදයි, බුද්ධ ශක්තයට අනුගත වෙලා, මහන්සි නොවී නිවන් දකින්න.
    Panawenne nethi unata kathawak ahuwane.oruwen paninna kalin oruwa panawila ne tibilama ne kiyala kivvata hariyanawada.
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    මිනිස් ලොවෙහි උපත ලබන කෙනෙකුට, ශුද්ධ වූ පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය කළ හැකි නම්, එවැනි කෙනෙකුට නියම කරන ලද අවශ්‍යතා හතර සපුරා ගැනීමට පමණක් නොව, මේ ජීවිතයේදීම සෝතාපත්ති තත්ත්වයට පත්වීමේ හැකියාවද ලැබෙනු ඇත. සෝතාපත්ති එලයට යන මාර්ගය සඳහා සුදුසුකම් ලැබීමට පූර්ව කොන්දේසි හතරක් ඇත. ඒවා පහත සදහන් වේ.

    1. පතිරූප දෙස වාසෝච
    2. පුබ්බේච කත පුඤ්ඤතා
    3. අත්ත සම්මා පණිඩිච
    4. අරිය සච්චන දස්සනං

    පූර්ව කොන්දේසි වල ඇති "පතිරූප දෙස වාසෝච" යන්නෙහි දේ තේරුම් ගත යුතුය. බුද්ධ දේශනයට අනුව පෘථිවිය කොටස් තුනකට බෙදා ඇත.

    1. පතිරූපදේශය
    2. අපරාපරන්ත
    3. සුනාපරන්ත

    පතිරූප දේශය යනු බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වී ඇති භූමියයි. එය මධ්‍ය මණ්ඩල ලෙසද හැඳින්වේ. කෙනෙකුට මධ්‍ය මණ්ඩලයට අයත් භූමියේ ජීවත් විය හැකි නම් හෝ උපත ලබා ඇත්නම් හෝ සිටීමට හැකි නම්, බුද්ධ දේශනයට අනුව බුද්ධ ශක්තියට අනුගත විය හැකිය.

    මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් පරිදි, බුද්ධ පර්නිර්වානයෙන් පසු, යමෙක් සොතාපත්ති එලය සදහා මධ්‍ය මණ්ඩලයට අයත් ස්තාන 4, එනම් බුදු වූ හිරිවඩුන්න, සිදුහත් කුමාරය උප්පත්තිය සිදු වූ බඹරගල, ප්‍රතම දම්සැක්පැවතුම් සූත්‍රය පැවැත්වූ ඉසින්බස්සගල සහ පිරිනිවන් පෑ බුදුගල වෙත ගොස් බුද්ධ ශක්තියට අනුගත විය යුතුය.

    සුනාපරන්තයේ ඉපදී ජීවත් වන පුද්ගලයෙකු මධ්‍ය මණ්ඩල භූමියට ගොස් නිර්මල බුද්ධ ධර්මයට සවන් නොදෙන්නේ නම්, එම පුද්ගලයාට පතිරූප දෙස වාසෝච ලෙස හඳුන්වන තත්වයන් සාක්ෂාත් කරගත නොහැක. එවැනි පුද්ගලයෙකුට පුබ්බේච කත පුඤ්ඤතා ශක්තිය තිබේ නම්, එම පුද්ගලයාට කල්‍යාණ මිත්තෙකුගෙන් පරතෝඝෝෂක ප්‍රත්‍යය ලබා ගත හැකිය. එමනිසා, මෙහි සිටින සහ නිර්මල ධර්මයට සවන් දීමට සූදානම් අය දැනටමත් පතිරූප දෙස වාසෝච සහ පුබ්බේච කතා පුඤ්ඤතා ශක්තිය යන කොන්දේසි දෙකම සම්පූර්ණ කර ඇති බව මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය වේ.

    තුන්වන පූර්ව කොන්දේසිය වන්නේ "අත්ත සම්මා පණිඩිචයයි". මෙය සංසාර සබඳතා සහ ආත්මාර්ථකාමී ප්‍රවණතා/උඩඟුකමින් නිදහස් වීමට සහ ධම්මානුධම්ම පටිපදාවට සවන් දීමට සහ අත්විඳීමට කැමති නම්, කෙනෙකුට අත්ත සම්මා පණිඩිච තත්ත්වයට පත් වෙයි.

    "අරිය සච්චාන දස්සනං" සපුරාලිය යුතු තවත් වැදගත් පූර්ව කොන්දේසියකි. මෙයින් අදහස් කරන්නේ කල්‍යාණ මිත්තෙකුගෙන් හෝ අරහතුන් වහන්සේ කෙනෙකුගෙන් සෘජුවම පරතෝඝෝෂක ප්‍රත්‍ය සහ සම්මා දිට්ඨිය ලබා ගැනීමයි. වෙනත් වචන වලින් කිවහොත්, සවන් දීමට සහ චතු අරිය සච්ච පිළිබඳ දැනුම ලබා ගැනීමට කල්‍යාණ මිත්තෙකුගේ හෝ උතුම් පුද්ගලයෙකුගේ ඇසුරක් ලබා ගත යුතුය.

    මාගධී භාෂාවෙන්, පරතෝඝෝෂක ප්‍රත්‍යය යන්නෙන් අදහස් කරන්නේ, සෝතාපත්ති එල හෝ ඉහළ මට්ටමේ පාරිශුද්ධත්වයක් ලබා ඇති, එනම් සකදාගාමී, අනාගාමි හෝ අරහන්ත් වැනි මානසික තත්වයන් තුළ කල්‍යාණ මිත්තෙකුගෙන් විහිදෙන පිරිසිදු ,රාග, ද්වේෂ සහ මෝහ වලින් තොර ආකාශ වස්තු පරාසය තුළ වාඩි වී, තම කන හරහා නිර්මල පිරිසිදු බුද්ධ ධර්මය ඇසීමයි. පරතෝඝෝෂක ප්‍රත්‍ය්‍යාව ලැබීමෙන් පසු, පුද්ගලයා සෝතාපත්ති ඵලය සාක්ෂාත් කර ගැනීම සඳහා පහත සඳහන් පරිදි නියමිත පියවර හතර සම්පූර්ණ කළ යුතුය.

    1. කල්‍යාණ මිත්‍ර ඇසුර
    2. කෙලෙස් නැති සිරි සද්ධර්මය ශ්‍රවණය
    3. යෝනිසෝමනසිකාරය
    4. ධම්මානුධම්ම පටිපදා, නැතිනම් මග්ග චරියා
    මේ සියල්ල මිවලපනේ හිමි ජිවත් වන මීරිගම ද්ර්මායතන්යේ පවත්වන දවස් 7 භාවනා වැඩසටහනේදී පැහැදිලි කර දෙයි.
    Don’t disrespect someone like Buddha. This is not something he taught.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    දැනගන්න ධහම් කරුණු මොනවද?

    හේතු-එල ද‍හම.

    උදාහරණය : අපල (එලය) -> ද්වේශය (හේතු) -> යලි අපල (එලය)

    අපල කාලවල් එන්නේ පැරණි ද්වේශයෙන් ක්‍රියා කරපු නිසා. තියෙන අපල කාලයේ ද්වේශයෙන් ක්‍රියා කලොත් අයෙමත් අපල කාලයක් ඉදිරියට නිර්මාණය කර ගන්නවා.

    එලය <-> හේතු

    එල හේතු වෙන්නවා, හේතුව යලි එලයක් වෙනවා. හේතු-එල පරම්පරාව අවසන් කරන්නේ 4-කමටහන් වඩලා.

    දැනගත් ධර්මය 'දැක පසක්' කරන්නේ කොහොමද?

    සද්ධා ඉන්ද්‍රිය -> (යෝනිසෝ-මනිසිකාරය ඇතුලත් සොතාපත්ති බල ධර්ම)

    යෝනිසෝ-මනිසිකාරය (හේතුව) -> "සතිය", නැතිනම් වර්තමානයේ හිතට එන අර්මුන හේතු එල ධහමට සහ නය විනයට බහා ගලපා බැලීම (එලය)

    පෘතග්ජනයාට මේ දේ සිද්ද වෙන්නේ නැහැ සද්ධා ඉන්ද්‍රිය මතු වෙලා නැති නිසා. එතකොට, දහම අසා දිට්ටිය පිරිසින්දු කර ගත් විට, මෙයා මාර්ගයට නැඹුරු වෙනවා.

    අසතියෙන් ක්‍රියා කරපු කෙනා දැන් සතියෙන් වැඩ කරලා, අපල හේතු අහෝසි වෙනවා මෙයා, මෙයාගේ ඇතුළෙන්ම දකිනවා, යෝනිසෝ-මනිසිකාරය වැඩෙනවා. නමුත් හේතුව උදුරා දාලා නැත.

    ඉන්පසු බුද්ද ශක්තිය, නැතිනම් හේතුව උදුරා දැමීමේ ශක්තියට අනුගත වූ පසු, ක්‍රමානුකුලව සියලු අපල අහෝසි වෙලා මග එල ලබනවා..

    මේවැනි කරුණු පහදන විට නොයෙකුත් පැහැදිලි කිරීමේ දෝෂ නිසා වැරදි දේ මගේ අතින් කියවෙන්න පුලුවන්. එම නිසා මේ කරුණු මීරිගම ධර්ම ආයතනයට ගොස් පැහැදිලි කර ගන්න අවශ්‍යයි.
     
    Last edited:
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හේතු-එල ද‍හම.

    උදාහරණය : අපල (එලය) -> ද්වේශය (හේතු) -> යලි අපල (එලය)

    අපල කාලවල් එන්නේ පැරණි ද්වේශයෙන් ක්‍රියා කරපු නිසා. තියෙන අපල කාලයේ ද්වේශයෙන් ක්‍රියා කලොත් අයෙමත් අපල කාලයක් ඉදිරියට නිර්මාණය කර ගන්නවා.

    එලය <-> හේතු

    එල හේතු වෙන්නවා, හේතුව යලි එලයක් වෙනවා. හේතු-එල පරම්පරාව අවසන් කරන්නේ 4-කමටහන් වඩලා.

    කාලය කිව්වහම කාලය ඇත්ත වෙනවා.

    මොහොත ගමුකෝ. මොහොතක ඔයා කැමති නැති පුද්ගලයෙක්ව පේනවා. පෙනීම එක්කම ද්වේශයෙන් තොරව ක්‍රියා කරන්න, එක්කෝ මයිත්‍රිය වඩලා ද්වේශයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්න ඕනේ, නැත්තම් පෙනීම උපේක්ෂාවට ගන්න ඕනේ. ඒ ක්‍රියා දෙකම සසරම තමයි.

    දැන් මේ සිද්ධියට අදාලව, සතර කමටහන් වැඩීමෙන්, හේතු-ඵල ක්‍රියාවලිය නිරැද්ධ කරන විදිහ පැහැදිලි කරන්න පුලුවන්ද?

    සද්ධා ඉන්ද්‍රිය -> (යෝනිසෝ-මනිසිකාරය ඇතුලත් සොතාපත්ති බල ධර්ම)

    යෝනිසෝ-මනිසිකාරය (හේතුව) -> "සතිය", නැතිනම් වර්තමානයේ හිතට එන අර්මුන හේතු එල ධහමට සහ නය විනයට බහා ගලපා බැලීම (එලය)

    පෘතග්ජනයාට මේ දේ සිද්ද වෙන්නේ නැහැ සද්ධා ඉන්ද්‍රිය මතු වෙලා නැති නිසා. එතකොට, දහම අසා දිට්ටිය පිරිසින්දු කර ගත් විට, මෙයා මාර්ගයට නැඹුරු වෙනවා.

    අසතියෙන් ක්‍රියා කරපු කෙනා දැන් සතියෙන් වැඩ කරලා, අපල හේතු අහෝසි වෙනවා මෙයා, මෙයාගේ ඇතුළෙන්ම දකිනවා, යෝනිසෝ-මනිසිකාරය වැඩෙනවා. නමුත් හේතුව උදුරා දාලා නැත.

    ඉන්පසු බුද්ද ශක්තිය, නැතිනම් හේතුව උදුරා දැමීමේ ශක්තියට අනුගත වූ පසු, ක්‍රමානුකුලව සියලු අපල අහෝසි වෙලා මග එල ලබනවා..

    මේවැනි කරුණු පහදන විට නොයෙකුත් පැහැදිලි කිරීමේ දෝෂ නිසා වැරදි දේ මගේ අතින් කියවෙන්න පුලුවන්. එම නිසා මේ කරුණු මීරිගම ධර්ම ආයතනයට ගොස් පැහැදිලි කර ගන්න අවශ්‍යයි.

    ඉන්ද්‍රිය ධර්ම කෙන කෙනා අනුව, මාර්ගඵල ලබන්න ප්‍රකට වෙන විදිහ වෙනස් මන් දන්න විදිහට. සමහරුන්ට ප්‍රඣාව ප්‍රමුඛ වෙනවා..

    වර්තමාන හිතට එන අරමුණ, හේතු-ඵල දහම සහ නය විනයට අනුව ගලපා බලනවා කියලා කියන්නේ, දැනගත්ත දැනුමක් එක්ක අවස්ථා සම්බන්ධයක් දැකලා, ගලපන එකද?
    උදා: මේක ස්ඵර්ශය, මේක වේදනවා, මේක..
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    දැන් මේ සිද්ධියට අදාලව, සතර කමටහන් වැඩීමෙන්, හේතු-ඵල ක්‍රියාවලිය නිරැද්ධ කරන විදිහ පැහැදිලි කරන්න පුලුවන්ද?
    ද්වේශය

    අ) පළමුව, මෙත්තා අනුස්සතිය වඩා ද්වේශය සමතකයට පත් කරලා එතන ඇතිවන හිස්තැන මෙත් සිතින් පුරවා ගන්නවා.
    ආ) දෙවෙනුව, මරනා සහ බුද්ද අනුස්සතිය වඩා ද්වේශය උදුරා දාලා විපස්සනාව වඩනව
    වර්තමාන හිතට එන අරමුණ, හේතු-ඵල දහම සහ නය විනයට අනුව ගලපා බලනවා කියලා කියන්නේ, දැනගත්ත දැනුමක් එක්ක අවස්ථා සම්බන්ධයක් දැකලා, ගලපන එකද?
    උදා: මේක ස්ඵර්ශය, මේක වේදනවා, මේක..
    නිවරිදියි! හිතට අරමුණු වන පන්චස්කන්දය "මම හෝ මගේ" කියා ඇතුලට ගත් පසු අනාත වන නිසා එවැනි දේවල් සුදුසු නැත.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ද්වේශය

    අ) පළමුව, මෙත්තා අනුස්සතිය වඩා ද්වේශය සමතකයට පත් කරලා එතන ඇතිවන හිස්තැන මෙත් සිතින් පුරවා ගන්නවා.
    ආ) දෙවෙනුව, මරනා සහ බුද්ද අනුස්සතිය වඩා ද්වේශය උදුරා දාලා විපස්සනාව වඩනව

    මේක හොද විදිහක්, අනිවාරෙන්. විපස්සනාව වඩන එක අනිවාර්යයි. නැත්තම් උපේක්ෂාවේ හෝ මයිත්‍රියේ නතර වෙන එක වෙන්නේ.

    නිවරිදියි! හිතට අරමුණු වන පන්චස්කන්දය "මම හෝ මගේ" කියා ඇතුලට ගත් පසු අනාත වන නිසා එවැනි දේවල් සුදුසු නැත.

    අපිට දැනෙන ඝන සංඣා මට්ටමෙන් අල්ලලා, මේක මෙහෙමයි.. කියලා අවස්ථා සම්බන්ධයක් ගලපද්දි වෙන්න ආයෙම පටිච්ච සමුප්පන්න සසරම තමයි. අපි අල්ලන තැනම නිච්ච, ආත්ම විදිහට දකින්නේ.

    දැනීම මට්ටමෙන්, 'මෙහෙමයි' කියලා දෘස්ටියකින් අල්ලන්න, ගලපන්න බැහැ. අනිච්චයි, අනාත්මයි. ඔය නිච්ච, ආත්ම වෙච්ච දැනගැනීමක් තමයි අල්ලලා, ගලපන්නේ.

    මෙක 'මම/ මගේ නෙමෙයි..' කිව්වට, 'මේක' කියලා හම්බෙන එකමයි සසර. අපි කියන 'මම' process එක ඇතුලේ හදාගත්ත දෘස්ටියක්.

    අල්ලන තැන, ඇල්ලුනු දේ තියෙන්නේ කොහොමද/ තියෙන්න පුලුවන්ද.. කියලා තමයි විපස්සනා කරලා බලන්න ඕනේ.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113

    ඔබ බණ අසන්නේ සැබෑ කල්‍යාණ මිත්‍රයකුගෙන්ද?​

    මේ තැන්වල නිවැරිදි සිරි සධර්මය ඇසිලා තියෙනවා.
    නිවැරිදි ඉතිහාසය
    අනෙකුත්
    මේවා අහලා මාර්ගය පහදා ගන්න. සුභ ගමන්!
     
    Last edited:
    • Like
    Reactions: Fiona Dabare