#සමුගැනීමේ සංසර්ගය හෙවත් මළවුන්ගේ ලිංගික හැසිරීම 😮😮😮😮😮😮

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    (ඊජිප්තියානු නෙක්‍රොෆීලියාව)

    2012 වසරේදී ඊජිප්තු කාන්තාවන් වීදි බැස උත්ගෝෂන මාලාවක් සංවිධානය කලා එරට රජය විසින් හඳුන්වාදීමට සැරසුනු නව නීතියකට එරෙහිව.ඒ නීතිය හැඳින්වුනේ "Farewell intercourse" හෙවත් "සමුගැනීමේ සංසර්ගය" නමින්.ඒ නව නීතියට අනුව සැමියාට හැකියාව ලැබෙනවා සිය බිරිඳ මියගිය පසුව පැය 6ක් ගතවන තෙක්ම මියගිය බිරිඳගේ ප්‍රාණය නිරුද්ද මළ සිරුර සමග ලිංගිකව හැසිරෙන්න.
    කොහොම වුනත් නොසලකාහැරිය නොහැකි විරෝධය හමුවේ ඒ නව නීතිය ගැන කතාව හෙමින් සැරේ අතුරුදන් වෙලා ගියා.

    නමුත් #මළවුන් සමගින් ලිංගිකව හැසිරීම කියන්නේ ඉතිහාසයේ ගොඩාක් ඈතට ලියැවුනු පරිඡ්චේද තියෙන කතාවක්. පාරම්පරික සිරිතක් වශයෙන් හෝ ශුද්ධ වූ ආගමික විශ්වාසයක් වශයෙන් හෝ නොඑසේනම් ලිංගිකත්වයේ ඇබ්බැහියක් වශයෙන් ඉතිහාසයේ විවිධ කාල වලදී විවිධ ශිෂ්ටාචාර සහ සංස්කෘතීන් තුල පන්ති පාට බේද නොසලකා මුල් ඇද වැඩුණු වෘක්ෂයක් විදියට මේ මලවුන් සමගින් සිදුකරන ලිංගික සංසර්ගය හඳුනාගන්න පුළුවන්.ඈත අතීතයට දිවෙන මේ පුරුද්දට බෙල්ජියානු ජාතික වෛද්‍යවරයෙක් නමක් දුන්නා Necrophilia කියලා.Necro කියන්නේ "මෘත දේහ" ,philia කියන්නේ "ආකර්ෂණය හෝ කැමැත්ත".ඒ විදියට තමයි ග්‍රීක භාෂාවෙන් necrophilia කියන නම බිඳී ආවෙ.

    #Necrophilia පිළිබඳ මුල්ම සාක්ෂිය හමුවෙන්නෙත් "සමුගැනීමේ සංසර්ගය" නීති පොතේ ලිවීමට සැරසුනු ඊජිප්තුවෙන්මයි.ඒ අදින් වසර දහස් ගණනකට පෙර එකල ලොව දියුණුම ශිෂ්ටාචාරය ඊජිප්තු වැලිකතර මත පාරාවෝ රජුන් යටතේ පාලනය වූ සමයේදීයි.
    එකල ඊජිප්තු වැසියන්ට මළවුන් සමග පැවතියේ අපූරු බැඳීමක්.මෘත ශරීර වසර දහස් ගණනක් පුරාවට විනාශනොවී තබා ගැනීමේ මමීකරණ ශිල්පක්‍රමය ඔවුන්ගේ ඒ අපූරු බැඳීමේ නිදසුනක්.එකී පුරාණ මමී අධ්‍යයනය කරන ගවේශකයන්ට හමුවූ වැදගත් කරුණක් තිබෙනවා.ඒ තමයි පිරිමි මමී වලට සාපේක්ෂව ඇතැම් කාන්තා මමී සාපේක්ෂව වැඩි හායනයකට නතුවී තිබීම.ඒ කියන්නේ සරලවම ඇතැම් ස්ත්‍රී මෘතදේහයන්ගේ මමීකරණ ක්‍රියාවලිය නැතිනම් එම්බාම් කිරීම ආරම්භ වෙලා තියෙන්නේ අදාල කාන්තාව මියගොස් දින කීපයකට පසුව දේහාය දිරාපත් වීම ආරම්භ වී තිබුනු විටදී වීම නිසායි.
    මෙයට හේතුව තමයි එකල මිනිසුන් මෘත දේහ සමග ලිංගිකව හැසිරීමට පෙලඹී සිටීම.වංශවත් කාන්තාවන් මියගියාම ඒ සිරුරු දින තුනක් පමණ නිවසේ තබාගෙන තිබෙනවා එම්බාම්කරු වෙත යවන්න කලින්.ඒකට හේතුව වුනේ මියගිය වංශවත් කාන්තාවගේ මෘතදේහය සමග එම්බාම්කරුවා ලිංගිකව හැසිරෙයි කියල වංශවත් පවුලේ අනෙක් අයට තිබුනු බය.වංශවත් කතකට එවැන්නක් වුනොත් එය ඇයගේ මරණින් පසු ජීවිතෙ කිලිටිවීමක් විදියට එදා ඊජිප්තු වැසියන් හිතන්න ඇති.

    උපුටා ගැනීම අන්තර්ජාලයෙන් .කතුඅයිතියට ස්තුතියි 🌷🌷

    FB_IMG_1654862697013.jpg
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මියගිය වංශවත් කාන්තාවගේ මෘතදේහය සමග එම්බාම්කරුවා ලිංගිකව හැසිරෙයි කියල වංශවත් පවුලේ අනෙක් අයට තිබුනු බය
    මේවා නම් මානසික ලෙඩ