සමේ රෝග නසන ඇත්තෝර 🌿🌿 (Aththora)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සමේ රෝග නසන ඇත්තෝර 🌿🌿 (Aththora) - Your Choice Way
    ✅ආයුර්වේදයේ චක්‍රමර්ද යන නමින් ද ඉංග්‍රීසි භාෂාවෙන් Ring worm plant යන නමින් ද හැඳින්වේ. මෙහි විද්‍යාත්මක නාමය වන්නෙ Cassia alata ය.

    ✅Leguminosae කුළයට අයත් මේ ශාකය උෂ්ණ තෙතමනය සහිත නිවර්තන කලාපීය රටවල කිසිම සාත්තුවකින් තොරව හොඳින් වැඩේ. ලංකාවේද නුවරඑළිය වැනි ප්‍රදේශ හැර බොහෝ ප්‍රදේශ වල හොඳින් වැඩෙන ශාකයකි.

    ✅මෙම ශාකය 5m පමණ උස්ව තරමක් විශාලව පඳුරු ආකාරව වැඩේ. සංයුක්ත පත්‍ර පිහිටයි. පත්‍රයක පත්‍රිකා යුගල් 6-14 පමණ දක්නට ලැබේ

    ✅පුෂ්ප මංජරියක පෙති 5 ක් සහිත කහ පැහැ මල් දක්නට ලැබේ.

    ✅ ඵලය කරලක් වන අතර එහි බිජ පවතී. බීජ දුඹුරු පාට ය. ත්‍රිකෝණාකාර ය.


    ✅ ඖෂධ පිණිස මෙම ශාකයේ පත්‍ර, , බීජ හා මුල් ගනී.

    ✅මෙහි පත්‍ර වල ඇති කුෂ්ඨ හා කැසීම් සුව කිරීමේ ගුණයත් විෂ හරනය කිරීමේ විස්මිත ගුණයත් නිසා දද , කුෂ්ඨ, පොතුකබර ඇතුළු සමේ රෝග වලදී ඉතා වටිනා ඖෂධයක් ලෙස හැඳින්විය හැක.

    ✅මෙහි ඇති විරේචන ගුණය නිසා පණු රෝග වලදීත් විශේෂයෙන්ම වට පණු රෝග ( ring worm infection ) වලදී යොදා ගත හැක.

    ✅ පක්ෂාඝාත, අර්ධිත ( facial paralysis ) වැනි ස්නායු රෝග වලට ප්‍රතිකාරයේදී ද මේ ශාකය යොදා ගැනේ.

    ✅ ඇත්තෝර ශාකය හෘදයට හිතකර නිසාවෙන් හෘද් රෝග වලදී ද ආයුර්වේද ප්‍රතිකාරයේ යොදා ගැනේ.

    ✅මෙහි ඇති කඵ නිස්සාරක ගුණය නිසාවෙන් කැස්ස , ඇදුම වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයන්හිදී යොදා ගැනෙන ඖෂධ නිෂ්පාදනයට ඇත්තෝර ශාකය යොදා ගනී.

    ✅අත්බෙහෙත් ලෙස...
    🌿ඇත්තෝර වල බැදපු බීජ තේ, කෝපි වැනි පානයක් ලෙස ද යොදා ගත හැක.
    🌿 කුෂ්ඨ, දද අවස්ථාවන්හිදි ඇත්තෝර කොළ කොටා ගන්නා යුෂ ආලේප කළ හැක.
    🌿පණු රෝග වලදී ඇත්තෝර කොළ කලවං මැල්ලුමට යොදා ගත හැක.
    🌿වට පණු රෝග,වලදී ( ring worm infection ) ඇත්තෝර බීජ රාබු අල ඉස්මෙන් අඹරා ආලේපය සඳහා යොදා ගත හැක
    🌿 ඉරුවාරදය (migrain) සඳහා පත්‍ර විනාකිරි හෝ මුදවපු කිරි වලින් අඹරා ආලේප කළ හැක.

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Article Click Here
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගේ කකුලේ කුශ්ටයක් ඇවිල්ලා එතන බටර් එක්ක පොල් කුඩු ආය තව මොනවාද ඇත්තොර තියලා පැය 8ක් ගැටගහලා තිබ්බා. එක පාරයි බෙහෙත් බැන්දේ ලෙඩේ හොද උනා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පුස් ලෙඩ ( fungal ) නම් ඕවට හරි යනවා
    හමේ හැදෙන හැම ලෙඩටම ඕවගේ ගොඩ වෙදකම් කරන්නේ නැතුව දොස්තර කෙනෙක් ට පෙන්න ගන්න